වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Okay-Crying-Meme-05.png

    NSR එකක් හම්බවුනා පුටේ.. හදන්න ගෙනත් තියෙන්නේ.. ඉගිනිෂන් කේස් එකක්.. වටයක් දාන්න කෙල පෙරාගෙන ඉන්නේ.. හොඳම තත්වෙන් නෑ. නැතිකමට අවුලක් නෑ ඉතින්.. :P

    :shocked::shocked::shocked::shocked::shocked:
    For Sale ද අහපන් . . .
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked::shocked::shocked::shocked:
    For Sale ද අහපන් . . .

    අහ අහා ඉන්නෑ බන් ඌ දෙනවනම් මෙලහකට අපි උස්සලා.. හැබැයි ඉතින් අරන් හරියට හදල මිසක් පදින්න බෑ.:dull:

    ඒක එකපාරක් හැපුන එකක්. ගලවලා බලන්න ඕනේ. එන්ජින් කන්ඩිෂන් හිතාගන්න බෑ. චැසි ඇදවිලි එහෙමනම් නෑ පෙන්න. පැදල බැලුවම කියන්නම්. රතුපාට එකක්. CDI කේස් එකක් කියල තමා අයිතිකාරය කියල තියෙන්නෙ. කාලයක් එකතැන තිබිල තියනව. අඩු තරමෙ මාස 6ක්වත්. :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    අද කස්ටමර් කෙනෙක් ටීවී චැනල් එකකින් එහෙමත් ගෙන්නලා පට්ට චාටර් එකක් දුන්න . . .

    ඔන්න උගේ Complain . . .

    Day 1 : වාහනේ අදින්නේ නෑ (වාහනේ අවුලක් තිබ්බේ නෑ එදා . . . චෙක් කරලා බලලා යැව්වා . . .)

    Day 2 : ගියර් වැටෙන්නේ නෑ (Clutch එක බාගෙට පාගලා තමා ගියර් දාලා තියෙන්නේ . . .එදත් චෙක් කරලා බලලා යැව්වා . . .)

    Day 3 : Clutch එක මදි (Hydraulic Clutch ඇජස්ට් කරන්න බෑ . . . Padel එකේ Free Padel එක Adjust කරලා යැව්වා . .)

    Day 4 with TV Channel : වාහනේ අවුලක් තියෙනවා. . .කඳු අදින්නේ නෑ . . . ගියර් වැටෙන්නෙත් නෑ . . . (කස්ටමර්ට නැගපිය වාහනේට කියලා මං ඩ්‍රයිව් කරා. . . නුවර ටවුන් එක වටේම ගිහින්. හන්තානේ කන්ද උඩටම ගියා. . . No Problem . . .එනකොට කස්ටමර්ට වාහනේ එලවපිය කිව්වා . . . අයියෝ සල්ලි . . . මූට Clutch එක දෙන්න බෑ කියපන්කො . . . පල්ලමේත් වාහනේ හිටිනවා. . .)

    අද ඌ මට ජොබ් එක එපා කෙරෙව්වා බන් . . .

    කුජීතයි බන්.කොහොමද ඌ වාහනේ ගරාජ් එකට අරන් ආවේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,395
    17,334
    113
    Auckland

    අද කස්ටමර් කෙනෙක් ටීවී චැනල් එකකින් එහෙමත් ගෙන්නලා පට්ට චාටර් එකක් දුන්න . . .

    ඔන්න උගේ Complain . . .

    Day 1 : වාහනේ අදින්නේ නෑ (වාහනේ අවුලක් තිබ්බේ නෑ එදා . . . චෙක් කරලා බලලා යැව්වා . . .)

    Day 2 : ගියර් වැටෙන්නේ නෑ (Clutch එක බාගෙට පාගලා තමා ගියර් දාලා තියෙන්නේ . . .එදත් චෙක් කරලා බලලා යැව්වා . . .)

    Day 3 : Clutch එක මදි (Hydraulic Clutch ඇජස්ට් කරන්න බෑ . . . Padel එකේ Free Padel එක Adjust කරලා යැව්වා . .)

    Day 4 with TV Channel : වාහනේ අවුලක් තියෙනවා. . .කඳු අදින්නේ නෑ . . . ගියර් වැටෙන්නෙත් නෑ . . . (කස්ටමර්ට නැගපිය වාහනේට කියලා මං ඩ්‍රයිව් කරා. . . නුවර ටවුන් එක වටේම ගිහින්. හන්තානේ කන්ද උඩටම ගියා. . . No Problem . . .එනකොට කස්ටමර්ට වාහනේ එලවපිය කිව්වා . . . අයියෝ සල්ලි . . . මූට Clutch එක දෙන්න බෑ කියපන්කො . . . පල්ලමේත් වාහනේ හිටිනවා. . .)

