මුතුවැල්ල පැරණි දුම්රිය මාර්ගය.
ශ්‍රී ලංකාවේ දුම්රිය මංසන්ධි බොහොමයක් පිළිබඳව වැඩිදෙනෙක් දැනුවත්. ඉන් සියලුම ප්‍රසිද්ධ දුම්රිය මංසන්ධි සියල්ලක්ම පාහේ තුං මං සන්ධි. එනම් දුම්රිය මාර්ගය බෙදී යන්න්නේ ප්‍රධාන වශයෙන් මාර්ග තුනක් සඳහායි. එහෙත් මෙරට එකම එක දුම්රිය මං සන්ධියකදී ප්‍රධාන මාර්ග හතරක් බෙදී යයි. ඒ ඔරුගොඩවත්ත දුම්රිය මංසන්ධියෙනි. එක අතකින් ප්‍රධාන මාර්ගයේ බදුල්ල දෙසටත්, තවත් පසකින් මරදාන හරහා කොළඹ කොටුවටත්, තවත් පැත්තකින් පැරණි මුතුවැල්ල මාර්ගයටත්, අනෙක් පස කොලොන්නාව මාර්ගයටත් ලෙසයි මේ දුම්රිය සතරමං සන්ධිය බෙදී යන්නේ. මෙම දුම්රිය සතරමං සන්ධිය මෙසේ බෙදී යන මාර්ග අතුරින් භාන්ඩ හා මගී ප්‍රවාහනයට අතීතයේ මහා සේවාවක් කල, මේ වනවිට අතහැර දමා තිබෙන, තවමත් භාවිතයට ගත හැකි මට්ටමේ තියෙන පැරණි මුතුවැල්ල දුම්රිය මාර්ගය ගැන සටහනක් කිරීමට මෙම ලිපියෙන් අදහස් කෙරේ.
දුම්රිය සේවය පිළිබඳව දිනමිණ පුවත්පත වාර්තා කර තිබූ අයුරු (උපුටා ගැනීම නලින් අබේසිංහ අයියාගේ බ්ලොග් එකින්)
මුතුවැල්ල දුම්රිය මාර්ගය ඉදිවනුයේ වර්ෂ 1923 දීය. මෙම දුම්රිය මාර්ගයේ දුර සැතපුම් 6 ¼ක් පමණ විය. එම මාර්ගය තැනීමේ මූලික අභිප්‍රාය වී ඇත්තේ කොළඹ වරායේ සිට බඩු භාන්ඩ ප්‍රවාහනය හා මගී ප්රවාහනයයි.
පුවත්පත්වල පලවූ කාල සටහන සහ මාර්ග සිතියම (උපුටා ගැනීම නලින් අබේසිංහ අයියාගේ බ්ලොග් එකින්)
කොළඹ කොටුවේ සිට කොළඹ වරාය දක්වා විහිදී තිබූ මෙම මුතුවැල්ල දුම්රිය මාර්ගයේ අතරමැදි දුම්රිය ස්ථාන 07ක් විය. ඒවා පිළිවෙලින් කොළඹ කොටුව,මරදාන, ඔරුගොඩවත්ත, කැලණිතිස්ස, බ්ලූමැන්ඩල්, මුතුවැල්ල, පිටකොටුව හා කොළඹ වරාය දුම්රිය ස්ථානය ලෙස ඉතිහාස ගතවී තිබේ. මීට අමතරව ඉහල සඳහන් කල හතරමං සන්ධියේ අනෙක් පසට එනම් දැනට කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට දිවෙන දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන දෙකක් පිහිටා තිබුණි. ඒ මීතොටමුල්ල හා කොලොන්නාව දුම්රිය ස්ථානයන්ය. මරදාන-කොලොන්නාව ලෙස හැඳින් වූ මේ දුම්රිය මාර්ගයේ දුර ආසන්න වශයෙන් සැතපුම් 3ක් පමණ විය. මුතුවැල්ල දුම්රිය මාර්ගය ඉදිවෙන අවධියේම කොලොන්නාව දුම්රිය මාර්ගය ඉදිවී ඇති බවට සහන් වේ.
මේ දුම්රිය මාර්ගවල ගමනාගමනයේ ඉතිහාසය සලකා බලන කල අතීතයේ එනම් 1950 දශකයේ අග භාගය පමණ වනතුරු නැව් මගින් අපේ රටට පැමිණි සංචාරකයන් කොළඹ වරායේ සිට මහනුවර හා බදුල්ල වැනි ප්‍රදේශ වලට සෘජු ලෙස දුම්රියෙන් සංචාරය කිරීමට ප්‍රවේශ මාර්ගයක් ලෙස මුතුවැල්ල මාර්ගය මනා පිටිවහලක් වී ඇත. ඒ ගැන සටහන් තැබිය යුතු විශේෂ කරුණක් වේ. එනම් විදේශීය සංචාරකයන් සමගින් කොලඹ වරාය දුම්රිය ස්ථානයෙන් පිටත්වෙන දුම්රිය ඔරුගොඩවත්ත දුම්රිය ස්ථානයේ නවතා, එහි එන්ජිම දුම්රියේ පිටුපසට සවිකර, දුම්රිය ප්‍රධාන මාර්ගයට තල්ලුකරගෙන පැමින ඔරුගොඩවත්ත මන්සන්ධියෙන් ප්‍රධාන මාර්ගයට පිවිස මහනුවර හා බදුල්ල බලා ගමන් කර තිබෙන බවට සාධක හමුවේ.
මෑත කාලීන අතීතයේ එනම් අසූව දශකයේ මුල් භාගය වනතුරු S2 වර්ගයේ DMU (බලවේග දුම්රියන්) දෙකක් මේ මාර්ගයේ ධාවනය වී තිබේ. මරදානේ සිට කොළඹ වරාය කාන් ඔරලෝසු කනුව (Khan Clock Tower) දක්වා එම දුම්රියන් ධාවනය කර ඇත. එම දුම්රියන් යොදවා ඇත්තේ දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව වූ අතර ඉන් ප්‍රධාන වශයෙන් වරාය සේවකයන්ට හා වෝකර්ස් ගබඩා සේවකයන්ට මහත් සේවයක් සැලසිනි.
පිටකොටුවේ ඛාන් ඔරලෝසු කණුව ඉදිරිපිට කොළඹ නැව්තොට දුම්රිය ස්ථානය සහ වේදිකාව ඉදිවෙමින් (උපුටා ගැනීම නලින් අබේසිංහ අයියාගේ බ්ලොග් එකින්)
කොළම නැව්තොට දුම්රිය ස්ථානය තුල ඇති සමරුපලකය
(උපුටා ගැනීම නලින් අබේසිංහ අයියාගේ බ්ලොග් එකින්)
කොළඹ නැව්තොට දුම්රිය ස්ථානයේ වර්තමාන තත්වය (උපුටා ගැනීම නලින් අබේසිංහ අයියාගේ බ්ලොග් එකින්)
මගීන්ගේ පහසුව උදෙසා මේ දුම්රිය යෙදවීමත් සමඟම නව උපදුම්රිය ස්ථාන කීපයක් බිහි වී තිබේ. ඒ අනුව මරදානේ සිට වරාය දක්වා දිවුනු මේ දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන ලෙස මරදාන, දෙමටගොඩ, ඔරුගොඩවත්ත, කැලණිතිස්ස, මහවත්ත, බ්ලූමැන්ඩල්, අළුත්වත්ත, වෝකර්ස්, පිටකොටුව/කාන් ඔරලෝසු කණුව ලෙස දුම්රිය ස්ථාන 8ක් විය. S2 බලවේග කට්ටල් වලට අමතරව T2 රේල් කාර් රථ දෙකක්ද මේ මාර්ගයේ ධාවනයට යොදවා ඇති බව සටහන් වේ. ඒවා ධාවනය කර ඇත්තේ කොලොන්නාවේ සිට මරදාන වෙතටය.
එහෙත් මේ වන විට මේ අපූරු දුම්රිය මාර්ගයේ මගී ගමනාගමනය සිදුවන්නේ නැත. එදා පැවති දුම්රිය ස්ථානවල නෂ්ටාවශේෂ කිහිපයක් තැනින් තැන ශේෂ වී පවතී. වර්තමානයේදී මේ දුම්රිය මාර්ගයේ කොලොන්නාව හා ඔරුගොඩවත්ත කොටස කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සිට පැමිනෙන Oil Tanks සහිත ඉන්ධන ප්‍රවාහන දුම්රියන් සඳහාත් මුතුවැල්ල මාර්ගයේ කොටස වරායට පැමිනෙන මැදිරි, දුම්රිය එන්ජින් ආදිය මරදාන, රත්මලාන දුම්රිය අංගන වලට ප්‍රවහනය සඳහාත් පමණක් භාවිතා කෙරේ.
අවසානයයේදී යමක් සඳහන් කල යුතුය. සවස් කාලයේ කොළඹ වරාය, ඔරුගොඩවත්ත, ඉඟුරුකඩේ හන්දිය වරාය පිවිසුම, ආමර් වීදිය ආදී ප්‍රදේශ හරහා ඔබ ගමන් කර ඇත්නම් කන්ටේනර් තදබදය නිසා නිකරුනේ වැයවන කාලය, දැවෙන පෙට්‍රල්/ඩීසල් ප්‍රමානය කොතකක් දැයි ඔබට දල අදහසක් තිබිය යුතුය. මේ අධික තදබදයට මැඩලීමට හොඳම විසදුමක් ලෙස මේ මුතුවැල්ල දුම්රිය මාර්ගය යොදා ගන්නේ නම් කොළඹ නගරයේ කන්ටේනර් නිසා ඇතිවන අධික තදබදය යම්තාක් දුරට හෝ අවම කරගන්නට හැකිවන බව සඳහන් කල යුතුය. මේ පිළිබඳ දුම්රිය හා ප්‍රවාහන සේවයේ අනෙකුත් බලධාරීන්ගේ අවධානය යොමු කරනු වටී.
සටහන - නවෝද පෙරේරා.
මේ තියෙන්නේ ඔරුගොඩවත්ත ඉස්ටේසමේ වර්තමාන තත්වයයි.
සැතපුම් කණු...
මුතුවැල්ල මාර්ගය දැක්වෙන් ගූගල් සිතියම
කොලොන්නාව මාර්ගය දැක්වෙන ගූගල් සිතියම
මේ මාර්ගය දිවෙන්නේ කොළඹ වරාය දෙසටයි
කොලොන්නාව දෙසට දිවෙන මාර්ගය. ඈතින් පේන්නේ ප්‍රධාන මාර්ගය හා සම්බන්ධවීමයි.
පැරණි සිග්නල් කණු
දුම්රිය වේදිකාවේ නටඹුන්
මේ පින්තූර ටික ගැන නම් යමක් කිව යුතුමයි. මීතොටමුල්ල දුම්රිය ස්ථානයේ අවසාන සහ එකම පින්තූර් කීපයයි මේ. අද වෙනකොට මේ කොටස මෙතන නෑ. කිසිම කෙනෙක් මේ ස්ථානය මීට පෙර ඡායාරූපගත කරලත් නෑ.
දැං ගියොත් කිසිම දෙයක් හොයාගන්නවත් නෑ. සම්පූර්ණයෙන්ම බිමට සමතලාකරලා දාලා ඉවරයි..

මේ පෝස්ට් එක දැම්මේ අර Rider89 ගේ වදේට..

කතාව සමාප්තයි.. අසා සිටි ඔබ සැමට ස්තුතියි...

තව රස කතාවක් කියන්නකෝ පෙරා අංකල්......