එලකිරියට මොකද වෙන්නේ?

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    එලකිරියට මොකද වෙන්නේ?

    එලකිරියට මොකද වෙන්නේ?:(

    එලකිරි සම්මාන උළෙල එක්කම දාන්න හිතුන දෙයක් මේක..:dull:
    එලකිරි සම්මාන උළෙල ඉවර වෙද්දි පරණ වටින කියන සාමාජිකයො ගොඩක් එලකිරි එක දාලා ගිහින්....:(

    එලකිරි එකේ 2012 රෙජිස්ටර් වුනාට ඊට ගොඩක් කාලෙක ඉදල එලකිරිය ගැන හොදින් දන්නවා. ඒ කාලෙ හැමෝම සමගියෙන් එකා වගේ හිටිය. යම් තාක් දුරකට මේ කව්ද මොනවද කරන්නේ මෙයාගෙ ජාතිය මොකක්ද මෙයාගෙ වත ගොත මොකක්ද කියල දන්නෙ නැති නිසා ගොඩක් වෙලාවට හැම ෆ්රෙඩාම වැදගත්නෙ මචන් තියරි එකෙන් හැමෝම තරාතිරම නොබලා එක එකාට පුලුවන් විදිහට උදව් පදව් කරගෙන සමගියෙන් හිටියා. මෙතන හිටිය හිරේ ගිය උන්.. දොස්තර මහත්තුරු.. ඉංජිනේරුවො.. සමාගම් වල ලොකු පුටු වල අය.. එකී නොකී ගොඩක් ස්තර වල අය හිටිය. ඒ අතර සාමාන්‍ය අපිත් හිටිය. හැබැයි ඒ දවස් වල ඒ අය නිරාවරණය වෙලා හිටියෙ නැහැ තමන් කව්ද කියල. අඩුම ගානෙ වයස මොකක්ද? කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල දන්නෙත් නැහැ. ඉතින් හැමෝම එකම මට්ටමින් හිටියෙ.

    කාලෙත් එක්ක ෆිට් එක වැඩි වෙද්දි සාමාජිකයො පුද්ගලිකව සම්බන්ධ කම් පවත්වන්න පටන් ගත්ත. ගෙට් ටුගෙදර්, වෙනම ගෘප්, ස්කයිප් ගෘප්, වයිබර් ගෘප් වගේ එලකිරි එකෙන් පරිබාහිරව සාමාජිකයො සම්බන්ධ වෙලා තම තමන්ගෙ විස්තර බෙදා හදා ගත්ත. එතනදි ඒ අය නිරාවරණය වුනා තමන් කව්ද කියල. ඊට පස්සෙ ඒ අය ඒ අයට ගැලපෙන අය විතරක් එලකිරි එකේ ආශ්‍රය නිශ්‍රය කරන්න පටන් ගත්ත.. ඒ අය ආශ්‍රය නිශ්‍රය කරන අය එලකිරි එකේ මොන අදහසක් දැරුවත් (හරි හෝ වැරදි) ඒක හිස් මුදුනින් පිලිඅරගෙන ඒ අදහසට විරුද්ධ අයට වට වෙලා ගහන්න පටන් ගත්ත. මොකද ඒ අය පුද්ගලිකව යම් බැදීමක් තියෙන නිසා. සමහර විට වැරදි දෙයක් වුනත් අර යාලුවව සනසන්න එහෙයි කියන මට්ටමට වැටිල තියෙනවා. ඒ අය එලකිරි එකේ දකින්න පුලුවන් වෙන්නේ ඒ අයටම ආවේණික ත්‍රෙඩ් 2,3 ක විතරයි. ඒවාත් ගෘෘප් චැට් වගේ වෙලා. අලුත් කෙනෙක් ඒ ත්‍රෙඩ් එකකට ආවත් නොදැක්ක වගේ ඉන්න තරමටම ඒ අයගෙ මයින්ඩ් එක වෙනස් වෙලා. කල්ලිවාදයක් ඇති වෙලා. කෙනෙක් කියන දේකට වෙන කෙනෙක් විරුද්ධව අදහස් පළ කරොත් අර කෙනා එයාගෙ කල්ලිය බස්සල අනිත් විරුද්ධ එකාව නැත්තටම නැති කරනවා. සමහර වෙලාවට එලකිරි එපා වෙන්නම. උදාහරණ මේ දවස් වල තියෙන එලකිරි සම්මාන උළෙල.