    අද ඌ මට ජොබ් එක එපා කෙරෙව්වා බන් . . .

    :dull:

    නුවරද ඉන්නෙ ? :nerd:
    මම හිතන් හිටියෙ කොලඹ කියලනෙ. අෆොයි :rofl::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :lol: :lol: මොකක්ද බං වාහනේ...... :P

    ඌ ටීවී චෑනල් එකකුත් උස්සන් ආවද....?? උඹ උන් සෙට් එකත් දාගෙනද ට්‍රයල් එක ගියේ..... :P

    උඹට කියන්න මං මේකෙ එකෙක්ගෙ වාහනයක් එලෙව්වා..:baffled: ඔව් ඔව් ලොකුවට කියන ටොයෝටා එකක් තමා..... ඩීසල් කාර් එකක්..... :P

    ගියර් වැටෙන්න යකඩෙකින් කොන්ක්‍රීට් එකකට අනිනවා වගේ :shocked: බ්‍රේක් එකට කකුල තියන්න බෑ..... බොකු බඩවැල් එලියට එන්න බ්‍රේක් එක තැන :eek: ඇක්සලරේටරේට හිතුන වෙලාවට තමා රේස් වෙන්නේ..:no: සීට් එක උඩ මොකක්ද ලබ්බක් එලලා දාඩිය දානවා අම්බානක.:sorry: AC වැඩ නෑ...... මහා සද්දයක් එනවා දැම්මහම ඒක :eek: එන්ජිම ස්ටාර්ට් කරහම ගල් මෝලක් ස්ටාර්ට් කරා වගේ... :baffled: කන්දක් දැක්කහම අඩනවා....... :lol: ස්පීඩෝ මීටරේ සහලෝලා උණ ගත්ත එකෙක් වගේ වෙව්ලනවා...... :lol:

    පොරත් මට ඩීසල් වාහන එපා කෙරෙව්වා...:sorry::sorry::sorry:

    මරු කියවීම මගින් අදාල කෙනා සොයාගත හැක.:cool:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,622
    3,342

    Toyota corolla akak neda මාමේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :dull: :dull:

    උන් මට කිව්වනේ මම ෆුල් ටෑංක් ගහන්නේ නැතුව ඈති ඒකයි දිරන්න හේතුව කියලා..... මම උන්ට මගේ තෙල් ගැහිල්ලේ රෙකෝඩ් එකත් යැව්වා දැන්...... :baffled: උන්ට එපා වෙලා ඈති මේවා දැකලා...... :lol:

    35hli0z.jpg

    මාමගේ වැඩ මාර පිලිවෙලයිනේ මාමේ...:baffled: මගේ එවගේ එකපාරක් දෙපාරක් තෙල් වැඩකරන හැටි බලන්න ට්‍රිප් මිටරේ රීසෙට් කොරන්න ඇති..:oo: දැන්නම් පන්සලේ පිං කැටේ වගේ තමා :dull::dull:

    මාමේ මම මේ මනුස්සකමට අහන්නේ, පවුල් ජීවිතේ මේන්ටෙනන්ස් රෙකෝඩ් එහෙම නැතෙයි?:rolleyes::rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    අද කස්ටමර් කෙනෙක් ටීවී චැනල් එකකින් එහෙමත් ගෙන්නලා පට්ට චාටර් එකක් දුන්න . . .

    ඔන්න උගේ Complain . . .

    Day 1 : වාහනේ අදින්නේ නෑ (වාහනේ අවුලක් තිබ්බේ නෑ එදා . . . චෙක් කරලා බලලා යැව්වා . . .)

    Day 2 : ගියර් වැටෙන්නේ නෑ (Clutch එක බාගෙට පාගලා තමා ගියර් දාලා තියෙන්නේ . . .එදත් චෙක් කරලා බලලා යැව්වා . . .)

    Day 3 : Clutch එක මදි (Hydraulic Clutch ඇජස්ට් කරන්න බෑ . . . Padel එකේ Free Padel එක Adjust කරලා යැව්වා . .)

    Day 4 with TV Channel : වාහනේ අවුලක් තියෙනවා. . .කඳු අදින්නේ නෑ . . . ගියර් වැටෙන්නෙත් නෑ . . . (කස්ටමර්ට නැගපිය වාහනේට කියලා මං ඩ්‍රයිව් කරා. . . නුවර ටවුන් එක වටේම ගිහින්. හන්තානේ කන්ද උඩටම ගියා. . . No Problem . . .එනකොට කස්ටමර්ට වාහනේ එලවපිය කිව්වා . . . අයියෝ සල්ලි . . . මූට Clutch එක දෙන්න බෑ කියපන්කො . . . පල්ලමේත් වාහනේ හිටිනවා. . .)

    අද ඌ මට ජොබ් එක එපා කෙරෙව්වා බන් . . .
    ඔන්න ඔය සොන්නයට ඔටෝ ගියර් බොක්ස් එකක් තියල දීපන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19466481 said:

    මාමගේ වැඩ මාර පිලිවෙලයිනේ මාමේ...:baffled: මගේ එවගේ එකපාරක් දෙපාරක් තෙල් වැඩකරන හැටි බලන්න ට්‍රිප් මිටරේ රීසෙට් කොරන්න ඇති..:oo: දැන්නම් පන්සලේ පිං කැටේ වගේ තමා :dull::dull:

    මාමේ මම මේ මනුස්සකමට අහන්නේ, පවුල් ජීවිතේ මේන්ටෙනන්ස් රෙකෝඩ් එහෙම නැතෙයි?:rolleyes::rolleyes:

    :cool:

    ඔය වගේම තව පොත් තියෙනවා බස් වලට.... ඒවායේ නම් තෙල් ගැන බලන්නේ නෑ ඔය වගේ...... :P හැබැයි ඈණයක් මාරු කරත් ඒකේ තියෙනවා........ :yes:

    ටයර් වලටත් ඒ වගේ....... ටයර් වලත් කොයි කොයි පැත්තේ කොයි කොයි සීරියල් එක්ක මොන ජාතියේ ටයර්ද කියලත් තියේ..... :D :P

    පවුල් ජීවිතේ මේන්ටනන්ස් රෙකෝඩ් කිව්වේ.....?? විය හියදම්ද.....?? ඔව් ඔව් ඒවත් වෙනම තියෙනවා....... :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :cool:

    ඔය වගේම තව පොත් තියෙනවා බස් වලට.... ඒවායේ නම් තෙල් ගැන බලන්නේ නෑ ඔය වගේ...... :P හැබැයි ඈණයක් මාරු කරත් ඒකේ තියෙනවා........ :yes:

    ටයර් වලටත් ඒ වගේ....... ටයර් වලත් කොයි කොයි පැත්තේ කොයි කොයි සීරියල් එක්ක මොන ජාතියේ ටයර්ද කියලත් තියේ..... :D :P

    පවුල් ජීවිතේ මේන්ටනන්ස් රෙකෝඩ් කිව්වේ.....?? විය හියදම්ද.....?? ඔව් ඔව් ඒවත් වෙනම තියෙනවා....... :yes:

    වියදම් එක්ක තරු විසි තිස් දාහක් විසිවෙලා මාමේ ඉන්නේ:(
    මටත් කියල දීපන්කෝ උබේ ටැක් ටික්:dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කාලෙකින් වාහන කට්ටක් ලියන්නයි යන්නේ ඔන්න..:shocked::shocked:

    මේ සිද්දිය සිද්ද උනේ දෙදහස් හත අවුරුද්දේ කියලයි යන්තමට වගේ මතක. මේ කියන කාලේ මම රකියාව් අකාලේ කතරගම නිසා නිරන්තරයෙන් පාවිච්චි කරපු ප්‍රවාහන මාද්‍යය උනේ ලේලන්ඩ් බස් එක. මාසෙකට වතාවක් දෙකක් මෝටර් සයිකලෙන් කතරගම ගියත් ඒක ජීවිතේ එපා වෙන ගමනක් නිසා හුඟක් වෙලාවට ගමන් කරේ කතරගම කොළඹ බස් වල.

