nissan leaf 2017

Nov 20, 2012
1,467
477
0
මචං රත්තරං, මම මීට කලින් උඹ එක්ක වාද කරන්න ගිහින් නෑ. ඒත් මේ පාර මට කට වහගෙන ඉන්න බැරුවම ගියා බං.
මචං උඔ කියන්නේ උඹේ මතයක් විතරයි. උඹ කියන හැමදේම 100% නිවැරදි වත්, හැමෝම ඒකට එකඟ වෙන්න ඕන වත්, අවශ්‍ය නෑ. වාහන ගැන විවිධ අයට විවිධ මත තියෙන්න පුළුවන්.
උඔ කාලයක් ඉන්දියන් බයික් වලට ආවඩන ගමන්, ඉන්දියන් කාර් වලට පතුරු යන්න බැන්නා. ඉන්දියන් කාර් කියන්නේ අඩු මලට අලුත් වාහනයක් පදින්න කැමති අයට ගන්න පුළුවන් වාහන. මම මුලින්ම ගත්තේ මරුටි සෙන් ( 2004 ) එකක්. මට ඕන උනේ නෑ මගේ වයසටත් වඩා පරණ AE100 වගේ එකක් ගන්න. ඒවට කැමති අය ඇති. ඒ වගේම අකමැති අයත් ඉන්නවා. මම මගේ වාහනේ කිසිම ලොකු රෙපෙයාර් එකක් නැතුව අවුරුදු 11ක්. කි.මි. 160,000 ක් දිව්වා. දුවලා සාධාරණ ගානකට දුන්නා. මාත් එක්ක AE100 වගේ ගත්ත සමහර එවුන් ගරාජ් වල පදිංචි වෙලා හිටියා බං. මචං මම කියන්නේ නෑ AE100 නරකයි කියලා. බොඩිය හයිය උනාට, පාට්ස් ලාබ උනාට, ලොකු ගනන් වලට ආයිත් විකුණන්න පුළුවන් උනාට, ඒ වාහන වලටත් එනවා ඇඩෙන ලෙඩ.

අනිත් දේ තමා ඔය පරණ ජපන් වාහන ලංකාවේ ඇරෙන්න ගොඩක් රට වල පාවිච්චි කරන්න දෙන්නේ නෑ. අපේ රටේ තමා ඕවට නොවටිනා මාකට් හදාගෙන් පට්ට ගගහා දුවන්නේ. අනිත් රට වල විසි කරන කුණු ගොඩවල් අපි මෙහේ ගෙනත් මාකට් හදාගෙන පාවිච්චි කරනවා.

අනික, හයිබ්‍රිඩ් ගැන. මට තේරෙන්නේ නෑ උඔ ඔය තරම් හයිබ්‍රිඩ් වලට අකමැති ඇයි කියලා. කමක් නෑ, කැමැත්ත අකමැත්ත උඹේ අතේ තියෙන්නේ .. නමුත් ඒවට කැමති එවුන්ට තෙල ගහන්න යන එක වැරදියි. මචං මිනිස්සු පෙට්‍රල්, ඩිසල් වාහන නැතුව හයිබ්‍රිඩ් වගේ දේවල් වලට නැමුනේ නිකන් පස්ස පැත්තේ අමාරුවකට නෙමේ. තාක්ෂණයත් එක්ක ඉස්සරහට යනකොට වඩා කාර්යක්ෂම වාහන ලෝකෙට අවශ්‍ය උන නිසා. දැං බලපන් මොන වාහන කාරයද හයිබ්‍රිඩ් ගහන්නේ නැත්තේ කියලා. කොච්චර සල්ලි කාරයෙක් උනත් අලුත් තාක්ෂණය ලං කර ගන්න කැමතියි. ඒක තමා පොඩි වාහනේ ඉඳන් SUV එනකල් හැම ජාතියකම හයිබ්‍රිඩ් එන්නේ.

අනික උඔ මොන සාධක ඇතුවද කියන්නේ hybrid වාහන කල් පවතින්නේ නෑ කියලා ? ඇක්වා, ප්‍රියස් කියෙන්නේ හොඳ වාහන. උඹ කියන්නේ ඒවා ගන්න හැමෝම එක්කෝ මෝඩයි නැත්නම් නොදැනුවත් කියලද ? මචං ඒ වගේ වාහනයකින් අවුරුදු ගානක් ඉතිරි වෙන සල්ලි ප්‍රමාණයෙන් සෑහෙන දෙයක් කරන්න පුළුවන්. උඔ ඒවට සාඩින් ටින් කියන්නේ බොඩිය තුනී නිසාද ? එහෙනම් මට කියපන්, බුලට් පෘෘෆ් එකක් ඇරෙන්නෙ, බොඩිය ඉස්සර කොරොල්ලා වගේ හයියට එන වාහන මොනවද කියලා ? මචං දැං වාහන හදන්නේ සැහැල්ලුවට.. සල්ලි තියෙන එකා කාබන් ෆයිබර් ඒවා ගනීී.. අනිත් ඔක්කොමලා ගන්නේ සාඩින් ටින් තමා බං. ආරත්ෂාව වැඩි වෙන්න උපක්‍රම වැඩිපුර දාලා එවන්නේ ඒකයි. අනික, සැහැල්ලු, එබෙන සුළු බොඩියකින්, වාහනේ පදවන අයට අනතුරකදි එන shock එක සාහෙන අඩු වෙනවා.

දැං බහිමු ප්‍රධාන මාතෘකාවට.. මම මගේ සෙන් එක දීලා ගත්තේ නිසාන් ලිෆ් එකක්. මට ඒකට ටැක්ස් වැදුනේ 5%. ඒ කියන්නේ මම වාගනේ ගන්නකොටම over 50% save කරලා ඉවරයි. ඕක ගෙන්නන්න මට ගියේ 30K. දැං මට රෙජිස්ටර් කරපු එක දෙන්න පුළුවන් ඊට වඩා වැඩියෙන්. 2017 ලීෆ් ඉලඟ generation එක එන්නේ සෑහෙන වැඩි මිලකට. ඒ නිසා මේ ලිෆ් එකේ ගානේ ලොකු වෙනසක් වෙන්නේ නෑ. හොඳම උදාහරණය තමා Nissan Leaf ZE0 and AZE0 වෙනස. දුවන්න පුළුවන් දුර වෙනස් උනාට ගාන වෙනස් වෙන්නේ බොහොම පොඩි ගානකින්.