    අනිත් දේ තමයි ඇඩ්මින් අයියගෙ තීරණ වලටත් සමහර සාමාජිකයො බලපෑම් එල්ල කරන මට්ටමකට ඇවිත් කියල පේනවා. සමහර පරණ සාමාජිකයො නිසා ඇඩ්මින් අයියටත් කරන්න දෙයක් නැතුව ඇති. පොරටත් රැවුලයි කැදයි දෙකම බේරගන්න ඕනි නිසා. එතනදි එලකිරි එකේ නීති හා රෙගුලාසි දෙආකාරව (දන්න අයට සහ නොදන්න අයට) ක්‍රියාත්මක වෙනවදැයි හිතෙනවා.

    කළකිරිච්ච පරණ සාමාජිකයො ගොඩක් වෙලාවට එන්නෙ නැහැ දැන්. ආවත් බලල යනවා විතරයි. නැත්නන් වෙන අලුත් අයිඩී එකකින් ලොග් වෙලා ඉන්නවා. ඉස්සර ඒවා අමතක කරල.
    හැබැයි ඒ අය එලකිරි ඉතිහාසෙම දන්නව. ඉතින් කෙනෙක් දෙයක් කිව්වොත් එයාව එක්ස්පොස් කරන්න තරම් කරුනු තියෙනවා. ඉතින් දරුනු තත්ත්වයක්.. සමහරුන්ගේ ඒ වගේ අලුත් එකවුන්ට් (ෆේක් කියල කියන ඒවා) මොනවද කියල අනි්ත් අය දන්නවත් එක්ක. ඒත් ඒවා වලින් කරන වැඩ වලට මුකුත් කියන්නෙ නැහැ. සමහරු හරි එකවුන්ට් එකෙන් කියන්න බැරි දේ ෆේක් එකෙන් ලොග් වෙලා කියනවා. මූ අරය කියල දන්න නිසා සමහරු මුකුත් කියන්නෙ නැහැ. යාලු කමට වැරැද්ද හරි කියල කියනවා..
    මෙහෙම දිගටම ගියොත් එලකිරි එක යාලුවො 10-15 කට විතරක් සීමා විච්ච එකක් වෙයි. අනිත් අයට කට අරින්නත් බැහැ. ඇරියොත් සමූහ දූෂනයකට ලක් වෙනව වගේ වැඩක් වෙනවා.

    මේවා නොකියත් බෑ.. කිව්වත් වැරදියි. පරණ එලකිරි එක ඇත්තටම ගොඩක් සුන්දරයි..
    ඒ කාලෙ තරාතිරමක් නැතුව හැමෝම එකට එකාවගේ හිටිය...

    මේ මට පේන විදිහ.. උඹලටත් එහෙමද පේන්නේ :(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,063
    16,799
    113
    චන්දෙ ඉල්ලුවොත් තරහකාරයෝ වැඩි වෙනවා වගේ සම්මාන දෙන එකෙනුත් වෙන්නේ තරහකාරයෝ ඇති වෙන එක.දන්නවනේ ලංකාවේ අයගේ හැටි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දන්න එලකිරි ඉතිහාසයම ඔහොමම තමා සම්මානයක් ආවොත් මරා ගන්නව කබයක් ඇද්දොත් මරා ගන්නව ඔය හැටි,අනෙ මන්ද මම නම් ආව දවසෙ ඉදන් මරා ගත්ත මිසක් වෙන දෙයක් කරෙ නද්ද කොහෙද .,
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    එලකිරියට මොකද වෙන්නේ?:(

    එලකිරි සම්මාන උළෙල එක්කම දාන්න හිතුන දෙයක් මේක..:dull:
    එලකිරි සම්මාන උළෙල ඉවර වෙද්දි පරණ වටින කියන සාමාජිකයො ගොඩක් එලකිරි එක දාලා ගිහින්....:(

    එලකිරි එකේ 2012 රෙජිස්ටර් වුනාට ඊට ගොඩක් කාලෙක ඉදල එලකිරිය ගැන හොදින් දන්නවා. ඒ කාලෙ හැමෝම සමගියෙන් එකා වගේ හිටිය. යම් තාක් දුරකට මේ කව්ද මොනවද කරන්නේ මෙයාගෙ ජාතිය මොකක්ද මෙයාගෙ වත ගොත මොකක්ද කියල දන්නෙ නැති නිසා ගොඩක් වෙලාවට හැම ෆ්රෙඩාම වැදගත්නෙ මචන් තියරි එකෙන් හැමෝම තරාතිරම නොබලා එක එකාට පුලුවන් විදිහට උදව් පදව් කරගෙන සමගියෙන් හිටියා. මෙතන හිටිය හිරේ ගිය උන්.. දොස්තර මහත්තුරු.. ඉංජිනේරුවො.. සමාගම් වල ලොකු පුටු වල අය.. එකී නොකී ගොඩක් ස්තර වල අය හිටිය. ඒ අතර සාමාන්‍ය අපිත් හිටිය. හැබැයි ඒ දවස් වල ඒ අය නිරාවරණය වෙලා හිටියෙ නැහැ තමන් කව්ද කියල. අඩුම ගානෙ වයස මොකක්ද? කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල දන්නෙත් නැහැ. ඉතින් හැමෝම එකම මට්ටමින් හිටියෙ.

    කාලෙත් එක්ක ෆිට් එක වැඩි වෙද්දි සාමාජිකයො පුද්ගලිකව සම්බන්ධ කම් පවත්වන්න පටන් ගත්ත. ගෙට් ටුගෙදර්, වෙනම ගෘප්, ස්කයිප් ගෘප්, වයිබර් ගෘප් වගේ එලකිරි එකෙන් පරිබාහිරව සාමාජිකයො සම්බන්ධ වෙලා තම තමන්ගෙ විස්තර බෙදා හදා ගත්ත. එතනදි ඒ අය නිරාවරණය වුනා තමන් කව්ද කියල. ඊට පස්සෙ ඒ අය ඒ අයට ගැලපෙන අය විතරක් එලකිරි එකේ ආශ්‍රය නිශ්‍රය කරන්න පටන් ගත්ත.. ඒ අය ආශ්‍රය නිශ්‍රය කරන අය එලකිරි එකේ මොන අදහසක් දැරුවත් (හරි හෝ වැරදි) ඒක හිස් මුදුනින් පිලිඅරගෙන ඒ අදහසට විරුද්ධ අයට වට වෙලා ගහන්න පටන් ගත්ත. මොකද ඒ අය පුද්ගලිකව යම් බැදීමක් තියෙන නිසා. සමහර විට වැරදි දෙයක් වුනත් අර යාලුවව සනසන්න එහෙයි කියන මට්ටමට වැටිල තියෙනවා. ඒ අය එලකිරි එකේ දකින්න පුලුවන් වෙන්නේ ඒ අයටම ආවේණික ත්‍රෙඩ් 2,3 ක විතරයි. ඒවාත් ගෘෘප් චැට් වගේ වෙලා. අලුත් කෙනෙක් ඒ ත්‍රෙඩ් එකකට ආවත් නොදැක්ක වගේ ඉන්න තරමටම ඒ අයගෙ මයින්ඩ් එක වෙනස් වෙලා. කල්ලිවාදයක් ඇති වෙලා. කෙනෙක් කියන දේකට වෙන කෙනෙක් විරුද්ධව අදහස් පළ කරොත් අර කෙනා එයාගෙ කල්ලිය බස්සල අනිත් විරුද්ධ එකාව නැත්තටම නැති කරනවා. සමහර වෙලාවට එලකිරි එපා වෙන්නම. උදාහරණ මේ දවස් වල තියෙන එලකිරි සම්මාන උළෙල.

    අනිත් දේ තමයි ඇඩ්මින් අයියගෙ තීරණ වලටත් සමහර සාමාජිකයො බලපෑම් එල්ල කරන මට්ටමකට ඇවිත් කියල පේනවා. සමහර පරණ සාමාජිකයො නිසා ඇඩ්මින් අයියටත් කරන්න දෙයක් නැතුව ඇති. පොරටත් රැවුලයි කැදයි දෙකම බේරගන්න ඕනි නිසා. එතනදි එලකිරි එකේ නීති හා රෙගුලාසි දෙආකාරව (දන්න අයට සහ නොදන්න අයට) ක්‍රියාත්මක වෙනවදැයි හිතෙනවා.

