පරිඝණකයද නැත්නම් ඇස් දෙකද
දැනුත් පරිඝණකය දිහා බලාගෙන ඉන්න ගමන් බලන්න ඔයාටත් මේ රෝග ලක්ෂණ තියෙනවද කියලා.
1. ඇස් රිදීම
2. හිසරදය
3. ඇස් කැසීම
4. දෑත් වල වේදනාවක් දැනීම
5. පිට කොන්දේ කැක්කුම
6. අපැහැදිලි රූප පෙනීම
මේ සියල්ල පරිඝණක දෘෂ්ඨි සින්ඩ්රෝමයේ ලක්ෂණ
පරිඝණකයක වැඩ කරනකොට මිනිත්තුවකට බොහෝ වාර ගනනක් අපි අපේ ඇස් පරිඝණක තිරය මත එහා මෙහා කරනවා. මේකට හේතුව අපි කරන දේ ගැන අපි බොහෝ අවධාණයෙන් ඉන්න නිසයි. මේ නිසා අපි ඇසි පිය හෙලන වාර ගණනත් අඩුවෙනවා. ඒ වගේම අපේ පරිඝණක තිරය තරමක් ඈතින් තිබුනහම අපි පරිඝණක තිරය දෙස බලන්නේ තරමක් දෑස් වෙහෙසලා.
මේ නිසා තමයි අපිට පරිඝණක දෘෂ්ඨි සින්ඩ්රෝමයේ ලක්ෂණ ඇතිවන්නේ.
පරිඝණකයක් ඉස්සරහා පැය 4 - 5ක් එක දිගට වැඩ කරන ඕනිම කෙනෙක්ට මේ වගේ රෝග ලක්ෂණ ඇතිවෙන්න පුලුවන්. මේ වගේ දිගුකාලීනව පරිඝණකය භාවිතා කරන අයෙකුට නම් අවිදුර දුෂ්ඨිකත්වය (දුර නොපෙනීම) ඇතිවෙන්නත් පුලුවන්.
ඉතින් මේ රෝග ලක්ෂණ ඇතිවෙන්න කලින් අපි ඒවා වලින් වැළකෙන්නේ කෙසේද කියා බලමු.
- සෑම පැය භාගයකට වරක් නැත්නම් පැයකට වරක් පරිඝණකය ලගින් ඉවත් වන්න.
- සිසිල් ජලයෙන් දෑස් තෙමන්න.
- නිතර නිතර ඇසිපිය හෙලන්න.
- ඔබේ ඇස් වලට සමාන මට්ටමකින් පරිඝණක තිරය තබා ගන්න.
- පරිඝණක තිරය මතට ෆිල්ටරයක් සවිකර තිරයේ දිලිසීම අඩු කරන්න.
- දීප්තිමත් ආකාරයට පරිඝණක තිරය සකසන්න එපා.
- යම් ලියවිල්ලක් පිටපත් කරනවානන් පරිඝණක තිරය ආසන්නයේම ඔබේ පිටපත් කරන ලියවිල්ල තබා ගන්න.
- පරිඝණක තිරය නිතර පිරිසිදු කරන්න.
මේ වගේ දේවල් කලහම අපිට අපේ ඇස් දෙක ආරක්ෂා කර ගන්න පුලුවන්. පරිඝණකයට වඩා අපිට අපේ ඇස් දෙක වටින නිසා ඇස් දෙකත් රැකගෙන පරිඝණකයෙන් වැඩ කර ගන්න නම් කලින් කිවුව දේවල් කලා නම් හරි.
ඒ පිලිබද විස්තර ඇතුලත් විඩියෝවක් පහතින්
උපුටා ගැනීම - http://www.srinews.info