Nissan Leaf කියන්නේ සෑහෙන්න සැප වාහනයක් ( BMW වගේ තරම් නෑ තමා, මම කියන්නේ සාමාන්‍යෙයන් ). වියදම් කරන මුදලත් එක්ක ඒ වගේ වෙන එකක් ඒ ගානට ගන්න බෑ. ඒ වගේම මම පාවිච්චි කරන නිසා දන්නවා මට මාසෙකට 10K වඩා ඉතුරු වෙනවා කලින්ට වඩා ( ඉස්සරහට smart meter එකත් එක්ක බැලුවම 20K විතර ඉතුරුවක් වෙනවා ), තව service කරන්න යන සල්ලි එහෙමම ඉතුරුයි තව කලින් කිවුවා වගේ බදු සහනය නිසා ලක්ෂ 30ක් විතර පටන් ගනිද්දිම ලාබයි.

මචං වාහන ජපනා එලියට දාන්නේ හොඳට test කරලා, software issues එන්න පුවවන් මොකද computer එකක් තියෙන නිසා. ඒ නිසා ඔය වාහන ගන්න එවුන් උඔ කියනවා වගේ පරීක්ෂණාගාර මීයෝ වෙන්නේ නෑ. එහෙම බැලුවම අර සිරා කියලා පරණ වාහනත පදින උනුත් ඒ කාලේ පරික්ෂණාගාර මීයෝ නේ බං.

මචං තාක්ෂණය ඉස්සරහට යනවා. ඒ එක්කම අලුත් දෙවල්, නවීන උපාංග, නවීන තාක්ෂණයත්, තියෙන වාහනත් එලියට එනවා. ඒවට බයේ හැංගිලා ඉඳලා වැඩක් නෑ මචං. ඒවත් එක්ක අපිත් ඉස්සරහට යන්න ඕනේ. තමන්ගේ වාහනේ, generation එන එන විදියට මාරු කරනවද නැත්ද කියන එක තමන්ගේ තිරණයක්. ඒකට විශේෂයෙන්ම තමන්ගේ වත්කම් ප්‍රමාණය බලපානවා. නමුත්, මිනිස්සු තමන්ට පුළුවන් විදියට අලුත් වාහන , අලුත් කාක්ණය එක්ක යන එකට වල කපන්න එමා මචං. කැමති එවුන් 1985,  AE100 පදීවින අතරේ අනිත් අය Prius, Aqua, Leaf වගේ ඒවා පදීවි. ඒක තම තමන්ගේ කැමැත්ත. ඒකට පොඩ්ඩක් ගරු කරපන්.

:yes::yes::yes::yes:
 
Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර

    uba kiyana dewal walata mm ekaga wenawa. api new technology walata yanna ona. 1ke kisima tarkayak na.

    mm Toyota hybrid walata mukuth kiyanna. euwa eththatama hodai. maintenance cost 1ka tamai wedi. 1ka kauruth piligannawa.

    mata mekata ansr 1kak dennako..
    (මම මගේ සෙන් එක දීලා ගත්තේ නිසාන් ලිෆ් එකක්. මට ඒකට ටැක්ස් වැදුනේ 5%. ඒ කියන්නේ මම වාගනේ ගන්නකොටම over 50% save කරලා ඉවරයි. ඕක ගෙන්නන්න මට ගියේ 30K. දැං මට රෙජිස්ටර් කරපු එක දෙන්න පුළුවන් ඊට වඩා වැඩියෙන්.)

    ma kiyana nissan leaf 1ka 2015 d ???

    registrar karapu leaf car 1kak wage 1kak, 30+ dila ganna katada pissu??
     
    Rohithamaare

    Member
    Aug 20, 2015
    19

    well said
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    reply​
    QUOTE=vpsupun;19004237මචං රත්තරං, මම මීට කලින් උඹ එක්ක වාද කරන්න ගිහින් නෑ. ඒත් මේ පාර මට කට වහගෙන ඉන්න බැරුවම ගියා බං.

    කටවහන් ඉන්න එපා මචෝ. එතකොට අපිට සංවාදයක් කරන්න අලුත් අලුත් දේ ඉගෙනගන්න බැරුව යනවා. පුලුවන් තරම් විරුද්ද මත ඉදිරිපත් වෙන තරමට තමා සංවාදයක රස තියෙන්නේ මචන්

    මචං උඔ කියන්නේ උඹේ මතයක් විතරයි. උඹ කියන හැමදේම 100% නිවැරදි වත්, හැමෝම ඒකට එකඟ වෙන්න ඕන වත්, අවශ්‍ය නෑ. වාහන ගැන විවිධ අයට විවිධ මත තියෙන්න පුළුවන්.

    හරියටම හරි
    තමන්ගේ සල්ලි තමන්ගේ වාහන.. කැමැති කෙනෙක් ඉන්නවනම් ලක්ශ 50ක් දහයේ කොල වලින් මාරු කරලා වංගෙඩියක දාලා කොටලා බයින්ඩර් ගම් දාලා පල්ප් එකක් හදාන ඒකෙන් වාහනයක් හදාගන්න පුලුවන්....

    උඔ කාලයක් ඉන්දියන් බයික් වලට ආවඩන ගමන්, ඉන්දියන් කාර් වලට පතුරු යන්න බැන්නා. ඉන්දියන් කාර් කියන්නේ අඩු මලට අලුත් වාහනයක් පදින්න කැමති අයට ගන්න පුළුවන් වාහන. මම මුලින්ම ගත්තේ මරුටි සෙන් ( 2004 ) එකක්. මට ඕන උනේ නෑ මගේ වයසටත් වඩා පරණ AE100 වගේ එකක් ගන්න. ඒවට කැමති අය ඇති. ඒ වගේම අකමැති අයත් ඉන්නවා. මම මගේ වාහනේ කිසිම ලොකු රෙපෙයාර් එකක් නැතුව අවුරුදු 11ක්. කි.මි. 160,000 ක් දිව්වා. දුවලා සාධාරණ ගානකට දුන්නා.

    මම ඕනේ තරම් කියලා තියෙනවා හද්ද පරන ඒවා ගන්නේ නැතුව ඇල්ටෝ එකක් මරුටියක් ගන්න කියලා. චීන කොරියන් ජරාවල් වලට මිසක් ඉන්දියන් ඒවා ගන්න එපා කියල නෑ

    මාත් එක්ක AE100 වගේ ගත්ත සමහර එවුන් ගරාජ් වල පදිංචි වෙලා හිටියා බං. මචං මම කියන්නේ නෑ AE100 නරකයි කියලා. බොඩිය හයිය උනාට, පාට්ස් ලාබ උනාට, ලොකු ගනන් වලට ආයිත් විකුණන්න පුළුවන් උනාට, ඒ වාහන වලටත් එනවා ඇඩෙන ලෙඩ.

    අද හදලා හෙට එලියට දාන එකෙත් ලෙඩ එනවා මචන්. විශේශෙන් ඔය ලන්කාවේ උන් අලුත් අලුත් කියලා සේල් වලින් ගන්න ජපන් රීකන්ඩිශන් වාහන පරන ඒ ඊ 100 වලටත් වඩා මරන. මේ හුට්ටේ වාහන සම්බන්ද රජයේ ප්‍රතිපත්ති නිසා බලන්නේ නැතුව කෝක ගත්තත් එකයි (පර්මිට් එකට ගන්න බ්‍රෑන්ඩ් නිව් හැර )

    අනිත් දේ තමා ඔය පරණ ජපන් වාහන ලංකාවේ ඇරෙන්න ගොඩක් රට වල පාවිච්චි කරන්න දෙන්නේ නෑ. අපේ රටේ තමා ඕවට නොවටිනා මාකට් හදාගෙන් පට්ට ගගහා දුවන්නේ. අනිත් රට වල විසි කරන කුණු ගොඩවල් අපි මෙහේ ගෙනත් මාකට් හදාගෙන පාවිච්චි කරනවා.

    ඔව්.. හයිබ්‍රිඩ් උනත් එච්චරයි... ලීෆ් උනත් එච්චරයි

    අනික, හයිබ්‍රිඩ් ගැන. මට තේරෙන්නේ නෑ උඔ ඔය තරම් හයිබ්‍රිඩ් වලට අකමැති ඇයි කියලා. කමක් නෑ, කැමැත්ත අකමැත්ත උඹේ අතේ තියෙන්නේ .. නමුත් ඒවට කැමති එවුන්ට තෙල ගහන්න යන එක වැරදියි. මචං මිනිස්සු පෙට්‍රල්, ඩිසල් වාහන නැතුව හයිබ්‍රිඩ් වගේ දේවල් වලට නැමුනේ නිකන් පස්ස පැත්තේ අමාරුවකට නෙමේ. තාක්ෂණයත් එක්ක ඉස්සරහට යනකොට වඩා කාර්යක්ෂම වාහන ලෝකෙට අවශ්‍ය උන නිසා. දැං බලපන් මොන වාහන කාරයද හයිබ්‍රිඩ් ගහන්නේ නැත්තේ කියලා. කොච්චර සල්ලි කාරයෙක් උනත් අලුත් තාක්ෂණය ලං කර ගන්න කැමතියි. ඒක තමා පොඩි වාහනේ ඉඳන් SUV එනකල් හැම ජාතියකම හයිබ්‍රිඩ් එන්නේ.

    ලංකාවේ එවුන් හයිබ්‍රිඩ් ගත්තේ තාක්ශනේටවත් තෙල් ඉතුරුවෙන හින්දවත් නෙමේ බන් ටැක්ස් අඩු නිසා. ඔය කියන තරම් ලෝකේ හයිබ්‍රිඩ් දුවන්නේ නෑ. ජප්පෙක්ගෙන් ඇහුවොත් කියයි ජපානෙවත් ලංකාවේ තරම් හයිබ්‍රිඩ් නෑ. මුලු මැදපෙරදිගටම එකම එක ප්‍රියස් එකක් වත් නැතුව ඇති (දැන් කියන්න එපා තෙල් ලාබ නිසා කියල, ඩුබායි වගේ රටවල පැට්‍රල් ලීටරයක් රුපියල් 70ක්, උන් පදින්නේ සිලින්ඩර් 6යේ 8ටේ කාර්. එහෙම බැලුවහම අපිට වඩා උන්ට පැට්‍රල් වියදම් ). ඔක්ශන් දැම්මහම බල්ලෙක් වත් නොගන්න නිසාත් ලංකාවේ අඩු ටැක්ස් නිසාත් මෙහෙට ඔය තොග ගනන් අඩුවට පටවන්නේ..

    අනික උඔ මොන සාධක ඇතුවද කියන්නේ hybrid වාහන කල් පවතින්නේ නෑ කියලා ? ඇක්වා, ප්‍රියස් කියෙන්නේ හොඳ වාහන. උඹ කියන්නේ ඒවා ගන්න හැමෝම එක්කෝ මෝඩයි නැත්නම් නොදැනුවත් කියලද ? මචං ඒ වගේ වාහනයකින් අවුරුදු ගානක් ඉතිරි වෙන සල්ලි ප්‍රමාණයෙන් සෑහෙන දෙයක් කරන්න පුළුවන්.

    කල් පැවැත්ම ගැන ගැටලුවක් නෑ... කල් පවත්වා ගැනීම ගැනයි ගැටලුව තියෙන්නේ.. ඕවා ඉක්මනට යල් පැනගිය ටෙක්නොලොජි වෙනවා. අන්න එදාට බාල්දි හදන්න තමා ගන්න වෙන්නේ. වැඩිය ඕනේ නෑ. මුලින්ම ආපු ප්‍රියස් එක දැන් බෝතල් පත්තර එකතුකරන උන් යකඩ බරට ගන්නෙත් නෑ. 2008 ආපු ඇලියොන් එක අදත් ඇඩ් එකක් දැම්මොත් පැයෙන් වික්කහැකි. මෙතන ලන්කාවේ උන් වාහනයක් ගන්නා ආකාරයත් බලපානවා. හුගක් උන් හිගා නොකා හිගාකාලා වාහනයක් ගන්නේ

    උඔ ඒවට සාඩින් ටින් කියන්නේ බොඩිය තුනී නිසාද ? එහෙනම් මට කියපන්, බුලට් පෘෘෆ් එකක් ඇරෙන්නෙ, බොඩිය ඉස්සර කොරොල්ලා වගේ හයියට එන වාහන මොනවද කියලා ? මචං දැං වාහන හදන්නේ සැහැල්ලුවට.. සල්ලි තියෙන එකා කාබන් ෆයිබර් ඒවා ගනීී.. අනිත් ඔක්කොමලා ගන්නේ සාඩින් ටින් තමා බං. ආරත්ෂාව වැඩි වෙන්න උපක්‍රම වැඩිපුර දාලා එවන්නේ ඒකයි. අනික, සැහැල්ලු, එබෙන සුළු බොඩියකින්, වාහනේ පදවන අයට අනතුරකදි එන shock එක සාහෙන අඩු වෙනවා.

    වැරදි වටහාගැනීමක්. ඉස්සෙල්ලම කිව්වේ "දෙකයිපනහේ සාඩින් ටින්" වගේ කියලා. ඉ හේතුව ඔය ප්‍රියස් ඇක්වා එක හුගක් පොඩි කාර් එකක් (මුන් දෙන ලක්සරි ටෝක්ස් වලට අනුකූලව පොඩියි.. මොකෝ මේ කියන තරම් අරන් විසිකරන්න සල්ලි තියෙන උන් ජීවිතේට කැම්රියකට ටිආනා එකකට වඩා පොඩි එකක් ගන්නේ නෑ )

    දැං බහිමු ප්‍රධාන මාතෘකාවට.. මම මගේ සෙන් එක දීලා ගත්තේ නිසාන් ලිෆ් එකක්. මට ඒකට ටැක්ස් වැදුනේ 5%. ඒ කියන්නේ මම වාගනේ ගන්නකොටම over 50% save කරලා ඉවරයි. ඕක ගෙන්නන්න මට ගියේ 30K. දැං මට රෙජිස්ටර් කරපු එක දෙන්න පුළුවන් ඊට වඩා වැඩියෙන්. 2017 ලීෆ් ඉලඟ generation එක එන්නේ සෑහෙන වැඩි මිලකට. ඒ නිසා මේ ලිෆ් එකේ ගානේ ලොකු වෙනසක් වෙන්නේ නෑ. හොඳම උදාහරණය තමා Nissan Leaf ZE0 and AZE0 වෙනස. දුවන්න පුළුවන් දුර වෙනස් උනාට ගාන වෙනස් වෙන්නේ බොහොම පොඩි ගානකින්.

    තව අව්රුදු තුනකින් විතර ඕක විකුනද්දි ආපහු ඇවිත් මේක කියපන් මචන්

    Nissan Leaf කියන්නේ සෑහෙන්න සැප වාහනයක් ( BMW වගේ තරම් නෑ තමා, මම කියන්නේ සාමාන්‍යෙයන් ). වියදම් කරන මුදලත් එක්ක ඒ වගේ වෙන එකක් ඒ ගානට ගන්න බෑ. ඒ වගේම මම පාවිච්චි කරන නිසා දන්නවා මට මාසෙකට 10K වඩා ඉතුරු වෙනවා කලින්ට වඩා ( ඉස්සරහට smart meter එකත් එක්ක බැලුවම 20K විතර ඉතුරුවක් වෙනවා ), තව service කරන්න යන සල්ලි එහෙමම ඉතුරුයි තව කලින් කිවුවා වගේ බදු සහනය නිසා ලක්ෂ 30ක් විතර පටන් ගනිද්දිම ලාබයි.

    මාසෙකට 10යි.. අව්රුදු 5ට ලක්ශ 6යි.. සර්විස් වලට දාපන්කෝ තව එකක් ලක්ශ 7යි... උබ තව අව්රුදු පහකින් ඕක 15කට වික්කොත් අන්න එදාට කතා කරපන්කෝ... ඕක අව්රුදු පහකින් නැතිවෙන සල්ලියෙන් උබට පෙට්‍රල් ලෑන්ඩ් කෲසරේකට තෙල් ගහලා දුවලා විකුනන්න තිබ්බා. අනික උබට ඕකේ මේ දැන් කොලබ ඉදන් යාපනේ ගිහින් එන්න පුලුවන්ද? මොන කරුමයක්ද බන්?? ලක්ශ 30ක් යටකරලා ගෙඩිය පිටින් උස්සන් ඇවිත් හරි හමන් ගමනක් යන්න බැරිනම්??:lol::lol::lol:
    ආයෙත් කියනවා. මෙතන තියෙන්නේ ලන්කාවේ වාහන සන්ස්කෘතියේ ගැටලුවක්

    මචං වාහන ජපනා එලියට දාන්නේ හොඳට test කරලා, software issues එන්න පුවවන් මොකද computer එකක් තියෙන නිසා. ඒ නිසා ඔය වාහන ගන්න එවුන් උඔ කියනවා වගේ පරීක්ෂණාගාර මීයෝ වෙන්නේ නෑ. එහෙම බැලුවම අර සිරා කියලා පරණ වාහනත පදින උනුත් ඒ කාලේ පරික්ෂණාගාර මීයෝ නේ බං.

    කිසිමම පිලිගත් සීරීස් එකක් (කොරොල්ලා, සනි, කැම් රි/කරීනා, ප්‍රෙමියෝ,......) මේ හයිබ්‍රිඩ් ජරාවල් වගේ මාස 6න් අව්රුද්දෙන් වෙනස් කර කරා හද හදා එවල නෑ.. ඒවා ස්ටේබල් ටෙක්නොලොජි. වයි61 දැන් අව් රුදු 30ක් , පීඕ5/15/20 දැන් අව් රුදු 40ක්, එල්ජේ සීරීස් එක දැන් අව්රුදු 35ක් ප්‍රඩක්ශන් එකේ...

    මචං තාක්ෂණය ඉස්සරහට යනවා. ඒ එක්කම අලුත් දෙවල්, නවීන උපාංග, නවීන තාක්ෂණයත්, තියෙන වාහනත් එලියට එනවා. ඒවට බයේ හැංගිලා ඉඳලා වැඩක් නෑ මචං. ඒවත් එක්ක අපිත් ඉස්සරහට යන්න ඕනේ. තමන්ගේ වාහනේ, generation එන එන විදියට මාරු කරනවද නැත්ද කියන එක තමන්ගේ තිරණයක්. ඒකට විශේෂයෙන්ම තමන්ගේ වත්කම් ප්‍රමාණය බලපානවා. නමුත්, මිනිස්සු තමන්ට පුළුවන් විදියට අලුත් වාහන , අලුත් කාක්ණය එක්ක යන එකට වල කපන්න එමා මචං.

    මේකට උත්තරය දුන්නා

    සෙල්ලම් කරන්න සල්ලි තියෙනවනම් ගනින් මචන්.. අව්ලක් නෑ

    ඒත් ලන්කාවේ හුගාක් උන් අමාරුවෙන් ලීසින් එකක් එහෙම දාලා එහෙම නැත්නම් එකතු කරලා කරලා, හුගක් වෙලාවට අම්ම තාත්ත ජීවිත කාලයක් කබුරලා පැන්ශන් යනකොට හම්බවෙච්ච ග්‍රැටිවිටි එකත් දාලා වාහනයක් ගන්නේ. ඊලග එක ගන්නේ ඒ ගත්ත එක විකුනලා තව කීයක් හරි දාලා. වාහනයක් අරන් අව්රුදු 5ක් පැදලා විසිකරන්න පුලුවන් යුරෝපියන් එකෙක්ගේ/තෙල් අරාබියෙක්ගේ/බිලියන පතියෙක්ගේ (ලන්කාවේ කෝටියක් කියන්නේ නතින්නේ, ඉතින් කෝටිපතියෝ කිව්වොත් හරිහමන් වාහන දෙකක් තියෙන සේරම කෝටිපතියෝ වෙනවා ) ලිවින් ස්ටයිල් එකක ආර්තික මට්ටමක මට්ටමක උබ ඉන්නවනම් ගනින් මචන්... අරන් ජීවිතේ එන්ජෝයි කරපන් අව්ලක් නෑ

