වෙන් වෙන් වශයෙන් කියන්න අමාරුයි සහෝ..මේ අවුරුද්දේ හුගක් පාඩම් ඉගෙන ගත්ත සමාජයෙන්ම..
1.හුගක් දෙනා බොරුව කරන්නේ.තමන්ගේ හිතට එකගව මමත් මම කැමති දේ නෙමෙයි කරන්නේ.මිනිස්සු හුගක් ජීවත් වෙන්නේ අනිත් අයට පේන්න ,තමන්ගේ සමාජ තත්වය පෙන්නන්න
2.හුගක් ලගින් ඇසුරු කරන පුද්ගලයන්ට උනත් කවදාවත් තමන්ගේ රහස්ය තොරතුරු කියන්න යන්න එපා ඒක හිතට කොච්චර සහනයක් උනත්.මොකද කවද හරි දවසක ඒ පුද්ගලයාම තමන්ට එරෙහිව ඒ තොරතුරු ප්රයෝජනයට ගන්නවා.
3.මුදල් කියන දේ කොච්චර තිබ්බත් තමන්ට ලෙඩක් දුකක් හැදෙන්න මහ ලොකු කාලයක් යන්නේ නෑ.කරුමයක් තියනවනම් ගෙදර නිදි අදේදීම උනත් වෙනවා එක වලක්ව ගන්න බෑ.
4.පිනක් කරනවානම් සමාජයට පේන්න ඒ දේ කරන්න යන්න එපා.එක තවත් මිනිස්සු කොටසක් එයාලගේ තුරුම්පුවක් විදියට යොදා ගන්න තියන ඉඩකඩ වැඩි දැන් තියන සමාජ තත්වය අනුව
.
5.කාටවත් කියන්නේ නැතුව තමන්ගේ හිතට දැනෙන්න හොරෙන් පිනක් කරගන්න ..ඊට පස්සෙත් ඒ ගැන කාටවත් කියන්න නැතුව ඉන්න.හිතට මාර සතුටක් දැනෙන්නේ (පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන් මේකනම් )
6.කොච්චර ආදරෙන් අපි මොන දේ ගොඩනැගුවත් අවසානයේ ඒ සියල්ල කෙලවර වෙන්නේ වේදනාවකින්
" ආදරෙන් තැනු සියල්ල වේදනාවෙන් කෙලවෙර වේ "
