ඔව්වා ඉස්සර කතා බං.. ලංකාවෙ ඔය හොල්මන්, බූතයො, පෙරේතයො ඉන්නවා කියලා ලොකුවටම විශ්වාස කරපු ඔය දේවල් මුල්බැස ගියපු කාලයක් තිබුණා.. දැන් නම් ඔව්වා මිනිස්සු විශ්වාස කරනවා අඩුයි.. ඒත් කළුවරට බයයි.. තනියම කොහෙවත් යන්න බයයි.. ඔය දේවල් මතක් වෙන නිසා.. ආච්චිලා සීයලගෙන් අහපු කතා නිසා.. ඉස්සර මිනිස්සු ඔය දේවල් නිසාම ගුරුකම්, කෙම් වගේ දේවල් වල සැහෙන්න විශ්වාස කලා..
ඕවා එකදාස් නවසිය පනහ හැට ගණන් වල සිද්ධි.. ආච්චිල සීයල කියල තමයි අපේ අයත් දන්නෙ.. ඔය බෝදිලිමා ගැන කතා ගොඩක්ම තියෙන්නෙ පිටිසර පලාත්වල තමයි..
ඒත් පත්තරේක මං දැක්කා බෝදිලිමා කියන්නෙ කටුස්සෙක්, බෝදිලියා කියලත් කියනවා.. ඒ නමින් වෙනත් සතෙක්වත්, ප්‍රේත ආත්මයක්වත් නැහැ කියලා.. ගොඩක් අය ඔය බෝදිලිමා කියන එකා හොයන් ගිහින් තිබ්බලු.. කාටවත් හම්බෙලා නම් නැහැ..
උඹ ඔය කියල තියෙන කතාව මං කියවල තියෙනවා.. බෝදිලිමා උපත ගැන තමයි ඔය කතාවෙ කියවෙන්නෙ.. ඉස්සර ගමක පවුලක් ඉඳල තියෙනවා.. ඒ මනුස්සයගෙ මොකක් හරි හේතුවක් නිසා දරුවා බඩේදිම නැතිවෙලා.. ඒ එක්කම එයත් මැරිලා තියෙනවා.. මැරෙද්දි එයා මිනිහට වෛර කරල මැරිලා තියෙන්නෙ.. මෙයානේ දරුවා බඩට දුන්නෙ.. ඒ නිසයි තමන්ගෙ ජීවිතයත් නැති උනේ කියලා.. අන්න එදා ඉදන්ලු බෝදිලිමා කියන ආත්මය ලබලා එයා පිරිමින්ට වෛර කරන්න පටන් ගත්තෙ..
තේරෙනවනේ පට්ට බොරුවක් කියලා..
අපේ ඉස්සර මිනිස්සු මෝඩද, මේවයෙ ඇත්තක් තිබුණද මං දන්නෑ..
සමහර අය හූනෙක් සද්දයක් දැම්මොත් ගමන බාදයි කියලා නවතිනවා..
එහෙම නැත්තං මොකක් හරි කියද්දි හූනෙක් සද්දයක් දැම්මොත්.. අන්න දැක්කද හූනත් කියනව කියල කියනවා..
දෙමලිච්චෙක් දැක්කොත් තව කෙනෙක්ට පෙන්නවා හොඳ නැහැ කියලා..
උලමෙක් කෑගැහුවොත් මල ගෙයක් ලඟයි කියනවා..
බල්ලො උඩුබිරලුවොත් මල ගෙයක් ලඟයි කියලා කියනවා..
ගමනක් ගිහින් ආපස්සට හැරුනොත් ගමන බාදයි ටික වෙලාවක් ඉඳලා පලයං කියනවා..
මිනිස්සු ඔය සද්දෙට බයයි.. ඒකයි අවුල.. මූසල, බය හිතෙන සද්දයක් ලු නේහ් තියෙන්නෙ.. මම නම් අහල නෑ..
ඔය හොල්මන් නම් පට්ට පල් බොරු බං.. හිතේ බයෙන් කොහේ හරි යද්දි ගහක් හුලඟට වැණුනත් බය වෙනවා.. හිතේ බය නිසා.. සමහර විට මැවිල පේන්න ගන්නවා හිතේ තියෙන දේවල් කළුවරට.. ඉතිං බය වෙනවා..
මම නම් විශ්වාසකරනවා හොල්මන් ඉන්නවා කියලා,
මම දැකලත් තියෙනවා.
ඒක නිසා කෝකටත් කියලා අද මෙහෙම ඉන්නවා.
තව පැය 2කින් මීට කඩ 4ක් එහායින් බේකරිය අරිනවා. එතන මිනිස්සු ගොඩක් වැඩ කරනවා පාන්දර,
එතකොට නම් අවුලක් නැහැ
මම දැකලත් තියෙනවා.
ඒක නිසා කෝකටත් කියලා අද මෙහෙම ඉන්නවා.
තව පැය 2කින් මීට කඩ 4ක් එහායින් බේකරිය අරිනවා. එතන මිනිස්සු ගොඩක් වැඩ කරනවා පාන්දර,
එතකොට නම් අවුලක් නැහැ


. 