    පහුගිය ටිකේ පරන එක පව්ලේ එකෙක්ට දෙනගමන් මම එන එන ෆෝන් එක ගත්තා S2/S3/S4/S5 5S. ඒ ඒදේ කරන්න සල්ලි තිබ්බ නිසා. හැබැයි පරන එක දෙකයි පනහට විකුනලා හෝ තියාන එන එන වාහනේ ගන්න තරම්නම් මට සල්ලි නෑ.තිබ්බනම් උබට කලින් මම ගන්නේ. හැබැයි මේ තුප්පහි තෙල් රුපියලට හිගාකන ප්‍රියස් ඇක්වා විසෙල් ජරාවල් නෙමේ ටෙස්ලා එකක් වත් බස්සනවා. අන්න ටෙක්නොලොජි. උබට ටෙක්නොලොජි එක අප්ඩේට් වෙන වේගෙට විසිකරන්න සල්ලි තියෙනවනම් අනිවා ගනින් මචන්.. අරන් උපරිම ආතල් එක විදපන් ජීවිතේ.. හැබැයි පුතේ එහෙම සල්ලි තියෙනවනම් පෙට්‍රල් මිලි ලීටර් 100ට 200ට හිගාකන්න දෙකයි පනහේ සාඩින් ටින් වගේ ප්‍රියස් ඇක්වා ගන්නේ නැතුව බස්සපන් සුපිරි අලුත්ම ටෙක්නොලොජි එකේ BMW/AUDI/Mercedes එකක්

    කැමති එවුන් 1985,  AE100 පදීවින අතරේ අනිත් අය Prius, Aqua, Leaf වගේ ඒවා පදීවි. ඒක තම තමන්ගේ කැමැත්ත. ඒකට පොඩ්ඩක් ගරු කරපන්.

    අනිවා.... අහවල් එක උබේනම් අත උබේනම් හිත උබේනම් හිල උබටනම් කැමති විදිහකට සෙල්ලම් දාපන්.. අපි එන්නේ නෑ නවත්තන්න...

    අඩුම තරමේ කොන්ඩම් එකක් වත් දාපන් කියන්නේ දන්න නිසා නොදන්න උන්ව බේරගන්න:):):):)
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    ගෙදර ඉඳන් කටුගස්තොට හංදියට ත්‍රීවීල් එකකට රු. 200/-ක් ගන්නවා :(:(
    ඒත් Aqua එකේ මට ගෙදර ඉඳන් හැමදාම කටුගස්තොට හංදියට 4.5Kmක් යන්න පෙට්‍රල් යන්නේ රු. 4/-ක විතරයි මේ වීඩියෝ එකේ වගේ.... :lol::lol::lol:

    kYMQM7q.jpg

    මෙහෙම Prado එක්ක රේස් ගිහිල්ලත් ගලගෙදර කන්ද නඟිනවා 20Km/L වලට

    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අපේ ඔෆිස් එකෙත් මේ දවස් වල නැගලා යන මතෘකාව තමා මේක,ඉලෙක්ට්‍රික් කාර් ගන්න එක හොඳද,වාසිද කියන එක.
    මට හිතෙන විදියටනම් ලංකාවේ මාර්කට් එක හැදිලා තියෙන විදියට ඉලෙක්ට්‍රික් කාර් තාම ලංකාවට ගැළපෙන්නේ නැහැ කියලා.හොඳට සල්ලි තියෙන මනුස්සයෙකුටනම් කමක් නැහැ.ලංකාවේ අවුරුදු කීපයකින් පසු සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක,අමතර කොටස් මිල,අමතර කොටස් සොයගැනීමේ පහසුව වගේ ඒවා දිහා බලද්දි අමාරුවෙන් කියක් හරි හොයාගෙන ගන්න කෙනෙක්ට මේ වගෙ වාහනයක් ගන්න එකේ අවධානමක් තියෙනවා..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අනිවාර්යෙන් බං. දැනට වාහන අරං තියන අයටනම් වේදනාවක් දැනෙනවා ඇති. එව්නාට ඉතිං මොනවා කරන්නද ඔන්න ඕකයි තත්වෙ.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    Nissan Leaf කියන්නේ සෑහෙන්න සැප වාහනයක් ( BMW වගේ තරම් නෑ තමා, මම කියන්නේ සාමාන්‍යෙයන් ). වියදම් කරන මුදලත් එක්ක ඒ වගේ වෙන එකක් ඒ ගානට ගන්න බෑ. ඒ වගේම මම පාවිච්චි කරන නිසා දන්නවා මට මාසෙකට 10K වඩා ඉතුරු වෙනවා කලින්ට වඩා ( ඉස්සරහට smart meter එකත් එක්ක බැලුවම 20K විතර ඉතුරුවක් වෙනවා ), තව service කරන්න යන සල්ලි එහෙමම ඉතුරුයි තව කලින් කිවුවා වගේ බදු සහනය නිසා ලක්ෂ 30ක් විතර පටන් ගනිද්දිම ලාබයි.

    මචන් මෙන්න මේ ටික පොඩ්ඩක් පැහැදිලි කරපන්
    එක් වරක් චර්ජ් කරන්න කොච්චර unit ගානක් යනවද,කොපමණ දුරක් යනවද ?
    මාසෙකට ගෙදර විදුලි බිල කීයක් වෙනවද ?
    සර්විස් කරන්නෙ ඕනේ නෑම කියන්න බෑනේ,මොනවහරි සර්විස් කරන්න ඇතිනේ,ඒකට යන මිළ ?
    ලීෆ් එකේ battery එකට warranty එකක් තියෙනවද? එකේ ආයු කාලය සහ මිළ ?
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මචං රත්තරං, මම මීට කලින් උඹ එක්ක වාද කරන්න ගිහින් නෑ. ඒත් මේ පාර මට කට වහගෙන ඉන්න බැරුවම ගියා බං.
    මචං උඔ කියන්නේ උඹේ මතයක් විතරයි. උඹ කියන හැමදේම 100% නිවැරදි වත්, හැමෝම ඒකට එකඟ වෙන්න ඕන වත්, අවශ්‍ය නෑ. වාහන ගැන විවිධ අයට විවිධ මත තියෙන්න පුළුවන්.

    මචං මම හිතන්නේ ඔයාට රත්තරං අන්කල් :-)P) කියන එක තේරිලා නැහැ. මෙතන කට කඩෙන කන් කියල තියෙන්නේ අමාරුවෙන් ඉතිරි කරපු මුදලින් වාහන ගන්න උන්ට smart decision එකක් ගන්නේ කොහොමද කියලයි.

    අපි වාහන නැතුව වෙන උදාහරණයක් ගමුකො phone වගේ. දැන් සමහරු Samsung flagship level premium ඒවා ගන්නවා ලොකු මුදලකට. ඒ අතරම සමහරු Xiaomi වගේ අඩුමිල ඒවා ගන්නවා. හැබැයි දෙකම Android. ඒවගේම Xiaomi එකේ එන MIUI OS එක පට්ටම stable touchwiz එකත් එක්ක බලද්දී. අනික Xiaomi වල එන Chip set එක උනත් පට්ට. ඉතින් එහෙම බැලුවම Xiaomi කියන්නේ value for money! හැබැයි ඉතින් heart beat sensor, premium design එහෙම නැහැ.

    අන්න ඕකම තමා වාහන වලටත් වෙන්නේ. Value for money and stability බලනවානම්:
    1. විකුණනකොට ගාන ගොඩක් අඩු වෙන්නේ නැති
    2. එන ලෙඩ ලොකු ඒවා වෙන්නේ නැති (Inverter system wage)
    3. අවුරුද්දෙන් දෙකෙන් අප්ඩේට් එන්නේ නැති (පාට්ස් නැති වෙන හින්ද)

    වහනයක් තමයි ගන්න ඕනේ.

    හැබැයි තමන්ට මුදල් තිබෙනවා නම් Benz එකක් එකක් උනත් ගත්තට කමක් නැහැ. හැබැයි අවුරුදු 5ට 5 - 8 Million අඩු වෙන එක දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ.

    Hybrid - Electric උනත් එච්චරයි. Style එකටයි, අල්ලපු ගෙදර එකා ගත්ත හින්දයි එහම නැත්තම් අලුත් technology එකට යන්න ඕනේ හින්දයි ගන්න එපා.

    මම හිතනවා මේ සහෝදරයට ඕක අවුලක් නැහැ කියල. නමුත් මචෝ බැරි බැරි ගාතේ අපේ කොල්ලෝ කියක් නම් අමාරුවේ වැටෙනවා ඇත්ද. අන්න එයාලට තමා මේ අවවාද දෙන්නේ.

    රේප් කපන්න එපා අමාරුවෙන් හවසට ප්ලේන්ටියක් බොන්න තියා ගත්තේ :lol:

    P.S - Good luck with your vehicle mate.
     
    • Like
    Reactions: Mr.Tom

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ගෙදර ඉඳන් කටුගස්තොට හංදියට ත්‍රීවීල් එකකට රු. 200/-ක් ගන්නවා :(:(
    ඒත් Aqua එකේ මට ගෙදර ඉඳන් හැමදාම කටුගස්තොට හංදියට 4.5Kmක් යන්න පෙට්‍රල් යන්නේ රු. 4/-ක විතරයි මේ වීඩියෝ එකේ වගේ.... :lol::lol::lol:

    kYMQM7q.jpg

    මෙහෙම Prado එක්ක රේස් ගිහිල්ලත් ගලගෙදර කන්ද නඟිනවා 20Km/L වලට

    ප්‍රාඩෝ 120 ගත්තේ 42.50කට. 2002 ඔටෝ සෙවන් සීටර්

    සාමාන්‍යයෙන් ඔෆිස් යන එකෙක් වාහනේම ගිහින් මාසෙකට කිලෝමීටර 1500ක් උපරිම දුවයි. අපි වගේ ගෙදර එකා එකා මාතලේ කොලබ කොලබ මාතලේ දුවන්නේ නෑනේ වාහන අරන්..
    ඒ සදහා අව්රුදු දෙකට පෙට්‍රල් වියදම = 1500x12x2/8*117= පන්ලක්ශ විසි හය දාහයි

    දැන් මාකට් එකට වාහනේ ඇස් දෙක වහන් 48කට වික්කහැකි. දිව්වට පස්සේ දකුනේ දොර පේන්ට් එක ඇරෙන්න සියල්ල ඔරිජිනල්ම තියෙනවා

    අද වෙනකන් මුලු වියදම 42.50+ 5.26 = 47.76 දාහයි:lol::lol::lol::lol:. වයිපරේ රිවස් එකට දාලා ගියර් බොක්ස් එක කාපු එක, දොර හැප්පුන එක ඇරෙන්න වෙන කිසිමම රෙපෙයාර් එකක් කර නැත

    ඒ සමගම කැත නැතුව ප්‍රාඩෝ එකක් මල ගෙදරට දානේ ගෙදරට බස්සලා
    කොල්ලයි බල්ලයි සේරම ගාව ඩීමෝ බට්ටෝ වගේ බහුල නොවන වාහනයක් පාවිච්චි කරලත්
    සැපට ගමනක් ගිහිල්ලත්
    සෙවන් සීටර් එකක් වෙලත්
    ශෝටක් ගහන් බුලත් විටක් හපන් බැස්සත් පොලිස් කාරයත් මහත්තයා කියලා කතා කරලා
    කිසිම දවසක පොලිස්යෙන් වාහනය ඉරි කපලා හයිස්පීඩ් නවත්තලා නැතුවත් යන වරප්‍රසාද සහිතව....

    එහෙම බැලුවහම මගේ එකේ කිලෝමීටරයකට ආදායම (48-47.76)කුත් තියෙනවා..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:. අර ජෙනරේශන් වන් ටූ ප්‍රියස් ගත්ත උන් පැටල් වලින් රුපියල රුපියල එකතු කරලා දැන් කාර් විකුනන්න එකපාර ලක්ශ ගානක් කෙලෝගෙන බෝතල් පත්තර කාරයෝ එනකන් ඉන්නවා:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ලංකාවේ වාහන සංස්කෘතියක් තියෙනවා බන්... නොදන්න එකා කෙලෝ ගන්නවා දන්න එකා හම්බකරගන්නවා:):):):):):):)
     
    Last edited:
    • Like
    Reactions: xxc

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචං මම හිතන්නේ ඔයාට රත්තරං අන්කල් :-)P) කියන එක තේරිලා නැහැ. මෙතන කට කඩෙන කන් කියල තියෙන්නේ අමාරුවෙන් ඉතිරි කරපු මුදලින් වාහන ගන්න උන්ට smart decision එකක් ගන්නේ කොහොමද කියලයි.

    අපි වාහන නැතුව වෙන උදාහරණයක් ගමුකො phone වගේ. දැන් සමහරු Samsung flagship level premium ඒවා ගන්නවා ලොකු මුදලකට. ඒ අතරම සමහරු Xiaomi වගේ අඩුමිල ඒවා ගන්නවා. හැබැයි දෙකම Android. ඒවගේම Xiaomi එකේ එන MIUI OS එක පට්ටම stable touchwiz එකත් එක්ක බලද්දී. අනික Xiaomi වල එන Chip set එක උනත් පට්ට. ඉතින් එහෙම බැලුවම Xiaomi කියන්නේ value for money! හැබැයි ඉතින් heart beat sensor, premium design එහෙම නැහැ.

    අන්න ඕකම තමා වාහන වලටත් වෙන්නේ. Value for money and stability බලනවානම්:
    1. විකුණනකොට ගාන ගොඩක් අඩු වෙන්නේ නැති
    2. එන ලෙඩ ලොකු ඒවා වෙන්නේ නැති (Inverter system wage)
    3. අවුරුද්දෙන් දෙකෙන් අප්ඩේට් එන්නේ නැති (පාට්ස් නැති වෙන හින්ද)

    වහනයක් තමයි ගන්න ඕනේ.

    හැබැයි තමන්ට මුදල් තිබෙනවා නම් Benz එකක් එකක් උනත් ගත්තට කමක් නැහැ. හැබැයි අවුරුදු 5ට 5 - 8 Million අඩු වෙන එක දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ.

    Hybrid - Electric උනත් එච්චරයි. Style එකටයි, අල්ලපු ගෙදර එකා ගත්ත හින්දයි එහම නැත්තම් අලුත් technology එකට යන්න ඕනේ හින්දයි ගන්න එපා.

    මම හිතනවා මේ සහෝදරයට ඕක අවුලක් නැහැ කියල. නමුත් මචෝ බැරි බැරි ගාතේ අපේ කොල්ලෝ කියක් නම් අමාරුවේ වැටෙනවා ඇත්ද. අන්න එයාලට තමා මේ අවවාද දෙන්නේ.

    රේප් කපන්න එපා අමාරුවෙන් හවසට ප්ලේන්ටියක් බොන්න තියා ගත්තේ :lol:

    P.S - Good luck with your vehicle mate.
    මෙතන කට කඩෙන කන් කියල තියෙන්නේ අමාරුවෙන් ඉතිරි කරපු මුදලින් වාහන ගන්න උන්ට smart decision එකක් ගන්නේ කොහොමද කියලයි.:):)

    හරියටම හරි බෑනෝ:):):):):)
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Nissan Leaf ZE0 and AZE0 වෙනස ?????? :oo: :oo::
    ZE0 තමා මුලින් ආව මොඩල් එක. නිකන් generation 1 වගේ. AZE0 එක ආවේ 2012 අග. පරණ එකට වඩා improvements මේකේ තියනවා. උදා. බැටරි එකේ performance වඩි කලා. මෝටර් එක optimize කරලා බර එහෙම අඩු කලා, බොඩි එකේ බරත් තව අඩු උනා. ඒ වගේම software improvements එහෙමත් කලා. ඉතිං අලුත් එක පරණ එකට වඩා වැඩි දුරක් දුවනවා. මාකටින් figures වලින් කිවුවොත්, AZE0- 230 Km, ZE0- 150 Km ( පාරවල් වල A/C දාගෙන දුවන දුර මීට අඩුයි ).

    uba kiyana dewal walata mm ekaga wenawa. api new technology walata yanna ona. 1ke kisima tarkayak na.

    mm Toyota hybrid walata mukuth kiyanna. euwa eththatama hodai. maintenance cost 1ka tamai wedi. 1ka kauruth piligannawa.

    mata mekata ansr 1kak dennako..
    (මම මගේ සෙන් එක දීලා ගත්තේ නිසාන් ලිෆ් එකක්. මට ඒකට ටැක්ස් වැදුනේ 5%. ඒ කියන්නේ මම වාගනේ ගන්නකොටම over 50% save කරලා ඉවරයි. ඕක ගෙන්නන්න මට ගියේ 30K. දැං මට රෙජිස්ටර් කරපු එක දෙන්න පුළුවන් ඊට වඩා වැඩියෙන්.)

    ma kiyana nissan leaf 1ka 2015 d ???

    registrar karapu leaf car 1kak wage 1kak, 30+ dila ganna katada pissu??
    මචං... උඔ දන්නවද දැං Leaf එකක ගාන කීයද කියලා ( AZE0 2015 G ) එකක් ? නැත්නම් UK 2015 Tekna එකක ගාන ? එතකොට තේරෙවි මචෝ සීන් එක. මගේ ඔෆිස් එකේ එකෙක් තාමත් ඉල්ලනවා මගේ එක 30.5 වලට.

    අපේ ඔෆිස් එකෙත් මේ දවස් වල නැගලා යන මතෘකාව තමා මේක,ඉලෙක්ට්‍රික් කාර් ගන්න එක හොඳද,වාසිද කියන එක.
    මට හිතෙන විදියටනම් ලංකාවේ මාර්කට් එක හැදිලා තියෙන විදියට ඉලෙක්ට්‍රික් කාර් තාම ලංකාවට ගැළපෙන්නේ නැහැ කියලා.හොඳට සල්ලි තියෙන මනුස්සයෙකුටනම් කමක් නැහැ.ලංකාවේ අවුරුදු කීපයකින් පසු සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක,අමතර කොටස් මිල,අමතර කොටස් සොයගැනීමේ පහසුව වගේ ඒවා දිහා බලද්දි අමාරුවෙන් කියක් හරි හොයාගෙන ගන්න කෙනෙක්ට මේ වගෙ වාහනයක් ගන්න එකේ අවධානමක් තියෙනවා..
    ඇත්ත. තාම ලංකාවේ Leaf පටන් අරන් ( බදු සහන ලැබී උණු කැවුම් වගේ විකිණෙන්න පටන් අරන් ) මාස කීපයක් විතරයි. නමුත් මේ වෙනකොට සෑහෙන හොඳ තත්වයක මාකට් එක තියෙනවා. charging network පවා හැදෙමින් පවතිනවා. මේක නිසාන් වාහනයක්, ජරාවක් නෙමේ. අවුල් යන්න පුළුවන් එකම දේ බැටරි එක. නිසාන් ගැරන්ට් කරනවා අවුරුදු 10ක් හෝ කි.මි. 100000ක් බැටරි එකට. දැනට කි.මි. 20,000 පැනපු වාහන ලංකාවේ තියෙනවා 98% බැටිරි හෙල්ත් තියෙන. එකම වාහනයයි මෙච්චර කාලෙකට ( දන්න වාහන 80කින් ) 85% ට වඩා බැටරි අඩු වෙච්ච එකකට අහු උනේ. අනිත් රට වල කැබ් දුවන උන් කි.මි. 100000ට එහා දුවනවා 85% ට වඩා බැටරි හෙල්ත් තියා ගෙන. දැනට බැටරි එක ගනන්. ඒක ලක්ෂ 10න් පටන් අරන් දැන් ලක්ෂ 5ට අඩු වෙලා තියෙනවා. ඉස්සරහට තවත් අඩු වෙයි. ඇත්ත දැනට , අමතර කොටස් එහෙම අඩුයි තමා හොයා ගන්න. නමුත් දැං AMW ලීෆ් වලටත් සපෝට් කරන්න පටන් අරන් තියෙන්නේ. අනික, බොහොම අඩු පාට්ස් ප්‍රමාණයක් තියෙන වාහනයක් තමා ලීෆ් කියන්නේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19005044 said:
    ප්‍රාඩෝ 120 ගත්තේ 42.50කට. 2002 ඔටෝ සෙවන් සීටර්

    .
    .
    .
    .
    .

    ලංකාවේ වාහන සංස්කෘතියක් තියෙනවා බන්... නොදන්න එකා කෙලෝ ගන්නවා දන්න එකා හම්බකරගන්නවා:):):):):):):)

    :lol: අන්න ඒකයි. ලංකාවේ වාහන ගන්නව නම් ලංකාවේ ක්‍රමේට ගන්න ඕනේ. දේසේ හැටියට වාසේ කිව්වේ නිකං නෙවෙයිනේ. :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ZE0 තමා මුලින් ආව මොඩල් එක. නිකන් generation 1 වගේ. AZE0 එක ආවේ 2012 අග. පරණ එකට වඩා improvements මේකේ තියනවා. උදා. බැටරි එකේ performance වඩි කලා. මෝටර් එක optimize කරලා බර එහෙම අඩු කලා, බොඩි එකේ බරත් තව අඩු උනා. ඒ වගේම software improvements එහෙමත් කලා. ඉතිං අලුත් එක පරණ එකට වඩා වැඩි දුරක් දුවනවා. මාකටින් figures වලින් කිවුවොත්, AZE0- 230 Km, ZE0- 150 Km ( පාරවල් වල A/C දාගෙන දුවන දුර මීට අඩුයි ).

    මචං... උඔ දන්නවද දැං Leaf එකක ගාන කීයද කියලා ( AZE0 2015 G ) එකක් ? නැත්නම් UK 2015 Tekna එකක ගාන ? එතකොට තේරෙවි මචෝ සීන් එක. මගේ ඔෆිස් එකේ එකෙක් තාමත් ඉල්ලනවා මගේ එක 30.5 වලට.

    ඇත්ත. තාම ලංකාවේ Leaf පටන් අරන් ( බදු සහන ලැබී උණු කැවුම් වගේ විකිණෙන්න පටන් අරන් ) මාස කීපයක් විතරයි. නමුත් මේ වෙනකොට සෑහෙන හොඳ තත්වයක මාකට් එක තියෙනවා. charging network පවා හැදෙමින් පවතිනවා. මේක නිසාන් වාහනයක්, ජරාවක් නෙමේ. අවුල් යන්න පුළුවන් එකම දේ බැටරි එක. නිසාන් ගැරන්ට් කරනවා අවුරුදු 10ක් හෝ කි.මි. 100000ක් බැටරි එකට. දැනට කි.මි. 20,000 පැනපු වාහන ලංකාවේ තියෙනවා 98% බැටිරි හෙල්ත් තියෙන. එකම වාහනයයි මෙච්චර කාලෙකට ( දන්න වාහන 80කින් ) 85% ට වඩා බැටරි අඩු වෙච්ච එකකට අහු උනේ. අනිත් රට වල කැබ් දුවන උන් කි.මි. 100000ට එහා දුවනවා 85% ට වඩා බැටරි හෙල්ත් තියා ගෙන. දැනට බැටරි එක ගනන්. ඒක ලක්ෂ 10න් පටන් අරන් දැන් ලක්ෂ 5ට අඩු වෙලා තියෙනවා. ඉස්සරහට තවත් අඩු වෙයි. ඇත්ත දැනට , අමතර කොටස් එහෙම අඩුයි තමා හොයා ගන්න. නමුත් දැං AMW ලීෆ් වලටත් සපෝට් කරන්න පටන් අරන් තියෙන්නේ. අනික, බොහොම අඩු පාට්ස් ප්‍රමාණයක් තියෙන වාහනයක් තමා ලීෆ් කියන්නේ.

    මොකෝ කියන්නේ මචන්.. කතරගමට පොඩ්ඩක් ගිහින් එමුද ඕකේ??
    උන ලීයයි කම්බි කොකු දෙකයි ගෙන්න ඔට්ටු නෑ ඕන්:lol::lol::lol:

    මොනවද බන් ලක්ශ 30ක් දීලා ඕකක් ගෙනත් ගමනක් යන්න බැරිද? ඔය සල්ලි වලින් බ්ලොග් ගල් ටිකක් ගෙනත් කඩ කෑල්ලක් ගැහුවනම් රෙන්ට් එකට දීලා එකේ සල්ලි වලින් ලෑන්ඩ් කෲසර් ජේ200 එකක් රෙන්ට් එකට අරන් කතරගම ගිහින් එන්න තිබ්බ:(:(:(:(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :lol: අන්න ඒකයි. ලංකාවේ වාහන ගන්නව නම් ලංකාවේ ක්‍රමේට ගන්න ඕනේ. දේසේ හැටියට වාසේ කිව්වේ නිකං නෙවෙයිනේ. :)

    අද වෙනකන් පැද්ද වාහන වික්කේ ගහපු පෙට්‍රල්, කරපු රෙපෙයාර් සහ ලාබෙකුත් එක්ක

    ජෙනරේශන් වන් ටූ ප්‍රියස් එහෙම දැන් ආදායම් ගන්නේ කරවිල වැල් වට්ටක්කා වැල් යවලා පලදාව ලැබෙන විදිහට.. ලීෆ් වලින්නම් තව අව්රුදු 5කින් ආදායම් ගන්න වෙන්නේ වක්කලමට දාලා ඉස්සෝ අහු වෙන විදිහට:lol::lol::lol::lol::lol:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19005094 said:
    අද වෙනකන් පැද්ද වාහන වික්කේ ගහපු පෙට්‍රල්, කරපු රෙපෙයාර් සහ ලාබෙකුත් එක්ක

    ජෙනරේශන් වන් ටූ ප්‍රියස් එහෙම දැන් ආදායම් ගන්නේ කරවිල වැල් වට්ටක්කා වැල් යවලා පලදාව ලැබෙන විදිහට.. ලීෆ් වලින්නම් තව අව්රුදු 5කින් ආදායම් ගන්න වෙන්නේ වක්කලමට දාලා ඉස්සෝ අහු වෙන විදිහට:lol::lol::lol::lol::lol:

    :lol: අනිවා මචං. මමත් මුලින් ගත්තු ඉන්දියන් ලබ්බවල් ටික ඇරෙන්න පස්සේ ගත්තු ඔක්කොම ජපන් පැට්‍රල් කාර් වික්කේ ගහපු පෙට්‍රල්, කරපු රෙපෙයාර් වලට අමතරව ලාභයකුත් එක්ක.