    කළකිරිච්ච පරණ සාමාජිකයො ගොඩක් වෙලාවට එන්නෙ නැහැ දැන්. ආවත් බලල යනවා විතරයි. නැත්නන් වෙන අලුත් අයිඩී එකකින් ලොග් වෙලා ඉන්නවා. ඉස්සර ඒවා අමතක කරල.
    හැබැයි ඒ අය එලකිරි ඉතිහාසෙම දන්නව. ඉතින් කෙනෙක් දෙයක් කිව්වොත් එයාව එක්ස්පොස් කරන්න තරම් කරුනු තියෙනවා. ඉතින් දරුනු තත්ත්වයක්.. සමහරුන්ගේ ඒ වගේ අලුත් එකවුන්ට් (ෆේක් කියල කියන ඒවා) මොනවද කියල අනි්ත් අය දන්නවත් එක්ක. ඒත් ඒවා වලින් කරන වැඩ වලට මුකුත් කියන්නෙ නැහැ. සමහරු හරි එකවුන්ට් එකෙන් කියන්න බැරි දේ ෆේක් එකෙන් ලොග් වෙලා කියනවා. මූ අරය කියල දන්න නිසා සමහරු මුකුත් කියන්නෙ නැහැ. යාලු කමට වැරැද්ද හරි කියල කියනවා..
    මෙහෙම දිගටම ගියොත් එලකිරි එක යාලුවො 10-15 කට විතරක් සීමා විච්ච එකක් වෙයි. අනිත් අයට කට අරින්නත් බැහැ. ඇරියොත් සමූහ දූෂනයකට ලක් වෙනව වගේ වැඩක් වෙනවා.

    මේවා නොකියත් බෑ.. කිව්වත් වැරදියි. පරණ එලකිරි එක ඇත්තටම ගොඩක් සුන්දරයි..
    ඒ කාලෙ තරාතිරමක් නැතුව හැමෝම එකට එකාවගේ හිටිය...

    මේ මට පේන විදිහ.. උඹලටත් එහෙමද පේන්නේ :(

    ඕක නම් සැරටම වෙනවා.. එළකිරි business set එකක් මේ වැඩේ දරුණුවට කරන්නේ,එකෙක්ට ගහද්දි පිස්සු බල්ලෝ වගේ අනිත් උන් දුවන් එනවා :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕකනේ මම ඉවරවෙනකං ඉඳලා ආවේ...
    :D
    ඔහොම තමා බං. යාවි. ටික කාලෙකින් ආයේ ඒවි..
    මේක දාලා යන්න බෑ ඔය කිසි එකෙකුට.. :)
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    උබේ කතාව හරියටම හරි ගොඩක්ම වෙලා තියෙන්නේ මේක තමා.:)
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    පරණ එලකිරි එක ඇත්තටම ගොඩක් සුන්දරයි..

    අපි නම් ෆෝරමයට අලුත් ,පරණ දේවල් කොහොමද කියලා දන්නේ නෑ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකෙ කලින් ඉඳන්ම මොන මගුල කලත් වලි යනවා බං..
    එදා මෙදා කියල වෙනසක් නැහැ..
    බොහොම කලාතුරකින් තමයි හොඳ විදියට දෙයක් ඉවර වෙන්නෙ..
    :)

    මම නම් සම්මාන ත්‍රේඩ් එකට වෝට් කලෙත් නෑ..
    කොමෙන්ට් දැම්මෙත් නෑ..
    ඒක සංවිධායක මණ්ඩලයේ ප්‍රශ්ණයක් නිසාවත්, වෙන ප්‍රශ්නයක් නිසාවත් නෙමෙයි..
    හේතුව මට මේකෙ එකෙක්ව විතරක් විශේෂ කෙනෙක් විදියට දකින්න අමාරුයි..
    උදව්වක් ඉල්ලුවාම බොක්කෙන්ම බැහැලා උදව් කරන කොල්ලො ඕන තරම් ඉන්නවා..
    පැය ගණන් මහන්සිවෙලා ත්‍රේඩ් දාන උන් ඕන තරම් ඉන්නවා..
    ඉතිං එහෙම එකේ මගේ හිතට එකඟව මෙන්න මූ සුපිරියි කියලා කියන්න බෑ..
    ඔන්න ඕකයි මම වෝට් නොකලේ..
    :(

    මේකෙ පෙලක් සාමාජිකයො ඉන්නවා උඹ කියනව වගේ..
    එයාලා අනිත් අය කොච්චර හොඳ ත්‍රේඩ් දැම්මත් කොමෙන්ට් කරන්නෙ නැහැ වැඩිය..
    ඔහේ බලලා යනවා..
    එයාලගෙ සෙට් එකේ එකෙක්ට ගූ ගියා කිව්වත්, සුපිරි ත්‍රේඩ් එක මචං කියලා කොමෙන්ට් කරනවා..
    එහෙම පොඩි පොඩි කේස් තියෙනවා ඉතිං..
    ඔව්වා ගණන් ගන්න එපා..
    :cool:

    ඒත් මම නම් කියන්නෙ මොකෙක් උනත් කමක් නැහැ..
    ත්‍රේඩ් එකක් බැලුවා නම් බම්ප් එකක් හරි දාගෙන පලයන් කියලා..
    ත්‍රේඩ් එක දාපු එකාගෙ මහන්සිය ගැනවත් හිතලා..
    හොරාට යන්නෙ නැතුව..
    ත්‍රේඩ් එකකට කොමෙන්ට් කලා කියලා උගේ චරිතෙට හානි වෙන්නෙ නෑනේ..
    අනික මොන තරම් උගතෙක් උනත් වැඩක් නෑ ගතිගුණ අතින් සක්කිලියකේ නම්..
    :(

    මම නම් කාටත් එක විදියට සලකන්නෙ..
    අරූ මෙහෙම ජොබක් කරන්නෙ..
    මූ මෙහෙම එකක් කරන්නෙ කියලා මට ප්‍රශ්නයක් නෑ..
    :no:

    චැට් ත්‍රේඩ් වල උඹව ගණන් ගන්නෙ නැත්තං නොයා හිටපං..
    එතකොට හරි..
    මාත් වැඩිය චැට් ත්‍රේඩ් වලට යන්නෙ නැහැ දැන්..
    :)

    හැබැයි ඔය සමහර චැට් ත්‍රේඩ් තියෙනවා එයාලා පෞද්ගලිකව මුණගැහෙන යාලුවො ටික විතරක් සෙට් වෙන්න හදපුවා..
    ඒවට ඉතිං යන එක ඒ තරම් හොඳ මදි..
    පබ්ලික් ෆෝරම් තමයි..
    ඒත් ඉතිං ඒවට අපි ගිහින් තේරුමක් නෑ..
    එයාලා කතා කරන්නෙ එයාලගෙ දේවල්නේ..
    ;)

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උඹේ කතාවේ අත්තක් නැත්තේම නැ. ඕක ගොඩක්ම වැඩි වුනේ ඉන්ටනෙට් කාඩ් වලින් ඉස්කෝලේ යන පොඩි එව්වෝ එන්න ගත්තට පස්සේ. උන් මෙතන පිස්සු කෙලිනකොට සමාජයේ යම් යම් සතර වල නමක් හදාගත්ත උන්ටත් ලොකු සින් දෙන්න යනකොට උන් තමන්ට ගැලපෙන උන්ව විතරක් ආශ්‍රය කරන්න පටන්ගත්තා. ඉස්සර කිරියේ හිටපු උන් එකෙක් කිව්වා එකකට විරුද්ධව කතා කලේ සහේතුකව. හේතු ප්‍රත්‍ය දක්වලා. දැන් එහෙම නෙමෙයි. තමන්ගේ ආතතිය යවාගන්න මෙතනට ඇවිත් කාව හරි බයිට් කරලා යන්න පුරුදු වෙලා. මම නම් හිතන්නේ මේකට දැඩි නීතිරීති පද්ධතියක් GTRZ 2016 වත් හඳුන්වලා දෙන්න ඕනා.
     
    :):)
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    නැකැත් රාල;19520311 said:
    උඹේ කතාවේ අත්තක් නැත්තේම නැ. ඕක ගොඩක්ම වැඩි වුනේ ඉන්ටනෙට් කාඩ් වලින් ඉස්කෝලේ යන පොඩි එව්වෝ එන්න ගත්තට පස්සේ. උන් මෙතන පිස්සු කෙලිනකොට සමාජයේ යම් යම් සතර වල නමක් හදාගත්ත උන්ටත් ලොකු සින් දෙන්න යනකොට උන් තමන්ට ගැලපෙන උන්ව විතරක් ආශ්‍රය කරන්න පටන්ගත්තා. ඉස්සර කිරියේ හිටපු උන් එකෙක් කිව්වා එකකට විරුද්ධව කතා කලේ සහේතුකව. හේතු ප්‍රත්‍ය දක්වලා. දැන් එහෙම නෙමෙයි. තමන්ගේ ආතතිය යවාගන්න මෙතනට ඇවිත් කාව හරි බයිට් කරලා යන්න පුරුදු වෙලා. මම නම් හිතන්නේ මේකට දැඩි නීතිරීති පද්ධතියක් GTRZ 2016 වත් හඳුන්වලා දෙන්න ඕනා.

    අපිත් ඒ කාලෙ ඉන්ටර්නෙට් කැෆේ වලින් තමයි ලොග් වුනේ.. සින්දු ඩවුන්ලෝඩ් කරන්න.
    ඒ දවස් වල වටින කියන ත්‍රෙඩ් තිබ්බා. අධ්‍යාපනික, සමාජීය, ආගමික..
    ගන්න දේවල් ගොඩක් තිබ්බා. අපි ඒවා ගත්ත..

    දැන් බහුතරයක් තියෙන්නෙ එක එකාගෙ පිට කසා ගැනීම්..:dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඇත්ත කතාවක් එත් අලුත් දේවල් වෙන්න ඕනි හොද විදිහට
    අඩු පාඩු ඇති වටින්නේ මමනම් හිතන්නේ කාගෙවත් තත්වයක් ක්ලාස් එකක් නෙවෙ
    අලුත් අය තම මිතුරු ගොඩට එකතුවීමයි
    කොහොම උනත් හැමදේම හැමෝටම ගැලපෙන්න කරන්නත් අමාරුයි,
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපිත් ඒ කාලෙ ඉන්ටර්නෙට් කැෆේ වලින් තමයි ලොග් වුනේ.. සින්දු ඩවුන්ලෝඩ් කරන්න.
    ඒ දවස් වල වටින කියන ත්‍රෙඩ් තිබ්බා. අධ්‍යාපනික, සමාජීය, ආගමික..
    ගන්න දේවල් ගොඩක් තිබ්බා. අපි ඒවා ගත්ත..

    දැන් බහුතරයක් තියෙන්නෙ එක එකාගෙ පිට කසා ගැනීම්..:dull:

    ඇත්ත. මමත් එකඟයි. නමුත් කැෆේ වලින් ලොග් වුනාට හපන් දැන්. ඒ දවස් වල කැෆේ එකකින් ලොග් වෙන එකයි අද රුපියල් 25 කාඩ් එකෙන් ලොග් වෙන එකයි සමාන නැ. ඉස්සර හිටිය බහුතරයක් සාමාජිකයෝ නොයෙක් තල වල වෘතිකයෝ. නමුත් දැන් හැමෝම නැතත් බහුතරයක් කරන්න ජොබක් නැතුව කාලේ කන්න මේකට එන්නේ. උන් උන්ගේ හිනමානය නිසා මෙතන පොරවල් වෙන්න කිරියේ නමක් හදාගෙන ඉන්න උන්ට මඩක් ගහලා ලොකුකමක් කියවලා ලකුණු දාගන්න පහත් උත්සාහයක නිරත වෙනවා. බලන්න දැන් වැටෙන ත්‍රෙඩ් දිහා. එතකොට තේරෙයි.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඕක නම් සැරටම වෙනවා.. එළකිරි business set එකක් මේ වැඩේ දරුණුවට කරන්නේ,එකෙක්ට ගහද්දි පිස්සු බල්ලෝ වගේ අනිත් උන් දුවන් එනවා :lol::lol:

    එලකිරියට මොකද වෙන්නේ? 01-04-2016 02:19 PM මරලා පුක මහනවා දැනගනින් ...

    :lol::lol::lol:

    කාටද රිදුනේ,රෙෆ් පවර් එක 12 එකෙක් කපලා තියෙන්නේ :nerd:

    ඔන්න බලපන් ඇත්ත කියද්දී වැඩියෙන් රිදෙන්නේ මේකේ ඉන්න සමහරක් සිනියර්ලට :lol::lol:

    කපපන් රෙෆ්,ගානක් වත් නැහැ .. මාත් ලගදීම යනවා :)