රාවනා සහ හෙළ වෙදකම

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    රාවනා සහ හෙළ වෙදකම

    දවස් කීපයකට කලින් දැන් ටික ටික කරලියේ කතා වෙන හෙළ වෙදකම ගැන හොයන්න මට ලොකු උවමනාවක් ඇති වුනා. විශේෂයෙන් මේ අනෝජය සිල්වා කියන වෙද මහත්තයා ගැන.

    මෙහෙම හොයන්නත් හෙතුවක් තියනවා, ඒ මන් ලඟින්ම දන්න මගේ පවුලෙ කෙනෙක් වගේ හිටිය නංගි කෙනෙක් මේ අවුරුද්දෙ එක්තරා මාසයට අප අතරින් සදහටම සමුගැනීම. :(:(

    හැදිලා තිබුනේ ලේ පිලිකාවක් -- Leukemia (Acute Myeloid Leukemia). හොයා ගන්න කොටම stage 4 තමා තිබ්බෙ. කරන්න තියන හැම දෙයක්ම කලා. Doctorsලා නම් අත ඇරලා දලා තමයි තිබුනෙ. Chemotherapy දෙවෙනි session එක දෙනකොට තමයි නැති වුනේ. අන්තිමට නැති වුනේ Leukemia නිසා නෙමෙයි Chemo එක strong වැඩි නිසා. :(

    සිංහල බෙහෙත් (හෙල වෙදකම) කරන්න පෙලබුනේ නෑ, එහෙම එකක් තියනවා කියලාවත් දැනගෙන හිටියේ නෑ. ආයුරුවේද දොස්තර කෙනෙක් ගාවට ගෙනිච්චා වැඩක් වුනෙ නෑ, කරන්න දෙයක් නෑ කිව්වා.

    කරුමේ කියන්නෙ, අනෝජය සිල්වා 2013දී සහභාගි වුන, හිරු ටීවී එකේ ගිය වැඩසටහනක් කලින් කිව්ව නංගිට ඔය ලේඩේ තියන දවස් වල අහම්බෙන් වගේ බලන්න ලැබුනා. හැබැයි කිසි උනන්දුවකින් නෙමෙයි බැලුවේ, ඔක්කොම ඉවර වෙනකන් බැලුවෙත් නෑ. මේකා පිස්සෙක්, බොරුකාරයෙක් යන මතය තමයි ඒ දවස් වල තිබ්බේ. :(

    දැන් දවස් දෙකකට කලින් මනෝජය සිල්වා සහභාගී වුන හිරු ටීවී වැඩසටහන් දෙකම ඉවර වෙනකන් බැලුවා. තව ITN වෙනස එකෙ එතුමා සහභාගි වෙන වැඩසටහනත් ඉවර වෙනකන් බැලුවා. මේ මිනිහා කියන එකේ මොකක් හරි ඇත්තක් තියනවා කියලත් හිතෙනවා. හැබැයි කියන හැමදේම 100% විශ්වාස කරන්නෙත් නැහැ මොකද සමහර කියන කරුනු නිශ්චිත සාක්ශි ඇතුව කියන දේවල්ද කියලා දන්නෙ නැති නිසා.

    මට තියන ප්‍රශ්න

    මේ හෙළ වෙදකම ගැන තව කරුනු හොයාගන්න තැන් තියේද?
    අනෝජය කියන කරුනු වල සැබෑ සත්වයක් පවතීද?

    මේ මාතෘකාව ගැන මොනවා හරි දෙයක් දන්නවා නම් මෙතන post කරන්න

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ape nada wena kenek yanawa kiwuwa oya thanata,
    gihin awata passe hodada narakada kiyannam
    ada kale hama thanama horu inne,ithin hariyata kalath minissu e diha saken balanne
    anika media walin denna athishokthien
    ITN wenasa ekanam hodata karala thibba
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ape nada wena kenek yanawa kiwuwa oya thanata,
    gihin awata passe hodada narakada kiyannam
    ada kale hama thanama horu inne,ithin hariyata kalath minissu e diha saken balanne
    anika media walin denna athishokthien
    ITN wenasa ekanam hodata karala thibba

    එළ.
     
    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    ඒ මනුස්සයා බොරුවක් කරනවා වෙන්න බෑ. මුදල් පරමාර්ථයෙන් කරන දෙයක් නෙවෙයිනේ. සල්ලි ගන්නෙත් නැත්තන් මිනිස්සු රවට්ටලා ඇති වාසියකුත් නෑනේ. මගෙනම් විශ්වාසය මොකක් හරි ඇත්තක් ඇති. අපේ මිනිස්සුන්ට ඔය ගැන විශ්වාස කරන්න සුද්දෙක් ඇවිත් Review එකක් දෙන්නම ඕනේ.
     
    • Like
    Reactions: IveyStyle
    ඒ මනුස්සයා බොරුවක් කරනවා වෙන්න බෑ. මුදල් පරමාර්ථයෙන් කරන දෙයක් නෙවෙයිනේ. සල්ලි ගන්නෙත් නැත්තන් මිනිස්සු රවට්ටලා ඇති වාසියකුත් නෑනේ. මගෙනම් විශ්වාසය මොකක් හරි ඇත්තක් ඇති. අපේ මිනිස්සුන්ට ඔය ගැන විශ්වාස කරන්න සුද්දෙක් ඇවිත් Review එකක් දෙන්නම ඕනේ.

    :yes::yes::yes::yes:
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    අනෝජ් සිල්වා කියන වෙද මහත්තයා කියන දේවල් වල ඇත්තක් තියනවා... මේ මනුස්සය මිනිස්සුන්ගෙන් සත පහක දෙයක් ගන්නේ නෙතුව වෙදකම් කරන්නේ... කිසිම වාසියක් නෙතුව මිනිස්සුන්ට ප්‍රතිකාර කරන්න උවමනාවක් නෑ නේ අද කාලේ මිනිස්සුන්ට...
    අනික ඒ මනුස්සයාගේ කතාව හොඳට අහන්න...ඒ මනුස්සය සිංහල කමට සිංහලයට පුදුම ආදරයක් තියෙන්නේ... මේ මනුස්සය කියන දේ ඇත්තක් තියෙන්න පුළුවන්...
    එකදාස් නවසිය හතලිස් ගණන් වලදී කව්රු හරි කෙනෙක් කිව්වොත් ඉස්සරහදි අපේ වැඩ රොබෝ කෙනෙක්ට කියල කරගන්න පුළුවන් කියල එතැනදී ඒ මිනිහ බොරු කාරයෙක් වෙනවා නැත්නුම් පිස්සෙක් විදිහට තමා සමාජේ ගණන් ගන්නේ... එකයි සමාජේ හැටි....
     
    kingzz

    Junior member
  • Sep 17, 2013
    149
    11
    18
    :)

    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    wedamahaththaya boru karanne na.. oyala ona kenek wedamahaththaya lagta awith onama ledak kiyala beheth ganna puluwan.. awidinnawath hitagannawath bari minissunwa awiddanwa.. man meka kiyanne 100% sure karala.. man wedamahaththaya gana hodata dannawa.. boruwak kranne na kawadawath.. godak hoda hodata beheth karana kenek.. habai aya kiyana widihata beheth karanna one..
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අනෝජ් සිල්වා කියන වෙද මහත්තයා කියන දේවල් වල ඇත්තක් තියනවා... මේ මනුස්සය මිනිස්සුන්ගෙන් සත පහක දෙයක් ගන්නේ නෙතුව වෙදකම් කරන්නේ... කිසිම වාසියක් නෙතුව මිනිස්සුන්ට ප්‍රතිකාර කරන්න උවමනාවක් නෑ නේ අද කාලේ මිනිස්සුන්ට...
    අනික ඒ මනුස්සයාගේ කතාව හොඳට අහන්න...ඒ මනුස්සය සිංහල කමට සිංහලයට පුදුම ආදරයක් තියෙන්නේ... මේ මනුස්සය කියන දේ ඇත්තක් තියෙන්න පුළුවන්...
    එකදාස් නවසිය හතලිස් ගණන් වලදී කව්රු හරි කෙනෙක් කිව්වොත් ඉස්සරහදි අපේ වැඩ රොබෝ කෙනෙක්ට කියල කරගන්න පුළුවන් කියල එතැනදී ඒ මිනිහ බොරු කාරයෙක් වෙනවා නැත්නුම් පිස්සෙක් විදිහට තමා සමාජේ ගණන් ගන්නේ... එකයි සමාජේ හැටි....
    :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,832
    40,528
    113
    අනේ මන්දා බන් හරියටම කියන්න දන්නේ නෑ.
    itn වීඩියෝ එක බැලුවම හිතෙනවා හොදයි කියලා, hirutv එකේ වීඩියෝ එක බැලුවම හිතෙනවා හොදටම ඇන ගත්තා නේද කියලා. මේ වෙද මහත්තයා ඇත්තක් නම් කරන්නේ අපේ රටට ලොකු ආඩම්බරයක්.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඒ මනුස්සයා බොරුවක් කරනවා වෙන්න බෑ. මුදල් පරමාර්ථයෙන් කරන දෙයක් නෙවෙයිනේ. සල්ලි ගන්නෙත් නැත්තන් මිනිස්සු රවට්ටලා ඇති වාසියකුත් නෑනේ. මගෙනම් විශ්වාසය මොකක් හරි ඇත්තක් ඇති. අපේ මිනිස්සුන්ට ඔය ගැන විශ්වාස කරන්න සුද්දෙක් ඇවිත් Review එකක් දෙන්නම ඕනේ.
    උබල දන්නා රෙද්ද බන් මම එක දවසක් නැද වෙන කට්ටියක් එක්ක ගිය ඔය තැනට මීට අවුරුදු 3ත විතර කලින්... සල්ලි කෙලින් ගන්නේ නෑ වටෙන් ගන්නේ... මුළු කතාවම කියන්නම් පස්සේ ඔය යකා උගේ කටින්ම් කිව්වා ලබන මාර්තු වල මැරෙනවා කියලා උ... ඒ දවස් වල කැලේට යනවා කිව්වා...මු අප්පච්චි වගේ උට්ටනය වෙලාද දන්නේ නෑ:lol::lol::lol:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    උබල දන්නා රෙද්ද බන් මම එක දවසක් නැද වෙන කට්ටියක් එක්ක ගිය ඔය තැනට මීට අවුරුදු 3ත විතර කලින්... සල්ලි කෙලින් ගන්නේ නෑ වටෙන් ගන්නේ... මුළු කතාවම කියන්නම් පස්සේ ඔය යකා උගේ කටින්ම් කිව්වා ලබන මාර්තු වල මැරෙනවා කියලා උ... ඒ දවස් වල කැලේට යනවා කිව්වා...මු අප්පච්චි වගේ උට්ටනය වෙලාද දන්නේ නෑ:lol::lol::lol:

    උඹ දන්න දේවල් තව ටිකක් විස්තර සහිතව කියහන් බලන්න
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඔන්න මුලින් ම කියන්නම් යන තැන ඉදන්..අපේ අතින් නැන්ද කෙනෙක් තමා කියලා තිබ්බේ මන් බෑ කියද්දී තමා යැව්වේ ගෙදරින්...මොකද මන් ඒ වෙනකොට ජොබ් එකෙන් ඓන් වෙලා සතියක් වත් නෑ..දැන් ඒ නන්දලත් එක්ක ගියා..මුලින්ම මොකක්ද හන්දියක් තියනවා එතනින් හැරිලා තමයි යන්න ඕන පොඩි පාරක ත්‍රී වීල් එකක ගියොත් rs50 ගනී...ඔන්න දැන් ගියාම ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටිය බංකු දාලා තියනවා වාඩිවෙන්න අපිත් ඉතින් ඒ ය අතරේ හිටියා ...පොඩි ගෙයක් තියනවා එකේ තමා මෑන් ඉන්නේ උන්ම එතන එන මිනිස්සුන්ට කෑම දෙන්න canteen එකක් දාගෙන ඉන්නවා... දැන් අපි බංකු ටිකේ වැඩි වෙලා මු එනකන් බලා ඉන්නවා...එතකොට මුව අපි 4to එකකින්වත් දැකලා තිබුනේ නෑ...

    8.30 ට විතර එක පාරටම එකෙක් අවා අගුරු කබලකුත් අරන් දුම් අල්ල අල්ල නිකන් under taker වගේ...එහෙම දැකපු ගමන් මටත් ටිකක් බය හිතුනා... මු දැන් දුම් අල්ලලා උගේ කතාව පටන් ගත්තා.. එක අජෙස්ට් වෙන්න පුළුවන් පැය 1/2 ඉදන් පැය 1 1/2 වෙනකන්... අපි ගිය දවසේ නම් පැය 1/2 කතා කලේ ඔක්කොම දැන් හිටගෙන එකෙක්වත් හ්ම්ම් කියන්නේ නැතුව අහගෙන ඉන්නවා..මු කතා කරන්නේ සිංහලයා ගැන..රාවනා ගැන යක් පරපුර ගැන...මු කියන්නේ මු රාවනා ගේ උත්පත්තියක් ලු..ඔය දෙන talk ටිකට ඕන එකෙක් අන්දෙනවා... සිංහලයා ගැන කියන කතා නම් ඇත්ත..එකත් අර ගලගොඩ අත්තේ වගේ සිංහල කමයි බෞද්ද කමයි යටින් ඒ ගොල්ලන්ගේ ගේම ගෙනියනවා...මන් විතරයි කොල්ලෙකුට හිටියේ...මු දිහා බලාගෙන හිටියොත් කියෝන කොට මු ප්‍රශ්න අහනවා.. මගෙන් මු දෙපාරක් ඇහුව මාත් ඉතින් උ කියන ඒවා අනුමත කළා වගේ හිටියා(එහෙම නෑ මෙහෙමයි කියලා ගේම ඉල්ලන්න යැ)අපි ගියේ ජනවාරි මාසෙක දැනට අවුරුදු 3ට විතර කලින්..මු කිව්වා ඒ අවුරුද්දෙම මාර්තු මාසේ 8 හරි 14(මට හරියට දිනේ මතක නෑ) මැරෙනවා කියලා..එතකොට යනවලු කැලේට තපස් රකින්න(පෙබරවාරි අන්තිමට)..මු කිව්වා ඒ මරණෙන් උව ගලෝගන්න බැරිලු කාටවත් :shocked: තව කියනවා මුගේ බෙහෙත් වට්ටෝරු ටික සුද්දෝ හොරකන් කරන්නලු බලන් ඉන්නේ :lol::lol::lol:

    ඔන්න ඊට පස්සේ තව පොඩි කාමරයක් වගේ එකක් තියනවා එකේ ඉදන් තමයි සාස්තර කියන්නේ..දැන් පෝලිමට වෙලා හිටියා අපිත්...මට අනිත් අයට කියපුව මතක නෑ දැන්.. මන් යක් පරපුරෙන් ලු පැවත ගෙන එන්නේ ඒ හින්දා මට අනතුරක් වෙනවනම් දැනෙනවලු...කිසිම කෙනෙකුට මකුත් කරන්න බැරිලු...ඔච්චර තමා කිව්වේ..

    ආහ ඔය සල්ලි ගන්නේ නැති කතන්දරේ ඇත්තක්..මු සල්ලි ගන්නේ නෑ එත් ඒ ගෙදර මිනිස්සු එතන ඉන්න මිනිස්සුන්ට තෙල් බෙහෙත් නුල් තව එක එක ඒවා විකුනනවා...සරස්වතී තෛලේ එහෙම කුප්පි ගණන් දෙන්නේ :lol::lol::lol::lol: ඔන්න ඔහොමයි වක්‍රාකාරයෙන් ගන්නේ...

    මන් කියන්නේ නෑ එකෙකුටවත් යන්න එපා කියලා.. ඔය සාස්තර පස්සේ යන එක මානසික ලෙඩක් අනික මු වේද මහත්තෙකුත් නෙමෙයි ලියාපදිංචි වෙච්ච..ඔය බෙහෙත් කියන්නේ යක් පරපුරෙන් ලු නේ :growl::growl::growl: ඔය වැඩ පුළුවන් එක සාස්තර කාරෙකුට පුලුවන්නම් කියන්න කියපල්ලා තමන්ගේ සාක්කුවේ තියන නෝට්ටුවක අංක ටික...අන්න එදාට මන් දොහොත් මුදුනින් පිළිගන්න ව සාස්තර ඇත්ත කියලා... ඔවුන් හැම එකාම බොහෝ දුරට කියන්නේ එකම කතා ටිකක්.... එක එහෙමි කියලා පිළිගන්න අපේ හිත අපිට බල කරනවා එක කොච්චර වැරදි උනත්...