මහදුරු මහලිංගම්

waligamaya

Well-known member
  • මහැදුරු මහලිංගම්

    ලනක්වේ විසු කීර්තිමත්ම යාන්ත්‍රික ඉන්ගිනේරුවායකු මෙනේම මහාචාර්ය වරයකුවූ, මහැදුරු මහලිංගම් මහතා අදදින කලුරිය කලබවට ආරංචි විය
    ලක්මවට ආඩම්බටයක්වූ මිනිසනෙනි ඔබට නිවන්සුව:(:(:(



    12193329_1220319194650492_7489877802664607474_n.jpg




    12191760_1220319201317158_8310471417146376589_n.jpg

     
    Last edited:

    waligamaya

    Well-known member
  • එතුමා කවුරුද?

    මීට දසක හතරකට නැතිනම් පහකට පමණ පෙරයාන්ත්‍රිකවිද්යාfව පිළිබඳව ආචාර්ය උපාධිය ලබා පේරාදෙණිය විශ්වවිද්යාලයේ ඉංජිනේරු පීඨයට අනුයුක්‌තව සේවය කළ අති දක්ෂ තරුණඉංජිනේරුවරයකුට ලෝකයේ සුප්රිකට, එංගලන්තයේ ඇව්රෝ ගුවන්යානා නිෂ්පාදන සමාගමෙන් කැඳවීමක්‌ ලැබිණි. ලංකාවත් එක්‌සත් රාජධානියත් අතරවූ රාජ්යලතාන්ත්රියක සබඳතාහරහා සිදුවූ ඉතා ඉහළමට්‌ට මේ කැඳවීමක්‌සේ, මේපිළිබඳව, අපටසටහන්තැබියහැක.
    නිමිත්තවූයේ ඒ කාලයේදී ' ඇව්රෝ' ගුවන්යානා නිෂ්පාදනය කරන සමාගම මුහුණදී තිබූ, දැවැන්ත ගැටලුවකට පිළියම් සෙවීමට අන් මඟක්‌ නොමැතිවූ කල, එම සමාගමේ බලධාරීහුශ්රීටලංකාව නමැති රම්යල දිවයිනේ ජීවත්වූ ප්රීඥවන්තයකුගේ පිළිසරණ සොයායැමයි.

    මේ ප්රවඥවන්තයා අන්කවරකු හෝනොව දැනට, ජීවතුන් අතර සිටින වයෝවෘද්ධතම ඉංජිනේරු මහාචාර්යවරයා වන, පේරාදෙණිය විශ්වවිද්යාොලයේ ඉංජිනේරු පීඨයේ හිටපු මහාචාර්ය මහාලිංගම් මහතාය. මහනුවර මුල්ගම්පොල ප්රදේශයේ ජීවිතයේ සැඳෑ සුවය විවේකීව ගතකරන මහාචාර්ය මහාලිංගම් මහතා එදා එක්‌සත් රාජධානියේ ඇව්රෝ සමාගම වෙත පියාඹාගියේඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන ඇව්රෝ ජෙට්‌ යානා ඇන්ජින්වල හටගෙන තිබූ යාන්ත්රිාක දොaෂයකට පිළියම් සෙවීමටය.
    ලෝකයේ විශිෂ්ටතම යාන්ත්රික ඉංජිනේරුවන්ගේ තියුණු පරීක්ෂානවට ලක්‌වූයේ නමුදු රෝග නිධානය සෙවීමට අපොහොසත් වූ ඇව්රෝ ජෙට්‌ ඇංජිමේ එන දෙදරීම (VIBRATION)සොයාගැනීමත්, ඊට ස්‌ථිර පිළියමක්‌ යෙදීමත් එදා අපේ යාන්ත්රි ඉකඉංජිනේරු මහාචාර්ය මහාලිංගම් වෙත පැවරී තිබුණ අභියෝගයයි. සුද්දන් විසින් අතහරිනු ලැබ තිබූ මෙම දැවැන්තඅභියෝගය දැඩි ආත්මවිශ්වාසයකින් යුතුව භාරගත් අපේ මහාචාර්යතුමා, අවසානයේදී ඇව්රෝ සමාගමම, මවිතකරවමින් ඇව්රෝ ජෙට්‌ ඇංජිමේ දෙදරීම නිට්‌ටාවටම සුවපත්කළේය.

