මොකෑ වුනේ...
විස්තර කරලා කියපන්...![]()
ඊයේ රේඩියෝ එක ඉවර වෙනකලුත් ඉන්නෙ නැතුව ගියා කාර් එකක් ටෙස්ට් කරන්න . . .
විනාඩි 15 ක් විතර ඉතින් සුපුරුදු පරිදි හෙමීට පැද්දා . . .
කොහොමත් හොටු හැදිලා ඉන්න නිසා පොඩි මඤ්ඤං ගතියක් තියෙනවා මේ දවස් වල . . . ඊයේ රෑ ඩ්රයිව් කරන අතරතුර මඤ්ඤං ඩබල් වෙලා ඔලුවේ කැක්කුමක ගතියක් දැනුනු නිසා A/C එකත් off කරා . . . එ්ත් හරිගියේ නෑ . . . එතකොට හිටියේ හයිවේ එකේ . . . හයිවේ එකෙන් එළියට දාලා පැනඩෝල් දෙකක් ගන්න ඔ්නි කියලා අාවා . . . ෆුල් මඤ්ඤං . . . යන්තන් වත්තලින් එලියට දානකොට අයිතිකාරයාට වමනේ යන්න වගේ කිව්වා . . .
කලින් මේ සිද්දිය අහලා තියෙන නිසා යන්තමට වගේ මීටර් උනා සිද්දිය . . . ඉක්මනට අයින් කරලා දොරවල් අැරල දාාලා අරෑවත් එලියට තල්ලු කරලා එලිළට පැන්නා . . . විනාඩි 45ක් විතර පේමන්ට් එකේ ඉඳගෙන හිටියා මඤ්ඤං ගතිය යනකල් . . . අරෑට නම් පැයකටත් වඩා ගියා යතා තත්වෙට පත්වෙන්න . . .
දැන් මොකක්ද සිද්ධිය ? ?
කාබන් ඩයොක්සයිඩ් විෂ වීම.
පැය 2ක් විතර පේමන්ට් එකේ ඉඳගෙන හිටියා . . . පොලිසියෙනුත් අැවිත් බැලුවා . . . අපි බීලද කියලා . . .
පස්සේ බඩ ගාගෙන හොයලා බැලුවා සිද්ධිය මොකක්ද කියලා . . . මුලින් හිතුවේ සයිලන්සර් එක ලීක් අැති කියලා . . .
එහෙම එකක් නෑ . . . පස්සේ බැලුවම සයිලන්සර් බැරල් එකේ අග තියෙන්නේ බෆර් එකට පොඩ්ඩක් පස්සෙන් ...
අනුමාන කරා එ් හින්දා එතනින් බෆර් එක අස්සෙන් වාහනේ අැතුලට ලීක් වෙනවා අැති කියලා. . .
අන්තිමට පරණ බියර් කෑන් දෙකක් කපලා සිලන්සරේ අගට තියලා ටේප් ගහලා ස්ටාට් එකේ තියලා තිබ්බා . . . එ් කරලා ඔලුව අැතුලට දාලා බැලුවා . . . අවුලක් නෑ . . . හෙමීට ගෙනත් සම්පත් බෑන්ක් එක ඉස්සරහා දාලා ලොක් කරලා අරූව ගෙදර යැව්වා . . . මමත් බෝඩිමට අාවා . . . අද උදේ පාන්දරම ග්ලාස් ඔක්කොම අැරලා තියාගෙන ගියා සයිලන්සර් හදන තැනකට ලීක් තියෙනවද බලන්න . . .
දැන් අරූ CO2 Level Indicator එකක් හොයනවා අන්න කොළඹ වටේ අැවිද අවිද . . .




පිස්සෙක් වගේ එලවන් යන්න ඈති...... 




