1) සාමාන්‍ය Automatic Gearbox (Planetary Gears) එකකට වඩා CVT Gearbox එකේ ක්‍රියාකාරීත්වය වෙනස්.. සාමාන්‍යයෙන් Automatic Gearbox එකකට වඩා වැඩි උෂ්ණත්වයකට CVT Gear Box එකක් පත් වෙනවා.. මේ හේතුව නිසා තමයි CVT වලට පාවිච්චි කරන Fluid එක සාමාන්‍ය අපි පාවිච්චි කරන ATF වලට වැඩ වෙනස් වෙන්නේ... අනික CVT Gearbox එකේ දිස් එක අනුව මේ කියන ඔයිල් එකේත් වෙනස්කම් සිද්ධ වෙනවා . . .
මේ හේතුව නිසා බොහෝවිට CVT Fluid එක විදියට අපිට හැමවෙලාවෙම පාවිච්චි කරන්න වෙන්නේ Manufacture Recommended Fluid එක විතරයි . . . ඒ වගේම කලින් කිව්ව උෂ්ණත්වය වගේ හේතු නිසා නිවැරදි Schedule එකට ඔයිල් මාරු වීමත් වැදගත්. . .
ඔන්න ඔය කාරනා දෙක හරියට පිළිපැද්දේ නැති උනාම වාහනේ ලෙඩ දෙන්න පටන් ගන්නවා. . .
ටොම් මාමා කිව්වා වගේ මේ CVT Gearbox වල කොටස් හරිම සියුම්. . . කෙල උනාට පස්සේ ආයේ ගොඩ ගන්න බෑ. . .
ඉතින් අපේ රටේ සියල්ල දත් ඇති පණ්ඩිත බුවාලා හිතන් ඉන්නේ CVT අවුල් කියල.. CVT වල අවුලක් නැහැ (කලාතුරකින් Factory Fault දකින්න පුළුවන්). . . අපේ උන් හරියට මේන්ටේන් කරන්නේ නැතුව කෙලෝ ගෙන CVT අවුල් කියනවා. . .
2) එහෙම නෑ.. අවශ්‍යතාවය මත Manual, Auto, CVT කියන ඒවගෙන් එකක් තෝරාගන්නවා. . .
Hybrid වලට CVT නිතරම පාවිච්චි කරන්න හේතුව තමා මේ පද්ධතිය හරහා Economy එක සඳහා වඩාත්ම සුදුසු Gear Ratio එක ලබා ගන්න පුළුවන් වීම. (උපරිම හා අවම සීමා දෙක අතර අනන්ත Gear අනුපාත ප්‍රමාණයක් ගන්න පුළුවන් කියල තමා කියන්නේ...)
Mercedes, Volvo, Lexus වගේ Luxury වාහන වලට CVT බහුලව භාවිතා කරන්න හේතුව තමා මේ පද්ධතියේ තියෙන ඉතා සුමට ක්‍රියාකාරීත්වය. . .
සාමාන්‍යයෙන් Planetary Gearbox තියෙන වාහනයක උනත් ගියර් මාරු වෙනකොට පොඩි ගැස්සීමක් ඇති වෙනවා. . . WOT අවස්ථාවේදි මේක හොඳටම දැනෙනවා... නමුත් CVT එකක එහෙම කිසිම අවස්ථාවකදී දැනෙන්නේ නැහැ... මේක එක හේතුවක් Luxury වාහනවලට CVT පාවිච්චි කරන්න....