වොන්ඩර් ලිස්ට් කියන්නෙ වෙබ් සයිට් එකක්. 2015 අවුරුද්ද ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙන නිසා මේ අවුරුද්දෙ විශේෂිත දේවල් පළ කරන්න ඒගොල්ලෝ ගිය සතියෙ පටන් ගත්තා. ඉස්සෙල්ලම පළ කරල තියෙන්නෙ 2015 ලෝකයේ සරාගීම කාන්තාවත් කවුද කියන එක ගැනයි. හැබැයි වොන්ඩර්ලිස්ට් කට්ටිය සරාගී බව තීරණය කරල තියෙන්නෙ පෙනුමෙන් විතරක් නෙමෙයි, ඊට එහා දේවලුත් බලල තියෙනවා.. ඒ කියන්නේ බුද්ධිමත් බව, ශක්තිමත් බව, ප්‍රියමනාප බව, ජනප්‍රිය බව, ආකර්ෂණීය බව, සාර්ථකත්වය වගේ දේවල් ගොඩක් බලල තමයි තීරණය කරල තියෙන්නෙ. මේ කට්ටියගෙ බුද්ධිමත් බව තීරණය කරල තියෙන්නෙ අයි.කිව් ටෙස්ට් එකකින්.. සිංහලෙන් කිව්වොත් සාමාන්‍ය දැනුම ප්‍රශ්න පත්ත්රයකින්..
01
මේ ලිස්ට් එකේ පළමුවැනියා තමයි ශයිලින් වූඩ්ලි (Shailene Woodley.) මෙයා බොලිවුඩ් නිළියක්. තාම වයස අවුරුදු 23යි. නිව්යෝක් විශ්වවිද්‍යාලෙ ගෘහ අලංකරණය පිළිබඳ උපාධිධාරිනියක්. මේ වෙද්දි හොලිවුඩ් ෆිල්ම් දහයක විතර රඟපාලා තියෙන ශයිලින් රූපවාහිනි කතා මාලා 15ක විතර රඟපාලා තියෙනවා. "ද සීක්‍රට්ස් ඔෆ් ද ඇමෙරිකන් ටීනේජර්" කියන ටීවී මූවි එකේ ප්‍රධාන චරිතය රඟපාපු ඇයට හොඳම නිළිය සඳහා වන සම්මානයත් ලැබුණා. ඊට අමතරව වොන්ඩර්ලිස්ට් කට්ටියගේ අයි කිව් ටෙස්ට් එකෙන් ලකුණු 7.3ක් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා.
02
වොන්ඩර්ලිස්ට් සයිට් එක කියන විදියට නම් 2015 අවුරුද්දෙ ලෝකයේ සරාගීම කාන්තාවන්ගෙන් දෙවැනියා තමයි ජෙනිෆර් ලෝපේස් (Jennifer Lopez.) ජෙනිෆර්ගෙ වයස අවුරුදු 46ක් වුණාට තාමත් සරාගී බව ඒ විදියටම කියලා තමයි වොන්ඩර්ලිස්ට් කියන්නෙ. ඉතිං අර අයි කිව් ටෙස්ට් එකෙන් ජෙනිෆර්ට ලකුණු 8.4ක් ලැබුණත් ශක්තිමත් බව කියන කාරණයෙදි ජෙනිෆර්ගෙ ලකුණු ටිකක් අඩු වෙලා තියෙනවා. අවුරුදු 46ක් නිසා ඒක එහෙම වෙන්න පුළුවන් තමයි. ඒත් ජෙනිෆර් ගිය අවුරුද්දෙ අන්තිම කාලෙ රඟපාපු ත්‍රාසජනක රූපවාහිනි නාට්‍ය බැලුව නම් ශක්තිමත් බව ගැන තව පාරක් හිතන්න ඕනෙ කියලත් හිතෙන්න පුළුවන්.
03
ලිස්ට් එකේ තුන් වැනියා අපි හොඳටම දන්න කෙනෙක්. දීපිකා පදුකෝන්. දීපිකාගෙ අයි කිව් දැනුම ගැන නම් කාටවත්ම අභියෝගයක් නෑ. මොකද දීපිකා අයි කිව් ටෙස්ට් එකෙන් 9.6ක් ලබාගෙන තියනවා. බොලිවුඩ් සිනමාව කොච්චර මොනවා කිව්වත් දීපිකාගෙ රංගනය ඉක්මවා යන නිළියන් බොලිවුඩ්වල නැහැ කියලා වොන්ඩර්ලිස්ට් වෙබ් සයිට් එක කියනවා. ඒත් බොලිවුඩ් සිනමා සඟරාවක් පසුගිය දවසක කියලා තිබුණා වයස අවුරුදු 29ක් වුණත් දීපිකාගෙ පෙනුම අවුරුදු 35ක් විතර වෙලා කියලා. ඒ වෙලාවෙ දීපිකාට මොනවා හිතුණත් ලෝකයේ සරාගීම කාන්තාවන්ගෙන් තුන්වැනියා එයා කියලා දැන ගත්තාම එයාගෝ ඔළුවෙ මල් වත්තක්ම පිපෙන්න ඇති.
04
කැන්ඩිස් සුසෑන් ස්වෝන්පෝල් (Candice Susan Swanepoel) කියන්නෙ අවුරුදු 27ක නිරූපිකාවක්. වික්ටෝරියාස් සීක්රට් කියන ටීවී සීරීස් එකේ 2012 අවුරුද්දෙ ටොප් මොඩ්ල් වුණෙත් ඇයයි. ඊට පස්සේ කැන්ඩිස් දිගටම වික්ටෝරියාස් සීක්රට් ටීවී සීරීස් එකේ නිරූපිකාව බවට පත් වෙලා හිටියා. කැන්ඩිස්ගෙ අයි කිව් දැනුම ගැන නම් ඒ තරම් සෑහීමකට පත් වෙන්න බෑ. අයි කිව් ටෙස්ට් එකේ ඇගේ ලකුණු ප්‍රමාණය 4.9යි. ඒත් අනිත් හැම දේකින්ම ඇය ලකුණු 8ක් ඉක්මවා තියෙනවා. ඉතිං ඒ නිසා තමයි ඇය ලෝකයේ සරාගී කාන්තාවන් අතර හතර වැනි තැනට පත් වෙලා තියෙන්නෙ.
05
ඊශ්‍රායෙල් ජාතික ගැල් ගැඩට්
(Gal Gadot) වයස අවුරුදු 30ක නිරූපිකාවක්. ඇය හිටපු මිස් ඊශ්‍රායෙල් කෙනෙක්. ඊට පස්සේ ඇයට ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් එකේ ගිසෙලි කියන වීර චරිතය ලැබුණා. ඒකෙ රඟපෑවට පස්සේ ඇය දිගටම රඟපාන්න කැමැත්තක් දැක්වුවේ නැහැ. දැනට නිරූපණ ක්ෂේත්රයේ නිරත වෙලා ඉන්නවා. ගැල්ගෙ අයි කිව් නම් 8.2ක් තියෙනවා. අනිත් කාරණාවල සමස්තය ලකුණු 7ක් ඉක්මවනවලු.

-මව්බිම යං-