සුවපත් දිවියකට තායි චී.....

Kitaro

Member
Nov 12, 2011
270
15
0
සුවපත් දිවියකට තායි චී.....


සටන් කලාවක් ඉගෙන ගන්නවා කිව්වාම තරුණ තරුණියො ඒ ගැන උනන්දු වුනත් වැඩිහිටි පිරිස් ඒ ගැන ඒ තරම් ප්‍රියමනාපයක් දක්වන්නේ නෑ. සටන් කලා පංති ගැන බෝක්කුවලයි, ලයිට් කණු වලයි ගහලා තියෙන පෝස්ටර් දකිද්දි ඒ වගේ අදහසක් මිනිස්සු තුළ ඇතිවීම ස්වභාවිකයි. බහුතරයක් දෙනා සටන් කලාවක් හැදෑරීම සම්බන්ධයෙන් බලන්නේ රස්තියාදුකාර වැඩක් විදියට. ඒ සටන් කලාවක් හැදෑරීමේ වටිනාකම ශ්‍රී ලාංකිකයන්ට තවමත් නිසි ලෙසින් දැනිලා නැති නිසා.

සටන් කලාව කියන්නේ ගහ මරා ගන්නම තියෙන දෙයක් නෙමෙයි. නැටුම්, සංගීතය, චිත්‍ර වගේම සටන් කලාවත් මිනිස් සිත සැනසීමට තියෙන කලාවක්. ඒ වගේම මිනිසාගේ ප්‍රඥාව, සෞඛ්‍යය වර්ධනය කිරීමට හේතුකාරී වන කලාවක්. ඒ විතරක්ම නෙමෙයි විද්‍යාත්මක පදනමක් ද සහිතව පවතින කලාවක්. මේ අතරිනුත් තායී චී කියන සටන් කලාව අනිකුත් සෑම සටන් කලාවකටම වඩා වෙනස් පදනමකින් පවතින සටන් කලාවක්.

තායි චී කියන සටන් කලාව හඳුන්වන්නේ මෘදු සටන් කලාවක් විදියට. ඇත්තෙන්ම මේ ආකාරයේ වෙනත් සටන් කලාවක් නැහැ. සෑම අංග චලනයක් ම මෘදුයි. ඒ වගේම සැහැල්ලුයි. බොහෝ අවස්ථාවලදී තායි චී කලාවේ දී භාවිතා කරන්නේ අපේ ශක්තියටත් වඩා අපේ ප්‍රතිවාදියාගේම ශක්තිය. හරියට ක්‍රිකට් තරඟයකදි පන්දුවට පහර දෙන්නා පන්දුවට පහර දීමේ දී තමන්ගේ පිත්තට යොදන බලයට ගැන හිතනවාට වඩා තමන් දෙසට එන පන්දුවේ වේගයම පහරේ වේගයට හරවන අවස්ථාවකදි වගේ. තායි චී සටන් කලාවෙදි අපේ ඇඟේ තියෙන ශක්තිය ප්‍රභල සාධකයක් විදියට සැළකෙන්නේ නෑ. නමුත් මේ සම්බන්ධයෙන් වන පුහුණුවීම් වලදී ශාරීරිකව සිදුවන ව්‍යායාම්, පුහුණුවන්නාගේ නිරෝගීකමට අනිකුත් කිසිදු ක්‍රියාවකින් සිදු නොවන ආකාරයෙන් වන බලපෑමක් සිදු කරන බව පිළිගනු ලබනවා. මෘදු බව සහ අවසන් ප්‍රතිඵලයේ ඇති ප්‍රභලතාවයත් පුහුණුවන්නාට ලැබෙන මිල කළ නොහැකි ප්‍රතිලාභත් නිසාවෙන් වයස්, ලිංග, ජාති භේදයකින් තොරව අද වන විට ලෝකය පුරාම මිනිසුන් අතරේ තායි චී ජනප්‍රියව පුහුණු වනවා.

ඉතින්, චීන සටන් කලාවක් වන තායි චී නූතනයේ සටන් කලාවකටත් වඩා ප්‍රචලිතව ඇත්තේ පුහුණු වන්නන්ට සුවපත් සහ සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් උදාකර දෙන කලාවක් විදියට. ඔබත් සුවපත්, සෞඛ්‍ය සම්පන්න සහ දීර්ඝායුෂ ජීවිතයක් විඳීම සඳහා අපත් සමග තායි චී පුහුණුවන්න.


Z21.jpg
 

hpalpola

Well-known member
  • තායි චී සහ ජීවිතය

    අන්තර්ජාලයේ සරද්දී මෙම පෝස්ටුව දුටු නිසා මේ තුළට යමක් එක් කිරීමට මා සිතුවෙමි. ලංකාවේ තවමත් එතරම්ම ප්‍රචලිත නොවුනත් ප්‍රචලිත කළ යුතු සටන් ශිල්පයකි තායි චී.


    තායි චී සහ ජීවිතය​

    තායි චී සටන් කලාවක් ම පමණක් නොවේ. එය, පුහුණුවන්නාගේ ජීවිතය යි. බොක්ෂිංකරුවකුට තමාගේ ජීවිතයේ සෑම අංගයක්ම, අවස්ථාවක්ම බොක්ෂිං ලෙසින් දැකිය නොහැක. නමුත් තායි චී එසේ නොවේ. මිනිසාගේ උදෑසන අවදිවීමේ සිට රාත්‍රියේ නින්දට යනතෙක් සෑම ක්‍රියාවකදී ම තායි චී ක්‍රියාත්මක කළ හැක. වැදගත්වන්නේ තායි චී පුහුණුවන තැනැත්තා ඒ සම්බන්ධයෙන් දැනුවත්ව සිටීමයි. ඇත්තෙන්ම මේ සටහන ලියන මා ද ඒ සඳහා ආධුනිකයෙකි. නමුත් මට දැනෙන, තේරෙන දේ සටහන් කිරීමට සිතුවෙමි. කෙසේවෙතත්, එක් දෙයක් නියත ලෙසින්ම සඳහන් කල හැක. තායි චී ඔබට කායිකව, මානසිකව මෙන්ම අධ්‍යාත්මිකව ද හිතකර ප්‍රතිඵල ලබා දෙයි. ඒ සඳහා තායි චී දර්ශනය හැදෑරීමට අවශ්‍යම වේ. එනිසා අපි ‍කෙටියෙන් තායි චී දර්ශනය සහ මූලධර්මයන් ඔබගේ ජීවිතයට යෙදෙන ආකාරය පිළිබඳව මදක් විමසමු.

    තායි චී හි භාවිතාව මිනිසාගේ යහපත සහ සෞඛ්‍යය කෙර් සෘජුවම බලපායි. එය පුද්ගලයකුගේ සෑම අවශ්‍යතාවක් සඳහාම යොදා ගත හැකි අතර සමතුලිත සහ සතුටින් පිරි සාමකාමී ජීවිතයක් ගෙවීමට උපකාරී කර ගත හැක.

    තායි චී සඳහා දිනකට කොතරම් වේලාවක් ඔබ වැය කළ යුතු ද?

    ඕනෑම දෙයක් කිරීමට පටන් ගැනීමේ දී අප කියන්නේ අනේ ඕවා කොහේ කරන්නද වේලාවක් නෑ‍ නේ කියාය. තායි චී සම්බන්ධයෙන් ගත් විට දි මේ සඳහා නිශ්චිත පිළිතුරක් නොමැති අතර සරලම පිළිතුර වන්නේ ඔබට ඇතියි කියා සිතෙනතෙක් ඔබට එය පුහුණු විය හැකි බවයි. එය, ඔබ විසින් ඔබගේ ජීවිතයට එකතු කර ගත යුතු පුරුද්දක් ලෙසින් මා දකිමි. එහෙත් තායි චී යනු මායාවක්වත් මැජික් එකක්වත් නො‍වේ. සතියකට මිනිත්තු කීපයක් පුහුණු වී එයින් මහත් ප්‍රතිඵල බලාපොරොත්තු නොවන ලෙසින් ආරම්භයේ දී ම අවවාදයක් දෙමි. මෙවැනි පුහුණුවීමකින් සිරුරට දැනෙන ආකාරයේ සෞඛ්‍යමය ලෙසින්වන ප්‍රභල වෙනසක් අත්විඳීමට ඔබට නොහැක.

    මාංශ පේශියක් ලිහිල් කිරීම සඳහා තත්පර කීපයක් වූවත් ප්‍රමාණවත්ය. නමුත් සිරුර සකස්ව ඇති ව්‍යුහයට බලපෑමක් කිරීම සඳහා වැඩි කාලයක් වැය වේ. විශේෂයෙන්ම ඔබ පීඩන‍යට පත්ව ඇති ආකාරය අනුව මේ කාලය සකස් වේ. උදාහරණයකට, ඇඩ්‍ර්නලීන් සීමාව පහල බැසීමට යම් කාලයක් ගත වන අතර එය ක්ෂණිකව සිදු වන්නක් නොවේ. සාමාන්‍යයයෙන් මිනිත්තු 20 පමණ කාලයක් තුළ පුද්ගලයකු විසින් සිදු කරන ව්‍යායාම මගින් ඔහුගේ ජෛව රසායන පද්ධතියේ සහ පරිවර්තනීය ක්‍රියාකාරකම් සඳහා බලපෑමක් සිදු කළ හැකි බව වර්තමාන විද්‍යාත්මක පරීක්ෂණ මගින් සනාථ කරගෙන ඇත. ඒ අනුව මගේ උපදේශය නම් සතියකට අඩුම තරමේ මිනිත්තු 20 බැගින් පස්වතාවක්වත් තායී චී පුහුණුවීම ඔබට යොඳ සෞඛ්‍යය තත්ත්වයක් ලඟා කර දෙනු ඇති බවයි. නමුත් එය අනිවාර්ය අවශ්‍යතාවක් නොවේ.

    ඔබ ඔබගේ තායි චී පුහුණුවෙන් වින්දනයක් ලැබිය යුතු ය. සතුටක් ලැබිය යුතු ය. එය තායි චී සඳහා පමණක් නොව ජීවිතයේ අනිකුත් ක්‍රියාකාරකම් සඳහා ද සමාන දෙයකි. ඔබ විසින් සතුටින් සිදු නොකරන කිසිදු ක්‍රියාවකින් ඔබට තෘප්තියක් ලබා ගැනීමට නොහැකි බව ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇත. එනිසා මිනිත්තු 20 ක කාලය වුවද ඔබ ඉන් වින්දනයක් නොලබන්නේනම් එය වැය කිරීමෙන් ප්‍රයෝජනයක් නොමැති බව සිහි තබා ගන්න. එසේ කිරීමේ දී තායි චී මගින් ඔබට ලබාදෙන සැහැල්ලුකාරී ප්‍රතිඵල ඔබට ලබා ගැනීම අපහසු බව වැටහෙනු ඇත.

    තායී චී පුහුණුවේ ප්‍රතිඵල විඳීමට කෙතරම් කලක් බලා ඉන්නට සිදු වේ ද?

    ඇත්තෙන්ම ඔබ නියම සහ නිවැරදි ආකල්පයෙන් යුතුව තායි චී පුහුණුව අරඹන්නේනම් සමහරක් ප්‍රතිඵල ඒ අවස්ථාවේ ම අත්විඳීමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත. සැහැල්ලු වීම නිසාවෙන් සහ පීඩනය අතහැරීම නිසා ලැබෙන ප්‍රතිඵල ඒවායි. යහපත් ශ්වසන ක්‍රියාවලිය, සැහැල්ලු නමුත් ශක්තිමත් මාංශපේශී, වැඩිදියුණු වූ සහ මනාව ක්‍රියාකාරී මධ්‍යම ස්නායු පද්ධතිය හා රුධිර පද්ධතිය වැනි ප්‍රතිඵල ලැබීම සඳහා ටික කාලයක් වැය කිරීමට සිදු වේ.

    ඔබ තායී චී ක්‍රීඩා කිරීම, තායි චී පුහුණු විය යුතු නිවැරදි ආකල්පය ලෙසින් සැළකිය හැක. හැකි උපරිමයෙන් වින්දනය කරන්න. තායි චී සමගින් ඔබ වැඩි වැඩියෙන් වින්දනය ලබද්දී ඒ ආකාරයෙන්ම ඔබේ සෞඛ්‍යයද වැඩි දියුණු වේ. තායි චී වලට ක්‍රියාත්මක වන්නට දෙනවා හැර ඔබ විසින් තායි චී ක්‍රියාත්මක කිරීමට යාමෙන් වළකින්න. මේ ගැන ඇති පරණ චීන කතාවක් මතකයට නැගේ. එක්තරා තායි චී ගරුවරයකු හමු වූ ශිෂ්‍යයකු ඔහුගෙන් විමසන්නේ තමන් පුහුණු වන ආකාරයට කොපමණ කලකින් ගුරුතුමාගේ සටන් කලාව තමන්ට පුහුණු වී අවසන් කල හැකිද යන්නයි. ඊට ගුරුතුමා පිළිතුරු දෙන්නේ අවුරුදු 2 ක් පමණ ගත විය හැකි ලෙසිනි. ශිෂ්‍යයා එවිට විමසන්නේ තමන් දෙගුණයක් පුහුණු වුවහොත් කොපමණ කලකින් ඉගෙන ගෙන අවසන් කළ හැකිද යන්නයි. එවිට ගුරුතුමා පවසන්නේ අවුරුදු 4 ක් ගතවිය හැකි බවයි. කේන්තියට පත්වන ශිෂ්‍යයා නැවත ගුරුවරයාගෙන් අසන්නේ හැකි හැම වේලාවකම තමන් තායි චී පුහුණු වන්නේනම් කොපමණ කලක් ඒ සඳහා ගත වේද යන්නයි. එවිට ගරුතුමා සිනහ සී පිළිතුරු දෙන්නේ එසේනම් කිසිදින ශිෂ්‍යයාට තායි චී ඉගැනීම සිදු කිරීමට නොහැකි වන බවයි.

    තායි චී යනු එක්තරා චලන ක්‍රියාවලියක් බව සැබෑවකි. නමුත් එකී චලනයන් සුවිශේෂී ආකල්පමය රටාවක් සමග බැඳී පවතී. එකී ආකල්පයන් ජීවිතයේ සෑම අංගයකටම තායි චී පුහුණුවත් සමග බැ‍ඳේ. එනිසා එය ඔබගේ ජිවිතයේ සමතුලිතතාවය, සෑම කල්හිම මනා ලෙසින් පවත්වාගෙන යාමට හේතුවන බව හොඳින් සිහි තබා ගන්න.

     

    hpalpola

    Well-known member

  • කෝ අප්පා කවුරුවත් කොමන්ටුවකින්වත් දිරි ගැන්වීමක් නෑ‍ නේ. කමක් ‍නෑ. යහපත් දේ බෙදා ගමු.


    **************​

    යමක් ලබා ගැනීම සඳහා යම් කැප කිරීමක් කිරීමට සිදු වන්නේ යැයි ඔබ අසා ඇතිවාට සැකයක් නැත. සමහරක් අවස්ථා වලදී යම් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා වේදනා විඳීමට පවා සිදු වේ. උදාහරණයකට බලන්න ශාරීරික වර්ධන ව්‍යායාම්. මෙකී ව්‍යායාම්වලින් අප බලාපොරොත්තු වන්නේ සිරුර අලංකා‍රවත් ලෙසින් වර්ධනය කරවා ගැනීමටයි. එහි කිසිදු වරදක් නැත. නමුත් මේ සඳහා වේදනාකාරී ගමනක් යාමට සිදු වේ. දණහිස් රිදීම්, බඩ රිදීම් වැනි දේ අනිවාර්යෙන්ම විඳීමට සිදු වේ. තායි චී සම්බන්ධයෙන් ගත් විට භෞතිකව හෝ මානසිකව, වේදනාව සඳහා ඉඩක් නැත. ඔබගේ සිරුරේ අවධානම් කලාපය වේදනාවෙන් පෙන්නුම් කරන අතර ඔබ එය ඔබේ වුවමනාවෙන් ම අත හැර දමනු ලැබේ. නමුත් අපහසුකාරීබව වෙනම කතාවකි. දිගු කලක් ති‍ස්සේ ක්‍රියාශීලී නොකළ මාංශ‍ පේශීන්, ව්‍යායාම කිරීම ආරම්භ කළ විට අපහසුකාරී බවක් ඇති කරනු ඇත. කුදු වී කාලයක් ගමන් ගෙන පුරුදු ඇත්තෙකුට ‍එක්වරම කොන්ද කෙලින් තබා ගැනීම පහසුකාරී බවක් ඇති නොකරයි. මානසික තත්ත්වය විමසීමේ දී අප විසින් නිතරම බලය යෙදීමට සහ ශක්තිය තදින් බැහැර කිරීමට පුරුදු වී ඇත්නම්, හිමින් සීරුවේ, සැහැල්ලුවෙන් හැසිරීමට යාමේ දී මානසිකව අපහසුකාරීබවක් දැනෙනු ඇත.

    තායි චී හි එක් වි‍ශේෂත්වයක් වන්නේ එය වේදනාව සහ අපහසුකාරීත්වය යන අංග දෙකේ වෙනස හඳුනා ගැනීමට අවස්ථාව සැළැස්වීමයි. අපහසුදායීබව දැනෙන්නේ වේදනාව දැනෙන ආකාරයට නොවේ. වේදනාව දැනෙන තැන සොයා ගැනීමට හැකියාව ඇතත්, අපහසුදායීබව එසේ සොයා ගැනීමට නොහැක. ඇත්තෙන්ම එය මුළු සිරුර පුරාම පැතිර ඇති ලෙසිනි දැනෙන්නේ. ඉතින් යම් හෙයකින් ඔබ තායි චී පුහුණුවන අවස්ථාවක දී මේ ගතිය දැනෙන්නේනම්, කරුණාකර පුහුණුව නතර කර විවේක ගන්න. අපහසුකාරීත්වය බෙහෙත් වලින් ඉවත් කළ හැක්කක් නොවේ. නමුත් ඔබගේ පුහුණුව මගින් ක්‍රිමයෙන් අඩු කර ඉවත් කළ හැක්කකි. තායි චී පුහුණුවේ දී දැනෙන අපහසුදායීත්වය, වේදනාවක් බවට පත් කර ගැනීමට තරම් නොඉවසිලිමත් නොවන්න. ඔබේ සිරුරට මෙන්ම මනසට ද කාලය දෙන්න.

    ඔබ පුහුණු වන්නේ තදින් ද සැහැල්ලුවෙන් ද වේගවත්ව ද සෙමින් ද යන්න විනිශ්චය කළ හැක්කේ ඔබටම පමණි. මේ විනිශ්චය කිරීමේ ක්‍රියාවලිය මුලදී අපහසුකාරී වූවත් ක්‍රමයෙන් පහසු වනු ඇත. එසේම එය ඔබගේ ජීවිතයට ‍නොයෙකුත් අවස්ථා වලදී යොදා ගත හැකි පාඩම් රැසක් උගන්වනු ඇත. උදාහරණයකට, යම් චලනයක් කෙතරම් දුරකට සිදු කළ හැකිද යන්න සම්බන්ධයෙන් ඔබ විසින් කරනු ලබන විනිශ්චය ඔබගේ දිවියේ අනෙකුත් අවස්ථා වලදී ඕනාවට වඩා වැඩ පෙන්විය යුතු අවස්ථාවන් පෙන්වා දෙයි. ඇත්තෙන්ම ඔබට කළ හැක්කේ ඔබට කළ හැකි දේ පමණි. නමුත් පුහුණුව සමග ඔබට එය වැඩි දියුණු කර ගත හැක.

    මීළඟට අපි තායි චී සහ විශේෂ අවස්ථා කීපයක් ගැන සළකා බලමු.

    තායි චී සහ මහලු විය​

    දිනෙන් දින අප සමාජයේ වයස්ගත ජන ගහනය වර්ධනය වේ. ලංකාවේ පමණක් නොව ලෝක‍යේම තත්ත්වය එයයි. මෙනිසා වයස්ගත ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ලෝකයේම කතා බහට ලක් ව තිබේ.

    ඔබ වැඩිහිටියෙක්නම්, තායි චී යනු ආරක්ෂාකාරීව පුහුණු විය හැකි මෘදු, සෙමින් සිදු කරන ව්‍යායාම් ක්‍රමයකි. තමන්ගේ සමවයසේ තමන්ට වඩා සෞඛ්‍ය සම්පන්නයැයි සැලකෙන අයවලුන් සමග කරට කර ඊට වඩා අඩු මට්ටමක සෞඛ්යන මට්ටමක් පවතින කෙනකුට වුවද මේ කලාවේ ප්‍රතිඵල ලබා ගත හැක. නමුත් ඔබට තායි චී සමග ඔබගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් සැකයක් පවතින්නේනම්, වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් යහපත් වන්නේ එවිට එකඟ වූ සිතකින් පුහුණු විය හැකි නිසාවෙනි.

    බොහෝ වයස්ගත පුද්ගලයන්ට මහලුවියේ දී ප්‍රශ්නකාරී වෙන්නේ ඔවුන්ගේ ඉරියව් බව නොරහසකි. මේවායින් බොහොමයක්, කාලයක් තිස්සේ වැරදි ඉරියව් පුහුණුවීම නිසාවෙන් ඇතිවෙන ප්‍රශ්නයන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ ප්‍රශ්න නිවැරදි කිරීම සඳහා හොඳම විසඳුමකි තායි චී. නිවැරදි සහ යහපත් ඉරියව් සමග ඒ හා බැඳුනු ප්‍රතිලාභ ලබා ගත හැක. සරලවම කියන්නේනම්, සෑම තැනැත්තකුට මෙන්ම වැඩිහිටියන්ට ද තායි චී හි ප්‍රතිඵල එක සේ ම ලැබේ. මේ සම්බන්ධයෙන් සිදු කර ඇති පර්යේෂණයන් අන්තර්ජාලයෙහි දක්වා ඇති අතර ඔබට ඒවා බැලීමෙන් මේ තත්ත්වය පැහැදිලි කර ගත හැක. විශේෂයෙන්ම වැඩිහිටි වියේ දී සමතුලිත නොවීම හෝ සමහර හේතූන් නිසා සිදු වන බිම වැටීම් තායි චී පුහුණුවන්නන් අතර අවම බව එවන් පර්යේෂණයක දී අනාවරණය කර ගෙන තිබේ. (හැකිනම් බලන්න Tai chi and postural control in the well elderly ලිපිය.)

    1019_seniors_Tai_Chai_dw_02.jpg


    තායි චී සහ අනිකුත් ක්‍රීඩා​

    අද මෙන් නොව දැනට කලකට පෙර ලංකාවේ ලමයින්ද, තරුණයින් ද එළිමහනේ කරන ක්‍රීඩාවන්ට බෙහෙවින් ප්‍රිය කළහ. අවාසනාවට දැන් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කාලය ගෙවන්නේ පරිගණක ක්‍රීඩා සමග වීම කණගාටුවට කරුණකි. අප විසින් එළිමහන් ක්‍රීඩා වලින් ලබන තෘප්තිය එහි ඇති උපරිම ප්‍රයෝජනයයි. භෞතික ප්‍රතිලාභ ද නැතුවා නොවේ. නමුත් මේ හැම ක්‍රීඩාවක් ම මෘදු ලෙසින් සිදු කළ හැකි ඒවා නොවේ. එවිටකදී දිවීමට, පැනීමට වැනි ඇඟ වෙහෙසවන ක්‍රියාවල මෙන්ම සමහර විට දී අනාරක්ෂිත ක්‍රියාකාරකම්වල යෙදීමට ද සිදු විය හැක.

    අනෙක් අතට ක්‍රීඩාවකදී පීඩනයක් ද ලැබේ. ක්‍රිකට් තරඟයකින් හෝ රගර් තරඟයකින් පසු පරාජයට පත් පිල විසින් ජයගත් පිලට හෝ එහි අනුග්‍රහකයින්ට පහර දීම වැනි අවස්ථා ලංකාවේ අළුත් දේ නොවේ. ඒ අනුව පෙනෙන්නේ ක්‍රීඩාවක දී ලැබෙන ජය සහ පරාජය අනුව මානසික පීඩනයක් ද හට ගන්නා බව නොවේ ද? මානසික පීඩනය ක්‍රීඩකයෙකුගේ භෞතික ක්‍රියාකාරීත්වය කෙරේ ද බලපායි. ඒ අනුව මාංශපේශී තද කිරීමට, නම්‍යශීලීත්වය අවම කිරීමට, ඉක්මණින් මහන්සි ඇති කිරීමට වැනි සෘණාකාරී දේ ඇති කිරීමට මානසික පීඩනය හේතුකාරී වේ. බලන්න, බොහෝ අවස්ථා වලදී ක්‍රීඩා‍වේ දී ජයග්‍රහණය ලබන්නේ සැහැල්ලුවෙන් සිටින, මනා ඒකාග්‍රතාවයෙන් යුතු තැනැත්තා නොවේද කියා. එසේම‍ හොඳින් හුස්ම ගන්නා සහ සමතුලිතතාවය පවත්වා ගන්නා තැනැත්තා නොවේද කියා. තායි චී අවසානයට කී මේ සියල්ල ඔබට ලබා දේ.

