හරි මෙන්න ත්‍රෙඩ් එකට ආදාලව
1.එක වැරදි නැ
2.එක දෙන්නේ නැති අවුල මොකක්ද
උද්ඝෝෂනයට සහභාගී වූ එච්එන්ඩීඒ පාඨමාලාව හදාරන ශිෂ්‍යයෙකු වන කසුන් සමරතුංග ලෝසවෙඅට මෙසේ කියා සිටියේය: “බැටන් පොලු රැගත් කැරලි මර්දන පොලිස් භටයන් 200ක් පමන යොදවා තිබුනා. බැරියර් අඩු ප්‍රමානයක් දාල පහර දීම සඳහා විශාල පෙර සූදානමක් සහිතව පොලීසිය සිටිබව හොඳින් පෙනෙන්නට තිබූනා. අපි කිවුවේ අපිට පෙලිසියත් එක්ක ගැටෙන්න ඕන නැහැ අපේ ඉල්ලීම් ඇමතිට යොමුකරන්නයි අපි ආවේ කියලා. එත් පොලීසිය අපිට අමානුෂික විධියට පහර දුන්නා.”
ශ්‍රී ලංකා උසස් තාක්ෂනික අධ්‍යාපන ආයතනයට (එස්එල්අයිඒටීඊ) අනුබද්ධ සිවු අවුරුදු එච්එන්ඩීඒ පාඨමාලාවට වානිජ්‍යවේදී උපාධි සමතාවය 1990. 10. 30 දිනැති රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ 46/90 චක්‍රලේඛය මගින් ප්රදානය කෙරුනු බවත් වසර 24 කට පසුව 2014. 04. 03 දිනැති 10/2014 චක්‍රලේඛය මගින් එය අහෝසි කෙරුනු බවත් එච්එන්ඩීඒ සිසුහු පැවසූහ. පාඨමාලා හැදෑරීමෙන් පසුව පුද්ගලික විශ්වවිද්‍යාලයක් හරහා මුදලට උපාධියක් ලබාගැනීමට හැකි ක්‍රමයක් සැකසීමේ න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කිරීමට ආන්ඩුව සූදානම් වන බව ද ඔවුහු කියා සිටියහ.
සිසු හා අධ්‍යාපන අයිතීන් ආරක්ෂා කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ දුන් ව්‍යාජ පොරොන්දු වලට විපරීතව ඔවුනගේ ආන්ඩුවට යන්තම් මාස දෙකක් ඉක්මීමත් සමග එල්ල කල මෙම ප්‍රහාරය සමස්ත කම්කරු පීඩිත මහ ජනතාවට කරන ලද බරපතල අනතුරු හැඟවීමකි. එනම් ආන්ඩුවේ ඉදිරි කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමේදී පැනනගින කුමන හෝ විරෝධතාවයකට පොලිස් මිලිටරි බලය යහමින් යොදාගනු ඇති බවයි.
දැන් ආණ්ඩුවේ කුක්කු බබාලාගේ ආසාව
පුද්ගලික විශ්වවිද්‍යාලයක් හරහා මුදලට උපාධියක් ලබාගැනීමට හැකි ක්‍රමයක් සැකසීමේ න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කිරීමට ආන්ඩුව සූදානම් වන බව ද ඔවුහු කියා සිටියහ.