දෙවන ලෝක යුද සමයේ කාන්තාවෝ

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දෙවන ලෝක යුද සමයේ කාන්තාවෝ

    PK9QkHA.jpg

    දෙවන ලෝක යුද්ධය යනු පිරිමින්ගේ යුද්ධයකි.නමුත් කාන්තාවන්ද එහි වැදගත් භූමිකාවක් නිරූපණය කලේය.ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍යයේ යුද්ධායුද කර්මාන්තශාලාවල කාන්තාවන් විශාල පිරිසක් සේවය කලහ.රුසියාවේ කර්මාන්තාශාලාවල යුද ටැංකි එකලස් කිරීමේ කටයුතු,ගුවන් යානා සහ අවි නිපදවීමේ කටයුතු සඳහාද කාන්තාවන් විශාල වශයෙන් දායක විය.එසේම රුසියානු කාන්තාවන් සංග්‍රාම භූමියේ සාත්තුසේවිකාවන්,හෙදියන් ආදී භූමිකාවන් මෙන්ම සෙබලියන් ලෙසද ක්‍රියාත්මක විය.විශේෂයෙන්ම ස්ටාලින්ග්‍රාඩ් සටනේදී ඔවුන් ලබා දුන් දායකත්වය රුසියානුවන්ගේ ජයග්‍රහණයට හේතුවක්ද විය.

    ලයිඩ්මිලා පැව්ලිකෙන්කො

    ලයිඩ්මිලා යනු සෝවියට් දේශය වෙනුවෙන් දෙවන ලෝක යුද්ධයේදි අක්ෂ බලවතුන්ට එරෙහිව සටන් කල සැගවුණු වෙඩික්කාරියකි.ඇය විසින් සතුරු පක්ෂයේ සෙබලුන් 309ක් මරාදැමූ බව සඳහන් වේ.ඇගේ මරණ ලැයිස්තුවේ ජර්මන් සැගවුණු වෙඩිකරුවන් 36 දෙනෙක්ද ඇතුලත් විය.බොහෝ රටවල් කාන්තාවන් ඉදිරි යුද පෙරමුණට නොයැවූ මුත් සෝවියට් දේශය කාන්තාවන් 2000ක් පමණ සැඟවුණු වෙඩික්කාරියන් ලෙස ඉදිරි පෙරමුණට යවන ලදි.එසේ යවන ලද කාන්තාවන්ගෙන් ලයිඩ්මිලා පැව්ලිකෙන්කො අති සාර්ථක ස්නයිපර්වරියක් විය.ලෝක ඉතිහාසයේ තහවුරුකල මරණ වැඩිම ප්‍රමාණයක් සිදුකල කාන්තා ස්නයිපර්වරිය ලෙස වාර්තා ගතවී තිබෙන්නේ ද ඇයයි.

    RtC8ROw.jpg

    ලෙනි ලිෆෙන්ස්ටෙල්

    මැය ජර්මන් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරියක්,නිළියක් සහ නාට්‍යාංගනාවියක්ද විය.1902 වසරේ උපන් ඇය 2003 මියගිය අතර නාසි ජර්මනිය පැවති සමයේ හිට්ලර් ඇතුලු උසස් පෙළේ නාසි පාලනාධිකාරියේ නිලධාරීන් සමීපව ඇසුරු කලාය.ලෙනි වඩාත් ප්‍රසිද්ධ වූයේ නිව් රම්බර්ග් හි නාසි පක්ෂය(1934) වෙනුවෙන් නිර්මාණය කල Triumph of the Will නම් වාර්තා චිත්‍රපටය නිසාය.ජර්මනිය දෙවන ලෝක යුද්ධයේදී පරාජය වීමෙන් පසු ඇගේ සිනමා වෘත්තියද අඩාල විය.යුද්ධයෙන් පසුව ඇය අත් අඩංගුවට ගත්තද කිසිදු දඬුවමකින් තොරව මුදා හැරිබව කියවේ.

    wVNrXHn.jpg

    සෙබලුන් අහිමිවීම වේගවත් වීම නිසා හිට්ලර් දෙවන ලෝක යුද්ධයේ අවසන් සමයේ කාන්තාවන්ද බලෙන් යුද්ධයට බඳවා ගන්නා ලදි.පහත දැක්වෙන්නේ ජර්මන් ගුවන් හමුදාවට බඳවා ගත් කාන්තාවන්ට පුහුණුව ලබාදෙන අයුරුය.(1944 නොවැම්බර්)​

    tyE5fkI.jpg

    ජපන් කාන්තාවන් පතොරම් නිපදවන කර්මාන්තශාලාවක සේවය කරන අයුරු(1941)

    QDy2Gbb.jpg

    ජර්මනියට එරෙහිව සටන් කල සෝවියට් ගැහැණුන්

    BA60pSL.jpg

    වෝර්සෝ හි යුදෙව් ජනාවසයෙන් මතුවූ විරෝධය මැඬලූ අවස්ථාවේදී නාසීන්ට හසුවූ යුදෙව් කාන්තා සටන්කාමීන්(1943)