    නොකඩවා තායි චී පුහුණු වීම සමගින් ඔබට ඔබ තෝරා ගත් ක්‍රීඩාව කුමක් වූවත්, එහි ස්වභාවය නොතකා ඔබගේ ක්‍රියාව වර්ධනය කර ගත හැක. ඔබගේ සිරුර නිවැරදිව තබා ගන්නේ ‍කෙසේද, නිවැරදිව ඔබේ සිරුර චලනය කරන්නේ කෙසේද යන්න තායි චී මගින් ඔබට පුහුණු කරයි. එසේම ඔබේ මනස සැහැල්ලු කර මාංශ පේශීන් ඉහිල් කර අඩු වෙහෙසකින් වැඩි ප්‍රතිඵල ලබා ගැනීමට එය ඔබව පුහුණු කරනවා ඇත. එසේම තායි චී ඇඟ උණුසුම් කරන ව්‍යායාම් පද්ධතියක් ලෙසින් ද ඔබගේ ක්‍රීඩාවේ ආරම්භයේ දී සහ අවසානයේ දී උපකාරී වනු ඇත.

    ළමයින්ට තායි චී​

    වර්ධනයවන ලමා සිරුරට, නිසි වර්ධනය සඳහා ආහාර මෙන්ම නොයකුත් චලනයන් අවශ්‍ය වේ. බලන්න අද සමහරක් පොඩි දරුවන්ගේ හැටි. සමහරකගේ බර. ක්‍රීඩාශීලීබව ස්වභාවිකවම ළමයින්ට ලැබේ. මේ ක්‍රීඩාශීලීබව නිසාවෙන් ඔවුන් සිරුරට අවශ්‍ය ව්‍යායාම් පමණක් නොව අනිකුත් ළමයින් සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ අත්දැකීම ද ලබා ගනී. මේ සඳහා එළිම‍හනේ සිදු කරන ක්‍රියාකාරකම් බෙහෙවින් උපකාරී වේ. ඉස්සරනම් අපට ‍මේ සඳහා ඇති තරම් ඉඩ තිබුණි.
    කෙසේවෙතත් වර්තමාන සමාජයේ, විශේෂයෙන්ම නගරබදව බහුතර පවුල්වලට ඇත්තේ පුංචි ඉඩ කඩකි. එහි ළමයින්ට සෙල්ලම් කිරීමට තරම් ඉඩක් නැත. එසේම සදීප ලක්ෂාන්, සේයාගේ සිදුවීම් වැනි දේ සමග බාහිරින් දරුවන්ට ඇති විය හැකි අනතුරු ගැන බිය ද පවතී. අද දෙමව්පියන්ට සහ ළමයින්ට ඇති ‘busy’නැත්නම් අවිවේකී දිවිපැවැත්ම ළමයින් සමග එළිමහනක ක්‍රීඩා කිරීමට ලබා දෙන්නේ ද අඩු කාලයකි.

    ළමයින්ගේ වර්ධනයට ව්‍යායාම් අවශ්‍ය වන බව දන්නා නිසා අප සිහි තබා ගත යුත්තේ වැරදි ආකාරයේ ක්‍රීඩාවන් මගින් ඔවුන්ගේ ජිවිතයට අනතුරු ද ඇති විය හැකි බවයි. මෙනිසා දරුවන්ට කායිකව මෙන්ම මානසිකව ගැලපෙන ක්‍රීඩා හඳුන්වා දීම දෙමව්පියන්ට ඇති වගකීමකි.
    තායි චී ඕනෑම වයසක, ඕනෑම ශාරීරික මට්ටමක් ඇත්තකුට උචිත වේ. ළමයින් සම්බන්ධයෙන් ගත් විට එය ඔවුන්ගේ වර්ධනයට මනා පිටුවහලකි. එසේම ඒ මගින් දරුවාගේ කායික වර්ධනය පමණක් නොව මානසික වර්ධනය ද සිදු කරයි.

    f25a7276a10356c5c306fd40f8181074.jpg

    ගැබිණි සමය සහ තායි චී​

    ගැබිණි සමයේ ව්‍යායාම් සිදු කිරීම මනා ප්‍රතිලාභ ලබා‍ දෙයි. අතීතයේ කාන්තාවෝ මේ ගැන දැන සිටියේ රෝහල් වලට ගොස් නොවේ. ප්‍රශ්නය ඇත්තේ කුසයේ සිටින දරුවාටත්, මවටත් දෙදෙනාටම අනතුරක් නොවන ව්‍යායාම් හඳුනා ගන්නේ කෙ‍සේ ද යන්නයි. එයට ඇති හොඳම විසඳුමකි තායි චී. ඔබ ගර්භනී නම් තායි චී ඔස්සේ ඔබට මෘදු නමුත් ආරක්ෂිත දරු උපතක අත්දැකීමක් ලබා ගැනීමට හැකියාව ඇත.

    ගැබිනි සමයේ දී නිවැරදි ඉරියව් මවට ඉතාමත් වැදගත් වේ. බො‍හෝ ගැබිනි මව්වරුන් කොන්දේ අපහසුතාවලින් පීඩා විඳී. ඔබගේ කොන්ද සෘජුව තබා ගැනීම මීට බෙහෙවින් ‍වැදගත් වේ. මේ සඳහා තායි චී පුහුණුව ඔබට උපකාර කර ගත හැක. යම් විටක ඔබට නැවීමට අවශ්‍යනම් දණහිසෙන් නැවෙන්න. ඔබගේ කළවා ශක්තිමත් කර ගැනීම සඳහා තායි චී බෙහෙවින් උපකාර වේ. විශේෂයෙන්ම ගැබිණි සමයේ දී බරක් උසුලීමේ දී දැනෙන අපහසුව වැඩි නිසාවෙන් ශක්තිමත් කළවා තිබීම ගැබිණියකට උපකාරයකි. නැවීමේ දී අදාළ කාර්යය කළවා වලට භාර දෙන්න. එසේම තායි චී පුහුණුවන්නාගේ රුධිර පද්ධතිය මනා කොට ක්‍රියාකාරීවන නිසා එය ගැබිණි මවකට වේදනාකාරී නොවන දරු ප්‍රසූතියක් සඳහා මෙන්ම දවස පහසුවෙන් ගෙවීමට ද උපකාරී වනු ඇත.

    තායි චී පුහුණුව ආරම්භයේ දී පටන්ම පුහුණුවන්නාට ලැබෙන ප්‍රතිලාභයක් වන්නේ සැහැල්ලුවයි. ගැබිණි සම‍යේ දී මෙය ඉතාමත් ප්‍රයෝජනවත් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. අනිත් අතට නිවැරදි ලෙසින් ශ්වසන ක්‍රියාවලියේ යෙදීම ගැබිණියගේත්, ඇගේ කුසේ සිටින දරුවාගේත් සෞඛ්‍ය තත්ත්වයට හේතු වේ. එය තායි චී පුහුණුවෙන් ලබා ගත හැක.

    තායි චී පුහුණුවේ දී ඔ‍බගේ උඩු කය කොටසට ලබා දෙන පුහුණුව විශේෂයෙන්ම අත් වලට ලබා දෙන පුහුණුව දරුවා වඩා ගෙන සිටීම සඳහා පිටුවහලක් වේ. එසේම අද බොහෝ කාන්තාවන් දරුවන් ලැබීමෙන් පසු තම සිරුර අවලස්සනවීම ගැන දුක් වූවත් නොකඩවා තායි චී පුහුණුවීම තුළින් ස්වභාවිකවම ඒ තත්ත්වය මග හැරවා ගැනීමට හැකියාව ලැබෙන බව කියන්නේ සතුටිනි.

    තවත් කරුණක් සඳහන් කළ යුතු ය. දරු උපතින් පසු සමහරක් මව් වරුන් මානසික ආතතියට පත් වෙයි. තායි චී හි ඇති භාවනාමය අංශය එකී තත්ත්වය සඳහා විසඳුමක් වනු ඇත. කෙසේවෙතත් බෞද්ධ භාවනාවෙන් ලැබෙන උපරිම ප්‍රතිඵලය මේ තුළින් නොලැබේ. නමුත් අපට බෞද්ධයන් ලෙසින් එකී අංගය මේ සඳහා මුසු කර ගැනීමෙන් වැඩි ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ඇත.

    එනමුත් එක් එක් කාන්තාවන්ගේ ශාරීරික ස්වභාවයන් වෙනස් නිසාවෙන් ගර්භනී සමයේ තායි චී පුහුණු වීමේ දී තමන්ගේ වෛද්‍යවරයාගේ උපදෙස් ලබා ගැනීම ද වැදගත් බව සිහි තබා ගත යුතු ‍වේ.

    TaiChi-Sept09-istock.jpg
     
    • Like
    Reactions: shaminda peiris

    hpalpola

    Well-known member
  • theory vitharai ne ko karanna practical dapalla


    ඇත්තටම මුලින්ම තියරි ටිකක් දාලා පුංචියට ස්ටෙප් බයි ස්ටෙප් demonstration දාන්න බැලුවෙ. මුලින්ම තායි චී කියන්නේ මොකක්ද කියලා ලියලා, ප්‍රයෝජන එහෙම දාලා ඉන් පස්සේ ව්‍යායාම වලට
     

    hpalpola

    Well-known member
  • [FONT=&quot]තායි චී චුවාන් ලෙසට හඳුන්වන මේ සටන් කලාව ශක්ති ගලනය (චී ලෙසින් අපි හඳුන්වමු [/FONT]qi = chi[FONT=&quot])[/FONT] [FONT=&quot]සමග සටන් කලා චලනයන් මිශ්‍ර කරමින් සකස් කරනු ලැබූ සටන් කලාවක් යැයි හඳුන්වන්නේනම් නිවැරදි යැයි මා සිතමි. තවද, මේ සඳහා හුස්ම ගැනීම සහ නම්‍යශීලීත්වය එක් කල යුතුය. චීන දර්ශනයන් සම්බන්ධයෙන් අප එතරම් දැනුවත් නොවූවද මේ තායි චී ශෛලිය බිහි වී ඇත්තේ එකී දර්ශනයෙන් පදනම ලබා ගනිමිනි. විශේෂයෙන්ම චීන දර්ශනය තුළ යෙදෙන යින් සහ යෑන්ග් ([/FONT]yin - yang[FONT=&quot])[/FONT] [FONT=&quot]දර්ශනය සහ මූලිකාංග 5 පිළිබඳ සිද්ධාන්තය මේ කලාවේ ඉගැන්වීම්, පුහුණුවීම් සමග බැඳී ඇත. තායි චී පුහුණුවේ දී මනස, පෙර කී චී සහ සිරුර එක් කිරීම සිදු වෙයි. මෙහි සඳහන් කිරීමට යෙදුන චී යනු කුමක්දැයි පසු අවස්ථාවක දී අපි විමසීමට ලක් කරමු. නමුත් දැනට අපගේ දැනීම සඳහා චී යන්නෙන් චීන සම්ප්‍රදායේ දී සිරුර අභ්‍යන්තරයේ ඇති අපට පියවි ඇසට නොපෙනෙන ජීව ශක්තිය ලෙස හඳුන්වන බව සිහි තබා ගමු. මෙම ශක්තිය සටනකදී බාහිර සිරුරේ ශක්තිය වර්ධනය කිරීමට යොදා ගනු ලබයි. එසේම මේ ශක්තියම අපට ඇති ලෙඩ රෝගයන්ගෙන් සුවය ලැබීමට, නිරෝගීව ජීවත් වීමට උපකාර කර ගත හැකි වේ. සෞඛ්‍ය තුළින් ලැබෙන මෙම ප්‍රයෝජන, අද ලෝකය පුරා තායි චී චුවාන් ජන්‍රපිය වීමට ප්‍රධානම හේතුව ලෙසින් සැලකීමේ වරදක් නැත.
    [/FONT]
    [FONT=&quot]අද අප ගෙවන සංකීර්ණ ජීවන රටාව තුළ අපගේම සෞඛ්‍ය පිළිබඳව සිතීමට අපටම වෙලාවක් නොමැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. නිවැරදි ලෙසින් ආහාර පාන කුසට යවා ගැනීමට සමහරෙක්ට නොහැක. සමහරෙක්ට අවශ්‍ය ප්‍රමාණයට නින්ද නැත. තවකකුට මානසික පීඩනය දරා ගැනීමට නොහැක. අනෙත් අතට ක්ෂණික ආහාර ලබා ගැනීම නිසා ලැබෙන අහිතකර ප්‍රතිඵල? මේ සියල්ල අපගේ ජීවිතය සෞඛ්‍යයමය අතින් දුර්වල කිරීමට හේතු පාදක වේ. ප්‍රෙසර් වැඩි වූ විට, දියවැඩියාව සෑදුන විට, කොලොස්ටරෝල් වැඩි වූ විට මේ සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු වේ. කෙසේවෙතත් අපගේ වාසනාවට නවීන වෛද්‍ය විද්‍යාව තුළ අද අපිට සෑදෙන බොහෝ රෝගයන් සඳහා ප්‍රතිකාර ඇති අතර තවමත් ප්‍රතිකාර සොයා නොගත් රෝගයන් ද ඇත. බොහෝ අවස්ථා වලදී රෝග මූලයට ප්‍රතිකාර නොකරන නිසාවෙන් එක් අවස්ථාවක දී යටපත්වන රෝග, වෙනත් අවස්ථාවක දී නැග ඒමට සමත් වේ. මෙවැනි අවස්ථා වලදී තායි චී චුවාන් මගින් අපට ලබා ගත ‍හැකි සේවය අපමණය.
    [/FONT]
    [FONT=&quot]නියමාකාරයෙන් තායි චී පුහුණු වීමේ දී සිරුර අභ්‍යන්‍තරයේ රුධිර සංසරණය හොඳින් සිදුවන නිසාවෙන්, සිරුරට අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ලැබෙන නිසාත්, බොහෝ රෝග වලින් ගැලවී සිටීමට තායි චී පුහුණුවන්නකුට හැකියාව ඇත. චීන සම්ප්‍රදායානුකූල වෛද්‍ය ක්‍රමයන් තායි චී ඉගැන්වීම්වලට ඇතුළත්ව ඇති අතර එහෙත්, චීන වෛද්‍ය ක්‍රමයන් ගැන මෙහිදී අපි කතා නොකරමු. හිතන්න යම් රෝගයක රෝග ලක්ෂණ අප තුළ පෙන්නුම් කරනවා කියා. තායි චී තුළින් පුළුවන් ඒ රෝගය වර්ධනය වීමට පෙර නවත්වා ගැනීමට ප්‍රභල බලපෑමක් කිරීමට. (එහෙත් තායි චී වලටත් ප්‍රතිකර්ම යොදන්න බැරි රෝග මේ ලෝකෙ අපමණ බව සිහි තබා ගමු.) නමුත් මේ රෝගය දැන් ඇති වෙලා නම්, එය යථා තත්ත්වයට පත් කිරීමට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය වේ. එතැන් පටන් දිගටම යථා ආකාරයෙන් සිරුර පවත්වාගෙන යාමට තායි චී ඔබට උපකාරී වේ.
    [/FONT]
    [FONT=&quot]මේ සම්බන්ධයෙන්වන පුංචි කතාන්දරයක් මෙහිදී ඔබ වෙත තබමි.
    [/FONT]
    [FONT=&quot]චීනයේ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් වූ අතර ඔහුගේ දක්ෂකම් චීනය පුරාම ප්‍රචලිතව තිබිණි. ‍බොහෝ තැනැත්තන් ඔහු එහි ජීවත්වන නොම්මර එකේ වෛද්‍යවරයා ලෙසින් හැඳින් වූවත් ඔහු එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ තමන්ගේ සහෝදරයන් දෙදෙනා තමන්ට වඩා දක්ෂයින් බවයි. ඔවුන් ද වෛද්‍යවරු විය. මේ වෛද්‍යවරයා කී කතාව ඔහුගේ වචනවලින්ම අපි අසමු.
    [/FONT]
    [FONT=&quot]“මම හටගත්ත අසනීප සුව කරන වෛද්‍යවරයෙක්. මගේ දෙවැනි අයියා ලෙඩේ මුල් අවස්ථාවෙදි ඒ ගැන අවධානය යොදලා සනීප කරන වෛද්‍යවරයෙක්. මගේ ලොකු අයියා ලෙඩ හැදෙන්න කලින්ම වළක්වන කෙනෙක්. මෙම අසනීප සුව කරන්න ගනිද්දි ඒ අසනීපෙ මොකක්ද කියලා පිටට පේනවා. ඉතින් මිනිස්සුන්ටත් ඒක පෙනෙන නිසා මගේ නම මිනිස්සු අතරෙ ප්‍රසිද්ධ වෙලා යනවා. මගේ දෙවැනි අයියා ලෙඩේ පිටට පේන්න කලින් සනීප කරන නිසා මගේ තරම් නම ප්‍රසිද්ධ වෙන්නේ නෑ. මොකද මිනිස්සුන්ට ලෙඩේ නොපෙනෙන නිසා. ඒත් අපි දෙනන්ටම වඩා අපේ ලොකු අයියා දක්ෂයි. ඔහු ලෙඩ ඇති වෙන්න කලින්ම වළක්වනවා. ඒ නිසා ලෙඩේ මොකක්ද කියලා මිනිස්සුන්ට නොපෙනෙන නිසා ඔහු ගැන කිසිම ප්‍රසිද්ධියක් නැහැ. [/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]ඉතින් අපි තුන්දෙනාගෙන් වඩාත්ම ප්‍රසිද්ධ කෙනා මන් වුනාට දක්ෂම කෙනා මම නොවෙයි. මොකද මට පුළුවන් හානිය නැවත සකස් කරන්න විතරයි. මගේ දෙවැනි අයියා මං තරම් ප්‍රසිද්ධ නොවුනට ඔහු මට වඩා දක්ෂයි. මොකද ඔහුට පුළුවන් අසනීපෙන් හානියක් ඇති කරන්න කලින් නවත්වන්න. ඒත් අපි දෙන්නා තරම් ප්‍රසිද්ධ නැති අපේ ලොකු අයියා අපි දෙන්නටම වඩා දක්ෂයි. මොකද ඔහු ලෙඩ ඇති වෙන්න කලින් නවත්වන නිසා.”[/FONT]

    [FONT=&quot]මේ ‍කියන ලොකු අයියා වෙන කෙනකු නොව තායි චී ගුරුවරයෙකි.[/FONT]

    [FONT=&quot]ඉතින් තායි චි චුවාන් තුළ ඇති මේ විශ්මය කුමක් ද? භෞතිකව සන්සුන්ව, හෙමින් සීරුවේ සහ සැහැල්ලුවෙන් සිදුවෙන චලනයන් මුළු සිරුරටම ව්‍යායාම් සිදු කරවයි. මාංශ පේශි සැහැල්ලු වන්න සැහැල්ලු වන්න ‍රුධිර සංසරණය වැඩි දියුණු වේ. මෙකී ව්‍යයාම අත්වලට සහ කකුලට පමණක් සීමා‍ නොවේ. සිරුරේ අභ්‍යන්තර අවයවවලට මෙන්ම කොඳු නාරටියට, කොන්දට, ක්ශේරුකාවට මෙන් හෑම අංගයකටම මෙකී ව්‍යායාම සිදු වේ. මෘදු චලනයන් අප සිරුරේ ඇති මෙකී අංගයන් සැහැල්ලු කරයි. මේ ආකාරයෙන් අභ්‍යන්තර අංගයන් මෘදුව සම්භාහනය කිරීම, ඒ අවට ප්‍රදේශයේ පීඩනය අවම කරන නිසා රුධිර සංසරණය හොඳින් සිදු කිරීමට හේතු වේ. බොහෝවිට ඔබ දැනටමත් අසා ඇති නිසි ලෙසින් රුධිර සංසරණය සිදු නොවීම නිසාවෙන් ඇති වන රෝගාබාධයන් ගැන. අප කිසිවිට නොහිතන ආකාරයේ රෝග, අපගේ සිරුරේ අභ්‍යන්තර අවයව සමග බැඳී පවතී. ඉතින් ඇයි අපි ඒ අංගයන් සෞඛ්‍ය සම්පන්නව තියා නොගන්නෙ. මදක් සිතන්න ඔබ කරන කුමන ව්‍යායාමය මගින් ද සිරුරේ අභ්‍යන්තර අංගයන්ට ව්‍යායාම් ලබා දෙන්නේ කියා. තායි චී තුළ ඇති සෙමින් කෙරෙන චලනයන් නිසාවෙන් පෙනහලුවල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි. ඒ තුළින් සිරුර තුළට ඔක්සිජන් ලබා ගැනීම වැඩි කරයි.
    [/FONT]
    [FONT=&quot]දවසේ කරන වැඩ වලින් ඔබට ඇතිවෙන පීඩනය අතහැර ගැනීම සඳහා තායි චී උපකාර වන බව පෙර අවස්ථාවක දී ද සඳහන් කළෙමි. මානසිකව මෙන්ම කායිකවත් මේ පීඩනය පිට කෙරෙනවා. පීඩනය දරා ගැනීමට නොහැකි වූ විට කෑ ගසයි. සමහරු රණ්ඩු කරයි. ඔබ මෙය දැක ඇතිවාට සැක නැත. ඔබටත් මෙවැනි අවස්ථාවක් ඇති වී ඇතිවාට සැකයක් නැත. සමහරුන්ට ප්‍රෙෂර් සෑදේ. ඒ පමණක් ද, සමහරුන් උමතු තත්ත්වයටත් පත් වේ. නවීන විද්‍යාව මො‍ළයේ එක් එක් කොටස් එකිනෙකට වෙනස් කාර්යයන් සිදු කරන බව පෙන්වා දී ඇත. දිනක වැඩ, සතියක වැඩ, මසක වැඩ, අවුරුද්දක වැඩ ආදී ලෙසින් අප කරන දේ එක් වූ විට මේ එක් එක් කොටස් වලින් සමහරක් අනිකට වඩා වැඩි ප්‍රමාණයක් වැඩකර ඇති බව අපට නොපෙනුනත් පිළිගැනීමට සිදු වේ. මක්නිසාදයත්, අපි කරන්නේ එකම ආකාරයේ වැඩ රාජකාරී කොටසක් නිසාවෙනි. මෙවිට ඇතිවන පීඩනය හිස හරහා පිට කිරීම අපහසු කරුණකි. එනිසා මෙසේ වද්දී අපිට නිසි ලෙස හිතීමට නොහැකි වනු ඇත. එසේම ඉවසීම ඉක්මණින්ම නැති වී යනු ඇත. එ‍සේම සුව නොවන හිස රුදාව සෑදෙනු ඇත. එහෙත් තායි චී චුවාන් තුළ ඇති විශ්මිත ක්‍රියාවලිය මුළු සිරුරම සැහැල්ලු කර ගැනීමට ඔබට උපකාරී වේ. පෙර කී යින් සහ යෑන්ග් සමව පවත්වාගෙන යාමට තායි චී උපකාර වේ. ඉතින් දිනක වැඩ ඇරඹීමට පෙර විනාඩි කීපයක් තායි චී පුහුණු වී වැඩි ඇරඹීමේ දී ලැබෙන ප්‍රතිලාභයන් ගැන මදක් හිතන්න.[/FONT]

    [FONT=&quot]බලන්න අද චීනය ලෝකය තුළ අත්කරගෙන ඇති තැන. උදෑසන වයස් භේදයකින් තොරව එළිමහනේ තායි චී චුවාන් රිද්මයානුකූලව පුහුණුවන පිරිස් අන්තර්ජාලය හෝ චීන වීඩියෝ නිර්මාණවලින් ඔබ වරක් හෝ දැක ඇතිවාට සැකයක් නැත. මෙයයි චීනුන් ලොව දිනීමේ රහස. මේ සමගම බලන්න දැනට අවුරුදු ගණනකට පෙර අප සිටි තැන. දකුණු ඉන්දියාව මෝගල්වරුන්ට, අශෝකට ආක්‍රමණය කිරීමට නොහැකි වූවත් අපි විසින් ආක්‍රමණය කළෙමු. අදටත් කාවේරියේ ඒ ගැන පිහිට වූ සෙල්ලිපියක් ඇත. අපි ලොව ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් වීමු. ටොලමිගේ සිතියමේ ලංකාව ඇතුළත් වූයේ එහෙයිනි. එකල අපි අංගම්පොර යන දේශීය සටන්කලාව බුදු දහමේ ආභාෂය සහිතව අප අතරේ පවත්වාගෙන ඒම මේ සියල්ලටම හේතුවයි. අද අංගම් පොරත් නැත, බුදු දහමත් නැත. අපි ලෝක‍යේ අද ඉන්නා තැන ඔබට හිතා ගත හැකි ද?
    [/FONT]
    [FONT=&quot]සටහන නැවැත්වීමට පෙර තවත් දෙයක් තායි චී සම්බන්ධයෙන් එක් කිරීම මැනැවැයි හිතේ. “අසනීපය” යන වචනය හැදී ඇත්තේ “අ + සනීපය” එක් වීමෙනි. එනම් සනීපය නොමැති වීමයි. සනීපය යනු කුමක්දැයි මා විග්‍රහ කළ යුතු නැත. ඉතින් මදක් හිතන්න තායි චී තුළින් ඔබගේ මුළු සිරුරම සැහැල්ලු කිරීමේ දී “අසනීපය” තිබිය හැකි ද කියා. [/FONT]
     
    Last edited:

    hpalpola

    Well-known member
  • lankawe igenaganda thanak tiyanawada


    මං දැනුවත්ව වඩාත් ප්‍රසිද්ධ ඉන්දීෂ මාස්ටර්ගේ පංතිය.

    https://www.facebook.com/Tai-Chi-Sri-Lanka-37764854485/

    මේ ලින්කුවෙන් බලන්න. මීට අමතරව නුගේගොඩ YMBA එකෙත් තායි චී පංති තියෙනවා කියලා පෝස්ටර් දාලා තිබුනා.