ඔන්න අපේ එකෙකුයි,ඇමරිකන් කාරයෙකුයි,චීනෙකුයි දවසක් බාර් එකක ඉන්නවලු.
ටික වෙලාවක් යද්දි ජේසු තුමා ආවලු ඇතුලට
ජේසු තුමාට ඉතින් අර ලෙඩ සුව කරන්න බලය තියෙනවනෙ.
ඒක මතක් උනාලු ඇමරිකන්කාරයට.
ඉතින් මූ නැගිටල කිව්වලු,උතුමාණනි මා මාස 8ක් මේ දනිස් අමාරුවෙන් දුක් විඳිනවා ,අනේමාව සුව කර දෙන්න කියලා.
ඉතින් ජේසු තුමා මොකක්ද කරේ,දණහිස උඩින් අත තියලා පිරිමැද්දලු.ඉන්ස්ටන් සුව උනාලු.
ඒක දැකපු චීනා කිව්වලු අනේඋතුමාණනිමම මාස 5ක් තිස්සෙ මේ කොන්ඳෙ අමාරුවෙන් ඉන්නෙ මාවත් සුව කර දෙන්න කිව්වලු.
උගෙත් කොන්ඳ එවෙලෙම සුව උනාලු.ජේසු තුමා අත ගන්න ගමන් සින්හලයා දිහා බැලුවලු.
සින්හලයා පුදුමෙන් ඔක්කම බලන් ඉඳල
ඔන්න අපේ එකා කියනවලු,මගේ නම් ඇඟට අත තියන්න තියා ළඟටවත් එන්න එපා.
මම මේ සති 5 ක ලෙඩ නිවාඩු දාල ඉන්නෙ කිව්වලු