    6WcZR7B.jpg

    ඇමෙරිකානු හෙදියන් 1944 ජූලි මස නොමැන්ඩියට ගොඩ බැසීමේදී

    PrtHDKo.jpg

    සෝවියට් සෙබලියන්

    I6gEjVu.jpg

    නාසි සෙබලියන්

    JTG0GLL.jpg

    පෝලන්ත සෙබලියන් (1939)

    aLWu3Vb.jpg

    පෝලන්ත කාන්තාවන් ඝාතනය කිරීමට ගෙන යන ජර්මන් සෙබලුන්

    c4eIH0n.jpg

    ජර්මන් SSහි සේවය කල කාන්තාවන්

    Ykpk2xd.jpg

    Source:Historyimages.blogspot.in

    -HarshaLulzSec-
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හර්ෂ,
    උඹ හොද ගවේෂකයෙක් වගේ.......
    මම හිතන්නේ උඹට ලෝකේ තියන ගැලපෙන ම රස්සාව පත්තර රස්සාව!
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    හර්ෂ,
    උඹ හොද ගවේෂකයෙක් වගේ.......
    මම හිතන්නේ උඹට ලෝකේ තියන ගැලපෙන ම රස්සාව පත්තර රස්සාව!

    පතලයක් කපාගෙන තේ දළු ටිකක් කඩාගෙන රබර් ගස් කට්ටියක් කපාගෙන ඉන්න එක හොඳයි වගේ:rolleyes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඕකනේ ඉතින් උබ එක ලග සුපිරි thread දාපුවම අපිට සලකන්න විදියක් නෑ :( Anyway keep it up the good work බන් :cool:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඕකනේ ඉතින් උබ එක ලග සුපිරි thread දාපුවම අපිට සලකන්න විදියක් නෑ :( Anyway keep it up the good work බන් :cool:

    ප්‍රශ්නයක් නෑ ,කමෙන්ට් එක වටිනවා :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පතලයක් කපාගෙන තේ දළු ටිකක් කඩාගෙන රබර් ගස් කට්ටියක් කපාගෙන ඉන්න එක හොඳයි වගේ:rolleyes:
    ඊටත් වඩා හොද එකක් තියනවා. ඔබ වගේ ගවේෂනාත්මක මිනිසුන්ට.
    මම හිතන්නේ තමන් ගේ රටේ බුද්ධි නිලධාරියෙක් විදියට දේශ සේවයේ යෙදීම තමා ඔබ වගේ මිනිසුන්ට ගැලපෙන හොද ම වෘත්තිය.
    යෝජනාවක් පමණය.
    මා සිතන්නේ එළකිරියේ මා දුටු සුදුසු ම මිනිහා ඔබ බවයි
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ලයිඩ්මිලා පැව්ලිකෙන්කො

    ලයිඩ්මිලා යනු සෝවියට් දේශය වෙනුවෙන් දෙවන ලෝක යුද්ධයේදි අක්ෂ බලවතුන්ට එරෙහිව සටන් කල සැගවුණු වෙඩික්කාරියකි.ඇය විසින් සතුරු පක්ෂයේ සෙබලුන් 309ක් මරාදැමූ බව සඳහන් වේ.ඇගේ මරණ ලැයිස්තුවේ ජර්මන් සැගවුණු වෙඩිකරුවන් 36 දෙනෙක්ද ඇතුලත් විය.බොහෝ රටවල් කාන්තාවන් ඉදිරි යුද පෙරමුණට නොයැවූ මුත් සෝවියට් දේශය කාන්තාවන් 2000ක් පමණ සැඟවුණු වෙඩික්කාරියන් ලෙස ඉදිරි පෙරමුණට යවන ලදි.එසේ යවන ලද කාන්තාවන්ගෙන් ලයිඩ්මිලා පැව්ලිකෙන්කො අති සාර්ථක ස්නයිපර්වරියක් විය.ලෝක ඉතිහාසයේ තහවුරුකල මරණ වැඩිම ප්‍රමාණයක් සිදුකල කාන්තා ස්නයිපර්වරිය ලෙස වාර්තා ගතවී තිබෙන්නේ ද ඇයයි.

    RtC8ROw.jpg

    -HarshaLulzSec-

    මේක බලන්න මෙයා ගැන දැනගන්න. නියම ෆිල්ම් එක
    MV5BMTA0ODAzMDg3MzheQTJeQWpwZ15BbWU4MDc0OTQzOTIx._V1_SY317_CR6,0,214,317_AL_.jpg

    Battle for Sevastopol (2015)
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වෙනදා වගේම සුප්පා :):):)
    උබ දාන ත්‍රේඩ් වල ඉමේජස් ගොඩක් තිබ්බත් ඩෙටා යන්න අඩුවෙන් ත්‍රේඩ්1 ලෝඩ් වෙන්න. ඒක වටිනවා බං ගොඩක්..:):)
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    උබ දාන ත්‍රේඩ් වල ඉමේජස් ගොඩක් තිබ්බත් ඩෙටා යන්න අඩුවෙන් ත්‍රේඩ්1 ලෝඩ් වෙන්න. ඒක වටිනවා බං ගොඩක්..:):)

    ඉමේජස් resize කරලා දාන්නේ මචං:).උඹලට තියෙන අවුල මටත් තියෙනවා ඉතින් ,ඉමේජස් තියෙන ත්‍රෙඩ් ලෝඩ් වෙද්දී විදින දුක මටත් තේරෙනවා:yes:.සමහරුන්ට වගේ අපිට 10-20GB නෑනේ.(මේ කැලේට මොන 4G ද 3G වත් නෑ හරියට:D) 5GB-6GBකින් මේ ඔක්කොම කරන්නේ.:)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කියන්න වචන නෑ යකොව්... සුපිරියි. පට්ට.

