මෙක මම අපේ Cooking Mega Thread එකේ දාපු පෝස්ට් එකක්. මෙහෙම දාන්න හේතුව මේක දාලා තියෙන්නේ ඉස්සර වගේ Elakiri Talk කැටගරි එකේ නෙමේ නිසයි. ලොකු අයියට කියලා වෙනම කෑම බීම වලට සෙක්ශන් එකක් කිරියේ දම්මව ගත්තා. ඉතින් ඒ ත්‍රෙඩ් එකේ අලුතින් රෙසිපි වැටෙන වැටෙන පිලිවෙලට ඒ පෝස්ට් එක කෝට් කරලා මෙහෙම අලුත් ත්‍රෙඩ් කුකින් සෙක්ශන් එකේ අරින්නයි අපි හිතාගෙන ඉන්නේ.
මේ එලකිරි Food Menu ත්‍රෙඩ් එක Elakiri එකේ උයන්න දන්න උන් එකතු කරලා අලුතින් ට්‍රෙන්ඩ් එකක් හදන්න අපි දරන මහන්සියක්. තවම සෙට් උනේ නැති අය ඉන්නවනම් උයන්න දන්න නොදන්න අපිත් එක්ක එකතු වෙමු. හැම තිස්සෙම ත්‍රෙඩ් එකේ පලවෙනි ටැග් එකේ තියෙනවා ඔක්කොම කෑම මෙනූ වල අන්තිම අප්ඩේට් එක දාලා තියෙන පිටුව. එතනට ගිහින් ඔක්කොම එක තැනකින් බලා ගන්න පුලුවන්. එහෙනම් මේක බලලා තව කීප දෙනෙක් අපිත් එක්ක සෙට් වේවි කියලා හිතනවා.
මෙන්න ත්‍රෙඩ් එක..
Virgin Mojito
ඔන්න අද හැදුවා මෙච්චර කාලයක් ෆ්‍රිජ් එකේ දුක් විඳපු ලෙමන් ගෙඩි ටිකයි 7 up එකයි අරගෙන Virgin Mojito. මේක ගැන කියනවනම් මේක කියුබානු පානයක්.
අවශ්‍යය ද්‍රව්‍යය
Club soda/ Seven Up or Sprite
ලෙමන් ගෙඩියක්
මින්ට් කොළ (මින්චි කොළ) 10 ක් 12 ක් පමණ
සීනි හැඳි 3 ක් පමණ
පෝලෝ හෝ පෙපර් මින්ට් එකක්
ලී මිටක් හෝ පොඩි ලී වංගෙඩියක මෝල් ගසක්
සාදන ක්‍රමය
මුලින්ම මින්ට් කොළ 10 ක් පමණ නටු රහිතව වීදුරුවකට දමා ගත යුතුයි. ඉන්පසු එයටම සෙම්ටිමීටර් එකක පමණ මහතට කපා ගත් ලෙමන් ගෙඩියක රවුමක් කෑලි 4 කට කපා එම වීදුරුවටම එකතු කරගත් යුතුයි. පසුව එයටම සීනි හැඳි 2-3 ක් දමා ගත යුතුයි. (අයිස් දැම්මම සීනි දිය නොවෙන නිසා සමහරු මේකට සිම්පල් සිරප් එකතු කර ගන්නවා තේ හැඳි 2 ක් පමණ. සිම්පල් සිරප් කියන්නේ සීනි රත් කරලා වතුර ටිකක් එක්ක දිය කරගත්තු මිශ්‍රණයක් ) මෙහිදී සැළකිය යුතු දෙයක් තියෙනවා. මොහිතෝ එක සඳහා CLub soda එකතු කරගන්නවනම් ස්ප්‍රයිට් හෝ 7 up වෙනුවට සීනි හැඳි ප්‍රමාණය දෙගුණ කර යුතුයි. පසුව එය හොඳින් muddling කරගන්න ඕනේ ලී හැඳි මිටක් හෝ ලී මෝල් ගසක් ආකාරයෙන්. ඒ කිව්වේ ලී හැඳි මිට වීදුරුවට දාලා තදින් සහ පරිස්සමින් තද කරගෙන මින්ට් කොළ වල මින්ට් සුවඳ මුදා හැරෙන ලෙස සහ ලෙමන් කෑලි තැලෙන ලෙස වීදුරුවේ අඩිය ගලවන්නේ නැතුව තලා ගන්න ඕනේ. මේ නෙට් එකෙන් ගත්තු රූපයක් මෙහෙමයි muddling කරගන්නේ.
![]()
ඊට පස්සේ ඒකට පෝලෝ පෙපර් මින්ට් පෙති දෙකක් හොඳින් කුඩු කරගෙන ඒ කුඩු ටිකත් එයටම එකතු කර ගත යුතුයි. ඊට පස්සේ වීදුරුවේ එම මිශ්‍රණයට උඩින් අයිස් කැට දමා ගත යුතුයි වීදුරුවෙන් හතරෙන් තුනක් පිරෙන ලෙසට. මෙහිදී අයිස් කැටය සම්පූර්ණයෙන් නොදා අයිස් කැට කුඩු කරලා කැබලි කැබලි දැමීම වඩා යෝග්‍යයයි. ඊට පස්සේ එයට Club soda හෝ 7 up හෝ Sprite එකතු කර ගතයුතුයි වීදුරුව පිරෙන තෙක්. ඊට පස්සේ තියෙන්නේ ඉතින් වැඩ අල්ලන්න තමයි.
මෙන්න මම හදපු එකෙන් ගහගත්තු පින්තූර දෙකක්... මේක වඩා සුදුසු ගිණි මද්දහනේ බොන්න. මොකද සීතලම සීතල පානයක් නිසා.
තව දෙයක්. මේකට වෙනසකට ඇපල් සෝඩා, ඇපල් ජූස්, ජින්ජර් බියර් වගේ දෙයක් එකතු කරන්නත් පුලුවන්. ඒ වගේම සමහරු වෙනත් සැර ජාතිත් දාන්නේ නැතුවම නෙමෙයි.
![]()
![]()
මේ එලකිරි Food Menu ත්‍රෙඩ් එක Elakiri එකේ උයන්න දන්න උන් එකතු කරලා අලුතින් ට්‍රෙන්ඩ් එකක් හදන්න අපි දරන මහන්සියක්. තවම සෙට් උනේ නැති අය ඉන්නවනම් උයන්න දන්න නොදන්න අපිත් එක්ක එකතු වෙමු. හැම තිස්සෙම ත්‍රෙඩ් එකේ පලවෙනි ටැග් එකේ තියෙනවා ඔක්කොම කෑම මෙනූ වල අන්තිම අප්ඩේට් එක දාලා තියෙන පිටුව. එතනට ගිහින් ඔක්කොම එක තැනකින් බලා ගන්න පුලුවන්. එහෙනම් මේක බලලා තව කීප දෙනෙක් අපිත් එක්ක සෙට් වේවි කියලා හිතනවා.
මෙන්න ත්‍රෙඩ් එක..








නැත්තං අම්මා උඹ බොනවා කියලා දන්නවද ?