මම උඹේ ත්රෙඩ් වගේම එලකිරි එකේ යන අනිත් හැම ත්රෙඩ් එකක්මත් කියවනවා. කලින් Merc එක ගැන ත්රෙඩ් එකත් කියවලා තියෙනවා. ඉගෙන ගත්ත දේවලුත් ගොඩක් තියෙනවා.
උඹ මෙතන කියල තියෙන දේ වගේම උඹේ හැම ත්රෙඩ් එකකම කියල තියෙන ගොඩක් දේවල් සහතික ඇත්ත. එකම දේ අපේ උන්ට ඒ දේවල් වල හොද පැත්ත නොපෙනෙන එක සහ දියුනු වෙන්න කිසිම උත්සාහයක් නැති එක.
කවුරු කොහොම කිව්වත් තමන්ට මේ වෙනකල් ලැබිලා තියෙන, ඉස්සරහට ලැබෙන්න තියෙන හොද, නරක ඕනෙම දෙයක් ලැබෙන්නේ තමන්ගේ කැමැත්ත අනුව. කිසි දෙයක් පිනට පහල වෙන්නේ නෑ. ඒක නිසා ගොඩ යෑම හෝ නොයෑම ගැන දෙමව්පියන්ට, ගුරුවරුන්ට, ඉස්කෝලෙට, ඉන්න රටට බැනලා වැඩක් නෑ. ඉස්සරහට යන උන්ගේ කකුලෙන් ඇදලා, පාගලා වැඩකුත් නෑ. පුලුවන්නම් කරන්න තියෙන්නේ කකුලක එල්ලිලා හරි තමනුත් ඉස්සරහට යන එකයි.
මේවා කියන්න ගියාම ගොඩක් උන්ට දිරවන්නේ නෑනෙ. ඔන්න නිකන් ඉදලා සල්ලි හොයන විදිහක්, කාටහරි මඩක් ගහන්න වගේ දෙයක් අරගෙන ආවොත් ඒවා තමයි මසුරං වගේ බාර ගන්නේ.
ලසා අයියේ පුලුවන්නම් දියුණු වෙන්න ඔයාගේ experience දාල ත්රෙඩ් එකක් දාන්නකෝ.







. White colour