    උබ තව ටික කාලයක් මෙහෙම ත්රෙඅඩ් දැම්මොත් Elakiri Super Star වෙලා තමයි නවතින්නේ. :P
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මට එක පාරටම මතක් වුණේ ලංකාවේ එල්.ටී.ටී.ටී.ඊ සෙබලියෝ!!! බලන් ගියාම කොයි ගෑණිත් එකයි වගේ බන්......!!!!:lol::lol:

    ඔය යුධ අවි නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවල වගේම වෙනත් තාක්ෂණික උපකරන හදන තැන්වලත් ඔය කාලේ වැඩිපුරම ඉඳලා තියෙන්නේ බවලත් උදවිය ලු.:shocked: මුලින්ම හඳට යවපු ඇපලෝ 16 එකේත් ප්‍රධාන පරිගණකයේ ප්‍රොසෙසර් එක හදුනේ ගැහැනු අත් වලින් ලු. හේතුව, ඒ ප්‍රොසෙසර්ස්වල කම්බිව්ලින් කරන සියුම් වැඩ කරන්න පුලුවන් දැඩි ඉවසීමක් තියෙන ඒ උන්දැලාට නිසාමයි කියනවා නෙ.......!!!:oo::oo:
    (අපේ එවුන්ට අමතර දැනුමක් දුන්නේ....!) :D

    නියමයි හර්ෂයෝ තව ලියපිය!! තව තව ලියපිය!!! :yes: :yes:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    උබ තව ටික කාලයක් මෙහෙම ත්රෙඅඩ් දැම්මොත් Elakiri Super Star වෙලා තමයි නවතින්නේ. :P

    කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි බන් මේවා කරන්නේ.උඹලා වගේ උන්ට මේකට ඇවිත් කියවන්න දෙයක් තියෙන්නත් එපැයේ නේද.නැත්නම් ඉතින් හැමදාම ජංගි ත්‍රෙඩ් විතරනේ.

    නෑ.එච්චර කාලයක් ඉන්න එකක් නෑ මම !
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මට එක පාරටම මතක් වුණේ ලංකාවේ එල්.ටී.ටී.ටී.ඊ සෙබලියෝ!!! බලන් ගියාම කොයි ගෑණිත් එකයි වගේ බන්......!!!!:lol::lol:

    ඔය යුධ අවි නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවල වගේම වෙනත් තාක්ෂණික උපකරන හදන තැන්වලත් ඔය කාලේ වැඩිපුරම ඉඳලා තියෙන්නේ බවලත් උදවිය ලු.:shocked: මුලින්ම හඳට යවපු ඇපලෝ 16 එකේත් ප්‍රධාන පරිගණකයේ ප්‍රොසෙසර් එක හදුනේ ගැහැනු අත් වලින් ලු. හේතුව, ඒ ප්‍රොසෙසර්ස්වල කම්බිව්ලින් කරන සියුම් වැඩ කරන්න පුලුවන් දැඩි ඉවසීමක් තියෙන ඒ උන්දැලාට නිසාමයි කියනවා නෙ.......!!!:oo::oo:
    (අපේ එවුන්ට අමතර දැනුමක් දුන්නේ....!) :D

    ඒකනම් එහෙම වෙන්න ඇති.දැන් වුනත් චීනේ තාක්ෂණික උපකරණ එකලස් කරන කර්මාන්තාශාලාවල එහෙම වැඩිපුර ඉන්නේ ගෑණුනේ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි බන් මේවා කරන්නේ.උඹලා වගේ උන්ට මේකට ඇවිත් කියවන්න දෙයක් තියෙන්නත් එපැයේ නේද.නැත්නම් ඉතින් හැමදාම ජංගි ත්‍රෙඩ් විතරනේ.

    නෑ.එච්චර කාලයක් ඉන්න එකක් නෑ මම !

    :( :(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි බන් මේවා කරන්නේ.උඹලා වගේ උන්ට මේකට ඇවිත් කියවන්න දෙයක් තියෙන්නත් එපැයේ නේද.නැත්නම් ඉතින් හැමදාම ජංගි ත්‍රෙඩ් විතරනේ.

    නෑ.එච්චර කාලයක් ඉන්න එකක් නෑ මම !

    උබ අතින් මේකට සැහෙන සේවයක් උනා බන් ..!!
    ඒකට උබට ස්තුති කරන්න වචන නෑ
     
    Last edited: