ElaKiri Fitness Centre / Elakiri Gym

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
a4v8d5.jpg

හරි දැන් මෙන්න මේකයි කතන්දරේ :cool:... මම දැක්ක මේ කිරියේ කීප දෙනෙක්ම ඇඟ හදාගන්න හැටි, ඇඟ අඩු කරගන්න හැටි එක එක වෙලාවල් වලට එක එක thread දාල අහනවා :baffled:තවත් සමහරු supplement, nutrition ගැන එක එක ප්‍රශ්න අහනවා :oo: මම ඉතින් ඔය සමහර ඒවාට දන්නා විදියෙන් උත්තර දීල උදව් කරා .. එතකොට මට මේ කිරියේ ඉන්න කිහිප දෙනෙක්ම කිව්වා bodybuilding කායවර්ධනය පිළිබඳව කියලා දෙන්න මේ වගේ නූලක් දිගහරින්න කියලා ....එත් මම හිතුවා මට මේ physical fitness ශාරීරික යෝග්‍යතා ක්ෂේත්‍රය පිලිබඳ තියෙන දැනුමත් සමග (expert කෙනෙක් නොවන බව පළමුව අවධාරණය කල යුතුයි :baffled:) ඔයාලට ඇතිවෙන ප්‍රශ්න වලට මම දන්නා උපරිමයෙන් උත්තර දෙන්නත් , දන්නේ නැති දේවල් මගේ ගුරුන් හා මේ ක්ෂේත්‍රයේ මට වඩා වැඩි අත්දැකීම් ඇති අයගෙන් කරුණු විමසා බලා පහදා දෙන්නත් ඕනා කියලා මොකද ඉතින් bodybuilding නෙමෙඉයි වෙන ඕනෑම ක්‍රීඩාවක් කරන්න ගියත් අපි සාමාන්‍යයෙන් ගෙදර දොරේ වේද කටයුත්තක් කරන්න ගියත් ඕන වෙන මූලික දේ තමයි physical fitness කියන්නේ ඉතින් ඒ ගැන මම දන්නා විදියට ඔයාලට කියලා දෙන්න කරන පුංචි පහේ අහිංසක උත්සහයක් මේක ... :)

ලංකාවේ දැන් ඉන්න හුගක් දෙනා තමන්ගේ ශාරීරික යෝග්‍යතාවය එහෙමත් නැතිනම් තමන්ගේ physical fitness එක හොඳ මට්ටමකට තියාගන්න උත්සහ කරනවා gym එකකට එහෙමත් නැතිනම් fitness centre ගිහිල්ල ... එඅ වගේම ඉතින් මේවට යන අයගේ උවමනා එපාකම්, අරමුණු වෙනස් වෙනවා අපි එක එක්කෙනාට ගත්තම ... ගොඩක් වෙලාවට අපේ කොල්ලෝ යන්නේ ඉතින් muscles හදාගෙන :P අපේ කෙල්ලන්ගේ අවධානය ගන්න :love:, හැඩට ඉන්න, තදට හිරට හොඳ ඇඳුමක් එහෙම අඳින්න ;) ඒ වගේම මෑතක ඉඳන් අපේ කෙලි ගැටිස්සියෝ ටිකත් :love: යනවා තමන්ගේ පස්ස රවුම් කරලා :P ඇඟ හැඩ කරලා full sexy figure එකක් හදාගෙන අපේ පාරේ යන අහිංසක කොල්ලන්ගේ අවධානය තව වැඩිපුර දිනා ගන්න ;) ඔව් ඔව් ඒවා හොඳ වැඩ :rofl::yes:

තව ඉතින් ඔය ඇඟ මහත අය ඇඟ කෙට්ටු කරගනන්ත්:shocked:, ඇඟ කෙට්ටු අය ඇඟ මහත් කරගන්නත් :eek:, සමහර අය ඇඟේ හැඩය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නත් :love:.. තවත් සමහරු තමන්ගේ ක්‍රීඩා කුසලතාවට අවශ්‍ය පුහුණු හැකියාවන් වැඩි දියුණු කරගනන්ත් :), තවත් අය විවිධ ලෙඩ රෝග හැදෙන එක වලක්වා ගන්නත් :nerd:... එහෙම හදුනා ලෙඩ රෝගවල තත්වය අඩු කරගන්නත් :( වගේ එක එක දේවල් වලට ඉතින් මේ gym සහ fitness centre වලට යනවා .... තවත් ඉතින් එක එක ජාතියේ පුද්ගලයෝ එක එක ජාතියේ අමුතු අමුතු උවමනා එපා කම් සපුරා ගන්නත් ඕවට යනවා ;):baffled::rofl::rolleyes:

ඉතින් සමහර වෙලාවට මේ සමහර gym වල ඉන්න අපේ instructors ලා එක්කෝ අලුත් දේවල් ගෙන වැඩිය දැනීමක් නැහැ ... නැත්නම් ක්‍රීඩා විද්‍යාව, ජීවයාන්ත්‍රණය, භෞතචිකිත්සාව වගේ දේවල් ගැන වැඩි දැනුමක් නැහැ ... ( මට ඉතින් හසල දැනුමක් තියෙනවා කියලා මම කියන්නේ නැහැ :lol::no: එත් මම දන්නා දේවල් වලින් උදව් වෙන්නම්, මම නොදන්නා ඕගොල්ලෝ දන්නා දේවලුත් තියෙන්න පුළුවන් මට ඉගෙන ගන්න හැකි ;) )

අපේ දැන් ඉන්න තරුණ පරම්පරාව ගොඩක් වෙලාවට අන්තර්ජාලයෙන් බලලානේ දැන් ගොඩාක් දේවල් කරන්නේ :baffled:;)... ගොඩක් දේවල් කියන්නේ ඉතින් අහවල් එක කරන එක ගෙනත් මේකෙන් බලල කරන්න යනවනේ නැද්ද? :P:rofl::lol: ඉතින් මේ ව්‍යායාම කියන දේ කරද්දීත් ඉතින් ඔය අන්තර්ජාලේ දල තියෙන එක එක උදවියගේ ව්‍යායාම් මාලාවන් ඒ විදියටම කරන්න ගියොත් අපේ උන්ගේ අන්ගවල් වලට මොකද්දෝ සරණයි කිව්වලු :baffled: ඉතින් එක නිසා මම ඔයාලව විශේෂ තැනකට ගෙනියනවා ... අන්න ඒ විශේෂ තැන තමයි අපේ කිරියේ ඉන්න හැමෝටම පොදු වූ Elakiri Fitness Centre / Elakiri Gym එක

කොහොමින් කොහොම හරි දැන් ඔයාල මේ ඇවිල්ල ඉන්නේ ලංකාවේ තියෙන ප්‍රථම ( මම හිතන විදියට ) අන්තර්ජාල ශරීර යෝග්‍යතා මධ්‍යස්ථානයට එහෙමත් නැතිනම් අන්තර්ජාල ව්‍යායාම් මධ්‍යස්ථානයට ... :shocked::cool:

හරි දැන් අපි මේක ජංජාලයක් නැතුව කරගෙන යමු, මට මේකට මේ කිරියේ ඉන්න සියලුම දෙනාගේ උපරිම සහයෝගය උවමනා වේ. අනිත් දේ තමයි මම විශේෂයෙන් කියන්න ඕනා මේකට කාන්තා පිරිමි භේදයක් නැතිව සහභාගී වෙන්න ... ඔයාලගේ තියෙන ගැටළු මට ඉදිරිපත් කරන්න, මම පුළුවන් උපරිමයෙන්ම සාධාරණ විදියට ඔයාලට දෙන්න පුළුවන් සහයෝගය හා ඒ තිබේන ගැටළු වලට පිළිතුරු ලබා දෙන්නම්.

පොඩි කාරණා ටිකක් මම සඳහන් කරන්න ඕන මුලින්ම ...




  • Training program/ workout plan/ schedule ඉල්ලන අයට මුලින්ම කියන්න ඕන සාමාන්‍යයෙන් වගකිවයුතු උපදේශකවරෙක් ඔබ තුමන්ලාගේ සහ තුමියන්ලාගේ ශරීරය නොදැක, මෙහෙම ව්‍යායාම් මාලාවක් දෙන්නේ නැත.:baffled: මන්ද එම ව්‍යායාම් මාලව ඔබට කොතරම් දුරට ගැලපෙනවාද නැද්ද යන්න සහ ඔබගේ අවශ්‍යතාවයටත් සිරුරේ පිහිටීමත් අනුව එය සැකසිය යුතු බැවිනි.:nerd: ඉතින් මටත් ඇති වන්නේ මෙතැනදී ඔය ගැටලුවමයි :oo:... කැමති කෙනෙක් සිටියි නම් බෙල්ල නැතුව photo එකක් pm කරලා හරි මේක ඉල්ලා ගන්න බලන්න:), ඔබ සෑම සියලුදෙනාගේම පුද්ගලිකත්වය දිවි පරදුවට තබා මැනවින් ආරක්ෂා කරනු ලබයි.:yes: එහෙම එවන්න අකමැති අයටත් මම අකමැත්තෙන් හෝ ලබාදෙන්නම් හැබැයි පුතෝ ප්‍රතිඵල කෙසේ වෙයිද මම නොදනිමි.:no::baffled:

  • Supplement අතිරේක පෝෂ්‍ය පදාර්ථ පිළිබඳව මම දන්නා උපරිමයෙන් ඔබව දැනුවත් කරන්නම් සහ මට හැකි අයුරින් සාධාරණ මිලකට ඔබට ඒවා ලබාගැනීමට උදව් කරන්නම්... ( උදව් කොරන්න ගිහින් මට කෙල වෙයිද දන්නේ නෑ :baffled: එහෙම එව්වමයි වෙන්නේ අප්පා :dull: )

  • Diet Plan / Meal Plan - මේවත් දෙන්නම් ඉතින් පුළු පුළුවන් විදියට හැබැයි ඉතින් හැරෙන පරක්කුවට නම් බෑ මහත්තයෝ මොකෝ මේක බොහොම වගකීමෙන් කරන්න ඕන වැඩක් :nerd::frown:

  • හරි ඊළඟට කියන්න ඕනා මමත් ඉතින් ඔබ සියලු දෙනා වගේම තවත් බොහෝ වැඩ රාජකාරි වල නිරතවෙමින් තමයි මේ වැඩේට ඇත ගහන්නේ ඉතින් මගෙන් reply පරක්කු උනොත් :nerd: හෝ මට කිහිප දවසකට මේ පැත්තට එන්න බැරි උනොත් :baffled: මද කිපෙන්නේ නෙතුව :growl::no: මා හට අනුකම්පා කරත්වා :P... පුළුවන් හැම වෙලාවකදීම ඔබ සැමගේ fitness එක පිළිබඳව උපරිමව සොයා බලමි :yes:

අන්තිමට කියන්න ඕනා, මම මේ කරන්නේ කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි :no:... ලංකාවේ දැන් පොඩි එකාගේ ඉඳල ලොකු එකා වෙනකල්ම පොඩ්ඩක් එහා මෙහා වෙලා වෙඩක් කරපු ගමන් පැත්තකට වෙලා හති අරින තත්වෙට පත්වෙලා :eek::baffled::oo:... මිනිස්සු දුවන්නේ සල්ලි පස්සේ ... කන්නේ බොන්නේ මොනවද කියලා තැනවත් දන්නේ නෑ ...:nerd: ඉස්සර ලාංකිකයෝ කිව්වම බොහොම ශක්තිවන්තයි ක් හා මනසින්ම :growl:... දැන් දැන් මනසින් ශක්තිය තියෙන අයත් අල්පයි ඒ වගේම කායික ශක්තිය ගොඩාක් අයගේ නැත්තටම නැති තරම් :dull:... ඉතින් මම මේ ක්ෂේත්‍රයට එන්නත් හේතුව ගොඩක්ම මේ ලංකාවේ මිනිස්සුන්ව ඉස්සර වගේම හොඳ කායික ශක්තියක් ඇති ... තේජවන්ත පෙනුමක් ඇති නිරෝගිමත් ජාතියක් කරන්න :yes:.. මට දෙන්න පුළුවන් දායකත්වයක් මේ රටට දෙන්නයි ... "ආරෝග්‍ය පරමා ලාභා - උතුම්ම ලාභය නිරෝගී කමයි" කියන දේට මගේ අහිංසක දායකත්වය දෙන්න ඔබ තමුන්නසේලගේ උපරිම සහයෝගය ලැබේ යයි එක සිතින් සිතමි. :)


Update

හුට්ට පටස් මට මේ කියන්ඩ අමතක උනා නේ :eek::shocked:

Workout plan/ workout schedule/ training program - හරි දැන් කට්ටියම ඉතින් ඔව්ව ඉල්ලනවනේ ... දැන් මේකයි ... හැම තිස්සෙම ව්‍යායාම කරද්දී සම්පූර්ණ ශරීරයටම අපි ව්‍යායාම කරන්න ඕනා:yes: ... නැතුව ඉතින් මේ මචං මට chest එක හදා ගන්න , arms හදා ගන්න , six pack හදා ගන්න:nerd: කියලා විතරක් බාගෙට නම් ඇඟට ව්‍යායාම කරන්ඩ කතා කරන්ඩ එපා මාත් එක්කල ඔන්න... :frown:

Nutrition - හරි දැන් මේකයි අපේ ආහාර වල ප්‍රධානම අන්තර්ගතයන් විදියට Carbohydrate, Fat , Protein කියන තුන අපිට ගන්න පුළුවන් ... ඉතින් මෙන්න මේ දේවල් අපි එකිනෙකාගේ ශරීරයේ වර්ධනය, පරිවෘතීය ක්‍රියාවලිය වගේ දේවල් එක්ක බලල අනුපාතික අගයන් වලින් ලබාගන්න ඕනා ... :)

Supplement - ඔව් ඔව් මේකනේ ලොකුම දේ :P, මේවා බිව්වම ළමයි හදන්න බෑ :oo:, අහවල් වැඩේ කොරගන්න බෑ :eek:... ඔය ඔය එක බයිලා :dull: සහ මේවා ගැහුවා ගමන් නිකන් සුපර් මෑන් වගේ ඇඟ හැදෙනවා :rofl:... මේක තමයි හොඳම එක :lol:, bulk කරන්න මේක හොඳයි :baffled:cut කරන්න මේක හොඳයි :nerd: යනාදී එකී මෙකි නොකී නානාප්‍රකාර ජිරිබිරිස් කතන්දර තියෙන මාතෘකාවක් මේක:rofl: ... පොඩ්ඩ පොඩ්ඩ පැහැදිලි කොරල දෙන්නම් හරිය.. ;)



අපේ කිරි කිරිස් කොල්ලන්ට කෙල්ලන්ට යන්න gym ඕනේ උනොත් කියන්න මම දන්නා මට recommend කරන්න පුළුවන් කියලා හිතෙන ඒවාට ඔබ සියලු සත්වයෝ යොමු කරන්නම් ;)... නැත්තන් ඉතින් මට දෙහි කැපී බොලව් අහවල් එකට යැව්වා හැබැයි මෙලව රහක් නැතෙයි කියලා :P
 
Last edited:

BATTA45

Active member
  • Nov 1, 2015
    406
    27
    28
    dhaenata gym yan nhae masayak tisse me tika karanawa six pack nha bada issaraha pattha tikak flat wela
    ena depaththa hadila nha thama
    meka withark ghala six pack hadaganna puluwanda
    ena depaththa shape karaganna kremayk thiyanawada

     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    dhaenata gym yan nhae masayak tisse me tika karanawa six pack nha bada issaraha pattha tikak flat wela
    ena depaththa hadila nha thama
    meka withark ghala six pack hadaganna puluwanda
    ena depaththa shape karaganna kremayk thiyanawada


    මචං පුලුවන්නම් මෙන්න මේක පුරවන්න https://goo.gl/vfahK5 මට ඔයාගේ වැඩි විස්තර ටිකක් ලැබුනොත් උදව් කරන්න ලේසියි ...

    ඔයාගේ ව්‍යායාම් කිරීමේ මූලික අරමුණ මොකද්ද, ඔයාගේ වයස කීයද, උස සහ බර කීයද, ඔයාගේ දවස ගෙවෙන්නේ කොහොමද? ඒ කියන්නේ ජොබ් එකක් මහන්සි වෙලා කරනවද? නාතන් ආතල් එකේ ජොබ් එක කරනවද, තවම ඉගෙන ගන්නවද වගේ දේවල් පොඩ්ඩක් කියන්න පුලුවන්ද?
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    මචං පුලුවන්නම් මෙන්න මේක පුරවන්න https://goo.gl/vfahK5 මට ඔයාගේ වැඩි විස්තර ටිකක් ලැබුනොත් උදව් කරන්න ලේසියි ...

