Live Streaming කරන්න ඕනිද ?

Live Streaming කරන්න ඕනිද ?

106iukk.jpg


අපට තේරෙන භාෂාවෙන් සරල තේරුම ගත්තම,
live Streaming යනු යම්කිසි Video එකක් හෝ Audio එකක්
සජීවීව පෙන්වීමට සැලැස්වීම.:yes: ( delivering live over the Internet)
වර්තමාන සමාජයේ ගොඩක් ප්‍රචලිත දෙයක් තමයි Live streaming කියන්න ;)

Events, corporate meeting, conference, weddings, Multiplayer gaming
Stream :cool: , new product launch, ජන්ද රැස්වීම් :eek:
වගේ තැන් වලදී මෙය වඩාත් ප්‍රචලිත් වී ඇත. :yes: :yes:
( වර්තමානයේ ප්‍රසිද්ධ 18+ live Streaming කරන්නෙත් මෙහෙම තමයි :P:rofl: )
එමෙන්ම තවත් දුරට ගොස් 24/7 live broadcasts
(සැටලයිට් TV චැනල් & radio වගේ ), video on demand
(VOD කියන්නේ මේකට තමයි. ;) Dialog TV වල එහෙම තියෙන්නේ)
මෙවැනි විශාල පරාසයක් දක්වා Live streaming යන්න ප්‍රචලිත වී ඇත. :shocked:

මෙය (Live Streaming) ප්‍රචලිත වීමට හේතුව වන්නේ ඕනෑම කෙනෙකුට
ඉතාමත් ලේසියෙන් මෙය කිරීමේ හැකියාව (User friendly and Extremely easy
to use and instant).:cool::cool: දැන් තියෙන තාක්ෂණයත් එක්ක විනාඩි 30ක්
ඇතුලත ලයිව් යන්න පුළුවන්. :shocked:

වර්තමානයේ මේ Livestreaming කියන දේ කරන්න ගියාම අනාගන්නවා :baffled::baffled:
users ලාගෙන් බැනුම් අහනවා පරම්පරාවටත් එක්ක.:lol:
ප්‍රධාන හේතුව තමයි buffering . ඊළගට Quality එක. ඔය වගේ ගැටළු
ගොඩාක් තියෙනවා.:( මෙතැනදී තමයි මේ වැරදි හදාගන්න CDN එහෙමත්
නැත්නම් Content Delivery Network කියන එක එන්නේ. :yes:

fxwf8h.jpg

Web platform (අන්තර්ජාලය) හරහා හෝ Mobile platform එකක් හරහා
ඔබගේ සජීවී Video සහ Audio තථ්‍ය කාලීව (Realtime) Live Stream කිරීම
සදහා අවශ්‍ය කරන දේවල්

1. Video Camera එකක් (for the media)
2. Live Encoder එකක්
(to digitalize the content ) උදාහරණයක් :- Adobe Flash Media Live Encoder
3. Media Publisher point එකක්
4. CDN එකක් (Content Delivery Network)

මෙතැනදී වඩාත් බාරදුර කාර්ය භාරය කරන්නේ CDN එකයි. ;)
කිසිම බාදාවකින් තොරව (Buffering වෙන්නේ එහෙම නැතුව :))
Live content (video/audio) එක බෙදාහැරීම සිදු කරන්නේ මෙයා තමයි. :yes:
මෙමගින් ඔබගේ Live streaming Play back devices වලට යැවීම සිදු කරයි.
මෙතැනදී Playback devices යනු Desktop පරිගණක (MAC/PC),
ලැප්ටොප්, ටැබ්ලට්, Android, Blackberry,
iPhone/iPad or set top boxes (STB at suitable bit rates).
CDN හි විශේෂත්වය තමයි top clarity and less latency. සරලවම
කිව්වොත් No Buffering :D

Traditional ක්‍රමේට මෙහෙම තමයි LiveStreaming වෙන්නේ. :oo: මෙතැනදී හැම
User කෙනෙක්ටම එකම අත්දැකීම් ලැබෙන්නේ නැහැ. :no:
දුර මත Quality එක , buffering වගේ දේවල් රදා පවතිනවා. :(

t0qiwn.jpg


CDN in action. CDN වලින් වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්.

1. Pushing live content to CDN
(අපිට livestreaming කරන්න ඕනි content එයාලගේ CDN එකට ගන්නවා)
2. End user Requesting for Live content
(දැන් කව්රු හරි user කෙනෙක් live content එක බලන්න ඉල්ලනවා)
3. End user request forward to the nearest Edge server
(එයාගේ request එක ලගම තියෙන edge සර්වර් එකට යොමු කරනවා)
4. Edge server fetching live content to original Server
(සර්වර් එකෙන් live content fetch කරනවා original සර්වර් එකට)
5. Delivering Content to the end user
(user ට කිසිම බාධාවකින් තොරව live content එක බලන්න පුළුවන් වෙනවා)

9htety.jpg


මේ සදහා ඔවුන් Live Streaming Protocols භාවිතා කරනවා

RTMP – Real Time Messaging Protocol. Web live streaming protocol.
RTSP – Real Time Streaming Protocol. For mobile real time streaming.
HLS – HTTP Live Streaming. For Apple & Roku devices streaming.
DaS – Dynamically Accelerated Streaming (DaS).

මේ සදහා බහුලව භාවිතා වෙන ප්‍රසිද්ද Video and Audio Formats

Video: H.264, VP6, Sorenson Spark®, Screen Share codec
Audio: AAC, AAC-LC, HE-AAC, MP3, Speex, NellyMoser ASAO

FAQ

1. ඇයි Content Delivery Network එකක් තෝරා ගන්නේ ?
ඇයිද කියලා මන් පැහැදිලි කරා. තවදුරටත් HQ,HD video stream කරන්න ඕනි
නම් Origin server එකේ පිහිටීම බලපානවා Technical වචන වලින් කියනවා නම්
HD video stream කරනකොට bitrate එක වැඩි කරන්න ඕනි. ;)


2. Origin server එකක් කියන්නේ මොකක්ද ?
Origin Server සහ edge server කියන්නේ දෙකක්. :eek:
encode කරපු live content
(FMLE or Wirecast encoder භාවිතයෙන්) publish කරන තැන.
edge server කියන්නේ end user සජිවී දර්ශන ලබාගන්නා server එක

3. මේවා Free ද ?
නැහැ. ඔක්කොම CDN කට්ටිය billing කරන්නේ Brandwith එකට.
අඩුම pricing තියෙන අය
සාමන්යෙන් 1TB - 2TB වගේ usage
එකකට මාසෙකට ලංකාවේ මුදලින් 14000-17000 ක් වගේ යනවා. :)

4. ඔබගේ live Streaming එක බලන ප්‍රේක්ෂකයන් ගණනේ සීමාකිරීමක් තිබේද ?
නැහැ. unlimited number of users ලට බලන්න පුළුවන් ;)

5. Bit rate එක සීමා කිරීමක් තිබේද ?
නැහැ. :eek:



තවදුරටත් Livestreaming සහ ලංකාව and Advantages

311paag.jpg


මෙම Livestreaming යන්න වර්තමානයේ Wedding ආශ්‍රිතව ලංකාවේ ප්‍රසිද්ද
වෙමින් පවතී. :eek: සාමාන්‍ය වශයෙන් කරන්නේ Photo ගහන එක සහ video
කරන එක. එතනින් එහාට ගොස් Livestreaming දක්වා මෙය ප්‍රචලිත වී ඇත.
Livestreaming Record කිරීමට ඇති හැකියාව මෙන්ම
client side VOD මගින් forward, rewind සහ pause කිරීමේ
හැකියාව නිසා මෙය වඩාත් ප්‍රචලිත වී ඇත :shocked:

තවත් කට්ටිය ලකුණු දාගන්න මේක කරනවා.:dull: Ex: company එකේ මොකක්
හරි event එකක් තියෙනවා නැත්නම් foreign client ලත් එක්ක conference
එකක් තියෙනවා. ඉතින් බොසාට livestreaming use කරමු කියලාකට්ටිය
ලකුණු එහෙම දාගන්නවා. ;)

කව්රුත් පිළිගන්න දෙයක් තමයි ජනවාරි 8 චන්දෙට
ඩිජිටල් පරම්පරාව කෙලින්ම බලාපෑවා කියලා.:baffled::baffled:
ජන්ද රැස්වීමක් වගේ දේකට අපේ උන් යන්නේ නැහැනේ :lol:
කොහොමද ඒ රස්වීමම livestreaming දුන්නා නම් . :shocked: හිතාගන්න බැරි
පිරිසක් නරබනවා ඒ රැස්වීම. වැඩි ප්‍රේක්ෂකයන් පිරිසක් කරා ලගා වෙන්න
පුළුවන් (including foreign viewers :cool:)

හිතන්න event එකක් Live TV එකේ දෙන්න
TV channels කීයක් නම් ගන්නවද. :frown:
එහෙම දුන්නත් TV බලන්නේ කීයෙන් කී දෙනාද. :rofl:
එත් Live Streaming වලින්
Desktop පරිගණක (MAC/PC), ලැප්ටොප්, ටැබ්ලට්, Android, Blackberry,
iPhone/iPad or set top boxes (STB at suitable bit rates) වැනි විශාලා
පරාසයක් කරා විහිදෙන්න පුළුවන්. :yes:

CDN භාවිතයෙන් Livestreaming කිරීම Youtube මගින් Livestreaming වලට
එහා ගිය දෙයක් . Domainlock, Geoblocking, Multi bit rate, SLA 99%, Reports
& analytics වගේ දේවල් වලින් CDN Livestreaming සමන්විතයි. ;);)

මම Livestreaming දැකපු තව තැනක් තමයි Multiplayer Gaming වලදී, තව
දැකලා තියෙනවා CCTV stream කරනවා IP cam restreaming technology
එකෙන්. පිටරට වැඩකරන ලංකාවේ ගෙවල් හදන වගේ අය මේ වැඩේ කරනවා.
මෙහෙ CCTV හයි කරලා live බලනවා එහෙ ඉදන්.
buisness තියෙන අයත් මේ දේම කරනවා ගෙදර ඉදන් කඩේ බලනවා ලයිව්.


සමහරු Quadcopter යවලා livestreaming කරලා ආතල් ගන්න අවස්ථාත් නැතිවම නෙවෙයි. :lol::lol:


තව කියන්න දේවල් නම් ගොඩක් තියෙනවා.
හොද CDN එකක් තෝරා ගැනීම, encoding, FTP, SCP & Rsync, LEaaS ... etc
පස්සේ වෙලාවක කියලා දෙන්නම්. ;)
අන්තර්ජාලය ඇසුරුණි. :yes: :yes: (And some experiences too)
ප්‍රශ්න තියෙනවා නම් අහන්න.;) දන්නා දෙයක් තියෙනවා නම් කියල දෙන්නම්. :)
 
Last edited:
machan iptv link dena un ewa ussane kohomada
thanks
IPTV / OTT කියන්නේ CDN උපරිමයට use කරන අවස්තාවක්
Satellite Channel Downlink හරහා තමයි ඕවා ගන්නේ. :eek:
IPTV middleware එහෙම use වෙනවා.
හැබැයි paid service අරන් IPTV link දෙන උන්ගෙන් උස්සන එක නම් පව් වැඩක්.. :no::no:
සමහරු දෙන්නේ PPV (pay per view) එව්වා.
ගොඩක් TV channel free දෙනවා ඕවා.:)
සමහරු උස්සලා xbmc වලට වගේ add කරගන්න
iptv ලින්ක් දෙනවා මන් දැකලා තියෙනවා. :oo: