ඈ මගෙ දෙවැනි අම්මා...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඈ මගෙ දෙවැනි අම්මා...

    ඈ මගෙ දෙවැනි අම්මා...

    රතු සුදු රෝස මල් පිච්ච මල්
    කඳුළු ඉස්සාය මදි පාඩුවට
    ලණු දිරූ ඉණි පහන් පැල ළඟ
    උගන්වා මට පන්සිල් ගන්ට...
    සිල් ගත්තීය මට නෑසෙන්ට....

    අයැදිමින් සිව් දිසා දෙවියන්ට
    පැතුවාය සක්විති මම වෙන්ට
    ඇය එක්කාන ආ මොණරුන්ට
    උන් ආ දිහාවක් නොකියන්ට...
    ඇය නොදුටු හීන මට පෙන්වන්ට...

    මද කිපුණු යව්වන ඇත්තුන්ට
    නැතුවා සේ වගක් හෙන්ඩුවට
    තණ්හා රති රගා පොත් උඩම
    නැටුවේ මගෙ හිතේ රස්නයට...
    නොදත්තී ඇය ගියා සෙයිලමට ...

    දිවා රෑ නිරුවතින් රැඟු රතී
    කිව්වාය පාර සිල් බිඳලන්ට
    මොණරු දන් දෙද්දී සුරපුරට
    උන් කඳුළු හෙලුවා මග දිගට...
    ඈ මතක් උනේ නෑ නිකමට...

    මා පතා බලා උන් සුරවමිය
    උන්නාය මල් දිරූ ගවුම යට
    රතිය පැන දුවද්දී අහසට
    ඈ ළමැද වැසුවාය හනිකට...
    මා වැළඳ හැඬුවාය හෙමිහිට...

    හීන මිලදී ගන්ට මට දෙන්ට
    ඈ වික්කාය සිල් මොණරුන්ට
    එක කුස බෙදාගෙන ආ කමට
    සමාවක්‌ කොයිබින්ද තව දෙන්ට...
    දන දැනම පන්සිල් බින්ද මට...

    ඈ මගෙ දෙවැනි අම්මා...

    දෙව්රංඟී- දෙසැම්බර් 13, 2015​
     
    Last edited:

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    හීන මිලදී ගන්ට මට දෙන්ට
    ඈ වික්කාය සිල් මොණරුන්ට
    එක කුස බෙදාගෙන ආ කමට
    සමාවක්‌ කොයිබින්ද තව දෙන්ට...
    දන දැනම පන්සිල් බින්ද මට...

    :( :( :(
     
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හීන මිලදී ගන්ට මට දෙන්ට
    ඈ වික්කාය සිල් මොණරුන්ට
    එක කුස බෙදාගෙන ආ කමට
    සමාවක්‌ කොයිබින්ද තව දෙන්ට...
    දන දැනම පන්සිල් බින්ද මට...

    :( :( :(

    Nulata goda wadunata sthuthiyi
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හිතට වදිනවා එක ගොඩක්. කාලෙකට පස්සේ ලිව්වේ ලියන්නේ නැතුව හිටපු ඒවටත් හරි යන්න. ගොඩක් සංවේදී නිර්මනයජ්
     
    • Like
    Reactions: Dewrangi

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පළමුවෙන්ම ස්තූති වන්ත වෙනවා නැවතත් නිර්මාණයක් සමගින් දකින්න ලැබුණ එක ගැන..:D වෙනදා වගේම ලස්සන නිර්මාණයක්... අක්කට ෆ්‍රී වෙලාවක දිගටම මේ වගේ නිර්මාණ කරලා එලකිරි එකට දාන්න... පොඩ්ඩක් මේකේ තේරුම කෙටියෙන් දානවද අපි හිතපු එකමද අක්කා ලියලා තියෙන්නේ කියලා බලා ගන්න.. අක්කට ජය!
     
    • Like
    Reactions: Dewrangi

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    තේරුනේ නැද්ද කොහේදෝ. :(
    තව වතාවක් කියවන්න වේවි!

    කාලෙකින් දැක්කේ :) +11
     
    • Like
    Reactions: Dewrangi

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියවපු ගමන් මතක් වුනෙ වික්ටර් ගායනා කරන ගීතයක්.....
    අම්මා නැති මට- කිරි අම්මා වී
    කළුවර ගෙදරට මිණි පහනක් වී
    දැන ගත් දා සිට - පෙරුම් පෙරූයේ
    අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ......

    පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ
    උදේ ට ලිප ළද කඩයප්පන් ලොඩ වේ
    දෙකම්මුලින් වට මුතු වට්ටිය කුඹ ගේ
    පණමට දී මගෙ නැණ නෙත් පෑදුයේ

    මෝරා හද ගැබ පෙම් මල් නෑ පිපිණේ
    ඉසිලා බද වට ගෝමර ළතැවෙන්නේ
    බාල යොවුන් හද වැහැරී ගේ ඇතුලේ
    මා ලද සිල්ප ද නුඹ හා එක මුල්ලේ.......
    වර්තමාන සේරි වාණිජ සමාජය ඇතුලේ මනුස්සකමේ වටිනාකං විකිනෙන එක ගැන කවර නම් කතා ද?


    මේ ක්‍රමය වෙනස් වන්නේ කවදා ද?:(

    උදේ පාන්දර ම ඇහැට කදුළක් ගෙනාපු එක.............:(
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හිතට වදිනවා එක ගොඩක්. කාලෙකට පස්සේ ලිව්වේ ලියන්නේ නැතුව හිටපු ඒවටත් හරි යන්න. ගොඩක් සංවේදී නිර්මනයජ්

    ගොඩක් ස්තුතියි මල්ලි. සතුටුයි යම් කිසි රස වින්දනයක් ලැබුන නම්.
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    පළමුවෙන්ම ස්තූති වන්ත වෙනවා නැවතත් නිර්මාණයක් සමගින් දකින්න ලැබුණ එක ගැන..:D වෙනදා වගේම ලස්සන නිර්මාණයක්... අක්කට ෆ්‍රී වෙලාවක දිගටම මේ වගේ නිර්මාණ කරලා එලකිරි එකට දාන්න... පොඩ්ඩක් මේකේ තේරුම කෙටියෙන් දානවද අපි හිතපු එකමද අක්කා ලියලා තියෙන්නේ කියලා බලා ගන්න.. අක්කට ජය!

    නිර්මාණය අගය කලාට සහ එය රස වින්දට ගොඩක් ස්තුතියි. උත්සාහ කරන්නම් ඉඩක් ලැබුනම නිර්මාණ කරන්න.

    මේක තමන්ගේ සහෝදරයාගේ දියුණුව වෙනුවෙන් තමන්ගේ ආත්මය ලංසුවට තියපු එක්තරා සොහොයුරියකගේ කතාවක් සහ තමන් යන්නේ ඒ ආත්මයම ලංසුවට ගන්න බව නොදැන ඒ අක්කගේම සල්ලි පාවිච්චි කරපු මල්ලි කෙනෙක් ගැන ලියවුනු දෙයක්.
     
    • Like
    Reactions: thusitharhm

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හතර පාරක් කියෙව්වම තම ටිකක් ඔලුවට වැටුනෙ අක්කගෙ එකක් අදමයි කියෙව්වෙ පුදුම ලස්සනයි සංවේදියි රෙප් අක්කේ
     
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    තේරුනේ නැද්ද කොහේදෝ. :(
    තව වතාවක් කියවන්න වේවි!

    කාලෙකින් දැක්කේ :) +11

    ටිකක් නැවතිල්ලේ කියවල බැලුවොත් අදහසක් ගන්න පුළුවන් වේවි. ටිකක් විතර බර වැඩි උනාද මන්ද?

    ගොඩක් ස්තුතියි. පහුගිය දවස් වල වැඩිය එළකිරි එකට ආවේ නෑ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගොඩක් ස්තුතියි මල්ලි. සතුටුයි යම් කිසි රස වින්දනයක් ලැබුන නම්.

    ඕක කියවල සතුටක් නම් හිතට එන්නේ නැහැනේ තරහක් නේ එන්නේ මේ ක්‍රමය ගැන. එහෙම එන්නේ නැත්තම් හැගීමක් නැති කෙනක් වෙන්නත් ඕනි:)