වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජන...

nuwan007lk

Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය...

    කවුද මේ වෛද්‍යවරු කියන්නේ...?

    වෛද්‍යවරු කියන්නේ මේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකයෙම පිළිගත් වෘත්තියක් කරන, වෘත්තීය ශ්‍රේණිගත කිරීම්වලට අනුව අපේ රටේ විධායක ශ්‍රේණියට අයත් (ඒ කියන්නේ වරප්‍රසාද හිමි ඉහලම ශ්‍රේණියක ඉන්න), අසරණ රෝගී ජනතාව සුවපත් කිරීම වෙනුවෙන් දිවා රෑ දෙකම කැපකර සිටින, එක අතකට ශ්‍රේෂ්ඨයැයි කිව හැකි මිනිසුන් පිරිසක්.... කොටින්ම මට වඩා, ඔබට වඩා දක්ෂයින් පිරිසක්.. (මොකද අපි හැමෝම ලැබුවේ එකම නිදහස් අධ්‍යාපනයක්... අපි වෛද්‍යවරුන් නොවනෙත්, ඔවුන් වෛද්‍යවරුන් වුනෙත් ඔවුන්ගේ දක්ෂකමට මිසක් රජයෙන් ඔවුන්ට වැඩිපුර සලකපු නිසා නෙවෙයිනේ......

    එතකොට මොකක්ද මේ තීරුබදු රහිත වාහන අවසරපත්‍රයි, වෛද්‍යවරුයි අතරේ තියෙන සම්බන්ධය...?

    අපි මෙහෙම හිතමු.. ප්‍රාදේශීය ලේකම් කෙනෙක් කියන්නෙත් විධායක ශ්‍රේණියේ තනතුරක් දරන කෙනෙක්.. ඒත් එයාට නිල වාහනයක් තියෙනවා. රියදුරෙක් ඉන්නවා. රජය ගානේ ඉන්ධන ලබා දෙනවා... ඒත් විධායක ශ්‍රේණියේම වෛද්‍යවරයෙක්ට ඔය මොනවත් ලැබෙනවද? නෑ.. මේ රටේ වැඩිම විධායක ශ්‍රේණියේ රජයේ සේවකයින් පිරිස වන, නොඑසේනම් දාසයදාහක් පමණ වන වෛද්‍යවරුන්ට නිල වාහනයකුයි, රියදුරෙකුයි, ඉන්ධනයි දෙන්න රජයකට පුළුවන්කමකුත් නෑ.... අන්න ඒ නිසයි විධායක ශ්‍රේණියේ වෛද්‍යවරුන්ට තීරුබදු රහිත වාහන අවසරපත්‍රයක් දෙන්න තීරණය වෙලා තිබුණේ... ඒත් අන්තිමට මොකද වුනේ.. වෛද්‍යවරුන්ට විතරක් නෙවෙයි, නිල වාහනයක් හිමි, විධායක ශ්‍රේණියේ අනෙකුත් වෘත්තීකයින්ට පවා ඔවුන්ගේ ඉල්ලීම් මත, තීරුබදු රහිත වාහන අවසරපත්‍ර ලබා දීමට රජයට සිදු වුනා...

    ඉතිං මොකක්ද තීරුබදු රහිත වාහන අවසරපත්‍රයක් දෙන එකේ තියෙන ප්‍රශ්නේ...?
    වෛද්‍යවරයෙක් මේ අවසරපත්‍රය පාවිච්චි කරලා වාහනයක් ගත්තොත් ගන්නේ තමන්ගේ ආදායමට ගැලපෙන වාහනයක්.. ඒකෙන් ඕනමනම් රජයට රුපියල් ලක්ෂ දහයක, පහළවක බදු ආදායමක් අහිමි වෙයි.. ඒත් වෛද්‍යවරයෙක් මේ අවසරපත්‍රය ලොකු බිස්නස්කාරයෙක්ට විකුණුවොත්, ඒ මනුස්සයා ගන්නේ එයාගෙ ආදායමට ගැලපෙන විදිහේ වාහනයක්.. ඒකෙන් ඇතැම්විට රජයට ලක්ෂ හතලිහක පනහක පාඩුවක් වෙන්න පුළුවන්.. අනික, තීරුබදු සහනය යන්නේ වෛද්‍යවරයාට නෙවෙයි, මේ කොහෙදෝ හිටපු බිස්නස්කාරයෙක්ට... ඔන්න ඕකයි තියෙන ප්‍රශ්නේ..

    ඉතිං මෙහෙම, තීරුබදු රහිත වාහන අවසරපත්‍රය වෙන කාටහරි විකුණන්නේ වෛද්‍යවරු විතරද?
    නෑ... හැම කෙනෙක්ම ඕක කරනවා.. නිකමට හිතන්න ඇයි මේ කොටි ගණන් වියදම්කරලා කට්ටිය පාර්ලිමේන්තුවට යන්න දඟලන්නේ.. මාසෙකට රුපියල් ලක්ෂයක් විතර, ඒ කියන්නේ අවුරුදු පහටම ලක්ෂ හැටක් විතර හම්බකරගන්නද? නෑ.. අපි අනිත් වරදාන වරප්‍රසාද ගැන කථා නොකර ඉමු.. ඒත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට ලැබෙන තීරුබදු රහිත වාහන අවසරපත්‍රය සීයට සීයක්ම බදුවලින් නිදහස්.. එයාලට ඒක විකුණන්න පුළුවන් අඩුම රුපියල් කෝටි දෙක හමාරකට විතර... අවුරුදු පහට තීරුබදු රහිත වාහන අවසරපත්‍ර දෙකක් විතර එයාලට ලැබෙනවා.. ඒ කියන්නේ පර්මිට් වලින්ම අවුරුදු පහට කෝටි පහක් හොයාගන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වුනොත්.. ඒත් වෛද්‍යවරයෙක්ට එහෙම පුළුවන්කමක් නෑ.. නිකමට හිතන්න, වෛද්‍යවරයෙක්ට සාපේක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ මහ ලොකු වටිනාකමක් තියෙනවද? වෛද්‍යවරයෙක්ට ලෝකේ ඕනම රටකට ගිහිං තමන්ගේ සේවය ලබාදෙන්න පුළුවන් හොඳ මුදලකට.. ඒත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට පිට රටකට ගිහිං කරන්න පුළුවන් අහවල් දෙයක් තියෙනවද? එහෙම බලපුවම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට තීරුබදු රහිත වාහන අවසරපත්‍රයක් ලබා දෙනවට වඩා වෛද්‍යවරයෙක්ට ඒක ලබා දෙන එක සිය දහස්වාරයකින් හොඳයි නේද...?
    ඒත් ඉතිං මේ තීරුබදු රහිත වාහන අවසරපත්‍ර ලබා දෙන එක නවත්තපු එකෙන් රටට ලොකු ඉතිරියක් වෙනවා නේද?

    අනිවාර්යෙන්ම ඔව්... මෙච්චර කාලෙකට ගත්ත හොඳම තීරණයක්.. මොකද ඇත්තටම මේ තීරු බදු සහනය ගත්තේ වෙන එවුන්... ඒත් මෙතන ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන්නේ වෛද්‍යවරුට... එයාලට දැන් නිල වාහනයකුත් නෑ.. පර්මිට් එකත් නෑ... විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් නිල වාහනය වෙනුවට තමන්ගේ වාහනය පාවිච්චි කරනවානම්, රජයෙන් එයාට රුපියල් හතලිස් දාහක විතර දීමනාවක් දිය යුතුයි.. නිකමට හිතන්න.. වෛද්‍යවරුන්ට එහෙම දීමනාවක් දෙන්න වුනොත් එක වෛද්‍යවරයෙක්ට අවුරුදු පහට රුපියල් ලක්ෂ විසිහතරක් දෙන්න වෙනවා... මේ රටේ වෛද්‍යවරු ඉන්නවා දාසය දාහක් විතර.. ඉතිං ඊට වඩා ලාබ නැද්ද තීරුබදු රහිත වාහන අවසරපත්‍රයක් දෙන එක... රජයට කරන්න තිබුණෙ, වෙන කෙනෙක්ට ඒක විකුණන්න බැරි විදිහේ ක්‍රමවේදයක් හදලා දෙන එක විතරයි...

    :cool::cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: djnick

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    waidyawaru witarak nemei rajaye widayaka sewaye siyalu denata me waraprasadaya ahimi karala. ingineruwo, ganakadikariwaru wage siyaluma denata. e siyalloma thamange anshayen ihalama lakunu labagena ihalatama igena gaththa aya. paudgalika anshaye injineruwanta ganakadikariwarunta waidyawarayekuta itha ihala watup labenawa. ithin ehema thiyeddi rajaye sochcham watupakata sewaya karana kota ara wage waraprasada laba denna ona kiyalai mama hithanne.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොලේ *කට බැහැපු උලමෙක් මුදල් ඇමති වෙලා ඉන්න කොට ඌ හිතන්නේ කොහෙන්ද කියල උඹට මම අමුතුවෙන් කියන්න ඕන නෑ නේද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සම්පුර්ණයෙන්ම නැති කරනවට වඩා කරන්න තිබුනෙ එක්කෝ විකුණන එක නතර කරන්න ක්‍රමයක් හදන එක, නැත්තන් අවුරුදු පහෙන් පහට නැතුව කාලේ තව ටිකක් දික් කරන එක. නැත්තන් එක්කෙනෙකුට සේවා කාලය තුල ගන්න පුළුවන් පර්මිට් ගාන සීමා කරන එක. මුළු සේවා කාලෙටම 3ක් වගේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනිවා... උදේට පුටාර් එකෙන් ගිහින් පොල් කඩලා හවස ගෙදර එන වුන් හිතන් ඉන්නේ දොස්තරලට විතරක් වරප්‍රසාද දෙන එක වැරදී. නිදහස් අද්‍යාපනෙන් ඉගෙනගෙන ස්ට්‍රයික් කරන එක වැරදී කියල

    හරිනම් නිදහස් අද්‍යාපනෙන් උගන්නද්දි පිස්සු නටලා ඒ සල්ලි විනාස කරපු ඉගෙනගත්තේ නැති උන්ගෙනුයි ඒ සල්ලි අයකරගන්න ඕනේ..:lol::lol:

    ඕකට තමා අම්මලා පොඩි කාලේ කිව්වේ ඉගෙනගනිලා ඉගෙනගනිල්ලා කියල.. දැන් හූල්ලලා වැඩක් නෑ:P:P:P:P
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    avatar267406_271.gif
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මචන් මේ රට ගැන කතා කරල වැඩක් නෑ. මිනිස්සුන්ගෙ පුදුම කුහක ඊර්ෂ්‍යාවක් තියෙන්නෙ. ඉගෙන ගත්තෙ නැති එකා ඉගෙන ගත්ත මිනිහට ගරහන්න බලාගෙන ඉන්නව ඉගෙනගන්න කාලෙ හරියට ඉගෙන ගත්තෙ නැතුව.

    අනික මම දකින විදිහට ඩොක්ටර්ස්ල මෙතන අලුතෙන් දෙයක් ඉල්ලන්නෙ නෑ. තමන්ට කලින් දීපු දෙයක් විතරයි ඉල්ලන්නෙ. අනික ඔක්කොටම අහෝසි කරා කියපු පර්මිට් එක පාර්ලිමේන්තුවෙ ඉන්න කාලකන්නිට ආයෙත් දෙනව කියල තියනව. ඒවට කවුරුවත් කතා නෑ.

    මෙතන මේ දොස්තරල කෑ ගහන්නෙ අනාගතයෙ දොස්තරල වෙන්න ඉන්න අයගෙත් අයිතිවාසිකම් ආරක්ෂාවෙන විදිහට. දොස්තරලට බනින එවුන්ගෙ ලමයෙකුත් කවදහරි ඩොකෙක් උනොත් උන්ටත් මේව හිමිවෙන බව හිතන්න තරම් මොලයක් නෑ කෑගහන නරින්ට.
     
    Last edited:

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    රත්තරං;19374928 said:
    අනිවා... උදේට පුටාර් එකෙන් ගිහින් පොල් කඩලා හවස ගෙදර එන වුන් හිතන් ඉන්නේ දොස්තරලට විතරක් වරප්‍රසාද දෙන එක වැරදී. නිදහස් අද්‍යාපනෙන් ඉගෙනගෙන ස්ට්‍රයික් කරන එක වැරදී කියල

    හරිනම් නිදහස් අද්‍යාපනෙන් උගන්නද්දි පිස්සු නටලා ඒ සල්ලි විනාස කරපු ඉගෙනගත්තේ නැති උන්ගෙනුයි ඒ සල්ලි අයකරගන්න ඕනේ..:lol::lol:

    ඕකට තමා අම්මලා පොඩි කාලේ කිව්වේ ඉගෙනගනිලා ඉගෙනගනිල්ලා කියල.. දැන් හූල්ලලා වැඩක් නෑ:P:P:P:P

    :yes::yes::yes::yes:
     
    nuwan007lk

    Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    waidyawaru witarak nemei rajaye widayaka sewaye siyalu denata me waraprasadaya ahimi karala. ingineruwo, ganakadikariwaru wage siyaluma denata. e siyalloma thamange anshayen ihalama lakunu labagena ihalatama igena gaththa aya. paudgalika anshaye injineruwanta ganakadikariwarunta waidyawarayekuta itha ihala watup labenawa. ithin ehema thiyeddi rajaye sochcham watupakata sewaya karana kota ara wage waraprasada laba denna ona kiyalai mama hithanne.

    මොලේ *කට බැහැපු උලමෙක් මුදල් ඇමති වෙලා ඉන්න කොට ඌ හිතන්නේ කොහෙන්ද කියල උඹට මම අමුතුවෙන් කියන්න ඕන නෑ නේද?

    සම්පුර්ණයෙන්ම නැති කරනවට වඩා කරන්න තිබුනෙ එක්කෝ විකුණන එක නතර කරන්න ක්‍රමයක් හදන එක, නැත්තන් අවුරුදු පහෙන් පහට නැතුව කාලේ තව ටිකක් දික් කරන එක. නැත්තන් එක්කෙනෙකුට සේවා කාලය තුල ගන්න පුළුවන් පර්මිට් ගාන සීමා කරන එක. මුළු සේවා කාලෙටම 3ක් වගේ.

    රත්තරං;19374928 said:
    අනිවා... උදේට පුටාර් එකෙන් ගිහින් පොල් කඩලා හවස ගෙදර එන වුන් හිතන් ඉන්නේ දොස්තරලට විතරක් වරප්‍රසාද දෙන එක වැරදී. නිදහස් අද්‍යාපනෙන් ඉගෙනගෙන ස්ට්‍රයික් කරන එක වැරදී කියල

    හරිනම් නිදහස් අද්‍යාපනෙන් උගන්නද්දි පිස්සු නටලා ඒ සල්ලි විනාස කරපු ඉගෙනගත්තේ නැති උන්ගෙනුයි ඒ සල්ලි අයකරගන්න ඕනේ..:lol::lol:

    ඕකට තමා අම්මලා පොඩි කාලේ කිව්වේ ඉගෙනගනිලා ඉගෙනගනිල්ලා කියල.. දැන් හූල්ලලා වැඩක් නෑ:P:P:P:P

    මචන් මේ රට ගැන කතා කරල වැඩක් නෑ. මිනිස්සුන්ගෙ පුදුම කුහක ඊර්ෂ්‍යාවක් තියෙන්නෙ. ඉගෙන ගත්තෙ නැති එකා ඉගෙන ගත්ත මිනිහට ගරහන්න බලාගෙන ඉන්නව ඉගෙනගන්න කාලෙ හරියට ඉගෙන ගත්තෙ නැතුව.

    අනික මම දකින විදිහට ඩොක්ටර්ස්ල මෙතන අලුතෙන් දෙයක් ඉල්ලන්නෙ නෑ. තමන්ට කලින් දීපු දෙයක් විතරයි ඉල්ලන්නෙ. අනික ඔක්කොටම අහෝසි කරා කියපු පර්මිට් එක පාර්ලිමේන්තුවෙ ඉන්න කාලකන්නිට ආයෙත් දෙනව කියල තියනව. ඒවට කවුරුවත් කතා නෑ.

    මෙතන මේ දොස්තරල කෑ ගහන්නෙ අනාගතයෙ දොස්තරල වෙන්න ඉන්න අයගෙත් අයිතිවාසිකම් ආරක්ෂාවෙන විදිහට. දොස්තරලට බනින එවුන්ගෙ ලමයෙකුත් කවදහරි ඩොකෙක් උනොත් උන්ටත් මේව හිමිවෙන බව හිතන්න තරම් මොලයක් නෑ කෑගහන නරින්ට.

    Thanks​
    ;););)
     
    Last edited:

    waligamaya

    Well-known member
  • රත්තරං;19374928 said:
    අනිවා... උදේට පුටාර් එකෙන් ගිහින් පොල් කඩලා හවස ගෙදර එන වුන් හිතන් ඉන්නේ දොස්තරලට විතරක් වරප්‍රසාද දෙන එක වැරදී. නිදහස් අද්‍යාපනෙන් ඉගෙනගෙන ස්ට්‍රයික් කරන එක වැරදී කියල

    හරිනම් නිදහස් අද්‍යාපනෙන් උගන්නද්දි පිස්සු නටලා ඒ සල්ලි විනාස කරපු ඉගෙනගත්තේ නැති උන්ගෙනුයි ඒ සල්ලි අයකරගන්න ඕනේ..:lol::lol:

    ඕකට තමා අම්මලා පොඩි කාලේ කිව්වේ ඉගෙනගනිලා ඉගෙනගනිල්ලා කියල.. දැන් හූල්ලලා වැඩක් නෑ:P:P:P:P

    :yes::yes::yes:
     
    waligamaya

    Well-known member
  • මේවා දීල තියෙන්නේ රජයේ සේවයට දක්ෂයන්ව ආකර්ශනය කරහ්ගන ඔකද එකෙන් ලැබෙන වැටුපෙන් වුර්තිකයන් ආකර්ශනය වෙනේ නැ. ඉංජිනේරුවෙක් ගමු ඔවුන් රජයේ සේවයට බැදෙන්නේ බොහෝවිට වරලත් ඉන්ගිනේරු සහතිකය ගන්න, නැත්තන් තමන්ගේ ගෙදර ඉදන් වැඩට යන වගේ දේවල් වලට මිසක් ලැබෙන වැටුපට නම් නෙවෙයි. සාමාන්යෙන් ඉංජිනේරුවන්ට බලපත් ලැබෙන්නේ අවුරුදු 12-9 වගේ කාලයකට සැරයක්. ඕවත් නොලැබුණාම කවුද ඉන්නේ ආයතනවල වැඩකරන්න්. මහා project වල දේශපාලුවෝ කරන පිස්සු වැඩ නිසාවෙන පාඩුව පොදක් හරි අඩු කරන්නේ ඔවුන් නිසා තමයි. රටට අමාරුනම් කගේ කාගේත් පහසුකම් අඩු කරනවා නම කමක් නැ. නමුත් කරන්නේ දුපතගෙයි, මැද පන්තියේ මිනිහගෙයි, වුර්තිකයන්ගෙයි තියන දේවල් අඩු කරන එක තමයි.

    දැන් ඔය විශ්‍රම වැටුප මතිකරනවා කීවට මන්තිලගේ ඒවා එකක්වත් අඩු කරද? නැ. මිනිස්සු තමන්ට ලැබෙන නැති දෙයක් නම් කපනකොට හරි සතුටුයි. තමන්ට ලැබෙනේ දේ කපන කොට කෑගහනවා. මිනිස්සු තේරුම් ගන්න ඕන පැල්පත් ලැබෙන්නේ තැනගේ අලපු ගෙදර එකට නෙවෙයි යම් කිසි වුර්තියක යෙදෙනන්ට. මෙරටේ මිනිගෙක්ට දොස්තර කෙනෙක් වෙන ඕනනම් එකට බොහොම නිදහස් මාවතක් තියනවා වෙනත් බොහෝ රටවලට වැඩ. අවශ්‍යය උසහයයි කැපවීමයි විතරයි.
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    මොලේ *කට බැහැපු උලමෙක් මුදල් ඇමති වෙලා ඉන්න කොට ඌ හිතන්නේ කොහෙන්ද කියල උඹට මම අමුතුවෙන් කියන්න ඕන නෑ නේද?

    සිරා කතාව මචෝ
     
    waligamaya

    Well-known member
  • මෙලෝ වැඩක් කරනේ නැති අපේ බදුවලින් සපවිදින දේශපාලුවෝ මොනවා හ‍රි ගානවා නම් එකට එකෙන් කන්නේ නැ. වැඩකරන වුර්තියක යෙදෙන මිනිහෙක්ක්ගේ දෙයක් කපන කොට එකට මර සතුටුයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පාර්ලිමේන්තුවේ ඉන්න හරක් ට දෙනවට වඩා නම් මේ මිනිස්සුන්ට දෙන එක දහස් වාරයක් වටිනවා...පාර්ලිමේන්තුවේ ඉන්න උන් රටට වින කරනවා විතරනේ...කාලකන්නි
     
    nuwan007lk

    Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    පාර්ලිමේන්තුවේ ඉන්න හරක් ට දෙනවට වඩා නම් මේ මිනිස්සුන්ට දෙන එක දහස් වාරයක් වටිනවා...පාර්ලිමේන්තුවේ ඉන්න උන් රටට වින කරනවා විතරනේ...කාලකන්නි

    :yes::yes::yes:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    :yes::yes::yes::yes:
    මේවා දීල තියෙන්නේ රජයේ සේවයට දක්ෂයන්ව ආකර්ශනය කරහ්ගන ඔකද එකෙන් ලැබෙන වැටුපෙන් වුර්තිකයන් ආකර්ශනය වෙනේ නැ. ඉංජිනේරුවෙක් ගමු ඔවුන් රජයේ සේවයට බැදෙන්නේ බොහෝවිට වරලත් ඉන්ගිනේරු සහතිකය ගන්න, නැත්තන් තමන්ගේ ගෙදර ඉදන් වැඩට යන වගේ දේවල් වලට මිසක් ලැබෙන වැටුපට නම් නෙවෙයි. සාමාන්යෙන් ඉංජිනේරුවන්ට බලපත් ලැබෙන්නේ අවුරුදු 12-9 වගේ කාලයකට සැරයක්. ඕවත් නොලැබුණාම කවුද ඉන්නේ ආයතනවල වැඩකරන්න්. මහා project වල දේශපාලුවෝ කරන පිස්සු වැඩ නිසාවෙන පාඩුව පොදක් හරි අඩු කරන්නේ ඔවුන් නිසා තමයි. රටට අමාරුනම් කගේ කාගේත් පහසුකම් අඩු කරනවා නම කමක් නැ. නමුත් කරන්නේ දුපතගෙයි, මැද පන්තියේ මිනිහගෙයි, වුර්තිකයන්ගෙයි තියන දේවල් අඩු කරන එක තමයි.

    දැන් ඔය විශ්‍රම වැටුප මතිකරනවා කීවට මන්තිලගේ ඒවා එකක්වත් අඩු කරද? නැ. මිනිස්සු තමන්ට ලැබෙන නැති දෙයක් නම් කපනකොට හරි සතුටුයි. තමන්ට ලැබෙනේ දේ කපන කොට කෑගහනවා. මිනිස්සු තේරුම් ගන්න ඕන පැල්පත් ලැබෙන්නේ තැනගේ අලපු ගෙදර එකට නෙවෙයි යම් කිසි වුර්තියක යෙදෙනන්ට. මෙරටේ මිනිගෙක්ට දොස්තර කෙනෙක් වෙන ඕනනම් එකට බොහොම නිදහස් මාවතක් තියනවා වෙනත් බොහෝ රටවලට වැඩ. අවශ්‍යය උසහයයි කැපවීමයි විතරයි.
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    මම දන්නා තරමට දොස්තරල තමයි අත්සන් කරන්න ඕනේ නැති එකම රජයේ සේවකයෝ..
    පුහුණුවෙන් පසු අනිවාර්ය සේවාකාලයක් සේවය කිරීමට බැදිලා නැති එකම සුව සේවකයෝ..
    මගේ දැනුම වැරදිනම් නිවැරදි කරන්න