    ඔයාගේ ව්‍යායාම් කිරීමේ මූලික අරමුණ මොකද්ද, ඔයාගේ වයස කීයද, උස සහ බර කීයද, ඔයාගේ දවස ගෙවෙන්නේ කොහොමද? ඒ කියන්නේ ජොබ් එකක් මහන්සි වෙලා කරනවද? නාතන් ආතල් එකේ ජොබ් එක කරනවද, තවම ඉගෙන ගන්නවද වගේ දේවල් පොඩ්ඩක් කියන්න පුලුවන්ද?

    ela mama wisathara tika dhannam
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    bodyfat-front.jpg


    Menna me wage kiyala hithaganinko ithin den adu karaganne kohomada kiyapan :lol:

    :shocked::lol: හරි ඔය පෙනුමනේ, මට දෙන්නකෝ අනිත් විස්තර, උස, බර, වයස, දැනට කොහේ හරි gym එකක training කරනවද? උඹේ ජොබ් එක මොන වගේද? මහන්සි වෙලා කට්ට කන එකක් ද? ආතල් එකේ පුටුව රත් කර කර ඉන්න එකක් ද? පුලුවන්නම් මචං මේකත් පුරවන්න https://goo.gl/vfahK5 :) අපි ඔය ශරීර පථය හද කරලා ගමු ;)
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    මචං පුලුවන්නම් මෙන්න මේක පුරවන්න https://goo.gl/vfahK5 මට ඔයාගේ වැඩි විස්තර ටිකක් ලැබුනොත් උදව් කරන්න ලේසියි ...

    ඔයාගේ ව්‍යායාම් කිරීමේ මූලික අරමුණ මොකද්ද, ඔයාගේ වයස කීයද, උස සහ බර කීයද, ඔයාගේ දවස ගෙවෙන්නේ කොහොමද? ඒ කියන්නේ ජොබ් එකක් මහන්සි වෙලා කරනවද? නාතන් ආතල් එකේ ජොබ් එක කරනවද, තවම ඉගෙන ගන්නවද වගේ දේවල් පොඩ්ඩක් කියන්න පුලුවන්ද?

    onna wisthara okkoma damma
    job ekak karan nha thama igena gannawa
    gedara idhan aga hadhaganna {arm ekai badai } kremaykbalnne
    gym yanna kaiyla adhasakuth thiyanawa ela
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    :shocked::lol: හරි ඔය පෙනුමනේ, මට දෙන්නකෝ අනිත් විස්තර, උස, බර, වයස, දැනට කොහේ හරි gym එකක training කරනවද? උඹේ ජොබ් එක මොන වගේද? මහන්සි වෙලා කට්ට කන එකක් ද? ආතල් එකේ පුටුව රත් කර කර ඉන්න එකක් ද? පුලුවන්නම් මචං මේකත් පුරවන්න https://goo.gl/vfahK5 :) අපි ඔය ශරීර පථය හද කරලා ගමු ;)

    96kg, 5.9 ft /idan inna thamai thiyenne boho durata :( idagena thamai katta kanna ona
     

    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    එළම කිරි මචන්,, උඹ සීන් එකේ ඉන්න කොල්ලෙක් විත්තිය දැක්කා.. පට්ට මේ වගේ වැඩක් කරන්න හිතපු එකත්,, අනෙක උඹ ලස්සනට ම පටන් අරන් තියෙනවා මචන්.. පුළුවන් තරම් දුරට ගෙනියපන්.. :):)

    ම්... මගේ මචන් උස 5'10" බර කි. 89.. ( වැඩි තමා බන්... :sorry:)
    මම pic එකක් එවන්නම්.. මට දැනට කියපන් මචන් can i do fat burning and muscle gaining at once?? නැත්නම් බර්න් කරලද මසල් හදාගන්න ඕන???

    P.S - Sumitted the form...
     
    Last edited:

    the freak

    Member
    Jul 21, 2015
    13
    0
    0
    මම කාලයක් gym එකකට ගියා. මාස 5ක් විතර. මගේ ඇග එච්චරම හොඳට build උනේ නෑ. මම කෙට්ටු පොරක්. එත් මම martial arts කරනව. ඒ නිසා fitness ටිකක් තියනවා. මට දැනගන්න ඔනේ middle chest එකට වදින exercise මොනාද තියෙන්නෙ කියලා. මොකද මම කලින් ගිය gym එකේ pec dec එක වැඩ කරේ නෑ. ඒ නිසා chest එක මැද cut වෙලා නෑ නිකන් ඇතුලට බැහැල වගේ. ගොඩක් උන් කියනව chest එක ගොඩාක් build වෙච්ච උන්ගේ විතරයි මැද cut කරන්න පුලුවන් කියලා. ඒත් මම දැකල තියනව එහෙම නැති අයත්. මේකට විසඳුමක් තියනවද?
     
    Last edited: