තරුණ භික්ෂුවක්. උන්වහන්සේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්. ඌව වෙල්ලස්ස පළාතේ පුරාණ රජමහා විහාරයකට වැඩම කරන්නේ එහි විනාශ වී යමින් පවතින බිතුසිතුවම් පිළිසකර කිරීමට. උන්වහන්සේගේ චිත්ත අභ්‍යන්තරය (යටි සිත) එසේත් නැත්නම් උන්වහන්සේගේ ලෞකික ආශා සංකේතවත් කරන්නේ වෙනම ම චරිතයක්.
පන්සලට නුදුරින් නිරන්තර ව ඇස ගැටෙන සුරූපී තරුණියක් නිමිත්ත කොටගෙන මේ තරුණ භික්ෂුවගේ සිත කැළැඹෙන්න පටන්ගන්නවා. උන්වහන්සේ ගේ සිත්හි අනුරාගී හැඟීම් පහළ වෙනවා. එය මැඬපවත්වගන්න කොතෙක් ප්රයත්න දැරුවත් උන්වහන්සේගේ යටි හිත රාග ක්ලේශයෙන් සපුරා මිදෙන්නේ නැහැ. යටි සිත ඈ සොයා යනවා. එක ම චරිතයක් (භික්ෂුවක) තුළ උද්ගත වන්නා වූ මානසික අරගලය තමයි මේ චිත්‍රපටයට අන්තර්ගත වන්නේ