දෙවන ලෝක යුද සමයේ කාන්තාවෝ
දෙවන ලෝක යුද්ධය යනු පිරිමින්ගේ යුද්ධයකි.නමුත් කාන්තාවන්ද එහි වැදගත් භූමිකාවක් නිරූපණය කලේය.ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍යයේ යුද්ධායුද කර්මාන්තශාලාවල කාන්තාවන් විශාල පිරිසක් සේවය කලහ.රුසියාවේ කර්මාන්තාශාලාවල යුද ටැංකි එකලස් කිරීමේ කටයුතු,ගුවන් යානා සහ අවි නිපදවීමේ කටයුතු සඳහාද කාන්තාවන් විශාල වශයෙන් දායක විය.එසේම රුසියානු කාන්තාවන් සංග්රාම භූමියේ සාත්තුසේවිකාවන්,හෙදියන් ආදී භූමිකාවන් මෙන්ම සෙබලියන් ලෙසද ක්‍රියාත්මක විය.විශේෂයෙන්ම ස්ටාලින්ග්‍රාඩ් සටනේදී ඔවුන් ලබා දුන් දායකත්වය රුසියානුවන්ගේ ජයග්‍රහණයට හේතුවක්ද විය.
ලයිඩ්මිලා යනු සෝවියට් දේශය වෙනුවෙන් දෙවන ලෝක යුද්ධයේදි අක්ෂ බලවතුන්ට එරෙහිව සටන් කල සැගවුණු වෙඩික්කාරියකි.ඇය විසින් සතුරු පක්ෂයේ සෙබලුන් 309ක් මරාදැමූ බව සඳහන් වේ.ඇගේ මරණ ලැයිස්තුවේ ජර්මන් සැගවුණු වෙඩිකරුවන් 36 දෙනෙක්ද ඇතුලත් විය.බොහෝ රටවල් කාන්තාවන් ඉදිරි යුද පෙරමුණට නොයැවූ මුත් සෝවියට් දේශය කාන්තාවන් 2000ක් පමණ සැඟවුණු වෙඩික්කාරියන් ලෙස ඉදිරි පෙරමුණට යවන ලදි.එසේ යවන ලද කාන්තාවන්ගෙන් ලයිඩ්මිලා පැව්ලිකෙන්කො අති සාර්ථක ස්නයිපර්වරියක් විය.ලෝක ඉතිහාසයේ තහවුරුකල මරණ වැඩිම ප්‍රමාණයක් සිදුකල කාන්තා ස්නයිපර්වරිය ලෙස වාර්තා ගතවී තිබෙන්නේ ද ඇයයි.
ලෙනි ලිෆෙන්ස්ටෙල්
මැය ජර්මන් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරියක්,නිළියක් සහ නාට්යාංගනාවියක්ද විය.1902 වසරේ උපන් ඇය 2003 මියගිය අතර නාසි ජර්මනිය පැවති සමයේ හිට්ලර් ඇතුලු උසස් පෙළේ නාසි පාලනාධිකාරියේ නිලධාරීන් සමීපව ඇසුරු කලාය.ලෙනි වඩාත් ප්‍රසිද්ධ වූයේ නිව් රම්බර්ග් හි නාසි පක්ෂය(1934) වෙනුවෙන් නිර්මාණය කල Triumph of the Will නම් වාර්තා චිත්‍රපටය නිසාය.ජර්මනිය දෙවන ලෝක යුද්ධයේදී පරාජය වීමෙන් පසු ඇගේ සිනමා වෘත්තියද අඩාල විය.යුද්ධයෙන් පසුව ඇය අත් අඩංගුවට ගත්තද කිසිදු දඬුවමකින් තොරව මුදා හැරිබව කියවේ.
ජපන් කාන්තාවන් පතොරම් නිපදවන කර්මාන්තශාලාවක සේවය කරන අයුරු(1941)
ජර්මනියට එරෙහිව සටන් කල සෝවියට් ගැහැණුන්
වෝර්සෝ හි යුදෙව් ජනාවසයෙන් මතුවූ විරෝධය මැඬලූ අවස්ථාවේදී නාසීන්ට හසුවූ යුදෙව් කාන්තා සටන්කාමීන්(1943)
ඇමෙරිකානු හෙදියන් 1944 ජූලි මස නොමැන්ඩියට ගොඩ බැසීමේදී
සෝවියට් සෙබලියන්
නාසි සෙබලියන්
පෝලන්ත සෙබලියන් (1939)
පෝලන්ත කාන්තාවන් ඝාතනය කිරීමට ගෙන යන ජර්මන් සෙබලුන්
ජර්මන් SSහි සේවය කල කාන්තාවන්
Source:Historyimages.blogspot.in
-HarshaLulzSec-

ලයිඩ්මිලා පැව්ලිකෙන්කො

සෙබලුන් අහිමිවීම වේගවත් වීම නිසා හිට්ලර් දෙවන ලෝක යුද්ධයේ අවසන් සමයේ කාන්තාවන්ද බලෙන් යුද්ධයට බඳවා ගන්නා ලදි.පහත දැක්වෙන්නේ ජර්මන් ගුවන් හමුදාවට බඳවා ගත් කාන්තාවන්ට පුහුණුව ලබාදෙන අයුරුය.(1944 නොවැම්බර්)
ජපන් කාන්තාවන් පතොරම් නිපදවන කර්මාන්තශාලාවක සේවය කරන අයුරු(1941)
ජර්මනියට එරෙහිව සටන් කල සෝවියට් ගැහැණුන්
වෝර්සෝ හි යුදෙව් ජනාවසයෙන් මතුවූ විරෝධය මැඬලූ අවස්ථාවේදී නාසීන්ට හසුවූ යුදෙව් කාන්තා සටන්කාමීන්(1943)
ඇමෙරිකානු හෙදියන් 1944 ජූලි මස නොමැන්ඩියට ගොඩ බැසීමේදී
සෝවියට් සෙබලියන්
නාසි සෙබලියන්
පෝලන්ත සෙබලියන් (1939)
පෝලන්ත කාන්තාවන් ඝාතනය කිරීමට ගෙන යන ජර්මන් සෙබලුන්
ජර්මන් SSහි සේවය කල කාන්තාවන්
Source:Historyimages.blogspot.in
-HarshaLulzSec-

Anyway keep it up the good work බන් 

.සමහරුන්ට වගේ අපිට 10-20GB නෑනේ.(මේ කැලේට මොන 4G ද 3G වත් නෑ හරියට
) 5GB-6GBකින් මේ ඔක්කොම කරන්නේ.

මුලින්ම හඳට යවපු ඇපලෝ 16 එකේත් ප්‍රධාන පරිගණකයේ ප්‍රොසෙසර් එක හදුනේ ගැහැනු අත් වලින් ලු. හේතුව, ඒ ප්රොසෙසර්ස්වල කම්බිව්ලින් කරන සියුම් වැඩ කරන්න පුලුවන් දැඩි ඉවසීමක් තියෙන ඒ උන්දැලාට නිසාමයි කියනවා නෙ.......!!!