The Golden Era of Ceylon Railway - Old Mutwal Railway

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුතුවැල්ල පැරණි දුම්රිය මාර්ගය.

    ශ්‍රී ලංකාවේ දුම්රිය මංසන්ධි බොහොමයක් පිළිබඳව වැඩිදෙනෙක් දැනුවත්. ඉන් සියලුම ප්‍රසිද්ධ දුම්රිය මංසන්ධි සියල්ලක්ම පාහේ තුං මං සන්ධි. එනම් දුම්රිය මාර්ගය බෙදී යන්න්නේ ප්‍රධාන වශයෙන් මාර්ග තුනක් සඳහායි. එහෙත් මෙරට එකම එක දුම්රිය මං සන්ධියකදී ප්‍රධාන මාර්ග හතරක් බෙදී යයි. ඒ ඔරුගොඩවත්ත දුම්රිය මංසන්ධියෙනි. එක අතකින් ප්‍රධාන මාර්ගයේ බදුල්ල දෙසටත්, තවත් පසකින් මරදාන හරහා කොළඹ කොටුවටත්, තවත් පැත්තකින් පැරණි මුතුවැල්ල මාර්ගයටත්, අනෙක් පස කොලොන්නාව මාර්ගයටත් ලෙසයි මේ දුම්රිය සතරමං සන්ධිය බෙදී යන්නේ. මෙම දුම්රිය සතරමං සන්ධිය මෙසේ බෙදී යන මාර්ග අතුරින් භාන්ඩ හා මගී ප්‍රවාහනයට අතීතයේ මහා සේවාවක් කල, මේ වනවිට අතහැර දමා තිබෙන, තවමත් භාවිතයට ගත හැකි මට්ටමේ තියෙන පැරණි මුතුවැල්ල දුම්රිය මාර්ගය ගැන සටහනක් කිරීමට මෙම ලිපියෙන් අදහස් කෙරේ.

    දුම්රිය සේවය පිළිබඳව දිනමිණ පුවත්පත වාර්තා කර තිබූ අයුරු (උපුටා ගැනීම නලින් අබේසිංහ අයියාගේ බ්ලොග් එකින්)
    news+art.jpg


    මුතුවැල්ල දුම්රිය මාර්ගය ඉදිවනුයේ වර්ෂ 1923 දීය. මෙම දුම්රිය මාර්ගයේ දුර සැතපුම් 6 ¼ක් පමණ විය. එම මාර්ගය තැනීමේ මූලික අභිප්‍රාය වී ඇත්තේ කොළඹ වරායේ සිට බඩු භාන්ඩ ප්‍රවාහනය හා මගී ප්‍රවාහනයයි.

    පුවත්පත්වල පලවූ කාල සටහන සහ මාර්ග සිතියම (උපුටා ගැනීම නලින් අබේසිංහ අයියාගේ බ්ලොග් එකින්)
    TT.jpg


    කොළඹ කොටුවේ සිට කොළඹ වරාය දක්වා විහිදී තිබූ මෙම මුතුවැල්ල දුම්රිය මාර්ගයේ අතරමැදි දුම්රිය ස්ථාන 07ක් විය. ඒවා පිළිවෙලින් කොළඹ කොටුව,මරදාන, ඔරුගොඩවත්ත, කැලණිතිස්ස, බ්ලූමැන්ඩල්, මුතුවැල්ල, පිටකොටුව හා කොළඹ වරාය දුම්රිය ස්ථානය ලෙස ඉතිහාස ගතවී තිබේ. මීට අමතරව ඉහල සඳහන් කල හතරමං සන්ධියේ අනෙක් පසට එනම් දැනට කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට දිවෙන දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන දෙකක් පිහිටා තිබුණි. ඒ මීතොටමුල්ල හා කොලොන්නාව දුම්රිය ස්ථානයන්ය. මරදාන-කොලොන්නාව ලෙස හැඳින් වූ මේ දුම්රිය මාර්ගයේ දුර ආසන්න වශයෙන් සැතපුම් 3ක් පමණ විය. මුතුවැල්ල දුම්රිය මාර්ගය ඉදිවෙන අවධියේම කොලොන්නාව දුම්රිය මාර්ගය ඉදිවී ඇති බවට සහන් වේ.

    මේ දුම්රිය මාර්ගවල ගමනාගමනයේ ඉතිහාසය සලකා බලන කල අතීතයේ එනම් 1950 දශකයේ අග භාගය පමණ වනතුරු නැව් මගින් අපේ රටට පැමිණි සංචාරකයන් කොළඹ වරායේ සිට මහනුවර හා බදුල්ල වැනි ප්‍රදේශ වලට සෘජු ලෙස දුම්රියෙන් සංචාරය කිරීමට ප්‍රවේශ මාර්ගයක් ලෙස මුතුවැල්ල මාර්ගය මනා පිටිවහලක් වී ඇත. ඒ ගැන සටහන් තැබිය යුතු විශේෂ කරුණක් වේ. එනම් විදේශීය සංචාරකයන් සමගින් කොලඹ වරාය දුම්රිය ස්ථානයෙන් පිටත්වෙන දුම්රිය ඔරුගොඩවත්ත දුම්රිය ස්ථානයේ නවතා, එහි එන්ජිම දුම්රියේ පිටුපසට සවිකර, දුම්රිය ප්‍රධාන මාර්ගයට තල්ලුකරගෙන පැමින ඔරුගොඩවත්ත මන්සන්ධියෙන් ප්‍රධාන මාර්ගයට පිවිස මහනුවර හා බදුල්ල බලා ගමන් කර තිබෙන බවට සාධක හමුවේ.

    මෑත කාලීන අතීතයේ එනම් අසූව දශකයේ මුල් භාගය වනතුරු S2 වර්ගයේ DMU (බලවේග දුම්රියන්) දෙකක් මේ මාර්ගයේ ධාවනය වී තිබේ. මරදානේ සිට කොළඹ වරාය කාන් ඔරලෝසු කනුව (Khan Clock Tower) දක්වා එම දුම්රියන් ධාවනය කර ඇත. එම දුම්රියන් යොදවා ඇත්තේ දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව වූ අතර ඉන් ප්‍රධාන වශයෙන් වරාය සේවකයන්ට හා වෝකර්ස් ගබඩා සේවකයන්ට මහත් සේවයක් සැලසිනි.

    පිටකොටුවේ ඛාන් ඔරලෝසු කණුව ඉදිරිපිට කොළඹ නැව්තොට දුම්රිය ස්ථානය සහ වේදිකාව ඉදිවෙමින් (උපුටා ගැනීම නලින් අබේසිංහ අයියාගේ බ්ලොග් එකින්)
    old+plat.jpg



    කොළම නැව්තොට දුම්රිය ස්ථානය තුල ඇති සමරුපලකය
    (උපුටා ගැනීම නලින් අබේසිංහ අයියාගේ බ්ලොග් එකින්)
    opening+board.jpg



    කොළඹ නැව්තොට දුම්රිය ස්ථානයේ වර්තමාන තත්වය (උපුටා ගැනීම නලින් අබේසිංහ අයියාගේ බ්ලොග් එකින්)
    station+today.jpg


    මගීන්ගේ පහසුව උදෙසා මේ දුම්රිය යෙදවීමත් සමඟම නව උපදුම්රිය ස්ථාන කීපයක් බිහි වී තිබේ. ඒ අනුව මරදානේ සිට වරාය දක්වා දිවුනු මේ දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන ලෙස මරදාන, දෙමටගොඩ, ඔරුගොඩවත්ත, කැලණිතිස්ස, මහවත්ත, බ්ලූමැන්ඩල්, අළුත්වත්ත, වෝකර්ස්, පිටකොටුව/කාන් ඔරලෝසු කණුව ලෙස දුම්රිය ස්ථාන 8ක් විය. S2 බලවේග කට්ටල් වලට අමතරව T2 රේල් කාර් රථ දෙකක්ද මේ මාර්ගයේ ධාවනයට යොදවා ඇති බව සටහන් වේ. ඒවා ධාවනය කර ඇත්තේ කොලොන්නාවේ සිට මරදාන වෙතටය.
    එහෙත් මේ වන විට මේ අපූරු දුම්රිය මාර්ගයේ මගී ගමනාගමනය සිදුවන්නේ නැත. එදා පැවති දුම්රිය ස්ථානවල නෂ්ටාවශේෂ කිහිපයක් තැනින් තැන ශේෂ වී පවතී. වර්තමානයේදී මේ දුම්රිය මාර්ගයේ කොලොන්නාව හා ඔරුගොඩවත්ත කොටස කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සිට පැමිනෙන Oil Tanks සහිත ඉන්ධන ප්‍රවාහන දුම්රියන් සඳහාත් මුතුවැල්ල මාර්ගයේ කොටස වරායට පැමිනෙන මැදිරි, දුම්රිය එන්ජින් ආදිය මරදාන, රත්මලාන දුම්රිය අංගන වලට ප්‍රවහනය සඳහාත් පමණක් භාවිතා කෙරේ.

    අවසානයයේදී යමක් සඳහන් කල යුතුය. සවස් කාලයේ කොළඹ වරාය, ඔරුගොඩවත්ත, ඉඟුරුකඩේ හන්දිය වරාය පිවිසුම, ආමර් වීදිය ආදී ප්‍රදේශ හරහා ඔබ ගමන් කර ඇත්නම් කන්ටේනර් තදබදය නිසා නිකරුනේ වැයවන කාලය, දැවෙන පෙට්‍රල්/ඩීසල් ප්‍රමානය කොතකක් දැයි ඔබට දල අදහසක් තිබිය යුතුය. මේ අධික තදබදයට මැඩලීමට හොඳම විසදුමක් ලෙස මේ මුතුවැල්ල දුම්රිය මාර්ගය යොදා ගන්නේ නම් කොළඹ නගරයේ කන්ටේනර් නිසා ඇතිවන අධික තදබදය යම්තාක් දුරට හෝ අවම කරගන්නට හැකිවන බව සඳහන් කල යුතුය. මේ පිළිබඳ දුම්රිය හා ප්‍රවාහන සේවයේ අනෙකුත් බලධාරීන්ගේ අවධානය යොමු කරනු වටී.

    සටහන - නවෝද පෙරේරා.

    මේ තියෙන්නේ ඔරුගොඩවත්ත ඉස්ටේසමේ වර්තමාන තත්වයයි.

    287591_10150409816896418_1108589170_o.jpg


    සැතපුම් කණු...:love:


    මුතුවැල්ල මාර්ගය දැක්වෙන් ගූගල් සිතියම
    307203_10150883766915161_754523934_n.jpg


    කොලොන්නාව මාර්ගය දැක්වෙන ගූගල් සිතියම
    309096_10150883790340161_1841397732_n.jpg


    මේ මාර්ගය දිවෙන්නේ කොළඹ වරාය දෙසටයි
    322593_10150409817426418_1958022272_o.jpg


    කොලොන්නාව දෙසට දිවෙන මාර්ගය. ඈතින් පේන්නේ ප්‍රධාන මාර්ගය හා සම්බන්ධවීමයි.
    323098_10150409817701418_1548842593_o.jpg


    326244_10150409817631418_1764262714_o.jpg


    327857_10150409817896418_1562318127_o.jpg


    328007_10150409817256418_101952383_o.jpg


    පැරණි සිග්නල් කණු
    328760_10150409816951418_778724033_o.jpg


    දුම්රිය වේදිකාවේ නටඹුන්
    329279_10150409818276418_630756879_o.jpg


    331629_10150409817511418_1873211333_o.jpg


    333921_10150409818166418_59788775_o.jpg


    334390_10150409816691418_1342337853_o.jpg


    334789_10150409817776418_1240429754_o.jpg


    337420_10150409817301418_227006001_o.jpg


    337872_10150409818056418_111743584_o.jpg


    340711_10150409816786418_1057813100_o.jpg



    මේ පින්තූර ටික ගැන නම් යමක් කිව යුතුමයි. මීතොටමුල්ල දුම්රිය ස්ථානයේ අවසාන සහ එකම පින්තූර් කීපයයි මේ. අද වෙනකොට මේ කොටස මෙතන නෑ. කිසිම කෙනෙක් මේ ස්ථානය මීට පෙර ඡායාරූපගත කරලත් නෑ. :)
    දැං ගියොත් කිසිම දෙයක් හොයාගන්නවත් නෑ. සම්පූර්ණයෙන්ම බිමට සමතලාකරලා දාලා ඉවරයි..
    :sorry::sorry::sorry:
    286970_10150411175646418_1406738502_o.jpg


    287154_10150411175561418_1617933537_o.jpg


    323842_10150411175706418_1000618189_o.jpg


    324433_10150411175801418_1327103413_o.jpg


    325977_10150411176086418_1334991889_o.jpg


    332019_10150411175996418_1133562939_o.jpg


    335573_10150411175931418_1755700155_o.jpg



    මේ පෝස්ට් එක දැම්මේ අර Rider89 ගේ වදේට.. :angry:
    කතාව සමාප්තයි.. අසා සිටි ඔබ සැමට ස්තුතියි...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Meka karanna haduwe oya Railway Track eka use karala neda machan


    Cargo village in Peliyagoda to reduce container traffic congestion in City



    http://www.sundaytimes.lk/121118/ne...ntainer-traffic-congestion-in-city-20965.html

    ඊයේ රෑ 10ට මම ඔරුගොඩවත්තෙන් ගියා.. ඒ වෙලෙත් කන්ටේනර් පෝලිම බං. පුදුම වසංගතයක් වෙලා තියෙන්නේ ඔරිගොඩවත්තේ කන්ටේනර් යාර්ඩ් ටික නම්මෝකට තියෙන හොඳම විසඳුම තමා ඔය තියෙන්නේ...:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    :cool: තව රස කතාවක් කියන්නකෝ පෙරා අංකල්...... :D

    323098_10150409817701418_1548842593_o.jpg


    මේ වගේ කණු තාමත් තියෙනවා නේද....?? මේවා එහා මෙහා වෙන්නේ මෝටර් එකකින්ද.....?? නැත්නම් කේබලින් සිස්ටම් එකකටද.....?? සංඥා වැඩ කරන හැටි ගැන ත්‍රෙඩ් එකක් දාමුකෝ..... :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: තව රස කතාවක් කියන්නකෝ පෙරා අංකල්...... :D


    මේ වගේ කණු තාමත් තියෙනවා නේද....?? මේවා එහා මෙහා වෙන්නේ මෝටර් එකකින්ද.....?? නැත්නම් කේබලින් සිස්ටම් එකකටද.....?? සංඥා වැඩ කරන හැටි ගැන ත්‍රෙඩ් එකක් දාමුකෝ..... :D

    මෝටරයෙන් නෙමෙයි. කේබල් වලින්.. :)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    pera uncle thx.. Issara wage avissawella idan rathnapura line eka haduwanam mara watinawa.. lagadi amathiya awilla gewal ayin karanna katha karanna baseline idan nawinna wenakam thiyena..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නියම ලිපිය අයියේ
    11.gif
    .....

    විසඳුම් පෙනි පෙනී තියෙද්දි බලධාරින් නිදි.........ඇත්තටම වාහන තදබදයට, කාලය නාස්ති වීමට හොඳම විසඳුම තමයි දුම්රිය සේවය ශක්තිමත් කිරීම...

    ඒ වෙනුවට අපේ උන් කරන්නේ වාහන බදු වැඩි කරන එක මාර්ග තද බදයට විසඳුමක් විදියට:angry:

    තවත්
    දුම්රිය කතාවකින් නැවත හමුවෙමු;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආ ත්‍රෙඩ් එක දාලා :D
    අකුරු ටික ලොකු කළා නම් හොඳයි වගේ :yes:
    You must spread some Reputation around before giving it to Mr PERERA again.

    උදේ පාන්දර මගේම පින්තූර ටික මට හොයා ගන්න බැරිව උන්නු වෙලේ පින්තූර ටික හොයලා දීපු වල් සීපියාට මගේ හදපිරි මෙවුවා එක..