    z_p-07-Sweeping-1.jpg

    බස් ගැන කියනවනම් මගීන්ට අවීචි මහා නරකාදියේ දෙන වැඩ තිස්දෙකම දෙන බස් සහ මගීන්ට හොඳ සැප දෙන බස් දෙවර්ගයම තිබ්බ. සමහරක් බස්වල නැගල කතරගමින් බහිනකොට කන්දෙක අගුල් වැටිලා . මොකද කියනවනම් ගල් මෝලක තරම් සද්දයක් එන එන්ජිමේ සද්දේ යටපත් වෙලා ඩ්‍රයිවර්ට ඇහෙන ගානට සින්දුවක් දැම්මාම පිටිපස්සේ ඉන්න මගීන්ට ඉන්න වෙන්නේ කන් දෙකේ ඇඟිලි ගහගෙන. අනික් කාරනාව ඒ සින්දු අහිල්ලේ ඇහෙන්නේ ත්‍රිබල් සද්දයට හෙවත් සිලි සිලි ශබ්දය පමණයි. අඩුම තරමේ සින්දුව කියන ගායකයාගේ කටහඬ වත් ඇහෙන්නේ නැති තරම්. මොකද කියනවනම් එන්ජිමේ ශබ්දය සහ කැරකෙන අනෙකුත් ආම්පන්නවලින් නැගෙන ශබ්දය අනෙකුත් සියලුම පරායාගෙන එන තරම් .

    එක බස් එකක් තිබ්බ ඒ බස් එකේ හිටගෙන යන්නම බැරි තරම්. මාතරින් එහාට ඒ බස් එකේ හිටගෙන තියා වාඩිවෙලාවත් යන්න බැරි තරම්. බස් එකේ වේගය අසූව පැන්නාම මුළු බස් එකම වයිබ්රේට් වෙනවා කටේ තියන දත් ටිකත් ගැලවිලා බිම වැටෙන තරමට. සීට් එකේ වාඩිවෙලා ඉන්න එවුනුත් රූටල පහලට ඇදිල එන තරම් . හිටගෙන යනවනම් මම කරන්නේ ඒ වෙලාවට ඇඟිලි තුඩු වලින් හිටගෙන ඉන්න එක. ඒ වයිබ්‍රේට් එකට විලුඹ බිම තිබ්බ කියන්නේ මොලේ ගැලවිලා ඔලුවෙන් විසික්වෙන තරම්. ඉතින් කටේ තියන දත් ටික ගැන කුමන කතාද කොල්ලනේ. මේ කියන බස් එකේ හිටගෙන යන්න සෙට් උනා කියන්නේ මාතරින් එහා තිස්ස හරියෙන් සීට් එකක් ලබෙනකල්ම දත් ටික තදින් විකාගෙන ඇඟිලි තුඩු වලින් හිටගෙන පොල්ලෙ එල්ලිලා යන්න වෙන සීන් එකක්.

    ඔය අතරේ කලාතුරකින් සෙට් වෙන සීගිරි කියන ටාට බස් එකේ නම් කනක් ඇහිලා පාඩුවේ වාඩිවෙලා යන්න පුළුවන් උනාට සීගිරි මුදලාලිගේ කල දසාව නරක් වෙලාද කොහේ සීගිරි බස් එක ඒ කාලේ හැමදාමත් වගේම අතරමග කැඩුන. ඔය කාලෙට සාපේක්ෂව දවසක් රෑ කතරගමින් ගෙදර එන්න සීගිරි එකේ නැගල තිස්සට එද්දිම සීගිරි බස් එක ලයිට් පත්තු වෙන්නේ නැතුව ගියා කියහන්කෝ.. ඊට පස්සේ එන අභිමානි ලේලන්ඩ් එකේ හිටගෙනම ගෙදර එන්න සිද්ද උනේ අන්තිමේ.

    ප්‍රයිවට් බස් කාරයින්ගේ වද බන්දන උහුලන්නම බැරි තැන සීටීබී බස් එකකට සෙට් උනා පසු කාලීනව. අන්න බස්..බීට් සයිලන්සර් නැහැ, ත්‍රිබල් අහන කැසට් ප්ලේයර් නැහැ.. ඩ්‍රයිවර් කොළඹ ඉඳන් කතරගමටම එකක් නිවෙන්න එකක් සිගරට් බොන්නෙත් නැහැ .. මහා රෑ දොළහට හොර්න් ගහන්නෙත් නැහැ.. සීට් එකෙන් බිමට වැටෙන්න බ්‍රේක් ගහන්නෙත් නැහැ .. කිසිම කරදරයක් නැහැ මී මැස්ස වගේ තමයි.. නැගල වාඩි උනාම කතරගමට ගිහින් තමයි නින්ද ඇහැරෙන්නේ ..

    images

    පස්සෙන් පහු බස් කාරයින්ට (තරහ වෙයිද මන්ද මා එක්ක :sorry:) බීට් සයිලන්සර් තහනම් උන නිසා ඒ කරදරෙන් බේරුනත් සිංදු කරදරෙන් නම් තාම මගීන්ට බේරෙන්න බැරි උනා. දවසක් බස් කොන්දෙක් එක්ක රඬුවකුත් උනා මම ..මගේ ඉලීම උනේ සින්දුව නවත්තාපන් අපිට නිදාගන්න කියන එක.. කොන්දගේ තර්කය උනේ ඩ්‍රයිවර් නිදිමරාගෙන අමාරුවෙන් එලවාගෙන යන නිසා සින්දුව අත්‍යවශ්‍යයි කියන එක.. මගේ තර්කය උනේ සින්දුවක් නැතුව එලවන්න බැරිනම්, නිදිමරන්න බැරිනම් මොන මගුලටද රෑ තිස්සේ කතරගම කොළඹ බස් එකක් එලවන්නේ කියන එකයි. උන්ද සිංදුව නවත්තුවේම නැති නිසා අවසානයේ මට සිද්ද උනා පිටිපස්සේ මම හිටපු තැන හයිකරපු බෆල් පෙට්ටියේ වයර් එක බස් එකේ බෙල් එක ගහනවා වගේ කැඩෙන්නම ඇදල දාල සින්දු කරදරෙන් මිදෙන්න. යකෝ ඌ පඩියට නිදිමරාගෙන බස් එක එලවාගෙන යනවා කියල අපිත් සල්ලි දීල නිදිමරන්න ඕනෙද? සිංදුව ඕනෙමනම් ඇයි රියදුරු අසුන ගාවින් බෆල් එකක් හයිකරගන්නේ නැත්තේ..ඊටත් වඩා ඕනෙනම් හෙඩ් ෆෝන් එකක් පාවිච්චි කරන්නත් පුළුවනි මගීන්ට වද නොදී.

    බස් කතාවෙන් පොස්ට් එක කැලේ ගිහින් යුරාජ් මාමි මා එක්ක තරහ වෙන තැනට බස් කතාව ඇදෙන්න කලින් ලියන්න ආපු කතාව ලියන්නයි යන්නේ ඔන්න.

    මේ කියන දවසේ මට කතරගම යන්න උනේ ප්‍රධාන කාර්යාලයෙන් ලියකියවිලි වගයක් අරගෙන. ඒ හින්ද මට සිද්ද උනා කොළඹ ඇවිත් ප්‍රධාන කාර්යාලයට ගිහින් අදාළ ලියකියවිලි අරගෙන කොළඹින් කතරගම බස් එකේ නගින්න. මේ කියන දවස් ටික වැස්ස වලාහක දෙවියන් ප්‍රමුක බෙන්ගාල බොක්කේ කාර්යමණ්ඩලය ඕවර්ටයිම් දාගෙන වැඩකරපු දවස් ටිකක්. ඒ කියන්නේ මුළු ලංකාවටම පට්ට වැස්ස දවස් කීපයක්. කතරගම යායුතුම උනත් කතරගම මහවෙල උතුරලා ගිහින් තිබ්බ්බ නිසා මාතරින් එහාට බස් ධාවනය නවත්තල කියල මම දැනගත්තේ පිටකොටුවට ගියාම. අයහපත් කාලගුණය එක්ක අතරමග හිරවෙන්න වෙන නිසා කතරගම බස් ධාවනය මුළුමනින්ම නැවතිලා ඒ වෙද්දී.

    බොරුවට හරි රාජකාරිය දේව කාරියට වඩා ලොකුයි කියල මමත් පිටකොටුවේ කතරගම බස් පෝලිමේ ඉන්නවා ඔන්න. හිත කියන්නෙම පවු නොදී ගාල්ල බස් එකක නැගල ගෙදර පලයන් කියල උනාට කරුමෙට රස්සාව කලයුතුම නිසා අකමැත්තෙන් උනත් කතරගම පෝලිමේ චාටර් වීගෙන ඉන්නකොට තමයි ඇඟේ මස් කලඳක් නැති, බස් එකේ ෆුට් බෝර්ඩ් එකටවත් උස නැති, අවුරුදු දාසයක විතර පෙනුමක් තියන කොලුගැටයෙක් කතරගම බස් එකක් එළවන් ඇවිත් කිව් එකට ගැහුවේ.

    පෝලිමේ හිටපු අපත රැලෙන් ඉදිරියේම හිටපු එකෙක් වෙච්ච නිසා මටත් ඔන්න පිටිපස්ස හරියෙන් ආසනයක් හිමි උනා කියමුකෝ. කැසට් සිංදු කරදරය සහ බීට් සයිලන්සර් කරදරය නැති බස් එකක් නිසා මමත් දෙයියනේ කියල තංගල්ල පහුකරනකම් සැප නින්දකට හිමිකම් කිව්වා. ඔන්න තංගල්ලෙන් එහාට බස් යාම බැරිලු.. වෙල් යායම මහා සාගරේ වගේ රැලි ගගහ වතුර ගලාගෙන යන තරම් වතුර ගලල කියහන්කෝ. කොන්දට කතා කරලා කතරගමටම යනවා නේද කියල තහවුරු කරගත්තු මම ආයේ නින්දක් ගහන්න සරසෙනකොට තමයි කලින් කිව්ව අවුරුදු දහසයක විතර ඩ්‍රයිවර් කොලුගැටයා කොහේදෝ අහුමුලු පාරවල් වලින් දාගෙන වතුර ගලපු නැති පාරවල් හොයාගෙන අස්සෙන් පස්සෙන් දාගෙන රිංග රිංගම ඉදිරියට යන්නයි සූදානම.

    6a00d834ff890853ef015438877dcb970c-pi

    කට්ට කළුවරේ කොයි ලෝකේ අරන් යනවද කියල අවබෝධයක් නැතුව බස් එක වලවල් වල වැටි වැටී කැලෑ මැද්දෙන්, හේන් මැද්දෙන්, ගම්මාන මැද්දෙන් ඉදිරියට ඇදුනට කට්ට කළුවර නිසා යන්නේ උතුරටද, දකුණටද , නැගෙනහිරටද, බටහිරටද කියල අවබෝධයක් නම් නොදනී කිව්වලු. ඔහොම හිමින් හිමින් ඇදිච්ච බස් එක අන්තිමේ මහා මුකලානක් මැද්දේ මඩ වගුරක එරිලා නැවතුනා කියහන්කෝ. පලාතක මිනිස් පුළුටක් නැති කරුවල ගුහාවක් වෙච්චි, වටේම පේන පෙන තැන තියෙන්නේ මඩ ගොහුරක් වෙච්චි මටනම් බස් එකෙන් බහින්නත් කම්මැලි නිසා තොපි කැමති විදිහකින් මාව කතරගමට අරන් පල කියන සිතුවිල්ලෙන් මමත් හොඳට හරිබරි ගැහිලා නිදාගන්නමයි ට්‍රයි එක.

    බස් එකේ එවුන් බැහැල තල්ලු කරන අතරේ ඩ්‍රයිවර් කොලුවා බස් එකේ එන්ජිමට දහසකුත් වද දුන්නත් බස් එක නෙවෙයි හෙලවුනේ. මඩේ ලැගපු ඇතෙක් වගේ ලේලන්ඩ් එක දකුණු පැත්තට අංශක තිහක් විතර ඇලවෙලා ඔහේ තියනවා නො හෙල්ලුම්. කඩින් කඩ කුකුල් නිදි කිහිපයක් දාපු මම අන්තිමේ බස් එකෙන් බහින්න තීරණය කරේ කට්ටියම එකතුවෙලා පැය දෙකක් විතර දඟලුවයින් පස්සෙයි. අසනීම උදවිය , ගැහැණු උදවිය සහ කුඩා ළමුන් බස් එකෙන් බැස්සේ නැති නිසා ඒ චෑන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මමත් කුකුල් නින්ද පැය දෙකක් විතර ඇදගත්ත.

    hqdefault.jpg

    බස් එකෙන් බැහැල බැලුවාම තමයි තේරුනේ එරිල තියෙන්නේ බස් එකේ පිටිපස්සේ දකුණු පැත්තේ රෝදෙ විතරයි කියන එක දැක්කේ. ඩ්‍රයිවර් කොලුවා රෝදේ කරකවල කරකවල ඩිප් එක බිම වදින්න ඔන්න මෙන්න තරමටම රෝදේ මඩේ ගිලා බැහැල ඉවරයි ඒ වෙද්දී.. ඩ්‍රයිවර් බස් එක රේස් කරන්න කරන්න එරිච්ච රෝදේ එකතැන කැරකෙන එක විතරයි වෙන්නේ. බස් එක ගොඩගන්න විදිහක් ඔලුවට ආපු නිසා ඔන්න පොලා කටහඬ අවදි කරා..

    0520stuckinmud.jpg

    කොන්දට කිව්වා රෝදේ අස්සට හිරකරන්න පුළුවන් ලීයක් වගේ දෙයක් හොයන් වර කියල. ඔන්න කොන්ද කළුවරේ කොහේදෝ අතගාල දිරච්ච කොට කෑලි දෙකක් හොයන ආපි. ඊළඟට මගේ අවවාදය උනේ එක කොටයක් බස්සපිය රෝදෙ පොළොවත් එක්ක හිරවෙන්න කියන එක. ඔන්න කොන්දා සහ පිරිස කොටයක් මඩේ ඔබල අනික් කොටෙන් ඇනල කොටය රෝදේ යටින් පුළුවන් තරම් බැස්සුවා.

    බස් එකෙන් බිමට බැහැල ඉන්න ජනතාව බස් එකට නග්ගන්න කියල කිව්වම තමයි කට්ටියම පොලාට හිනාවෙන්න ගත්තේ. එත් පොලාකාපු කටු වල හැටියට පොලා සලෙයිද ඔව්වට. කොන්දට කිව්වා උඹට බස් එක ගොඩට ගන්න ඕනෙනම් ඔක්කොම සෙනග නග්ගපිය කියල බස් එකට. ඔන්න හිටපු සෙනග දහසක් උසුළු විසුළු කථා කියාගෙන බස් එකට නැග්ග කියමුකෝ..

    ඊළඟට පොලාගේ ඉල්ලීම උනේ බස් එකේ ඉන්න සියලුම ජනතාව එරිච්ච රෝදේ ගාවට එන්න කිව්වාම බස් මගීන් පොලාට මුනටම සමචචල් කරන්න ගත්තේ එරිච්ච රෝදේ තවත් මඩේ ගිල්ලවන්න හදනවා කියලයි. කීපදෙනෙක් පොලාට "පිස්සෙක්ද කොහේ " කියනවත් ඇහුන උනාට අපි සැලෙයි එව්වට..

    මිනිස් පුළුටක් නැති මහා මුකලානක් මැද්දේ කට්ට කරුවලේ මඩේ එරිච්ච ලේලන්ඩ් ඇත් රජා ගොඩගන්න වෙනත් විකල්පයක් නැති නිසා කොන්දට එකඟවෙන්න සිද්ද උනා පොලාගේ ඉල්ලීමට. ප්‍රතිපලය උනේ බස් මගීන් සියල්ලම පිටිපස්සේ දකුණු රෝදයට බර එන විදිහට වාඩි කරවල සීට් අස්සෙත් මගීන් හිටගෙන ඉන්දවන්න කොන්දා ඉදිරිපත් වීමයි.

    සියල්ලම අකුරට ලැහැස්ති උනායින් පස්සේ පොලා ලං උනා ඩ්‍රයිවර් කොලුවට. දුන්න අවවාදය පලවෙනි ගැම්මෙන්ම පාගල අල්ලන්නත් බස් එක හඳ ලඟට උඩ විසික් උනත් පොලොව තද තැනකට යනතෙක් බස්රථය නොනවත්වා ධාවනයටත්.

    ඔන්න පොලත් හත් අටපොලකින් අල්ලාගෙන මගීන්ටත් කිව්වා අහුවෙන තැන්වලින් සහ පොලුවලින් :shocked: හයියෙන් අල්ලගන්න කියල..

    නැකත හොඳයි කීය පියා
    මව ඉන් ඉදිරියට ගියා
    මඟැ හැම වස් දොස් හැරියා
    එක පැටියෙක් හැඹී පියා

    කියන්නාක් වගේ ඩ්‍රයිවර් කොලුව එන්ජිම රේස් කරල ගියර් එක ෆස්ට් එකට දාල අතෑරපි ක්ලච් එක. ක්ලච් එක අතරපු සුනන්ගුවෙන් බස් එක මොර හතේ මොර දීගෙන මඩ වලෙන් ගොඩවෙච්චි.

    Doctor-Who-bus.png

    මම කියපු දේ අකුරටම ක්‍රියාත්මක කරපු ඩ්‍රයිවර් ගැටය බස් එක දෙකට මැදින් කැඩිල හඳ ගාවටම විසික් වෙන්න තරම් වලවල් වල වැටෙද්දී නොනවත්වාම මඩ කාගෙන අරන් ගිහින් නැවැත්තුවේ හයිය පොළොවක් තියන තැනකට ගිහින්ම තමයි. එත් ඒ වෙද්දී පිටිපස්සේ රෝදේ හරියේ අඩමානෙට වාඩිකරපු එවුන් බාගයක් හිටියේ බිම..:lol::lol::lol:

    එතනින් වැඩේ ගොඩ ගිය නිසා ආයෙත් කතරගමටම යනකම් කරදරයක් උනේ නැහැ. හවස හතරට විතර කොළඹින් පිටත්වෙච්ච වට වන්දනාවේ ගිහින් කතරගමට එද්දී පහුවදා උදේ හතයි. බස් එක මඩ වලෙන් ගොඩ ගත්තු වීරයා උනේ පොලා නිසා බස් එකෙන් බහිද්දීත් කොන්දයි ඩ්‍රයිවර් කොලුවයි පොලාට නොසෑහෙන්න ස්තුති කරා. බස් රාජයා මඩෙන් ගොඩ ගන්න කලින් පොලාට හිනාවෙච්චි එවුන් නම් පොලා දිහා බැලුවේ හොර ඇහෙන් විතරයි.

    වාහනයක් මඩේ එරුනොත් ගොඩගන්න නම් මඩ එක්ක එක තැන කැරකෙන රෝදය එකතැන කැරකෙන එක නවත්තනකම් කීයටවත් බැහැ කියන එක මෙය කියවන උඹලා තේරුම් ගනිත්වා. එරුනාවූ වාහනයක් මඩෙන් එලියට ගන්නනම් නිදහසේ කරකැවෙන රෝදය නවත්වනකම් අනෙක් රෝදය වෙත බලයක් නොයන විදිහටයි බහුතරයක් ගෘහස්ත සහ මගීන්, භාණ්ඩ ප්‍රවාහනය කරන වාහන නිර්මාණය කරලා තියෙන්නේ ඒකට හේතුව තමයි Differential කියන උපාංගයේ ක්‍රියාකාරිත්වය. මේ කියන Differential එක නැත්තම් වාහන වලට වංගු වල ගමන් කිරීම අසීරු වෙනවා වගේම වංගුවෙන් ඉවතට විසි වීමේ අවදානමත් තියෙනවා. ඒ දෝෂය මගහරවන්න තමයි Differential උපාංගය වාහන වලට එකතු වෙන්නේ.

    රෝදය කොටයක් මගින් හිර කිරීම සහ ලිස්සන රෝදය සහ පොලුව අතර ඝර්ෂණය වැඩි කරීමට එම රෝදය උඩට මගීන් පැටවීමේ ප්‍රතිපලය තමයි එරිලා නැති රෝදය වෙත එන්ජිමේ බලය සම්ප්‍රේෂණය වීම . අන්න ඒ රෝදය විසින් තමයි බස් රථය ගොඩට ගන්න ශක්තිය සපයන්නේ.

    Differential උපාංගය ගැන මෙන්න මේ වීඩියෝ දෙක බැලුවාම නොදන්නා උදවියට තේරුම් ගන්න පුළුවන් වෙයි.

    පොඩි වාහනයක් මඩේ එරුනොත් මේ විදිහත් ට්‍රයි කරලා බලන්න

    Last edited:
    • Like
    Reactions: asylum and laMir

    rusiyanuwa

    Active member
  • පුස්සැල්ලාව හරියෙදි පැකිමි 10ට අඩු වේගෙන් යන ත්‍රීවිල් එකකට පස්සෙන් කිලෝමීටර් ගානක් (ඉස්සර නොකර ගිහින් ) ඉස්සරහ පාර පැහැදිලි තැනකදි (පොඩි වංගුවක) ඉස්සර කරාම දඩ කොලයක් හම්බුනා වැරදි ලෙස ඉස්සර කිරීමට. ලියපු කෙනත් පිලිගන්නවා ඒ ත්‍රීවිල් එක යන්නෙ හෙමින් කියලා. කතා කරපු විදියෙන්නම් තේරුණේ ෂේප්මන්ට් එකක් දාගන්න පුලුවනි කියලා. ඒත් මොකටද ලියපු එකාට කීයක්වත් දෙන්නෙ කියලා දඩ කොලේ අරන් ආවා.
    ඒත් හෙමින් ගිහින් මාර්ග තදබදය ඇති කළා කියලා ත්‍රීවිල් එකට කේස් නෑ.
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    පොල් මාමාගේ කට්ටත් තියෙව්වහම ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා ඇත්තටම ගොඩක් ස්තුතියි !
     
    Status
    Not open for further replies.