ඈ මගෙ දෙවැනි අම්මා...
ඈ මගෙ දෙවැනි අම්මා...
රතු සුදු රෝස මල් පිච්ච මල්
කඳුළු ඉස්සාය මදි පාඩුවට
ලණු දිරූ ඉණි පහන් පැල ළඟ
උගන්වා මට පන්සිල් ගන්ට...
සිල් ගත්තීය මට නෑසෙන්ට....
අයැදිමින් සිව් දිසා දෙවියන්ට
පැතුවාය සක්විති මම වෙන්ට
ඇය එක්කාන ආ මොණරුන්ට
උන් ආ දිහාවක් නොකියන්ට...
ඇය නොදුටු හීන මට පෙන්වන්ට...
මද කිපුණු යව්වන ඇත්තුන්ට
නැතුවා සේ වගක් හෙන්ඩුවට
තණ්හා රති රගා පොත් උඩම
නැටුවේ මගෙ හිතේ රස්නයට...
නොදත්තී ඇය ගියා සෙයිලමට ...
දිවා රෑ නිරුවතින් රැඟු රතී
කිව්වාය පාර සිල් බිඳලන්ට
මොණරු දන් දෙද්දී සුරපුරට
උන් කඳුළු හෙලුවා මග දිගට...
ඈ මතක් උනේ නෑ නිකමට...
මා පතා බලා උන් සුරවමිය
උන්නාය මල් දිරූ ගවුම යට
රතිය පැන දුවද්දී අහසට
ඈ ළමැද වැසුවාය හනිකට...
මා වැළඳ හැඬුවාය හෙමිහිට...
හීන මිලදී ගන්ට මට දෙන්ට
ඈ වික්කාය සිල් මොණරුන්ට
එක කුස බෙදාගෙන ආ කමට
සමාවක් කොයිබින්ද තව දෙන්ට...
දන දැනම පන්සිල් බින්ද මට...
ඈ මගෙ දෙවැනි අම්මා...
රතු සුදු රෝස මල් පිච්ච මල්
කඳුළු ඉස්සාය මදි පාඩුවට
ලණු දිරූ ඉණි පහන් පැල ළඟ
උගන්වා මට පන්සිල් ගන්ට...
සිල් ගත්තීය මට නෑසෙන්ට....
අයැදිමින් සිව් දිසා දෙවියන්ට
පැතුවාය සක්විති මම වෙන්ට
ඇය එක්කාන ආ මොණරුන්ට
උන් ආ දිහාවක් නොකියන්ට...
ඇය නොදුටු හීන මට පෙන්වන්ට...
මද කිපුණු යව්වන ඇත්තුන්ට
නැතුවා සේ වගක් හෙන්ඩුවට
තණ්හා රති රගා පොත් උඩම
නැටුවේ මගෙ හිතේ රස්නයට...
නොදත්තී ඇය ගියා සෙයිලමට ...
දිවා රෑ නිරුවතින් රැඟු රතී
කිව්වාය පාර සිල් බිඳලන්ට
මොණරු දන් දෙද්දී සුරපුරට
උන් කඳුළු හෙලුවා මග දිගට...
ඈ මතක් උනේ නෑ නිකමට...
මා පතා බලා උන් සුරවමිය
උන්නාය මල් දිරූ ගවුම යට
රතිය පැන දුවද්දී අහසට
ඈ ළමැද වැසුවාය හනිකට...
මා වැළඳ හැඬුවාය හෙමිහිට...
හීන මිලදී ගන්ට මට දෙන්ට
ඈ වික්කාය සිල් මොණරුන්ට
එක කුස බෙදාගෙන ආ කමට
සමාවක් කොයිබින්ද තව දෙන්ට...
දන දැනම පන්සිල් බින්ද මට...
ඈ මගෙ දෙවැනි අම්මා...
දෙව්රංඟී- දෙසැම්බර් 13, 2015
Last edited:



වෙනදා වගේම ලස්සන නිර්මාණයක්... අක්කට ෆ්රී වෙලාවක දිගටම මේ වගේ නිර්මාණ කරලා එලකිරි එකට දාන්න... පොඩ්ඩක් මේකේ තේරුම කෙටියෙන් දානවද අපි හිතපු එකමද අක්කා ලියලා තියෙන්නේ කියලා බලා ගන්න.. අක්කට ජය!
+11