බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)


    කියවලා නිකං යන්න එපා යකූ...

    උඹලගේ අත්දැකීම් මොනාහරි කියලා යමන්

    :P වෙලේ ගසලා.... පොලිස් මාමලා සෙට් එකකට සෙට් වෙච්ච කතාවක් එකෙකුත් කිව්වනේ.... ඒ නිසා අපිට වෙච්ච එක කියලා වැඩක් නෑ.... ඒකම තමා.... එකම දේ... පොලිස් මාමලා ටික මාව දැකලා.... ආ මේ...... ***** ගේ අක්කගේ පුතානේ කියලා යන්න ගිය එක විතරයි.... හානියක් උනේ නෑ..... :D :love: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අඩේ මරු ත්‍රෙඩ් එක....:)
    "මචන්" ඒවයේ තියන බියර් පිච්ර් නම් මොනව හරි කලවම් සීන් එකක් තියනව :sorry:
    උබලට එහෙම සෙට් වෙලා නැද්ද:dull:

    :shocked: කලවම්ද දන්නේ නෑ.... ඒත් ඒක මරු.... :love: ගානට වදින්නේ...... :love: :D බෝතලේ බියර් එකට වඩා සිරාම සිරා..... !!
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    mama kohomath chuttak ithiri aranawa. ethakota wife gen shape. nathnam podi saddayak danawa bothalema beela kiyala. owata experience thiyena oone

    :lol::lol::lol:
    හිටපු බොස් කෙනෙක් එක්කසෙට් උන වෙලාවක බොස්ගේ ව්යිෆ් කියනවා, මහත්තය බියර් බොනවට කැමති නැහැ කියලා, මන් ඇහැව්වා ඇයි කියලා විස්කිනම් අයිස් හරි වතුර හරි එක්කනේ බොන්නේ, බියර් බෝතලේම කටේ තියන් බෙන්නේ කියලා;)
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මේ සිද්දිය වෙලා උපරිම සති දෙකක් ඇති. එදා කැම්පස් එකේ හොස්ටල් එකේ කොල්ලෝ 10ක් විතර සෙට් උනා ඔන්න බොන්න. අපේ උන්ගේ ජරා පුරුද්දක් තියෙනවා මොන බ්‍රෑන්ඩ් එකක් ගෙනාවත් අන්තිමට ගහන්න කියලා ගල් බොතලයක් ගේනවා.
    ඔන්න එදත් මෙන්ඩිස් 4යි ගල් බෝතලයයි ගෙනාවා. මෙන්ඩිස් 4 ගහනකන් කෙලින් හිටපු එවුනුත් ඔන්න ගල් බෝතලේ ඉවර වෙද්දි වැටෙන සයිස්.
    කොහොමහරි බෝතල් ටික ඉවර කරල සින්දු කියන්න පටන් ගත්තා.සින්දු කිය කිය දැන් කට්ටියම නටනවා. එක පාරටම Smoke Machine එකකින් දුම් ගහනවා වගේ නටන මැද්දේ හෙන දුමක්. කට්ටියටම හෙන ආතල් දැන්. DJ එකක නටනව වගේ දුම මැද්දේ නටනවා. තත්පර ගානයි ගියේ මට හුස්ම ගන්න බෑ වගේ තේරුනා. එකෙක් හොද වෙලාවට කාමරේ ජනෙල් දොරවල් ටික ඇරපු හින්දා අපි බේරුනා.

    වෙලා තියෙන්නේ, අපේ හොස්ටල් එකේ ගින්නක් ආවොත් නිවන්න අර ගිනි නිවන ටැංකි තියෙනවා CO2 ද කොහෙද. එකෙක් වෙරි මරගාතේ ඒ එකක් උස්සගෙන ඇවිල්ලා ගහලා තියෙන්නේ අපි නටන මැද්දට. සිහිය තිබ්බ එකෙක් හිටපු හින්දා හොදට ගියා.....
     
    Last edited:
    • Like
    Reactions: RIDER89

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,466
    1,029
    113
    KANDY
    අළුත්ම අළුත් ලේලන්ඩ් එකක් ඊයේ රෑ උස්සලා කියහන්කෝ SLIIT එක ලග ඩිලංකා අයගේ.... අළුත්ම බස් දෙක නම්බර් ප්ලේට්වත් නැතුව නවත්තලා තිබ්බේ.... එකක් උදේ බලනකොට මිසින්..... :angry:

    siraaawata :shocked:
     

    Dhananjaya Bandara

    Junior member
  • Sep 27, 2008
    76
    4
    8
    මකත් කොරන්න එපා බං...ඇඩෙනව ඒ සුන්දර අතීතෙ සිහි වෙලා.....

    ෆස්ට් ඉයර් එග්සෑම් ඉවර වෙලා කස්ටියම ගන්නොරුව පැත්තෙන් මහවැලි නදී තෙරට ගිහින් ගැසුව නාග සලං වෙන්න. මගදි සුළු දිය බරක් ඇවිත් මායි ජල්බරිය කියන මගේ බැචයි චූ කලා ළග තිබ්බ ෆොන් බූත් එකක් ඇතුලට. ඌ ගිහින් ඇවිත් මට කියනවා “මචං විජේ, යූ වෝන්ට් ටු පී, ජස්ට් පී මචං ජස්ට් පී“ කියලා......

    වැඩක් නැත කතා කරලා......

    ඔය වගේ සීන් කෝන් එකක් මටත් වුනා මේ ලගකදි...රෙස්ට් එකේ කන සාක්කුවේ වැටෙන්න මද පමනින් අනුමත වෙලා බීපු බිල වැඩි නිසා කන්න ගියා පේරාදෙනිය හන්දියෙ සයිවර් කඩේට රෑ 12ට විතර.වෙලාවට එතන බියර් පමනයි බේබද්දෙකුත් හිටියා.මගදි මට සුළු දිය බරක් ඇවිත් පේරාදෙනියෙ පාලම උඩින් මහවෙලි ගගටම නිදහස් කලා.ඔතන පාලමත් කොටයිනෙ.මේක දැකල අනිත් එකාටත් ගගට චූ කරන්න ඕනි උනා.මිනිහා උස මදි වැඩේට.මූ කලේ පාලමේ යටම කෑල්ලට නැගල වැඩේ කරන්න ගත්ත වෙරි මතේම.වෙලාවට බියර් පමනයි බේබද්ද ඇවිත් අරූව ඇදල ගත්ත.නැත්නම් කලුවරෙ ගගට වැටිල්ල පොල්ගොල්ලෙන් තමා අහුලන්න වෙන්නේ :lol::lol:
     

    Dhananjaya Bandara

    Junior member
  • Sep 27, 2008
    76
    4
    8

    කුඩුවෙන්න වැදිල ඉද්දි ළඟ හිටපු හොඳ යාළුවො හින්දා තමයි බං අපි තාම ජීවත් වෙන්නේ....

    උන් එහෙම වෙලාවක අපිව දාල අවානම් අනිවා එක්කො වැවක ගිළිල මැරිල, නැත්නම් වාහනේකට යටවෙලා අපි....:)
    හැබැයි ඉතින් ඊට පස්සෙ උන් දෙන බයිට් වලට තමා පොලව පලන් යන්න හිතෙනේ :baffled:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මේකේ කතා නම් පට්ටයි. මටත් එකක් දාන්න හිතුන.
    මම කියන්න හදන කතාව නම් මට අහන්න ලැබුණු එකක්.
    එක්තරා ඉස්කෝලෙක principle කෙනෙක්ගේ ගෙයක් පදිංචි වීමට වගේ සින් එකකට තිබ්බ party එකකට ගිහිපු instructor කෙනෙක් ට මේක වෙලා තියෙන්න.
    බිලා ඉවර උනාට පස්සේ බොකබරක් ඇවිල්ල මේ මනුස්සය ගේ සේරම ටොයිලට් එකක් හොයල.
    අර සිකුරු හතේ මංගල ජය වමනේ දැම්ම වගේ මේ මිනිහත් අතපත ගාගෙන බොහොම අමාරුවෙන් ටොයිලට් එකක් හොයාගෙන බර නිදහස් කරලා(හෝද ගත්ත විදිය හැබයි අබිරහසක්).
    ටිකකින් ගෙදර මනුස්සයෙක් මොනවා හරි වැඩකට කුස්සියට ගියාම දැක්කලු වැඩේ.
    අපේ කතානායකයා අතපත ගාල කොමඩ් එක කියල හිතල රීල තියෙන්නේ ගෑස් ටැංකිය උඩ.
     
    • Like
    Reactions: RIDER89

    janakaparakkuwa

    Active member
  • ටික දවසකට කලින් මේක මඤ්ඤං උයනේ පෝස්ට් කලා... මීට අවුරුදු දෙක තුනකට කලින් මාත් පොඩි බ්ලොග් එකක් ලිව්වා...ආසාවට... මේක ඒකෙත් දාල ඇති..නැත්තං කියයි ඉස්සුවා කියලා:lol:




    දැනට අවුරුදු 4 ට විතර කලින් මං එක්තරා ආයතනයක වැඩ කරා....ඒකෙ ඉන්න සෙට් එක නිසාම රහමෙර නම් අඩුවක් නැතුව නිතර දෙවේලේ කටේ ගෑවුනා..... කොච්චරද කියනවා නම් නිවාඩු ඉරිදා දවසෙත් ගෙදර ඉන්න බැරුව කැහිල්ලට වගේ කොහේ හරි ගිහින් සෙට් වෙනවා....ඒකටම හරියන්න ඔෆිසියෙන් පොඩි සී ටී 100 කට්ටකුත් දීලා තිබුනා.... :yes:

    ඔන්න ඔහොම මුස්පේන්තු ඉරිදා දවසක යාළුවෙකුත් දාගෙන ගියා ටවුමට...... කලබලයක් නැතුව දෙන්නා හවස 4 විතර වෙනකන් වට මේසෙක ඉඳගෙන බෝතල් හිස් කලා:baffled:......ඌවත් ගෙදරින් දාගෙන මාත් ගෙදර ඇවිත් නාකියාගෙන පොඩි ඇලට් එකක් දැම්මා.... ගෙදර ආපු විදිය බයික්කෙන් තමා අහන්න වෙන්නේ...ඒතරමට මතක නැත....:baffled:

    මගේ කාමරේ තිබුනේ ගෙදරට පිටින්.... ගෙදර ප්‍රදාන දොර අරින්නේ නැතුව මගේ කාමරේට යන්න පුළුවන්.. මොකද කාමරේ ගෙදරට පිටින් වෙනම ඉස්තෝප්පු කෑල්ලට අල්ලලා හදල තියන එකක් හන්දා...

    ගෙදර ප්‍රධාන දෝරේ යතුරු දෙකක් තියනවා..එකක් අම්මලා ගාව..අනික මං ගාව.... කරුමෙට එදා අම්මලා කොහේ හරි ගමනක් ගිහින් එයාලගේ යතුර ගෙදර දාලා.....

    මං පට්ට ඩෝප් පිට දොයියන් ඉද්දි අම්මලා ඇවිත් යතුර ඉල්ලුවා ඉසරහා දෝරේ.... මාත් වෙරි පිට කැරකි කැරකි ගිහින් යතුර දීලා ඇවිත් නිදා ගත්තා....
    එතනැ ගැවසෙන්න ගියොත් බීපුව නෝන්ඩි වෙන හිංදා....:baffled:

    මෙන්න යකෝ කොට්ටෙට ඔළුව තියන්න හම්බුනේ නෑ ආයේ කෑ ගහල අහනවා තාත්තා

    "මේකෙන් පුළුවන්ද යකෝ දෝර අරින්න" :growl:කියලා...

    බඩු හරි..:baffled: ශුවර් එකට මං වෙරි පිට දීලා තියෙන්නේ බයික්කේ යතුර තමා... :D

    දැන් ඉතින් විලිලැජ්ජාව පැත්තකින් තියලා දොරේ යතුර හොයා දීලා, කලින් දීපු එක ගන්නෙත් නැතුව ඇවිත් නිදා ගත්තා..ඒ තරමට දවල් ගහපුවා වැඩ.. ;)

    පහුවදා උදේම නැගිටලා වැඩට යන්න ලෑස්ති වෙනකොට අම්ම ඇවිත් ඇහුවා

    "ඊයේ කොහෙද ගිහින් ද ආවේ,

    අර දොර අරින්න දුන්න එක මොකටද දුන්නේ" කියලා...

    මං කීවා ඉතින්

    "දොරේ යතුර වෙනුවට බයික්කේ යතුර දෙන්න ඇත්තේ වැරදිලා":baffled: කියල...

    එතකොටම කියපි

    "ආන් දොර අරින්න
    දුන්න එක ස්ටූල් එක උ තියනවා ...ගිහින් බලනවා ඒකෙන් දොර අරින්න පුළුවන්ද" කියලා.....

    මාත් බබා වගේ ගිහින් බැලුවා ස්ටූල් එක උඩ...

    අඳොමැයි....:sorry::sorry::sorry:

    දොර අරින්න කියලා මං ඩෝප් පිට දීල තියන්නේ මෙන්න මේකක් පින්වතුනි......























    mobile_phone_charger.jpg



    විනාඩියක් වත් ගෙදර රැඳෙන් නැතුව ජෙට් එක වගේ මං බයික්කෙත් අරන් පාරට ආවා
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අපෝ බීපුවහම නම් සසර කලකිරෙන වැඩ වෙලා තියෙනව බන්ස්...:baffled::baffled::baffled::baffled::baffled:

    මේ මම බොන්න පටන් ගත්ත කාලෙ උන වැඩක්....:dull::dull:අපි ගියා බොන්න(මම,අයියා,පුංචි අම්මගෙ පුතාල දෙන්නා) ..අපේ ගෙදරට මාමලත් ඇවිත් හිටියා එදා...පොඩි පහේ රෙස්ට් එකකට ගිහින් ගැහුවා ඉතින් ,,මම පොඩ්ඩයි බිව්වෙත්...මොකද බීමට අලුත් නිසා පොඩ්ඩටත් වෙරි...:baffled:සේරම අවුලක් නැතුව උනා..ගෙදරත් ඇවිල්ලා ශේප් එකේ බිව්වෙ නෑ වගේ කාමරේට රිංග ගත්තා...කරුමෙ කියන්නෙ ගිහින් ඇඳට වැ‍ටුනා විතරයි කබරයා දැම්ම කියහන්කෝ....:dull::dull::dull:සසර විලි ලැජ්ජවයි බන්...අම්මලා මාමලා නැන්දලා උන්ගෙ ළමයි අපේ අක්කා සේරම දැක්කා යකුනෙ...:sorry::sorry:එදා තරම් නෝන්ඩි උනේ නෑ බන් කවදාවත්....ඒ වගේමයි තව අප්සට් සීන් එකක් උනා එදා උදේම ..අයියත් බීලනෙ හිටියෙ,,,ඌට එපා කියද්දී ගියා බයික් එකේ වැඩට...විනඩි හතලිහකින් විතර කෝල් එකක් ආව අක්කට ,අයියා ඇක්සිඩන්ඩ් වෙලා කියලා..:(:(හරියටම වැලිසර මැක් එක ඉස්සරහ...මිනිහට වැඩි අමාරුවක් වෙලා තිබුනෙ නෑ..බයික් එක ටිකක් ඩැමේජ්...ගෙදරින් මාසයකටත් වඩා ඕකට බැනුම් ඇහුවා....:dull:



    මේ කියන්නෙ මම ලංකාවෙන් ආපු කාලෙ මගේ රූම් එකේදි උන වැඩක්...දවසක් ලංකාව මතක් වෙන දුකටත් එක්ක රූම් දෙකේ හතරක් සෙට් වෙලා(සේරම ලංකාවෙ) ගහන්න ගත්තා...බෝතල් තුනක් තිබුනා වොඩ්කා...දෙකක් ගහමු කියලා පටන් ගත්තා...දෙක ඉවර වෙද්දිම මට නම් වැදිලා තිබුනෙ ඉතින්...ඒත් අනිත් උන්ගෙන් දෙන්නෙක්ට තව ඕනෙ කියලා අනිකත් කැඩුව...කැඩුවට පස්සෙ ඉතින් ඕන හුයන්නක් කියලා ඒකත් ගහන්න ගත්තා...ඒත් මට තේරුනා බඩු පැකට් තමයි පල්ලෙහාට ගිහිපු සේරම ආයෙ උඩට එනවා කියල...මම ශේප් එකේ මාරු වෙලා ගීහින් පැත්තකින් වාඩි වෙලා ඉන්නකොට එක කැ*රියෙක් ඇවිල්ලා මගේ උරහිස් දෙකෙන් අල්ලලා හෙලෙව්වා කියහන්කො එක දිගට....නොදකින්....කබරයා ගියා කියන්නෙ බන් බොකු බඩවැලුත් ගියාද කියලා සැකයි...:nerd::nerd:චී...මතක් වෙද්දිත් ලැජ්ජයි බන්...:baffled::baffled::baffled:එදායින් පස්සෙ තාම බිව්වෙ නෑ...:no::no::no:

    ආආඅ පස්සෙ දවසක ආයෙ මරු වැඩක් උනා...ඉස්සෙල්ල හතර දෙනාම තමයි..ඒත් මම බිව්වෙ නෑ...අරුන් තුන් දෙනා ගැහුවා...එකෙක් නාන්නම ගැහුවා...ටිකකින් බුවාට බඩු පැකට්...යකෝ මම නම් හිතුවා මිනිහා මැරුනා කියලා..:confused::confused::confused:කොහොම හරි කබරයා සෙට් වෙලා ගෙනිච්චා තව එකෙක් ඌව බාත්ර්ම් එකට...මූට කොච්චර වැදිලත කියනවනම් මූ කෑ ගහපි මට නිදාගන්න ඕනේ තොපි පලයව් කියලා...:rofl::rofl::rofl::rofl:යකෝ සුරපුරේක නිදාගන්නවා වෙග බාත්ර්ම් එකේ බිම නිදා ගත්ත කියහන්කෝ...අපි ඉතින් බැරිම තැන කාමරේට ආවා...මෙන්න යකෝ ටික වෙලාවකින් ඇහෙනවා මර සද්දෙට අඬනවා එකෙන්...:nerd::nerd::nerd:හයියෝ හැමනෙනෙවා...:dull::dull::baffled::baffled:අරූ ආපහු කබරයා දාලා කොමඩ් එක බදාගෙන ඒක ඉබ ඉබ අඬනවා කියහන්කෝ ආයෙ මම බොන්නෙ නෑ රත්තරං කිය කිය....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

     
    • Like
    Reactions: RIDER89
    Status
    Not open for further replies.