    ඇව්රෝජෙට් ‌ ඇංජින් නිෂ්පාදනය බෙහෙවින්ම අනතුරුදායක අඩියකට වැටී තිබූ අවස්‌ථාවක, මේ ප්රරඥාසම්පන්න ශ්රීට ලාංකික ඉංජිනේරුවරයා පෑ දක්ෂිතාව පිළිබඳව මහත් සේ පැහැදුණුඑක්‌සත් රාජධානිය, අපගේ මහාචාර්යතුමාගෙන් අයෑද සිටියේ,
    එතුමා කැමැති ඕනෑම වරයක්‌ ඉල්ලා සිටින ලෙසය. මේවාඅතර, තම රටේ පුරවැසිකම, ඇව්රෝ සමාගමේ ඉහළම තනතුරක්‌, යාන වාහනඇතුළු සියලු සැප සම්පත්ද එසේයෝජනා කෙරිණ. එහෙත් අපගේ මේ ශ්රේහෂ්ඨ මහාචාර්යතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ, එකමඑකදෙයකි. ඒ පේරාදෙණිය විශ්ව විද්යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍ය ප්‍රජාවගේ ප්‍රයෝජනය පිණිස තමන් හට ඇව්රෝ ජෙට්‌ ඇංජිමක්‌ලබාදෙන ලෙස. ඉල්ලීම එසැණින්ම ඉටුවූයේ ඉහළම ගෞරවයද සහිතවය.
    මෙම ලිපියකියවන ඔබ, ඒඅභිමානනීය පේරාදෙණිය විශ්වවිද්යාලයේ, ඉංජිනේරු පීඨයට ගොඩවැදීමට කිසියම් අවස්‌ථාවක භාග්යකය ලදහොත්, ඉංජිනේරුපීඨයේ අතිදැවැන්ත පෝටිකෝවතුළින්, එහි ආලින්දයට ගොඩවූ විගසින්ම, ඔබේ නෙතු ගැටෙන්නේ එදා එංගලන්තයේ ඇව්රෝ සමාගමෙන් මහාචාර්ය මහාලිංගම්ට ලැබුණු එකී ජෙට්‌ ඇංජිමයි. එහෙත් මේ යෝධ ජෙට්‌ඇංජිම පසුබිමේ ඇත්තේ සැබැවින්ම,
    වර්තමානයේ කිසිවකුට හෝ අදහාගත නොහැකි ආශ්චර්යවත් කතාවකි. ස්‌වාර්ථය ඉදිරියෙන්ද, මාතෘභූමිය දෙවැනි හා තුන්වැනි ස්‌ථානයේද තබමින්,ඕනෑම අශිෂ්ට වැඩක්‌, රුපියල්ශත, ඩොලර්, පවුම්, යුරෝ
    වෙනුවෙන් ඉටුකිරීමට සැදීපැහැදී සිටින ඊනියා බුද්ධිමතුන් ගෙන් කිසිදු අඩුවක්‌ නැති මේයුගයේ මිනිසුන්ට සැබැවින්ම මේවා සුරංගනා කතානොවේද? නැති නම් ඔවුනට අනුව මහාචාර්ය මහාලිංගම් යනු පට්‌ට මෝඩයෙකි
    ඔබට දීඝායු වේවා මැතිදුනි

    srimal jayawardana
     

    waligamaya

    Well-known member
  • එතුමාගෙන ඉගෙන ගැනීමට මාහට වාසනාව නොනතිවුවත් එතුමාගෙන ඉගෙනගත් එතුමාගේ දැකක්ෂම ගෝලයින් කිහිප දෙනෙක් ගෙනම ඉගෙනීමට මා වසනා වන්තවිය
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    නිවන් සුව ලැබේවා

    ඔන්න මචං වීරයෝ කියන්නේ ඔය වගේ මිනිසුන්ට තාමයි