ඇවන්ගාර්ඩ්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඇවන්ගාර්ඩ් කියන්නේ මෑත කාලයේ විශාල අන්දිලනයකට තුඩු දීපු සිදු වීමක්. ඒ ගැන, විවිද වාද විවාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉල්ලා අස් වීම්, මාද්‍ය ජාල වල අයිතිකාරයෝ ඈදල විවිද මත ගොඩ නැගුන. ජනතා විමුක්ති පෙරමුණ හෙළ උරුමය රාජිත වගේ යු එන පි කට්ටිය අවෙන්ගාඩ් වලට විරුද්ධව හද නැගුවා. ඒ වගේම හරින් ප්‍රනාන්දු තිලක් මාරපන විජේදාස ජාජපක්ෂ ගොටාබය රාජපක්ෂ, නලින්ද සිල්වා වැනි විද්වතුන් අව්න්ගාඩ් එකට පක්ෂව කතා කළා. දැන් මහින්ද පිලේ ප්‍රබලයන් වන වාසුදේව පවා අවෙන්ගාඩ් එකට විරුද්දව කතා කරන්න පටන් අරන් තියනවා. කිරියත් ඒ ගැන විවිද මත පල උනා. නාවික හමුදාවට හා රක්නා ලංකා එකට මේ මෙහෙයුම් කරන්න බැරි හා පුළුවන් බව අතරේ.

    මේ තියෙන්නත් ඒවගේ ලිපියක්. මේක ගැන කිරියේ උදවිය හිතෙන්නේ මොනවාද? :) ඔයාලගේ අදහසත් දාන්න. මේ කිපිය ලියපු එකකෙනගේ අදහස් වලට එකග නැත්තම් ඒවා වැරදි නම් පෙන්වලා දෙන්න.



    ඇවන්ගාර්ඩ් ගාර්ඩ් කරනා සට්ටඹියන්ට අභියෝගයක්! Exclusive


    avant-g.jpg


    ඉතිහාසය නොදන්න වගේම අපේ රටේ හමුදාවක ශක්තිය නොදන්න සට්ටඹියන්ට සිකුරිටි කොම්පැනියක අයිතිකාරයෙක් යහමින් ජරාව දුන්නම රටේ මතයත් ඇවන්ගර්ඩ්ට ඕන විදියට ලියන ජඩ මාධ්‍යකරුවොත්, ඇවන්ගාර්ඩ්ගෙන් ජරාව කලා මාධ්‍ය ඉදිරියේ ඇවන්ගාර්ඩ්ට ආවඩන අමන දේශපාලකයෝ කිහිපදෙනත් හිතන්නේ මේ රටේ මිනිස්සු තවමත් රාජපක්ෂගේ කාලේ වගේ නිවට, වහල් හා දීන ජන කොටසක් කියල. එහෙම නෑ. ඒක අපි ඔප්පු කරලා තියනවා. අපිට කෙලින් කොන්දක් තියන හින්දයි මේ ටික කියන්නේ. පුළුවන් නම් නැහැ කියන්න. අයිය ජනාධිපති වෙලා මල්ලි ආරක්ෂක ලේකම් වුන පලියට රටේ ආරක්ෂාව තුට්ටු දෙකේ සිකුරුටි කාරයෙකුට ලියලා දෙන්න බැහැ. එහෙම කරලා තියනවා. ඒ අත යටින් තමන්ට ජරාව වෙලාවට කලාවට හම්බවෙන නිසා. මේවා අපි කියන්නේ ඔප්පුකරන්න ඕනෑවටත් වඩා කරුණු සාධක ඇතුව.

    දැන් අපි කෙලින්ම කතාවට බහිමු.
    1937 දී නාවික ස්වේච්ඡා බලකාය විදියට ආරම්භ වෙලා 1950 දී රාජකීය නාවික හමුදාව විදියට වෙනස් වෙලා 1972 දී ශ්‍රී ලංකා නාවික හමුදාව බවට පත්වුන අපේ නාවික හමුදාවේ ඇත්ත ඉතිහාසය අවුරුදු 78ක්. නාවිකයින් 100 කගෙන් ආරම්භවූ අපේ නාවික හමුදාවේ වත්මන් නාවික ඝනය 20,000කට වැඩියි. සයුර, සමුදුර වගේ ඇති දැවැන්ත බහු කාර්ය ගැඹුරු මුහුදේ ප්‍රහාරක නෞකා වගේම සුරනිමල, නන්දිමිත්‍ර වගේ මිසයිල ප්‍රහාරක නෞකාත්, ඊශ්‍රායලයේ නිෂ්පාදිත ඩෝරා වගේ ප්‍රහාරක යාත්‍රාත් ඇතුළුව සමස්ත නාවික යාත්‍රා බලගණය 300කට වැඩියි. මේවයේ තිබෙන අධි තාක්ෂණික යුධ අපකරණ අතර මිසයිල, ලේසර් මිසයිල, ගුවන් යාන නාශක අවි, කැනන් වර්ගයේ විවිධ පරිමානයේ බර අවි වගේම ආරක්‍ෂිත හේතුන් මත හෙළි කල නොහැකි සංග්‍රාමික අවි පද්ධතීන්ගෙන් සමන්විතයි. මේ අවි යුද භාවිතා කරන නැවියන්ට සතු පුහුණුව හා සංග්‍රාමික අත්දැකීමද ඉතා විශාලයි. ඒවා අසමසමයි.

    නිශ්ශංක සේනාධිපතිගේ ඇවන්ගාර්ඩ් සිකියුරිටි කොම්පැනියේ පැටිකිරිය.
    2010 රාජපක්ෂගේ මැතිවරණයට මිලියන 500ක් දීලා, ගෝඨාභයටත් මිලියන ගණනක් අතමිට මොලවලා කලින් නාවික හමුදාව භාරයේ තිබුන මේ ව්‍යාපාරය 2012 මාර්තු 19 වෙනිදා රාජපක්ෂ හොරු විසින් ඇවන්ගාර්ඩ් සිකුරිටි මුදලාලිට ඒකාධිකාරී කොම්පැනියක් විදියට ලියලම දුන්නා. ඒක හරිද? එහෙම කරන්න පුලුවන්ද? බෑ. ඒක නීති විරෝධීද? ඔව්. රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද? ඔව්. ඒත් එහෙම කළා. ඔය බිස්නස් එකෙන් රට ඇතුලට සල්ලි වැඩියෙන් ගන්න ඕන නම් ඇයි ආරක්ෂක අමාත්‍යංශයේ යටතේ තිබු රක්නා ලංකා රාජ්‍ය සමාගමට ඔය වැඩේ පැවරුවේ නැත්තේ ඇයි ? එතෙන්ට දක්ෂයෝ ටිකක් දාල ඔය සල්ලි ටික කෙලින්ම මහා භාණ්ඩාගාරේට ගන්න තිබුනනේ? අයි එහෙම නොකළේ? එහෙම කලානම් කොහොමද අත යටින් රාජපක්ෂලාට ඩොලර් මිලියන ගණන් සල්ලි එන්නේ? ඔය චූටි මොලෙන් පොඩ්ඩක් හිතල බලන්න. කේ.පී කුදලාගෙන ඇවිල්ල කේ.පි සන්තකයේ තිබුන එල්ටීටීයේ විදෙස් සංචිත, බැංකු ගිණුම්, රත්රන් ටික ඔක්කොම හුරගෙන කාල අන්තිමට ඒ කොටි නායකයාව රාජපක්ෂලා තොටිල්ලේ දාල හුරතල් කළා නම් මේක රාජපක්ෂ හොරුන්ට මොන කජ්ජක්ද? දැන් කතාව පැහැදිලියිනේ.

    අපේ නාවික හමුදාවත් එක්ක ඇවන්ගාර්ඩ්ගේ නාවික හයිය ගැන කියන්න මම වැඩිය වචන නාස්ති කරන්නේ නැහැ. මොකද අපේ නාවික හමුදාව ගැන උඩින් ලියලා තියන දේ එකක් බැලුවම ඇවන්ගාර්ඩ්ට කියෙන්නේ හාල් මැස්සෙක්. මේ කොම්පැනියට තියෙන්නේ නැව් තල්ලු කරන්න ගන්න කුඩා ටග් බෝට්ටු 3ක්. ආයුධ ගත්තොත් අපේම හමුදාවන්ගේ ආයුද 86 ක් අර හොර ගිවිසුමට අනුව අරගෙන ඉතිරි ඒවා (දස දහසකට ආසන්නයි) නීති විරෝධිව හොරෙන් පන්නගෙන. ඒවායේ තොරතුරුත් අපි ළඟ තියනවා. එහෙනම් අහගන්න.

    2009 යුද්දය අවසන් උනාට පස්සේ කොටින්ගෙන් අපේ හමුදා සේනාංක අවි ආයුධ එක් රැස් කර ගත්තේ තොග පිටින්. අවසන් සටන මුල ඉඳල අවසන් වෙනකනුත්, ප්‍රභාකරන්ගේ මල සිරුරේ රූප රාමු ලෝකෙට වාර්තා කරපු පළමුවෙනි මාධ්‍යකරුවා විදියටත් ඔය සටන් බිමේ අඟලක් නෑර තවමත් මතක තිබෙන මාධ්‍යකරුවෙක් විදියටත් මම සාක්ෂි සපයනවා ඒවගේම ඒ දිනවල මාධ්‍ය වාර්තා සාක්ෂි සපයනවා කොතරම් ආයුධ කන්දක් අපේ හමුදාවන් එක රැස් කලාද කියන එක. ඒ ආයුධ බොහොමයක් නැවත සර්විස් කරලා භාවිතා කල හැකි ඒවා. ඒවා ගබඩා කලේ පනාගොඩ. 2009 යුද හමුදාවේ 50 වෙනි සංවත්සරය බැලූ අය දකින්න ඇති ඒ ආයුධ වල තරම. ඒ ප්‍රදර්ශනේ තිබුනේ 1% ක් විතර. ඉතුරු ඒවා 2011 දී අබලි හා භාවිතා කල නොහැකි අවි ආයුධ ලෙස යුධ හමුදාවේ යුධ ඉන්වෙන්ටෝරියෙන් ඉවත් කරලා තියෙනවා. ඒ ජගත් ජයසුරිය මහතාගේ අනුදැනුම යටතේ ගොතාභයාගේ නියෝගයකින්. එතන T 56, T 81 , AK 47 හා විවිධ කැලිබරයන්ගෙන් යුතු මැෂින් ගන් ඊට ඇතුලත්. හැබැයි ඒවා යුධහමුදාවේ ඉන්වෙන්ටෝරියෙන් ඉවත් කරලා, ගිහිල්ල තියෙන්නේ ඇවන්ගාර්ඩ් ඉන්වෙන්ටෝරියට. ඔය පාවෙන අපි ගබඩා වල නීති විරෝධී අවි විදියට දැන් අහු වෙලා තියෙන්නේ ඔය අවි. සමහර ඒවායේ දෙමල අකුරුත් කොටලා තියනවා. ඕකම ඇති ගොටාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න. ජාතික ආරක්ෂාව පාවලා දීලා. දැන් කවුරු හරි ඉන්නවද මේකට අභියෝග කරන්න. නමුත් රාජපක්ෂලාගේ දාසියා වන විජයදාස කියන්නේ ගොටාභය කිසිම දෙයක් කරලා නෑ කියලා. දැන් කතාව පැහැදිලියි. දැන් ලංකා ඊ නිව්ස් මගේ මිත්‍ර සඳරුවන්ට පුලුවන්ද කියන්න ඇවන්ගාර්ඩ් නිත්‍යානුකුල ව්‍යාපාරයක් කිසිම ජාවාරමක් කරලා නෑ කියලා. බැහැ. මේවා රජයට පවර ගන්න ඕනද නැද්ද ? ඕන. ඇයි? මේක ජාවාරමක් විතරක් නෙමෙයි රටේ ජාතික ආරක්ෂාවටත් බරපතල තර්ජනයක්. එක වෙන්නේ කොහොමද කියල කවුරුහරි ඇහුවොත් මම ඒක පැහැදිලි කරන්න ඉතාම කැමතියි. මේ ජාවාරම ගැන හොයාගෙන යනකොට ගොතාභයලා, සේනාධිපතිලා ගහපු ගැහිලි අප්‍රමාණව හසු වෙනවා. එක නිසා මේක දයා ගමගේගේ කොම්පනියටවත් ලලිත් කොතලාවලගේ කොම්පනියටවත් සමාන කරන්න එපා.එහෙම කරන එක පාපකර්මයක්.


    mahanuwara_16x9.jpg


    දැන් බලමු අපි ඇවන්ගර්ඩ්ගේ පාවෙන අවි ගබඩා ගැන.

    අපේ නාවික හමුදාව මේ වන විට ඇවන්ගර්ඩ්ගේ ආයුධ නැව් දෙකක ආයුධ රජයේ භාරයට අරගෙන තියනවා. ඒ විතරක් නෙමෙයි BMICH එකේ තිබිලා ගත්ත ආයුදත් මේ ජාවාරමේම කොටසක්. මීට අමතරව ඇවන්ගර්ඩ්ගේ තව එක පාවෙන අවි නවුකාවක් වන Seapol One මේ වනවිට ගල්ෆ් මුහුදේ ශ්‍රී ලංකා ධජය යටතේ නැංගුරම් ලාගෙන ඉන්නේ. මෙයත් වහා නාවික හමුදාව යොදවා අත් අඩංගුවට ගත යුතුයි. මීට අමතරව ඇවන්ගාඩ් විසින් ශ්‍රී ලංකා රාජ්‍යයේ නාමය උකසට තබා දකුණු අප්‍රිකාවේ ඩර්බන් හා ටැන්සානියාවේ මෙන්ම මොරිෂස් හා මස්කට් රාජ්‍යයන්ගේ ගොඩබිම පවත්වාගෙන යන අවි ගබඩාද වහාම පරික්ෂාකර එම අවිත් අත්අඩංගුවට ගත යුතුයි.

    පාවෙන අවි ගබඩාවක නීතිමය පැත්ත බැලුවොත් අවි ගබඩාව සහිත නැව අදාළ රටේ ලියාපදිංචි විය යුතු අතර එම ගිනි අවි සඳහා අදාල රටෙන් බලපත්‍ර තිබිය යුතුයි. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සම්මුතීන්ට අනුකුලව අවි ගබඩාව පවත්වාගෙන යා යුතුයි. නැව ලියාපදිංචි රටේ ධජය පාවෙන අවි ගබඩාවේ ප්‍රදර්ශනය කිරීමද අනිවාර්ය කරුණක්. එතකොට අදාළ නැවේ නීති විරෝධී මෙන්ම බලපත්‍ර නොමැති අවි තබා ගතහොත් එය නීත්‍යානුකුල පාවෙන අවි ගබඩාවක් වන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ධජය සහිතව යාත්‍රා කරන බැවින් ජ්‍යාතන්තර මුහුදේදී එක්සත් ජාතින් හෝ වෙනත් රටකින් පැමිණ මේවා අදාළ රීතීන්ට අනුව යාත්‍රා කරනවාද කියා දිනපතා පරික්ෂා කරන්නෙත් නැහැ. මොකද ඔවුන් සන්නාමය සමුද්‍ර ආරක්ෂණය නිසා. ඇවන්ගාර්ඩ් නෞකාවල බලපත්‍ර සහිත අවි නොතිබුන බව මේ වනවිට ඔප්පු වී අවසන්. ඒ නිසා ඇවන්ගාර්ඩ් අවි ගබඩා නීත්‍යනුකුල නොවන බව කීමට ජනාධිපති නීතිඥයෙකු වීමට අවශ්‍ය වන්නේ නැහැ. ජනතාවගෙන් සමාව ඉල්ලා අධිකරණ ඇමතිකමින් ඉල්ලා අස් වීමට එය ප්‍රමාණවත් සාක්ෂියක්. මීට අමතරව නීත්‍යානුකූලව පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යා යුත්තේ ජ්‍යාත්‍යන්තර මුහුදේ. නමුත් ඇවන්ගාර්ඩ්ගේ MAHANUWARA හා AVANT GARDE යන නෞකා පිලිවෙලින් ගාලු වාරයේ නැංගුරම්ලා හා නාවික හමුදාවට නොදන්වා හා අසත්‍යය තොරතුරු යොමු කොට ගාලු වාරයට යාත්‍රා කලේ නීති ව්රෝධිවයි. ඒ අන්තර්ජාතික වරාය හා නෞකා පහසුකම් ආරක්ෂණ සම්මුතීන් INTERNATIONAL SHIP AND PORT SECURITY CODE උල්ලංගනය කරමින්. එම නෞකා දෙකේ ශ්‍රී ලංකා රජය නොදන්නා විදේශීය අවි ආයුධ විශාල ප්‍රමාණයක් තිබු අතර ශ්‍රී ලංකා රාජ්‍ය නොදන්නා විදෙස් පුද්ගලයින්ද මේ නෞකා තුල අනවසරයෙන් රැඳී සිටීම රටේ ආගමන නීතියද උල්ලංගනය කිරීමක් නොවන්නේද? නිකමට සිතන්න. ඇවන්ගාර්ඩ් නෞකාවේ විදෙස් සේවකයින් ISIS ත්‍රස්තවාදීන් නොවන බවට නිශ්ශංක සේනාධිපතිට දිය හැකි සහතිකය කවරේද? ඇවන්ගාර්ඩ් නෞකාවේ විදෙස් අවි සහිතව ත්‍රස්ත කණ්ඩායමක් ප්‍රවාහනය කලේද? මෙවැනි ක්‍රියා රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවනේද? මෙවැනි ව්‍යාපාර ඊ නිව්ස් කියන පරිදි සාමාන්‍ය ව්‍යාපාරද?



    avant.jpg


    මෙම ව්‍යාපාරය සකලවිධ ජාවාරම් සඳහා කොතරම් තෝතැන්නක්ද යන්න ඔබට මෙම උදාහරන තුලින් පැහැදිලි වනු ඇත. උදාහරණ : අවි ජාවාරම, මත් කුඩු ජාවාරම, මිනිස් ජාවාරම, ත්‍රස්තවාදීන්ට අවි පුහුණුව, මිනීමැරුම් කොන්ත්‍රාත්තු, සුදු වෑන් වලින් පහර ගැනුණු අයගේ අවසන් කටයුතු හෙවත් කොන්ක්‍රීට් දැමු මළමිනී මහ මුහුදේ ගිල්වීම, අපරාධකරුවන්ට රටින් පැනයාමට අවස්ථාව සැලසීම ඔබ නිත්‍යානුකුල යයි තප්පුලනා මේ ව්‍යාපාරයේ ඔබට නොපෙනෙන අපට පෙනෙන පරම සත්‍යයයි.

    සෝමාලියානු කොල්ලකරුවන් මැඩලූ බව කියන බේගලය.
    සෝමාලියානු කොල්ලකරුවන් මැඩලීම කෙසේ වෙතත් ඔවුන්ට මෙන්ම නයිජීරියාවේ බොකෝ හරාම් ත්‍රස්ත කල්ලියටද හොර රහසේ ආයුධ විකුණා ඇතිබව මේ වන විට අනාවරණය වී ඇත. මෙවැනි සිකුරිටි කොම්පැනියකට ත්‍රස්තවාදී සංවිධාන සමග ගනුදෙනු කිරීමට ඉඩ හැරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන්නේද? මේක සංකීර්ණ ප්‍රශ්නයක් නොවේද? මෙවැනි දේවල් ඉදිරියේදී ලෝකයා ඉදිරියේ ඔප්පු වූ විට උත්තර බඳින්නට වන්නේ ඇවන්ගාර්ඩ් කොම්පැනියට නොව ශ්‍රී ලංකා රාජ්‍යයට බව මතක තබා ගන්න. ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික භාවය හෑල්ලු කිරීමට මෙවැනි තුට්ටු දෙකේ කොම්පැනියකට ඉඩදී බලා සිටීමට යහ පාලන ආණ්ඩුවකට හැකිද?

    රාජපක්ෂලාගේ හොර ජාවාරම් වලට මුවා වී නිශ්ශංක සේනාධිපතිත්, ගෝඨාභය රාජපක්ෂත්, රුසියාවේ හිටපු තානපති රාජපක්ෂ මස්සිනා වන උදයංග වීරතුංග යන මේ තුන් කට්ටුව මහා පරිමාන අවි ජාවාරමක් සිදු කර ඇති බවට තොරතුරු මේවන විට ලොව බලවත් රටවලටද ලැබී ඇති බව පෙනෙන්නට තිබේ. කේ.පී ට රජ සැප දුන් රාජපක්ෂලාත්, ඇවන්ගාර්ඩ්ව ගාර්ඩ් කරනා මෛත්‍රී- රනිල් ආණ්ඩුවේ කෙරුවාව දෙසත් යහපාලන විලිරුදාව හැදුනු ලක්ෂ 62ක ජනතාව තවමත් බලාපොරොත්තු දෑස් දල්වාගෙන බලා සිටී.

    ශානක ද සිල්වා

    තවත් තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න!



    මෙන මේ ලිපිය http://newsbirdsrilanka.com/2015/11/16/sl-navy/ ගත්ත ලින්ක් එක.

    මේ කරුණු හරිද වැරදිද කියලා කියන්න මගේ දැනුමක් නැහැ. එත් එළකිරියේ ගොඩක් මේ ගැන දැනුම තියන අය ඉන්නව. අදහසක් දාන්න. මේකට උත්තර දීලා ලියපු ලිපි එකක් තිබ්බ රංග ජයවර්දනේගේ එක හොයාගන්න බැරි උනා මම හොයලා පල කරන්නම්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මේ යන ආකාරයට ගියොත් ජාතික ආණ්ඩුවට ඉදිරියට යාමට පුළුවන්දැයි කියා සැකයක් තමාටද ඇති බව අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
    ඇවන්ට්ගාඩ් සම්බන්ධයෙන් ජනපති සමග පැවැති සාකච්ඡාවකදී ගනු ලැබූ තීරණ ගැන කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කර ඇති ප්‍රකාශවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    එම වීඩියෝව පහතින්







    ඇමැති රාජිත සේනාරත්න මහතා තමා සමඟ වෛර බැඳ සිටින්නේ අද ඊයේ සිට නොවන බවත් කල් ඉකුත් වූ බාල ඖෂධ ගෙන්වා අධිකරණයේ වරදකරුවකු වී මන්ත්‍රී ධුරය අහෝසි වූ දා සිට මෙලෙස වෛර බැඳ සිටින බවත් අධිකරණ හා බුද්ධශාසන ඇමැති නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි.
    රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ සිටි කාලයේදී කල් ඉකුත් වූ බාල දන්ත ඖෂධ ගෙන්වා ඒ පිළිබඳ අධිකරණයේ විභාග වූ නඩුවකින් වරදකරු වූ බවත් ඒ අවස්‌ථාවේ මන්ත්‍රී ධුරයද අහිමි වූ බවත් විජයදාස රාජපක්‍ෂ ඇමැතිවරයා කියා සිටී.

    ත්‍රිවිධ හමුදාවට හා ඔසුසලට බාල කල් ඉකුත් වූ ඖෂධ ලබාදී දූෂිතයකු ලෙස වරදකරුවකු වූ මෙරට පළමු හා එකම මන්ත්‍රීවරයා දැන් ඇවන්ගාඩ් සිද්ධියකට තමාට එරෙහිව බොරු අවලාද නඟන බවද රාජපක්‍ෂ ඇමැතිවරයා පවසයි.

    අනෙක්‌ අයට හොරා කියා ලේබල් අලවන රාජිත සේනාරත්න මහතා සම කැබිනට්‌ ප්‍රකාශක ලෙස පත්කිරීම ල-ජාවට කරුණක්‌ බවද මුළු ලෝකයම කැබිනට්‌ ප්‍රකාශකගේ ප්‍රකාශ දෙස බලා සිටින බවද රාජපක්‍ෂ ඇමැතිවරයා කියා සිටී.

    මෙලෙස වාචාල ලෙස බොරු අවලාද නගන අයකු කැබිනට්‌ ප්‍රකාශක ලෙස තබාගෙන කටයුතු කළහොත් ආණ්‌ඩුවට එහි ප්‍රතිඵල බුක්‌ති විඳින්නට වැඩි කාලයක්‌ ගත නොවන බවද ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා තමාට එරෙහිව නගන චෝදනාවලට පිළිතුරු දෙමින් කියා සිටියේය.

    තමා දේශපාලනයෙන් සත පහක්‌ හම්බ නොකළ බවත් එසේ තිබියදී මෙලෙස අවලාද නැගීම බලා සිටිය නොහැකි බවත් ඇමැතිවරයා පැවසීය.

    - දිවයින -


    රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැතිවරයා ඇවන්ට් ගාඩ් සමාගමෙන් ලක්ෂ 50 ක් ගත් බව ඔහුගේ ලේකම් දොස්තර සයුරු සමරසුන්දර හෙලිකරයි..




    https://www.facebook.com/slupfa/videos/10153613461621259/


    ඇවන්ගාඩ් සමාගම නිවැරදි යන ස්ථාවරයේ තමන් කිසි දිනක නොසිටි බව ප්‍රකාශ කළ හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා තමන් එයට මැදිහත් වූයේ එම සිදුවීම යොදා ගෙන එක්සත් ජාතික පක්ෂයට පහර ගැසීමේ උත්සහයක් දුටු නිසා බවයි බිබිසි කොළඹ වාර්තාකරු අසාම් අමින් සමග සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ.

    "මම පැහැදිලිව කිව්වේ අවන්ගාඩ් සමාගමට මේ කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ අපේ ආණ්ඩුව නෙවෙයි, නමුත් මම කිව්වේ පසුගිය ආණ්ඩුව කාලයේ ගහපු ගිවිසුම් එක්ක එතුමන්ලාට තාම තියෙනවා නීතිමය ආරක්ෂාවක්, රජයේ රක්නා ලංකා සමාගමට තමයි අවි සම්බන්ධයෙන් වගකීම තිබ්බේ, මේ නැතිවීම ගැන කතා කලේ අවි සම්බන්ධයෙන්. ඉතින් මම පැහැදිලි කලේ විජේදාස රාජපක්ෂ සහ තිලක් මාරපන මතු කළ නීති තර්කය හරියි කියලා, මම කිසිවිටක කිව්වේ නැහැ ඇවන් ගාඩ් සමාගම හරියි කියලා" ඔහු පවසයි.

    සාක්ෂි

    අවන්ගාඩ් සමාගමේ මුදල් ලබාගෙන ඇති බවට එල්ල වන චෝදනා ගැන විමසීමේ දී හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා එම චෝදනව ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ තමන් ඇවන් ගාඩ් සමාගම සමග දුරකතනයෙන් හෝ කිසිදු සම්බන්ධතාවයක් පවත්වා ඇති බවට සාක්ෂි ඉදිරිපත් වන්නේ නම් අමාත්‍යධුරයෙන් ඉවත් වීමට තමන් සුදානම් බවයි.

    "ඩිජිටල් ඇමතිවරයා හැටියට කියන්නේ මේක තාක්ෂණ යුගයක්, ඡායරුපයක් හරි, එහෙම නැත්නම් මගේ දුරකථන ලිස්ට් එක අරන් හරි මම ඔවුන් හා සම්බන්ධයක් පැවැත්වූ බවට චෝදනා කලොත් මම ඉල්ලා අස්වීමට සුදානම්" ඇමතිවරයා ප්‍රකාශ කරයි.

    අවන්ගාඩ් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගත් තීරණයට එකග වීම කැබිනට් මණ්ඩලයෙ වගකීම බව අමාත්‍යවරයා ප්‍රකාශ කල.
     
    Last edited:

    lovesl

    Member
    Dec 8, 2014
    235
    20
    0
    Maithree.gif


    ප්‍රශ්න යට ගහන්ට කරන වැඩ ඔවා .

    කතා කරනවනම් ETP එකට කරන එක ගැන දාපන .ඕව තාම ප්‍රශ්න
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කවුරුත් දන්නෙ නැති - කවුරුත් කතා කරන ඇවන්ට්ගාඩ්
    16 NOVEMBER 2015



    Avant-Garde-1.jpg



    පාවෙන අවි ගබඩා යනු කුමක්ද?

    පාවෙන අවි ගබඩා යනුවෙන් හඳුන්වන්නේ සාගරයේ නැංගුරම් ලා තිබෙන අවි ආයුධ පුරවනු ලැබූ නෞකාය. මෙහි සුළු අවි රොකට් විදින ශරීරාරක්ෂක ඇඳුම්, උණ්ඩ, දුර බලන කණ්ණාඩි ආදී සුළු මෙහෙයුමක් සඳහා අවශ්‍ය වන උපකරණවලින් සමන්විතය.

    එහෙත් මේවා යුද නැව් නොවේ. මෙම නැව් නාවික හමුදාවට අයත් නැති අතර පෞද්ගලික ආරක්ෂක සේවා සමාගම් විසින් පවත්වාගෙන යනු ලබයි. අවි ගබඩා කිරීම වෙනුවෙන්ම පවත්වාගෙන යන අතර ඒ නැංගුරම් ලන්නේ ජාත්‍යන්තර මුහුදේය. එහි ආරක්ෂාව, පරිපාලනය ආරක්ෂක සමාගම් වෙතින් සිදු වේ.



    මෙම පාවෙන අවි ගබඩා මොකටද?

    ජාත්‍යන්තර මුහුදේ ගමන් ගන්නා භාණ්ඩ ප‍්‍රවාහන යාත‍්‍රා හා ධීවර යාත‍්‍රාවන්හි ආරක්ෂාව වෙනුවෙන් අවි ආයුධ ලබා දීම හෝ ගබඩා කරගැනීම ඉන් සිදු කරයි.

    එහෙත් එය ලබා දෙනු ලබන්නේ යම් නාවික යාත‍්‍රාවකට ආරක්ෂාව ලබා දෙන ලෙස, එහි නියෝජිත ආයතනයක් වන පෞද්ගලික ආරක්ෂක සමාගමක එම නියෝජිත ආයතනය එම රටෙහි පිහිටි සමුද්‍ර ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් වන රාජ්‍ය ආයතනයෙන් ඒ වෙනුවෙන් සෙබළුන් (සී මාර්ෂල්වරු) හා ආයුධ ඉල්ලා සිටින අතර ඒ සඳහා නාවික සමාගම මඟින් ගෙවීමක් සිදු කරනු ලැබෙයි. මෙම සී මාර්ෂල්වරු සඳහා අවශ්‍ය අවි ආයුධ නිකුත් කිරීම එම රාජ්‍ය ආයතනය හා සම්බන්ධව ඇති පාවෙන අවි ගබඩාවක් මඟින් සිදු වේ. මෙරට ක‍්‍රියාත්මක වූ පිළිවෙළ අනුව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වන ‘රක්නා ආරක්ෂක ලංකා’ සමාගම මෙලෙස සී මාර්ෂල්වරු හා ආයුධ ලබා දෙන අතර ආයුධ නිකුත් කිරීම සිදු වූයේ ඇවන්ට්ගාඞ් සමාගම විසින් පවත්වාගෙන ගිය මහනුවර නම් නෞකාවෙනි. එහි පරිපාලනය ද රක්නා ලංකා සමාගම යටතේ සිදු විය. මීට අමතරව රතු මුහුදේ හා අරාබි මුහුදේ ද මෙම සමාගම පාවෙන අවි ගබඩා 2ක් පවත්වාගෙන ගියේය. (නාවික ආරක්ෂාව සලසා දෙන නියෝජිත ආයතන 20කට වැඩි ප‍්‍රමාණයක් මෙරට ඇති අතර ලෝකය පුරා එවැනි ආයතන 450කට ආසන්න ප‍්‍රමාණයක් ඇති බව පැවසේ)
    පාවෙන අවි ගබඩාව පවත්වාගෙන යන නැව අදාළ රටක ලියාපදිංචි විය යුතු අතර එම රටේ කොඩිය ප‍්‍රදර්ශනය කළ යුතුය. පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තරව විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සම්මුති හා ජාත්‍යන්තර නාවික සංවිධානයේ (IMO) නීති රීති ගණනාවක් තිබේ.

    ඒවා උල්ලංඝනය කිරීම එම ව්‍යාපාරය ‘බ්ලැක් ලිස්ට්’ කිරීම එනම් නීති විරෝධී බව ප‍්‍රකාශ කිරීමක් වෙයි. විශේෂයෙන් එක්සත් රාජධානිය මේ සම්බන්ධයෙන් මෑතක දී නව නීති රීති ගණනාවක් හඳුන්වා දී තිබේ. එහෙත් ශ‍්‍රී ලංකාවේ තවමත් මේ සම්බන්ධයෙන් පැහැදිලි නීති රීති නැත.

    කෙසේ නමුත් ජාත්‍යන්තර මුහුදේ අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා කිසිවකුගෙන් අවසරයක් ලබාගත යුතු නැත. ඊට සරිලන නැවක් හා අනෙක් හැකියාවන් තිබෙන ඕනෑම අයකුට එය සිදු කළ හැකිය. එයට එක්සත් ජාතීන්ගේ හෝ අනුමැතියක් අවශ්‍ය නොවේ. එක්සත් ජාතීන්ගේ එකම කොන්දේසිය ඔවුන්ගේ සම්මුතීන් අනුව එය පවත්වාගෙන යාම පමණය.


    Avant-Garde-2.jpg



    පාවෙන අවි ගබඩා ඉතිහාසය

    මෙම ඉතිහාස කතාව සුප‍්‍රකට සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන්ගේ කතන්දර හා බැඳී පවතින්නකි. මෙම මුහුදු මංකොල්ලකරුවන්ගේ කතාවට බොහෝ දිගු ඉතිහාසයක් තිබේ. අප‍්‍රිකාවේ දකුණුදිග තීරයේ සිට බටහිර දෙසින් ඉතාලිය හා ඉන්දියාව දෙසටත් චීනය දෙසටත් අතීතයේ වූ ප‍්‍රධාන මුහුදු මාර්ගය වැටී තිබුණේ සෝමාලියානු රාජ්‍යය ආසන්නයෙනි. අප‍්‍රිකානු මහාද්වීපයේ බටහිර තුඩුව (Horn of Africa) ආශ‍්‍රිතව සෝමාලියාව පිහිටා ඇත. ඉතිහාසයේ ඈත අතීතයේ පටන් සෝමාලියාවේ මැර කණ්ඩායම් තම රාජ්‍යය අසලින් යන වෙළෙඳ නෞකා කොල්ල කෑමෙහි යෙදිණි.

    හැත්තෑව දශකයේ දී සූවස් ඇළ කැපීම නිසා ලෝකයේ ප‍්‍රධානම නාවික මාර්ගය පැනමා ජිබ්‍රෝල්ටා සූවස් ඇළ හරහා රතු මුහුදටත් එතැනින් ශ‍්‍රී ලංකාව දෙසින් මලක්කා සමුද්‍ර සන්ධිය හරහා වැටී තිබේ. දිනකට නැව් සිය ගණනක් මේ මාර්ගයෙහි ගමන් ගනී. නමුත් සාම්ප‍්‍රදායික මුහුදු මංකොල්ලකරුවන්ගේ බලපෑමෙහි අඩුවක් වූයේ නැත.

    මේ අතර සෝමාලියා රාජ්‍යයෙහි වූ දේශපාලන අර්බුද හේතුවෙන් රට අරාජික වූ අතර විවිධ කැරැලිකාර කණ්ඩායම් විසින් රටෙහි කොටස් බෙදා වෙන් කරගෙන පාලනය කරන්නට විය. එහෙත් රට පවත්වාගෙන යාම සඳහා ශක්තිමත් ආර්ථිකයන් ගොඩනගා ගැනීමට මේ කිසිදු පාර්ශ්වයකට නොහැකි වූ අතර ඔවුන් සතුව තිබූ එකම විකල්පය වූයේ වෙළෙඳ නෞකා කොල්ල කෑම හා වෙනත් නෞකා පැහැර ගෙන කප්පම් ලබා ගැනීමය. සාමාන්‍යයෙන් නැවක් පැහැර ගත් පසුව ඒ නිදහස් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක පමණ කප්පම් මුදලක් ඉල්ලා සිටින අතර සාකච්ඡා කර එය මිලියන 6කට පමණ අඩු කරගත හැකිය. පසුගිය වසර තුළ මෙලෙස කොල්ල කෑමට ලක් වූ දේපළ ප‍්‍රමාණය ඩොලර් බිලියන 6ත් 7ත් අතර ප‍්‍රමාණයක් ලෙස සැලකේ. ඇතැම් තොරතුරු වාර්තා වන්නේ ද නැති බව මේ සම්බන්ධයෙන් කටයුතු කරන අන්තර්ජාතික සංවිධාන පෙන්වා දෙයි.

    මෙහි දී වඩාත්ම අවදානම්සහගත කලාපය ලෙස සැලකෙන්නේ රතු මුහුද, ගල්ෆ් අෆ් එඩෙන් අරාබි මුහුද, ඉන්දියන් සාගරය හා මොසැම්බික් චැනල් යන ප‍්‍රදේශයන්ය.
    මේ තත්ත්වය මෑත භාගයේ දී උත්සන්න විය. සාමාන්‍යයෙන් දිනකට මෙම ප‍්‍රදේශයන්හි කොල්ලකෑම් සිද්ධි විස්සකට වැඩි ප‍්‍රමාණයක් වාර්තා වෙයි.

    මේ නිසා ජාත්‍යන්තර නැව් සමාගම් මහත් අර්බුදයකට ලක් විය. එමෙන්ම නාවික රක්ෂණ සමාගම්වලට ද මේ වෙනුවෙන් වන්දි ගෙවීමට අපහසු වූ අතර රක්ෂණ ගාස්තු නැංවීය. වෙනත් විකල්පයන් නොවුණු තැන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටියේ මෙය ජාත්‍යන්තර ප‍්‍රශ්නයක් ලෙස සලකා මෙයට කවුරුන් හෝ මැදිහත් වී විසඳුමක් ලබා දිය යුතු බවය. එය රටක් හෝ සංවිධානයක් විසින් හෝ භාරගත යුතු බවය.

    ඒ අතරම එක්සත් ජාතීන් බහුජාතික හමුදාවක් මේ වෙනුවෙන් නිර්මාණය කළේය. සෝමාලියාවේ බටහිර තුඩුවේ, කඳවුරක් පිහිටු වීය. කොල්ලකෑම බහුලව සිදු වන මෙම ප‍්‍රදේශය දැඩි අවදානම් කලාපයක් ලෙස ද නම් කරනු ලැබීය. නමුත් එය සාර්ථක වූයේ නැත. මේ අතරේ දී බි‍්‍රතාන්‍යයන් විශේෂයෙන්ම හමුදා කාණ්ඩවලින් විශ‍්‍රාමික ලැබූවන් මෙම නැව් සඳහා ආරක්ෂාව සැපයීමට ඉදිරිපත් විය. කුඩා කණ්ඩායම් හදාගෙන මෙම පිරිස් නැව්වලට නැඟි නමුත් ඒ වන විටත් බි‍්‍රතාන්‍යයේ පෞද්ගලික ආරක්ෂක සමාගම්වලට හෝ නීත්‍යනුකූලව අවි නිකුත් කිරීමක් සිදුව නොතිබිණි. මේ නිසා නීති විරෝධී අවි භාවිතයට ගැනුණි. යේමනය හෝ ඒ අවට කුඩා රාජ්‍යයන්වලින් එම අවිවලට නීත්‍යනුකූල සහතික ලබා ගැනීමේ හැකියාව තිබූ බව පැවසේ.

    එහෙත් එම අවි භාවිත කිරීම හෝ වෙළෙඳ නෞකාවක රැගෙන යාමට අවසර තිබුණේ මෙම දැඩි අවදානම් කලාපය තුළ දී පමණි. මේ නිසා අවදානම් කලාපයෙන් ඉවත් වූ විට මෙම අවි මහ මුහුදට හැර දැමීම සිදු විය. නීති විරෝධී අවි මිලට ගැනීම හා ඒවා නැවත මුහුදට දැමීමේ පිරිවැය ද නැව් සමාගම්වලට දරන්න වී තිබිණි. මෙය ද පාඩු සිදු වන ක‍්‍රියාවක් විය.

    පසුව 2009 වසරේ දී බි‍්‍රතාන්‍ය නැව් සමාගමක ශ‍්‍රී ලංකාවේ නියෝජිත ආයතනය වූ Wilhemsen Ship Management ආයතනය විසින් මෙරට ආරක්ෂක අමාත්‍යාංශයට ගොස් තමන්ගේ මව් සමාගමේ නැව් ප‍්‍රධාන මුහුදු මාර්ගයේ ගමන් ගන්නා බවත් සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් එල්ල වන තර්ජන ගැනත් පැහැදිලි කර දී මේ සඳහා ඒ වන විට අනුගමනය කරනු ලබන ආරක්ෂක පිළිවෙත ගැන ද පැහැදිලි කිරීමක් සිදු කළේය. මෙලෙස මුහුදට අත හරිනු ලබන ආයුධ ගාල්ල වරායේ ගබඩා කිරීමටත් ආපසු ගමනේ දී යළි රැගෙන යාමේ පහසුකමත් ලබා දිය හැකිද යන්න විමසා තිබිණි. ඒ අනුව ගාල්ල වරාය සමඟම නාවික හමුදා කඳවුර පිහිටා තිබීමත් මෙමඟින් මෙරටට ආදායමක් ලැබීමේ හැකියාව ද ඇති නිසා එම කටයුත්තට ආරක්ෂක අමාත්‍යාංශය එකඟ විය.

    ඒ අනුව මෙම විදේශ අවි ගබඩා කිරීම ශ‍්‍රී ලංකා නාවික හමුදාව පළමු වරට ආරම්භ කරනු ලැබීය. මෙලෙස නාවික ආරක්ෂාව වෙනුවෙන් ශ‍්‍රී ලංකාවෙන් සී මාර්ෂල්වරු සැපයූ මුල්ම සමාගම වූයේ Secure West නමැති බි‍්‍රතාන්‍යයේ පෞද්ගලික ආරක්ෂක සමාගමයි.

    මේ අනුව මලක්කා සමුද්‍ර සන්ධිය පසු කරමින් එන බි‍්‍රතාන්‍ය නෞකාවට සී මාර්ෂල්වරුන්ව ගාල්ලෙන් නංවාගනු ලබයි. නාවික හමුදා ගබඩාවෙන් ආයුධ ලබා ගැනීම ද එහි දී සිදු වෙයි. මෙම සී මාර්ෂල්වරු තමන්ට රාජකාරී පැවරුණ නෞකාවට ගොඩ වීම සඳහා එම නැව ගාල්ලට පැමිණීමට පෙර දින බි‍්‍රතාන්‍යයේ සිට ගුවනින් කටුනායකට පැමිණ එතැනින් ගාල්ලේ නවාතැන් ගනිති. ගාල්ලේ සිට මුහුදු සැතපුම් 13කින් එහා පවතින ජාත්‍යන්තර මුහුදු තීරයට එන විට බෝට්ටු මඟින් ආයුධ සමඟ ද ගොස් ඊට ගොඩ වෙති.

    සෝමාලියානු අවදානම් කලාපය පසු කර යෑමෙන් පසුව එම අවි තැන්පත් කරනු ලැබුවේ ජිබුටිවල සිටි බෲනෝ පාර්ටිගන් නම් පුද්ගලයා විසින් එම රජය හා සම්බන්ධව පවත්වාගෙන ගිය ගබඩාවක ය. ඒ ඔහු ව්‍යාපාරිකයා ලෙස පවත්වාගෙන ගියේය. සී මාර්ෂල්වරු ද එතැනින් ගොඩ බැස නැවත බි‍්‍රතාන්‍යය කරා ගුවනින් යති.

    නමුත් මෙම කටයුත්ත සඳහා කිසිදු නීතියක් තිබුණේ නැත. එක්සත් ජාතීන් විසින් අවදානම් කලාපයේ මෙම මෙහෙයුම් සිදු කිරීමට දුන් අවසරය හා සම්මුතීන් සඳහා ජාත්‍යන්තර නාවික ප‍්‍රවාහන සංවිධානයේ නීති රීතීන් පමණක් වලංගු විය.

    ගාල්ල ‘‘දක්ෂිණ’’ නාවික හමුදා කඳවුරේ මෙම අවි ගබඩා කිරීම සඳහා වෙනම වායු සමීකරණය කරන ලද ගබඩාවක් ද විදේශීය සමාගමක් විසින් ගොඩනගා දී තිබිණි.

    එක තුවක්කුවක් වෙනුවෙන් ඩොලර් 10ක පමණ ගබඩා ගාස්තුවක් අය කළ අතර මෙම ව්‍යාපාරියෙක් නාවික හමුදාවට හොඳ ආදායමක් ද ලැබුණු අතර එය නාවික හමුදාවේම සුබසාධන කටයුතු සඳහා යොදා ගත් බව ද පැවසේ.

    ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට 2001 සැප්තැම්බරයේ දී එල්ල වූ අල් කයිඩා ප‍්‍රහාරයෙන් පසුව හැම වරායකම, ගුවන්තොටුපොළකම, නැවකම ආරක්ෂාව ගැන සැලකිලිමත් විය. විවිධ නීති රීති හඳුන්වා දෙමින් ආරක්ෂක ක‍්‍රමවේද ශක්තිමත් කිරීම කළේය. ඒ අනුව වරායවල අවි ආයුධ තබා ගැනීම ද නොකළ යුතු බවට සම්මුතියක් විය. ගාල්ලේ නාවික හමුදා කඳවුර පිහිටා තිබුණේ වරායේය. ඒ අනුව වරායෙන් ආයුධ ගබඩා ඉවත් කිරීම සිදු කර එම ගබඩා නැව්වල සකස් කර ජාත්‍යන්තර මුහුදේ නැංගුරම් ලෑම සිදු විය.

    පාවෙන අවිගබඩා නිර්මාණය වීමේ ඉතිහාසය එයයි. එහෙත් මෙම පාවෙන අවිගබඩා ජාත්‍යන්තර මුහුදේ පවත්වාගෙන යාමට රාජ්‍යයකට සම්බන්ධ හමුදාවට සිදු කිරීමට නොහැකිය. එය පෞද්ගලික ආරක්ෂක සමාගම් විසින් පමණක් සිදු කළ යුතු විය.

    රතු මුහුද ආශ‍්‍රිතව මෙහි පළමු පාවෙන අවි ගබඩාව බෲනෝ පාටිගන් විසින් ආරම්භ කර තිබිණි. රතු මුහුද ආශ‍්‍රිතව මේ වන විට මෙවැනි පාවෙන අවි ගබඩා 15කට ආසන්න ප‍්‍රමාණයක් පිහිටා ඇත. පාටිගන්ගෙන් ලත් ආභාසයෙන් මේ නව ව්‍යාපාරයට ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විස් පෞද්ගලික සමාගම අවතීර්ණ විය. එය ශ‍්‍රී ලංකාවේ සමාගමක් එම ව්‍යාපාරයට අත ගැසූ ප‍්‍රථම අවස්ථාවම විය. ඒ අනුව රතු මුහුදේ පාවෙන අවි ගබඩා 2ක් ආරම්භ කිරීම 2012 වසරේ මුල් කාලයේ දී සිදු කළ අතර ශ‍්‍රී ලංකාවේ රාජ්‍යය හා සම්බන්ධව 2012 ඔක්තෝබර් මාසයේ දී ගාල්ල වරායට නාවික සැතපුම් 13ක් එපිටින් වූ ජාත්‍යන්තර මුහුදේ ආරම්භ කළේය.

    ගාල්ල මුහුද අවට ද ඒ වන විට විදේශ සමාගම් කිහිපයක් විසින්ම පාවෙන අවි ගබඩා පවත්වාගෙන ගොස් ඇති බව හෙළි විය. ඒවා නීත්‍යනුකූල පාවෙන අවි ගබඩා නොවන බව ද හෙළි විය. එහෙත් එම නැව් ඉන්ධන හා ජලය ලබා ගැනීම සඳහා මෙරට රජයේ අවසරය මත කොළඹ වරායට ද පැමිණ තිබුණු බව අනාවරණය වී ඇත.

    ගාල්ල පාවෙන අවි ගබඩාව ආරම්භ කිරීමෙන් පසුව එම නැව් ඉවත්ව ගොස් ඇත. කෙසේ නමුත් නීත්‍යනුකූල තත්ත්ව යටතේ මෙම අවි ගබඩා පවත්වාගෙන යන්නන් අතර ඇවන්ට්ගාඩ් සමාගම ප‍්‍රමුඛ වන අතර වැඩිම නැව් ප‍්‍රමාණයක් ඇති හා මේ සම්බන්ධයෙන් ඇති ලෝකයේ විශාලම පෞද්ගලික නාවික ආරක්ෂක සේවය ඇවන්ට්ගාඩ් සමාගම හා රක්නා ලංකා සමාගම එක්ව පවත්වාගෙන යන හවුල් ව්‍යාපාරය වේ.

    රක්නා ආරක්ෂක ලංකා සමාගම 2006 දී ආරම්භ කරනු ලැබීය. එය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වන සියයට සියයක් රජයට කොටස් හිමි සමාගමක් වේ.

    මෙම සමාගම ගොඩනැගුවේ මෙරට රජයේ හා පෞද්ගලික ආයතනයන්හි ආරක්ෂාව සපයන සාමාගමක් ලෙසය. විශේෂයෙන්ම ආරක්ෂක අංශවලින් විශ‍්‍රාම ගන්නා සෙබළුන්ට රැකියා අවස්ථා ලබා දී ඉහළ මට්ටමේ ආරක්ෂක සේවාවක් ලබා දීම මහි අරමුණ විය. එමෙන්ම එතෙක් වෙනත් පෞද්ගලික ආරක්ෂක සමාගම් හා රජයේ ආයතන වෙත අවි ආයුධ ලබා දීමේ අවසරය තිබුණේ නාවික හමුදාවේ සී ෆැබ් ආයතනයට පමණක් වන අතර එම කටයුත්තට ද රක්නා ආරක්ෂණ ලංකා සමාගමට පවරනු ලැබීය. රක්නා ලංකා සමාගමට, ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවි විකුණනු ලැබූ අතර ඔවුන් විසින් රජයේ හා පෞද්ගලික සමාගම්වලට අවි බදු දීම සිදු කරනු ලැබීය.

    සෝමාලියා මුහුදු තීරයේ වන ගැටලූව ගැන උනන්දු වූ ආරක්ෂක අමාත්‍යාංශයට අවි තැන්පත් කිරීම මෙන්ම සීමාර්ෂල්වරුන්ට අවශ්‍ය අවි නිකුත් කිරීම ද එමෙන්ම සී මාර්ෂල්වරු නැති නැව්වලට සී මාර්ෂල්වරු ලබාදීම ද ව්‍යාපාරයක් ලෙස සිදු කළ හැකි නාවික හමුදාව විසින් පෙන්වා දී තිබිණි. මේ අතර ව්‍යාපාරිකයන්ගෙන් ද මේ යෝජනාව පැමිණ තිබිණි. එහෙත් එය නොසලකා රක්නා ආරක්ෂක ලංකා සමාගම හරහා මේ කටයුත්ත ආරම්භ කළේය. ඒ සඳහා විදේශ නැව් සමාගම්වලින් විශාල ඉල්ලීමක් ද විය.

    ඒ අනුව සී මාර්ෂල්වරු සැපයීම හා අවි නිකුත් කිරීම රක්නා ලංකා සමාගම විසින් ආරම්භ කළේය. එමඟින් විදේශ නැව් සඳහා මෙරට නියෝජිත අයතන හරහා එම සේවය ලබා දීම සිදු කළේය. ඒ වෙනුවෙන් ඒජන්ත ආයතන 37ක් රක්නා ලංකා සමාගම හා සම්බන්ධ ව සිටියේය.



    හමුදාව මෙම ව්‍යාපාරයෙන් ඈත් වීමට හේතු

    ජාත්‍යන්තර අවි සමඟ වන මෙම ගනුදෙනුවේ යම් සුළු වරදක් හෝ වුවහොත් එය රාජ්‍ය තාන්ත‍්‍රිකවද බලපෑ හැකි සිදුවීමක් වීමට ඉඩ තිබිණි. විශේෂයෙන්ම විදේශයකින් ලැබෙන අවියක නීත්‍යනුකූල භාවය සම්බන්ධයෙන් එම අවි නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවෙන් ලබා දෙනු ලබන අවසන් භාවිත කරන්නාගේ සහතිකය’ (EUC) අවියේ කාණ්ඩ අංක ආදියට වංචා කිරීම් සිදු විය හැකි අවදානමක් තිබිණි.

    එවැනි සිදුවීම් කිහිපයකටම නාවික හමුදාවට එම කාලය තුළ දී මුහුණ පෑමට සිදුව තිබුණු අතර මෙරට අවි 194ක් හොර රහසේ විදේශිකයන්ට විකුණා දැමීම ගැන ද චෝදනාවක් එල්ල වී තිබිණි. එම අවි යම් රටක ත‍්‍රස්තවාදී වුවමනාවලට යොදා ගැනීමක් සිදුව තිබී අසු වුවහොත් ඊට වගකිවයුතු වන්නේ ශ‍්‍රී ලංකා රජය ය. මෙවැනි තත්ත්වයන් නිසා මෙම ව්‍යාපාරය අවසර ලත් පෞද්ගලික සමාගමක් වෙතින් සිදු කිරීම මෙන් රාජ්‍ය තාන්ත‍්‍රික ගැටලූ අවම කර ගත හැකි විය.
    රක්නා ලංකා සමාගම සී මාර්ෂල්වරු හා ආයුධ නිකුත් කිරීම සිදු කළ අතර ඇවන්ට්ගාඞ් සමාගමත් සෙසු පෞද්ගලික නාවික ආරක්ෂක සමාගම් මෙන්ම කටයුතු කළ සමාගමක් වූ අතර එම සමාගම හා සම්බන්ධව සිටින ජාත්‍යන්තර නැව් සමාගම්වල අවශ්‍යතාව අනුව රක්නා ආරක්ෂක ලංකා සමාගමෙන් සේවය ලබා ගත් ආයතනයක් විය. එහෙත් පසුව ඇවන්ට්ගාඞ් සමාගම පාවෙන අවි ගබඩා ව්‍යාපාරයට මුල පිරීමත් සමඟ රක්නා ආරක්ෂක ලංකා සමාගම හා ගිවිසුමකට එළඹ එකාබද්ධ ව්‍යාපාරයක් ලෙස මෙම කටයුත්තේ නිරත විය.

    රක්නා ආරක්ෂක ලංකා සමාගම හා ඇවන්ට්ගාඩ් සමාගම මෙම ව්‍යාපාරය ඒකාබද්ධව පවත්වාගෙන යාම සම්බන්ධ මුල්ම ව්‍යාපාර ගිවිසුම 2012 මාර්තු 19 වන දින අත්සන් කරනු ලැබීය. ඊට අමතරව තවත් ගිවිසුම් 5කට මේ දෙපාර්ශ්වය අත්සන් කර ඇත. අවසානයේ 2014 ජනවාරි 27 මෙම ගිවිසුම් 6 හි අඩංගුව එකතු කර තවත් ගිවිසුමකට එළඹ ඇත. ඒ අනුව මෙම ව්‍යාපාරයේ ඒකාධිකාරය 2019 ජනවාරි 27 දක්වා ඔවුන් සතු කොටගෙන ඇත. වෙනත් ව්‍යාපාරිකයකුට මෙම ව්‍යාපාර අවස්ථාව එමඟින් අහිමි වී තිබේ. එම සමාගම්වලට ද මේ වන විට සිදුව ඇත්තේ ඇවන්ට්ගාඞ් සමාගම හරහා ගොස් එම ව්‍යාපාර කටයුතු සිදු කිරීමටය. ඒ වෙනුවෙන් අමතර මුදලක් ද මේ සමාගම්වලට ගෙවීමට සිදු විය. උදාහරණයක් ලෙස රක්නා ආරක්ෂක ලංකා සමාගමෙන් සී මාර්ෂල්වරයකු ලබා ගැනීමට එදා ඩොලර් 2000ක් ගෙවනු ලැබූ නමුත් ඇවන්ට්ගාඩ් සමඟ ඒකාබද්ධ වීමෙන් පසුව එය ඩොලර් 3500 දක්වා ඉහළ ගොස් තිබේ. මන්ද එමඟින් සමාගම් දෙකෙහිම ලාභාංශ ඉහළ දමාගත යුතු වීම නිසාය. මෙම නිසා අනෙක් පෞද්ගලික ආරක්ෂක සමාගම් හා සම්බන්ධ වී සිටි විදේශ නාවික සමාගම් එම සමාගම් අත්හැර දමා කෙළින්ම ඇවන්ට්ගාඞ් සමාගම සමඟ ගනුදෙනු කළේය.

    නාවික ආරක්ෂක සේවා සපයන මෙරට සමාගම්වල හා මෙම පාවෙන අවි ගබඩා ව්‍යාපාරයට සම්බන්ධ වීමේ උන්දුවෙන් සිටින ව්‍යාපාරිකයන්ගෙන් එල්ල වී ඇති බරපතළ චෝදනාව මෙම ඒකාධිකාරයයි.

    මේ අතර ධීවර ව්‍යාපාරිකයන් විසින් මාළු ට්‍රෝලර් යාත‍්‍රාවලට ආරක්ෂාව ඇවන්ට්ගාඩ් සමාගමෙන් ඉල්ලා තිබිණි. ඒ සඳහා සී මාර්ෂල්ලා ලබා දීමේ අයිතිය ද ඇවන්ට්ගාඩ්ට පමණක් හිමි වන පරිදි රක්නා ආරක්ෂක ලංකා සමාගම ගිවිසුම් අත්සන් කර තිබේ. මෙය විශාල ආදායම් ඉපයිය හැකි ක්ෂේත‍්‍රයක් විය. වෙනත් ව්‍යාපාරිකයන්ට එම අවස්ථාව අහිමි කරනු ලැබුවේය.

    එමෙන්ම කිසිම හේතුවක් උඩ මෙම ගිවිසුම එම කාලය අවසන් වීමට පෙර අත්හිටුවීමට එකදු පාර්ශ්වයකට නොහැකි බව ද මෙහි ඇති වගන්තියකි.

    එමෙන්ම 2014 ජනවාරි 27 වන දින අත්සන් කරන ලද අවසන් ගිවිසුම ප‍්‍රකාරව මෙම මහනුවර අවි ගබඩාව යම් ලෙසකින් හෝ ඉවත් කිරීමට රජයේ පාර්ශ්වයෙන් බලපෑමක් වුව හොත් ඩොලර් මිලියන 20ක මුදල් ඇවන්ට්ගාර්ඞ් සමාගමට ගෙවිය යුතු බවත් එම ගිවිසුමෙහි සඳහන් වේ.



    චෝදනා

    පසුගිය කාල සීමාවේ දී ඇවන්ට්ගාර්ඞ් සමාගම ඉලක්ක කරගෙන විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා රැසක් එල්ල විය. මෙහි දී ඒ සම්බන්ධයෙන් චෝදනා කරනු ලැබූ ප‍්‍රධාන පාර්ශ්වකරුවෙකි ජනතා විමුක්ති පෙරමුණ. එම පක්ෂය හා මෙම ව්‍යාපාර ක්ෂේත‍්‍රයේම යෙදී සිටින ව්‍යාපාරිකයන්ගෙන් ද අප කළ විමසීම් හමුවේ පැහැදිලි වූ කරුණු කිහිපයක් මෙසේ සම්පිණ්ඩනය කළෙමු.

    ජාත්‍යන්තර සම්මුතිය අනුව පාවෙන අවි ගබඩාව පවත්වාගෙන යා යුත්තේ ජාත්‍යන්තර මුහුදු තීරයේය. ගාල්ලේ වරාය මුහුදේ තිබූ ‘මහනුවර’ නැව මුලින් ජාත්‍යන්තර මුහුදු තීරයේ පවත්වාගෙන ගිය ද පසුව එය මෙරට මුහුදු තීරයට ගෙන එන ලදී. මාස ගණනාවක් තිස්සේ මෙම ව්‍යාපාර කටයුතු සිදු කළේ මෙරට මුහුදු තීරයේ සිටය. ඒ සඳහා අවසරයක් ලබා දුන්නේ කවුරුන්ද යන්න ගැටලූවක්ව පවතී.

    International Ship and Port Facility Security Code අනුව වරායේ අවි තබා ගැනීමට නොහැක. එය සම්මුතියකි. එහෙත් එය නීතියක් නොවුණත් රටේ නීතිය අනුව මෙම නැව සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාව තිබිණි.
    එමෙන්ම එම නැව මෙරට වරායේ තිබීමෙන් නැවේ ගබඩා කර තිබූ අවි ආනයනය කිරීමක් ලෙස වර නැගීමට හැකි නිසා එය නීති විරෝධී බව පැවසේ. එයට ගිනි අවි පනත යටතේ නඩු දැමිය හැකි බව ද චෝදනාකරුවන් පෙන්වා දෙයි. පාවෙන අවි ගබඩාව තුළ ස්වයංක‍්‍රීය ගිනි අවි 3154 ක් සහ ඒ සඳහා භාවිත කරන උණ්ඩ 770,059 ක් ගාලූ වරායේ තිබූ මහනුවර නැවේ කන්ටේනර් 07ක ගබඩා කර ඇති බව අනාවරණය විය.

    මෙරට මුහුදු තීරයේ නැව තිබීම නිසා එය අත්අඩංගුවට ගැනීමේ හැකියාව ද ශ‍්‍රී ලංකා නාවික හමුදාව හෝ පොලීසිය සතු වේ. එහෙත් පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී එය සිදු වූයේ නැත.

    පෞද්ගලික ආරක්ෂක සේවාවක් මඟින් මුහුදු ආරක්ෂක ක‍්‍රියාදාමය ඉටු කිරීම තුළින් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් සහ අවදානමක් ඇති බවට කරුණු ඉදිරිපත් විය.

    2012.10.20ට පෙර මුහුදු ආරක්ෂක සේවාව පවත්වාගෙන යනු ලැබුවේ නාවික හමුදාව වූ අතර පසුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම මත ජාතික ආරක්ෂාවට බරපතළ ලෙස බලපෑම් කළ හැකි මුහුදු ආරක්ෂක සේවාවේ පූර්ණ වගකීම ඇවන්ට්ගාර්ඩ් සමාගම වෙත පවරා දීම හා පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට චෝදනා එල්ල විය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4 - ආ වගන්තිය යටතේ රටේ ආරක්ෂාවට බලපාන කාරණා සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ රටේ ජනාධිපතිවරයා විසින් නමුත් මහනුවර නැවට තිබුණේ EUC සහතික 89 ක් පමණි. අංක පැහැදිලි නොමැති අවි 59 ක් ද තිබුණි. (ඒ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක කණ්ඩායම් කිහිපයක්ම පරීක්ෂා කරමින් පවතී.)

    අවසන් සටනේ දී යුද හමුදාව හා නාවික හමුදාව විසින් එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ගෙන්, මුහුදු කොටින්ගෙන් අත්පත් කරගත් අවි ආයුධ සැලකිය යුතු ප‍්‍රමාණයක් යුද හමුදාව යළි ප‍්‍රයෝජනයට ගැනීම සඳහා 2010 වසරේ අලූත්වැඩියා කළේය. එම අවි ආයුධ 2010 මුල් භාගයේ එරිතියානු මුහුදු සීමාවේ දී නයිජීරියානු බොකෝ හරාම් ත‍්‍රස්ත කල්ලියට ඇවන්ට්ගාර්ඩ් විසින් විකුණා ඇති බව. (එහෙත් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් විය යුතු නමුදු එවැන්නක් ගැන දැන ගැනීමට නැත.)





    සුභාෂ් ජයවර්ධන
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සී මාර්ෂල්ලා පුහුණු කිරීම

    විදේශිකයන් සී මාර්ෂල්වරු ලෙස පුහුණු කිරීමේ ආයතනයක් කළුතර, කටුකුරුන්දේ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද ඇවන්ට්ගාර්ඞ් සමාගමට චෝදනා එල්ල විය. එහෙත් එම පුහුණු ආයතනය පවත්වාගෙන ගොස් ඇත්තේ රක්නා ආරක්ෂක ලංකා සමාගම හා වන ඒකාබද්ධ ගිවිසුමක් ප‍්‍රකාරවය.

    ආරක්ෂක හමුදාවෙන් හැර වෙනත් ආයතනයකට මෙරට විදේශීය පුරවැසියන්ට ආයුධ පුහුණුව ලබා දිය නොහැකිය. රක්නා ආරක්ෂක ලංකා සමාගම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වන සමාගමක් වන නමුත් එම සමාගමට බලය පැවැරීම සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය පැහැදිලි නැත. ඊට ආරක්ෂක අමාත්‍යාංශය පිළිතුරු දිය යුතුය. නමුත් මේ සම්බන්ධයෙන් එම සමාගම පෙන්වා දී තිබුණේ තමුන්ට ඒ සඳහා අවසරය ආරක්ෂක අමාත්‍යාංශය ලබා දී ඇති බවය. රක්නා ලංකා සමාගමේ වෙබ් අඩවියෙහි තමන් සී මාර්ෂල්වරු පුහුණු කරන බව සඳහන්ව තිබේ. අදාළ ඡායාරූප පවා එහි තිබේ.

    එමෙන්ම මේ සම්බන්ධයෙන් වන අනෙක් චෝදනාව වන්නේ මෙහි පුහුණුව ලබා ගන්නා විදේශිකයන් සම්බන්ධයෙන් වගකීමක් නොමැති වීමය. මෙම විදේශිකයන් යම් ත‍්‍රස්ත සංවිධානයකට සම්බන්ධ වූවන් ද විය හැකි වීමේ අවදානම ද මෙහි තිබෙන බවට චෝදනාවක් එල්ල වී ඇත.

    නමුත් සී මාර්ෂල්වරු පුහුණු කිරීම ගැන ආරක්ෂක මණ්ඩලයෙන් අවසර ගත යුතු එකක් බවට තර්කයක් ද මතුව තිබේ.

    මෙම ව්‍යාපාරය සම්බන්ධයෙන් වන බරපතළම චෝදනාව වන්නේ රක්නා ආරක්ෂක ලංකා සමාගම, ඇවන්ට්ගාර්ඩ් සමාගම සමඟ පමණක් ගිවිසුමකට ගොස් ව්‍යාපාරය තුළ ඒකාධිකාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙනි. පාවෙන අවි ගබඩා පවත්වාගෙන යාමේ හැකියාව සහිත ව්‍යාපාරිකයන් මෙරට තව සිටිය දී එම සමාගම් සමඟ ගිවිසුම්වලට එළැඹීම රක්නා ආරක්ෂක ලංකා සමාගම හෝ ආරක්ෂක අමාත්‍යාංශය ප‍්‍රතික්ෂේප කිරීම මෙහි ඇති ගැටලූ සහගත බවයි.

    මෙය එම රාජ්‍ය නිලධාරීන් හා ඇව්න්ට්ගාර්ඞ් සමාගමේ හිමිකාරීත්වය අතර ඇති ළබැඳියාවක ප‍්‍රතිඵලයක් විය හැකිය. මන්ද, මහා පරිමාණ ව්‍යාපාරිකයන් රජය හා වන ගනුදෙනුවල දී දූෂිත රාජ්‍ය යාන්ත‍්‍රණයේ ඇති දුර්වලකම්වලින් ඇති පදම් ප‍්‍රයෝජන ගැනීම අප අත්විඳින සත්‍යයක් නිසාය. ඇවන්ට්ගාර්ඩ් පමණක් නොව තව ව්‍යාපාරිකයන් රැසක් එම කටයුත්තේ යෙදෙන බව සත්‍යයකි. එවැනි තත්ත්වයක් තිබිය දී ඇතැම් දේශපාලකයන් මෙම සමාගම පමණක් ඉලක්ක කරගෙන චෝදනා කිරීම ගැන ඇත්තේ ද කුකුසකි.

    කෙසේ නමුත් බැලූ බැල්මටම රටේ පවතින නීති උල්ලංඝනය කිරීම සිදු වී ඇති බව පෙනෙන්නට තිබේ. එහෙත් ඒ අධිකරණමය ක‍්‍රියාවලියක් මඟින් තහවුරු කරන තුරු ඒ ගැන කිසිවකුට නිගමන දිය නොහැකිය.

    එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් හා රක්නා ආරක්ෂක ලංකා සමාගමේ මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් වගකීම් විරහිතව කටයුතු කර තිබෙන බවත් ඇවන්ට්ගාර්ඩ් සමාගමට පක්ෂපාතී ලෙස කටයුතු කර තිබෙන බවත් පෙනෙන්නට තිබේ.

    එහෙත් මේ කිසිදු ගනුදෙනුවක් සම්බන්ධයෙන් වූ කිසිදු ලියවිල්ලකට එවකට හිටපු ආරක්ෂක ලේකම් අත්සන් කර නොමැති වීම විශේෂ තත්ත්වයකි. නමුත් අදාළ හැම ලියැවිල්ලක්ම ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම මත අනෙක් නිලධාරීන් විසින් අත්සන් කරන ලද බව සඳහන්ව තිබේ.

    කෙසේ නමුත් මෙම ව්‍යාපාරය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයකු ලෙස ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපතිවරයා ඉතා ශූර ලෙස කටයුතු කර ඇත. මෙම ගනුදෙනුවේ දී ඔහු මත වරදක් පැටවීමේ සම්භාවිතාව ඉතා අඩුය. ඔහු ව්‍යාපාර කටයුතු සිදු කර ඇත්තේ රාජ්‍ය සමාගමක් හා ඒකාබද්ධවය. එම නිසා එම සමාගම පමණක් ඉලක්ක කර චෝදනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් ද නොමැත. එහෙත් එම ගිවිසුමේ අන්තර්ගතය රටේ පැවති නීතිවලට අනුව නීති විරෝධී නම් ගිවිසුම ද නීති විරෝධී විය යුතු බවට ද මතයක් ඉදිරිපත්ව ඇත.

    එමෙන්ම විදේශ විනිමය බිලියන ගණනින් මෙරටට ගෙන ආ මෙරට ව්‍යාපාරිකයකුගේ ව්‍යාපාරයක් එකවර කඩා ඉහිරවා දැමීම සිදු නොවිය යුතු බවට විවාදයක් නැත. එම ව්‍යාපාරය සම්බන්ධයෙන් මේ වන විට එල්ල වී ඇති චෝදනා පදනම්ව තිබුණේ ගිනි අවි පනත, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත, පුපුරන ද්‍රව්‍ය පිළිබඳ පනත සම්බන්ධයෙන් වන වැරැදි කිසිවක් සිදුව නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කළ පරීක්ෂණවල දී තහවුරු කරගෙන ඇති අතර ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව ද පවසනු ලබන්නේ නඩු පැවරීම සඳහා හේතු නැති බවයි.

    මූල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ කටයුතු සිදු වෙමින් පවතින බවත් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමත් ජනාධිපති පරීක්ෂණ ඒකකයත් මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් පවතී.

    ඇවන්ට්ගාර්ඩ් සමාගම රක්නා ආරක්ෂක ලංකා හා නාවික හමුදාවට ගෙවිය යුතු මුදල් සම්බන්ධ හිඟයක් තිබේ. එමෙන්ම පාවෙන අවි ගබඩා ව්‍යාපාරය ජාත්‍යන්තර මුහුදේ සිදු වන බැවින් මෙරට රජයට බදු ගෙවිය යුතු නොවන ව්‍යාපාරයක් බව ද පැවසෙන අතර රක්නා ආරක්ෂක ලංකා සමාගමට හා නාවික හමුදාවට ලාභාංශයක් ගෙවීම පමණක් සිදු වේ.

    මීට අමතරව මෙම සිදුවීම අළලා යම් අතපසු වීම් හා තාක්ෂණික දෝෂ සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී පැවැතියත් මෙම ව්‍යාපාරය නීති විරෝධී යැයි පැවසීම සඳහා තවමත් කිසිදු පාර්ශ්වයකින් නිශ්චිත චෝදනා එල්ල වී නැති අතර චෝදනා කරන පාර්ශ්ව නඩු පැවැරීමක් හෝ සිදු කර නොමැත.
     
    Last edited:

    lovesl

    Member
    Dec 8, 2014
    235
    20
    0
    එහනම් එතින් අරක හරි මේක වැරදි කියල කාටවත් කියන්න බැහැනේ

    unp උන් කොටසක් කියනවා හරි
    අනිත් උන් වැරදි කියනවා

    විරුද්ද පක්ෂයේ උනුත්
    කොටසක් කියනවා හරි
    අනිත් උන් වැරදි කියනවා

    ඒ කියන්නේ ඔතන තියෙන්නේ දේශපාලන ගේමක් .

    අපේ මෝඩ යක්කු මාර ගන්නවා .
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,675
    40,260
    113
    ජාතික ආණ්ඩුව කාඩා වැටෙන්න හේතුව විජේදාසගේ ඩීල් දැමිල්ල. ඕකව අයින් කරලා දැම්මානම් ඉවරයි. විජයදාසට ඇවන්ගාර්ඩ් බේරන්න රජිතලා එක්ක පැටලෙන්න එපා කියලා අගමැතිත් අවවාද කරලාලු. මූ රනිල්ගේ මූනෙත් දැලි ගෑවා. මෛත්‍රීගේ මූනෙත් දැලි ගෑවා.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මගේ පියා වෙළඳ නාවුක සේවයේ ඉන්න කෙනෙක්, ඔහු කියන විදිහට මේ නැවෙන් ඔය කියන කිසිම නීතිවිරෝධී කටයුත්තක් සිදුවෙලා නැහැ.. ඔවුන් කොළඹ වාරයේ සිට වෙනත් රටකට යාමේදී මේ නැවෙන් ආරක්ෂාව සඳහා සෙබළුන් 4 දෙනෙකු නැවට ගාලු වරායෙන් ඇතුළු කරගන්නවා..මගේ පියා පවසන ආකාරයට අප්‍රිකානු පැසිෆික් කලාපයේ සෝමාලියානු තර්ජන වලට මෙය මහත් අස්වැසිල්ලක් වෙනවා.. නමුත් මේ ආණ්ඩුව බලයට පතුවූ වහාම මෙය නීතිවිරෝධී දෙයක් ලෙස සලකා එහි සේවයේ නියුතු සියල්ලන්ගේම රැකියා නැතිකොට මෙය පොලිස් මාධ්‍ය සංදර්ශනයක් කරා.. හරියටම මිලේනියම් සිටි පාවාදීම වගේම...
    මේක දැන් තනිකරම මාධ්‍ය සංදර්ශනයක්...


    මේ රටේ මිනිස්සුන්ට මේ වෙනකොට මීට වඩා දැවෙන ප්‍රශ්න තියෙනවා.. ඒවා ගැනත් කතා කරා නම් හරි.. රටේ ප්‍රශ්න වහල ඇවන්ගාඩ් ,
    ඇවන්ගාඩ් කිය කියා මිනිස්සුන්ගේ ඔලු පුරවන්නේ නැතුව..
     
    Last edited:
    • Like
    Reactions: rajitha_ks

    lovesl

    Member
    Dec 8, 2014
    235
    20
    0
    ජාතික ආණ්ඩුව කාඩා වැටෙන්න හේතුව විජේදාසගේ ඩීල් දැමිල්ල. ඕකව අයින් කරලා දැම්මානම් ඉවරයි. විජයදාසට ඇවන්ගාර්ඩ් බේරන්න රජිතලා එක්ක පැටලෙන්න එපා කියලා අගමැතිත් අවවාද කරලාලු. මූ රනිල්ගේ මූනෙත් දැලි ගෑවා. මෛත්‍රීගේ මූනෙත් දැලි ගෑවා.
    උබලා හැමදාම කරේ ඇත්ත කතා කරන එකට හොර කිව එක .
    රාජිත ට තියෙන අවුල නඩු කතාව දන්නවනේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මගේ පියා වෙළඳ නාවුක සේවයේ ඉන්න කෙනෙක්, ඔහු කියන විදිහට මේ නැව ඔය කියන කිසිම නීතිවිරෝධී කටයුත්තක් සිදුවෙලා නැහැ.. ඔවුන් කොළඹ වාරයේ සිට වෙනත් රටකට යාමේදී මේ නැවෙන් ආරක්ෂාව සඳහා සෙබළුන් 4 දෙනෙකු නැවට ගාලු වරායෙන් ඇතුළු කරගන්නවා..මගේ පියා පවසන ආකාරයට අප්‍රිකානු පැසිෆික් කලාපයේ සෝමාලියානු තර්ජන වලට මෙය මහත් අස්වැසිල්ලක් වෙනවා.. නමුත් මේ ආණ්ඩුව බලයට පතුවූ වහාම මෙය නීතිවිරෝධී දෙයක් ලෙස සලකා එහි සේවයේ නියුතු සියල්ලන්ගේම රැකියා නැතිකොට මෙය පොලිස් මාධ්‍ය සංදර්ශනයක් කරා.. හරියටම මිලේනියම් සිටි පාවාදීම වගේම...
    මේක දැන් තනිකරම මාධ්‍ය සංදර්ශනයක්...

    අන්න හරි මචං මේ වගේ පිළිතුරක් තමයි මම බලාපොරොත්තු උනේ.

    එතින් එයේ පෙරේදා නිව්ස් වල කිව්වනේ අවෙන්ගාඩ් එකන කරපු රාජකාරි දැන් නාවික හමුදාව සම්බන්දව කරනවා කියල. ඒ කියන්නේ නාවික හමුදාව මාදයට කියලා තියෙන්නේ බොරු.

    මිලේනියම් සිටි පාවාදීමක් කියල කියන්නේ මේකට බිධ්ධි අංශවල සම්බන්දයක් තියනවද ??
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උබලා හැමදාම කරේ ඇත්ත කතා කරන එකට හොර කිව එක .
    රාජිත ට තියෙන අවුල නඩු කතාව දන්නවනේ

    රාජිත කියන්නෙත් හොද මිනිහෙක් නෙමයි. :)
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    රාජිතට තියෙන්නේ පලිගැනීම... ඕවට වැඩි ආයුෂ නැහැ.. ලප කුමාරයට තියෙන්නේ ගෝටා එක්ක වයිරයක්‌.. ඒ නිසා ආණ්ඩුවේ රෙදි හෝදනවා.. පුළුවන් නම් කතා කරන්න කියපන් රාජිතට තියෙන වත්කම් සහ නැව් 6 ගැන...
     

    lovesl

    Member
    Dec 8, 2014
    235
    20
    0
    මේකනම ගොන් ආතල් එකක් .එත් දැම්ම .
    අනිවා කියවන්ට මොකද හොද point ටිකක් තියනවා





    (ලංකා ඊ නිව්ස් -2015.නොවැ.16, ප.ව.11.00) රටේ පුද්ගලික සමාගමක් වූ ඇවන්ට් ගාඩ් සමාගම කිසිදු නීතියකට යටත් නොවී අත්තනෝමතිකව නාවික හමුදාවට පවරා ගැනීම පිළිබඳව ලංකා ඊ නිව්ස් විරෝධය දැක්වීම සම්බන්ධයෙන් කිපුණු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ ලංකා ඊ නිව්ස් ඇමතීය. ඔහු සමග යෙදුනු සංවාදය මෙසේය.
    රාජිත - හෙලෝ.. අන්න ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණයට වැඩ කරපු සමාජ වෙබ් අඩවි ඔක්කොම ඔයගොල්ලන්ට බනිනවා..
    ඊ නිව්ස් - ආ ඇත්තද ඩොක්ටර් ? මොනවා කියලද බනින්නේ..?
    රාජිත - ඔයගොල්ලො ඇවන්ට් ගාඩ් එකට කඩේ යනවා කියලා
    ඊ නිව්ස් - ආ ඒකට කමක් නෑ.. අපි දන්නවා අපි කරන්නේ මොකක්ද කියලා.. ජනවාරි 8 වෙනිදා අපි මෛත්‍රීට කඩේ යනවා කියලත් කට්ටියක් අපිට බැන්නනේ..
    රාජිත - හරි දැන් ඔයගොල්ලන්ට මේකේ තියෙන ප්‍රශ්නේ මොකක්ද..?
    ඊ නිව්ස් - අපිට වෙන මුකුත් ප්‍රශ්නයක් නෑ.. ඇවන්ට් ගාඩ් එකට හෙණ ගැහුවත් අපිට ප්‍රශ්නයක් නෑ.. අපිට තියෙන්නේ රටක සමාගමක් මෙහෙම කිසිම නීතියක් නැතිව හමුදාවට පවරා ගැනීම ගැනයි ප්‍රශ්නේ තියෙන්නේ.. අපි ඒකටයි විරුද්ධ..
    රාජිත - මේ ඇවන්ට් ගාඩ් එකට මේක දුන්නේ ගෝඨනේ. ගෝඨගේ විකුණගන්න බැරිව තිබුනු ඇමරිකාවේ ගෙයක් ඔය නිශ්ශංක සේනාධිපති ලොකු ගානක් දීලා ගත්තා.. ඒකට හරියන්න මේ බිස්නස් එක ගෝඨා හදලා දුන්නා....
    ඊ නිව්ස් - හෝව් හෝව් ඩොක්ටර්.. ඔය කතා මුලින්ම එලි කරපු මාධ්‍ය තමයි ඊ නිව්ස්. අපි ඕව කියලා තියෙන්නේ දැන් අවුරුදු 3 කට විතර කලින්.. දැන් ඒ කතා වැඩක් නෑනේ. දැන් තියෙන ප්‍රශ්නේ සමාගමක් නීතියක් නැතිව හමුදාවකට පවරා ගැනීමයි..
    රාජිත - ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් තියෙනවා නම් ජනාධිපතිට පුළුවන් හමුදාවට පවරා ගන්න..
    ඊ නිව්ස් - දැන් කව්ද මේ සමාගමෙන් ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් තියෙනවා යි කියලා කීවේ..?
    රාජිත - මේක ඒ වෙලාවේ මාත් ජනාධිපතිට කීවා.. නියෝජ්‍ය සොලිසිටර් සුහද ගම්ලතුත් කීවා..
    ඊ නිව්ස් - සුහද ගම්ලත් කියන්නේ නීතිපතිවරයා නොවෙයිනේ.. අනෙක ඔයා රටේ සෞඛ්‍ය ඇමැති මිසක් ජනාධිපතිගේ ආරක්ෂක උපදේශකත් නොවෙයිනේ.. ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ආරක්ෂක කවුන්සිලය මගින් තීරණය කළ යුතුයි, ජාතික ඔත්තු සේවාව එවැන්නක් වාර්තා කළ යුතුයි.. අනික එදා රැස්වුනේ ජාතික ආරක්ෂක කවුන්සිලය නොවෙයිනේ.. එදා රැස්වුනේ කැබිනට් මණ්ඩලයත් නොවෙයිනේ.. ජනාධිපතිතුමාට හිතවත් ඔයගොල්ලෝ තුන් හතර දෙනෙක් විතරයිනේ. එහෙම අවස්ථාවක කොහොමද මෙහෙම තීන්දුවක් ගන්නේ.. ?
    රාජිත - ජනාධිපති වරයාට ඕනෙ වෙලාවක ජාතික ආරක්ෂාව ගැන තීන්දු ගන්න පුළුවන්..
    ඊ නිව්ස් - ඩොක්ටර් ඔයගොල්ලෝ ඔහොම තමයි මහින්ද රාජපක්ෂවත් ඒකාධිපතියෙක් කෙළේ.. මොන කෙහෙල්මල කරන්නත් රටක නීතියක් ඕනේ නැතිද? අඩු ගානේ ගැසට් නිවේදනයක් වත් ඕනේ නැතිද? අනික මීට දවස් 20 කට කලින් ආණ්ඩුවත් එක්ක ගිවිසුමක් ගහපු ආයතනයක් එකපාර කොහොමද ජාතික ආරක්ෂාවට තර්ජනයක් වුනේ..?
    රාජිත - හහ් හහ් හා දැන් පොඩ්ඩක් බිසි. මං පස්සේ කතා කරන්නම්කෝ.. ගුඩ් නයිට්..!
    ඒ දෙබස් නිමා වූයේ එසේය... ඕනෑම ඒකාධිපතියෙක් මම ඒකාධිපතිත්වයට යනවා කියා කියන්නේ නැත. ඔවුන් කියන්නේ ‘ජාතික ආරක්ෂාව වෙනුවෙන් මේක කරනවා‘ හෝ ‘ආගම බේරා ගන්න මේක කරනවා‘ වැනි තක්කඩි කතාය. ජනාධිපති මෛත්‍රී කියන්නේ එකකි කරන්නේ තවත් එකකි. එය ඔහු පසුගිය මාස 10 තුල කිහිප වතාවක්ම ඒ බව පෙන්වා තිබේ. ‘විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න නෙවෙයි මං එන්නේ අහෝසි කරන්න‘ යයි රැස්වීම් වල දෙසා බෑ මෛත්‍රී පසුව 19 වන සංශෝධනය ගෙන එද්දී කීවේ ‘ජනාධිපති ක්‍රමයේ ඇති විධායක බලතල අඩු කරනවා‘ කියා ය. ඒ අවස්ථාවේදී ද ලංකා ඊ නිව්ස් ඔහුගේ ඩබල් ප්‍රතිපත්තිය ගැන ජනතාවට කීවේය. ඒ අවස්ථාවේදී ද රාජිතලා චම්පිකලා සිටියේ මෛත්‍රී සමග ඩබල් ගේමේය. ඉන්පසුව දින සියයෙන් පාර්ලිමේන්තුව විසිරුවන්නේ නැතිව මහින්ද රාජපක්ෂ ශක්තිමත් වෙන තුරු දින සීයේ ආණ්ඩුවේ කකුලෙන් අදිමින් මුදල් පනත් පවා සම්මත කරගන්නට ඉඩ නොදී කල් ඇද්දේය. එවිටද රාජිතලා චම්පිකලා සිටියේ ජනතාවගේ පැත්තේ නොව ඡන්ද ක්‍රමයක් ගැන දොඩවමින් මෛත්‍රීගේ කූඨ ක්‍රියාව පැත්තේය. ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට ඔවුන්ට එදා තිබූ හදිසිය අද කෝ..? මෙහිදී ද එසේම ය. පුද්ගලික ව්‍යාපාරයක් හමුදාවකට පවරා ගැනීම අතිශයින්ම ඒකාධිපති ක්‍රියාවකි. රාජිතලා ඉන්නේ මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ ඒ ඒකාධිපති ක්‍රියාවට උඩ ගෙඩි දෙමිනි. ඒ වෙන හේතුවකට නොව මේ ව්‍යාපාරය ඔවුන්ගේ අතට ගෙන ගරා ගැනීමට ය.
    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කියන බොරුව හෙලි වන සාක්කියක් ලංකා ඊ නිව්ස් සතුව තිබේ. එනම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි අද කියන ඇවන්ට් ගාඩ් සමාගම සමග පසුගිය ඔක්තෝම්බර් 20 වෙනිදා එනම් මීට දින විස්සකට පෙර මෛත්‍රීපාල සිරිසේනගේ ආරක්ෂක අමාත්‍යාංශයට සම්පූර්ණයෙන්ම යටත් රක්නා ලංකා සමාගම ගිවිසුමක් අත්සන් කර තිබේ. රක්නා ලංකා සමාගම ගැන එහි වෙබ් අඩවියේ මෙසේ සඳහන් වේ. '' Rakna Arakshaka Lanka Limited (RALL) is a Sri Lanka Government owned business undertaking in collaboration with the Ministry of Defence...'' ඒ අනුව මෙම ගිවිසුමට ආරක්ෂක ඇමැතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන සම්පූර්ණයෙන්ම සම්බන්ධය. ඒ වන විටද ඇවන්ට් ගාඩ් සමාගම ගැන විශාල ආන්දෝලනයක් තිබුනේය. එසේනම් මෙවැනි ගිවිසුමක් අත්සන් කෙළේ ඇයි? දින 20 න් එය ඒක පාර්ශවීයව කඩා දමා හමුදාවට පවරා ගත්තේ ඇයි? රටක නීතියේ පාලනයක් නැති බවත් රාජිතලා චම්පිකලා සිරිසේනලා ට අවශ්‍ය විදිහට කබරගොයා තලගොයා කරගනිමින්ද, තලගොයා කබරගොයා කරගනිමින්ද සිටින බවට මීටත් වඩා සාක්කි කුමටද ? මේ අවනීතික ක්‍රියාව මෙතැනින් නතර වන්නේ නැත. අප ජනතාවට අනතුරු අඟවන්නේ එබැවිනි.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,675
    40,260
    113
    උබලා හැමදාම කරේ ඇත්ත කතා කරන එකට හොර කිව එක .
    රාජිත ට තියෙන අවුල නඩු කතාව දන්නවනේ

    රාජිත කැබිනට් ප්‍රකාශ්ක නිසානේ ඔච්චර පිම්බිලා පේන්නේ. රාජිත විතරක් නෙවෙයිනේ ඔකට කෑ ගහන්නේ ෆොන්සේකා රන්ජන් චම්පික අනුර. මෛත්‍රීත් ගත්තෙ විජේදාසගේ පැත්ත නෙවේ. රන්ල් උනත් කට වහන් හිටියට ඇත්ත සිද්දිය දන්නවා. විජේදාස unp කාරයා රනිල්ට උඩ බලාගෙන කෙල ගහන්න බැරිකමට සද්ද නැතුව ඉන්නවා.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අන්න හරි මචං මේ වගේ පිළිතුරක් තමයි මම බලාපොරොත්තු උනේ.

    එතින් එයේ පෙරේදා නිව්ස් වල කිව්වනේ අවෙන්ගාඩ් එකන කරපු රාජකාරි දැන් නාවික හමුදාව සම්බන්දව කරනවා කියල. ඒ කියන්නේ නාවික හමුදාව මාදයට කියලා තියෙන්නේ බොරු.

    මිලේනියම් සිටි පාවාදීමක් කියල කියන්නේ මේකට බිධ්ධි අංශවල සම්බන්දයක් තියනවද ??


    ඊයේ පෙරේදා තත්වය නෙවෙයි මන් කිවුවේ.. ඊට කලින් තිබුන තත්වය.. දැන් මේක නාවික හමුදාව යටතේ තිබුනත් කලින් වගේ නැව් සමාගම් වලින් ආරක්ෂාවට සෙබළුන් ගන්නේ නැහැ..
    ඒකට හේතුව මේ අමන ආණ්ඩුව මේක නීති විරෝධී දෙයක් ලෙස හංවඩු ගැසීම.. රටට එන විශාල විදේශ විනිමයක් ඒකෙන් නැවතුනා.. දැන් ඉන්දියාව මේ වැඩේ කරගෙන යනවා.. ගොඩක් දුරට මේක ඉන්දියාව මැදිහත් වෙලා කරපු කුමන්ත්‍රණයක්.. පරගැති ආණ්ඩුවක් ඉන්නකොට ඔය වගේ දේවල් සාමාන්‍යයි..
    මිලේනියම් සිටි පාවදීමේ උනෙත් අගමැති ඝාතනයට සිටි කණ්ඩායමක් කියා හිටපු ජේෂ්ටම බුද්ධි අංශ සමාජිකයන් සමූල ඝාතනය කිරීම.. අන දුන්නේ රනිල් වික්‍රමසිංහ..අද ගොඩක් ඔය කෑගහන කට්ටියට ඕවා අමතකයි..
    එදා බුද්ධි අංශ සාමාජිකයන්ට ජිවිත අහිමිඋනා.. අද විශ්‍රාමි
    ක නාවික සෙබළුන්ට තම රැකියාව අහිමිඋනා..
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,329
    9,069
    113
    Around the world
    ජාතික ආණ්ඩුව කාඩා වැටෙන්න හේතුව විජේදාසගේ ඩීල් දැමිල්ල. ඕකව අයින් කරලා දැම්මානම් ඉවරයි. විජයදාසට ඇවන්ගාර්ඩ් බේරන්න රජිතලා එක්ක පැටලෙන්න එපා කියලා අගමැතිත් අවවාද කරලාලු. මූ රනිල්ගේ මූනෙත් දැලි ගෑවා. මෛත්‍රීගේ මූනෙත් දැලි ගෑවා.

    :yes::yes:
     

    lovesl

    Member
    Dec 8, 2014
    235
    20
    0
    රාජිත කැබිනට් ප්‍රකාශ්ක නිසානේ ඔච්චර පිම්බිලා පේන්නේ. රාජිත විතරක් නෙවෙයිනේ ඔකට කෑ ගහන්නේ ෆොන්සේකා රන්ජන් චම්පික අනුර. මෛත්‍රීත් ගත්තෙ විජේදාසගේ පැත්ත නෙවේ. රන්ල් උනත් කට වහන් හිටියට ඇත්ත සිද්දිය දන්නවා. විජේදාස unp කාරයා රනිල්ට උඩ බලාගෙන කෙල ගහන්න බැරිකමට සද්ද නැතුව ඉන්නවා.
    මටනම් හිතෙන්නේ ඔතන තියෙන්නේ තනිකර දේශපාලන ගේමක් .