නෙතු පියමි සිහිනයක ඔබේ රුව දකින්නට
පෙනේ ඔබෙ නෙතු අතර ඉකි බිඳින කඳුළු කැට
මගේ සිත ඇතත් ඔබ ලඟම තනි නොතනියට
නොහැක මට උණුසුමෙන් ඔබට තනි රකින්නට
හඬන්නේ අහස පිනිබිඳු සලා ශෝකයට
සලන්නේ සුසුම් මද පවන දුක් රාවයට
නැගෙන්නේ රැහැයි ගී පාළුවේ ශෝකයට
තැවෙන්නේ ලෝකයම හුදෙකලා පාලුවට
කියන්නේ කවදාද දැනෙන තනිකම සිතට
ඇසෙන්නේ කවදාද මගේ දුක් ගී ඔබට
ගලන්නේ කවදාද ඔබ සුවඳ මා හදට
වඩින්නේ කවදාද ඔබ මගේ ලෝකයට
ටී එම් ගෙ කටහඬේ ආධිපත්‍යය උපරිමෙන්ම තියෙන අපූරු ගීතයක් වන මේ ගීතයෙ අතුරු සංගීත කොටස් වලට සවන් දෙන්න , බටහිර Jazz සංගීතය ඔබට අහෙනවාද බලන්න...
පෙනේ ඔබෙ නෙතු අතර ඉකි බිඳින කඳුළු කැට
මගේ සිත ඇතත් ඔබ ලඟම තනි නොතනියට
නොහැක මට උණුසුමෙන් ඔබට තනි රකින්නට
හඬන්නේ අහස පිනිබිඳු සලා ශෝකයට
සලන්නේ සුසුම් මද පවන දුක් රාවයට
නැගෙන්නේ රැහැයි ගී පාළුවේ ශෝකයට
තැවෙන්නේ ලෝකයම හුදෙකලා පාලුවට
කියන්නේ කවදාද දැනෙන තනිකම සිතට
ඇසෙන්නේ කවදාද මගේ දුක් ගී ඔබට
ගලන්නේ කවදාද ඔබ සුවඳ මා හදට
වඩින්නේ කවදාද ඔබ මගේ ලෝකයට
ටී එම් ගෙ කටහඬේ ආධිපත්‍යය උපරිමෙන්ම තියෙන අපූරු ගීතයක් වන මේ ගීතයෙ අතුරු සංගීත කොටස් වලට සවන් දෙන්න , බටහිර Jazz සංගීතය ඔබට අහෙනවාද බලන්න...





