වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය...
කවුද මේ වෛද්‍යවරු කියන්නේ...?
වෛද්‍යවරු කියන්නේ මේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකයෙම පිළිගත් වෘත්තියක් කරන, වෘත්තීය ශ්‍රේණිගත කිරීම්වලට අනුව අපේ රටේ විධායක ශ්‍රේණියට අයත් (ඒ කියන්නේ වරප්‍රසාද හිමි ඉහලම ශ්‍රේණියක ඉන්න), අසරණ රෝගී ජනතාව සුවපත් කිරීම වෙනුවෙන් දිවා රෑ දෙකම කැපකර සිටින, එක අතකට ශ්‍රේෂ්ඨයැයි කිව හැකි මිනිසුන් පිරිසක්.... කොටින්ම මට වඩා, ඔබට වඩා දක්ෂයින් පිරිසක්.. (මොකද අපි හැමෝම ලැබුවේ එකම නිදහස් අධ්‍යාපනයක්... අපි වෛද්‍යවරුන් නොවනෙත්, ඔවුන් වෛද්‍යවරුන් වුනෙත් ඔවුන්ගේ දක්ෂකමට මිසක් රජයෙන් ඔවුන්ට වැඩිපුර සලකපු නිසා නෙවෙයිනේ......
එතකොට මොකක්ද මේ තීරුබදු රහිත වාහන අවසරපත්රයි, වෛද්‍යවරුයි අතරේ තියෙන සම්බන්ධය...?
අපි මෙහෙම හිතමු.. ප්‍රාදේශීය ලේකම් කෙනෙක් කියන්නෙත් විධායක ශ්‍රේණියේ තනතුරක් දරන කෙනෙක්.. ඒත් එයාට නිල වාහනයක් තියෙනවා. රියදුරෙක් ඉන්නවා. රජය ගානේ ඉන්ධන ලබා දෙනවා... ඒත් විධායක ශ්‍රේණියේම වෛද්‍යවරයෙක්ට ඔය මොනවත් ලැබෙනවද? නෑ.. මේ රටේ වැඩිම විධායක ශ්‍රේණියේ රජයේ සේවකයින් පිරිස වන, නොඑසේනම් දාසයදාහක් පමණ වන වෛද්‍යවරුන්ට නිල වාහනයකුයි, රියදුරෙකුයි, ඉන්ධනයි දෙන්න රජයකට පුළුවන්කමකුත් නෑ.... අන්න ඒ නිසයි විධායක ශ්‍රේණියේ වෛද්‍යවරුන්ට තීරුබදු රහිත වාහන අවසරපත්‍රයක් දෙන්න තීරණය වෙලා තිබුණේ... ඒත් අන්තිමට මොකද වුනේ.. වෛද්‍යවරුන්ට විතරක් නෙවෙයි, නිල වාහනයක් හිමි, විධායක ශ්‍රේණියේ අනෙකුත් වෘත්තීකයින්ට පවා ඔවුන්ගේ ඉල්ලීම් මත, තීරුබදු රහිත වාහන අවසරපත්‍ර ලබා දීමට රජයට සිදු වුනා...
ඉතිං මොකක්ද තීරුබදු රහිත වාහන අවසරපත්‍රයක් දෙන එකේ තියෙන ප්‍රශ්නේ...?
වෛද්‍යවරයෙක් මේ අවසරපත්‍රය පාවිච්චි කරලා වාහනයක් ගත්තොත් ගන්නේ තමන්ගේ ආදායමට ගැලපෙන වාහනයක්.. ඒකෙන් ඕනමනම් රජයට රුපියල් ලක්ෂ දහයක, පහළවක බදු ආදායමක් අහිමි වෙයි.. ඒත් වෛද්‍යවරයෙක් මේ අවසරපත්‍රය ලොකු බිස්නස්කාරයෙක්ට විකුණුවොත්, ඒ මනුස්සයා ගන්නේ එයාගෙ ආදායමට ගැලපෙන විදිහේ වාහනයක්.. ඒකෙන් ඇතැම්විට රජයට ලක්ෂ හතලිහක පනහක පාඩුවක් වෙන්න පුළුවන්.. අනික, තීරුබදු සහනය යන්නේ වෛද්‍යවරයාට නෙවෙයි, මේ කොහෙදෝ හිටපු බිස්නස්කාරයෙක්ට... ඔන්න ඕකයි තියෙන ප්‍රශ්නේ..
ඉතිං මෙහෙම, තීරුබදු රහිත වාහන අවසරපත්‍රය වෙන කාටහරි විකුණන්නේ වෛද්‍යවරු විතරද?
නෑ... හැම කෙනෙක්ම ඕක කරනවා.. නිකමට හිතන්න ඇයි මේ කොටි ගණන් වියදම්කරලා කට්ටිය පාර්ලිමේන්තුවට යන්න දඟලන්නේ.. මාසෙකට රුපියල් ලක්ෂයක් විතර, ඒ කියන්නේ අවුරුදු පහටම ලක්ෂ හැටක් විතර හම්බකරගන්නද? නෑ.. අපි අනිත් වරදාන වරප්‍රසාද ගැන කථා නොකර ඉමු.. ඒත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට ලැබෙන තීරුබදු රහිත වාහන අවසරපත්‍රය සීයට සීයක්ම බදුවලින් නිදහස්.. එයාලට ඒක විකුණන්න පුළුවන් අඩුම රුපියල් කෝටි දෙක හමාරකට විතර... අවුරුදු පහට තීරුබදු රහිත වාහන අවසරපත්‍ර දෙකක් විතර එයාලට ලැබෙනවා.. ඒ කියන්නේ පර්මිට් වලින්ම අවුරුදු පහට කෝටි පහක් හොයාගන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වුනොත්.. ඒත් වෛද්‍යවරයෙක්ට එහෙම පුළුවන්කමක් නෑ.. නිකමට හිතන්න, වෛද්‍යවරයෙක්ට සාපේක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ මහ ලොකු වටිනාකමක් තියෙනවද? වෛද්‍යවරයෙක්ට ලෝකේ ඕනම රටකට ගිහිං තමන්ගේ සේවය ලබාදෙන්න පුළුවන් හොඳ මුදලකට.. ඒත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට පිට රටකට ගිහිං කරන්න පුළුවන් අහවල් දෙයක් තියෙනවද? එහෙම බලපුවම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට තීරුබදු රහිත වාහන අවසරපත්‍රයක් ලබා දෙනවට වඩා වෛද්‍යවරයෙක්ට ඒක ලබා දෙන එක සිය දහස්වාරයකින් හොඳයි නේද...?
ඒත් ඉතිං මේ තීරුබදු රහිත වාහන අවසරපත්‍ර ලබා දෙන එක නවත්තපු එකෙන් රටට ලොකු ඉතිරියක් වෙනවා නේද?
අනිවාර්යෙන්ම ඔව්... මෙච්චර කාලෙකට ගත්ත හොඳම තීරණයක්.. මොකද ඇත්තටම මේ තීරු බදු සහනය ගත්තේ වෙන එවුන්... ඒත් මෙතන ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන්නේ වෛද්‍යවරුට... එයාලට දැන් නිල වාහනයකුත් නෑ.. පර්මිට් එකත් නෑ... විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් නිල වාහනය වෙනුවට තමන්ගේ වාහනය පාවිච්චි කරනවානම්, රජයෙන් එයාට රුපියල් හතලිස් දාහක විතර දීමනාවක් දිය යුතුයි.. නිකමට හිතන්න.. වෛද්‍යවරුන්ට එහෙම දීමනාවක් දෙන්න වුනොත් එක වෛද්‍යවරයෙක්ට අවුරුදු පහට රුපියල් ලක්ෂ විසිහතරක් දෙන්න වෙනවා... මේ රටේ වෛද්‍යවරු ඉන්නවා දාසය දාහක් විතර.. ඉතිං ඊට වඩා ලාබ නැද්ද තීරුබදු රහිත වාහන අවසරපත්‍රයක් දෙන එක... රජයට කරන්න තිබුණෙ, වෙන කෙනෙක්ට ඒක විකුණන්න බැරි විදිහේ ක්‍රමවේදයක් හදලා දෙන එක විතරයි...

Last edited: