එළකිරියේ ෆැසිස්ට්වාදයට එරෙහිව

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එළකිරියේ ෆැසිස්ට්වාදයට එරෙහිව

    එළකිරියේ ෆැසිස්ට්වාදය හිස එසවීමට එරෙහිව එළකිරියේ ෆැසිස්ට් විරෝධී විකල්ප කණ්ඩායම් ගොඩනගමු

    මාගේ පුද්ගලික මතය

    නුතන සමාජයේ ඉරණම තීන්දු කරන්නේ ප්‍රධාන පන්තීන් දෙකක් විසිනි එනම් අධ්රජ්‍යවාදී ධනපති පන්තිය සහ නිර්ධන පන්තිය විසීනි ධනේශ්වරය අවසන් වශයෙන් පිළිසරණ පතන්නේ ෆැසිස්ට්වාදයෙනි .ෆැසිස්ට්වාදය ධනේෂ්වර දේපල වෙනුවෙන් ගෙන යන අරගලයේදී මුහුණ දෙන්ට සිදුවන කවර හෝ සිමා බාධාවන් වේ වේ නම් ,ඒවායින් මිදීම පිණිස සමාජ සහ ඵෙතිහාසික නිර්නායක වෙනුවට ජීව විද්‍යාත්මක සහ සත්ව විද්‍යාත්මක ප්‍රමිතීන් ආදේශ කරයි ශිෂ්ඨාචාරය රැකගත හැක්කේ සමාජවාදී විප්ලවයෙන් පමණකි

    1917 රුසියානු විප්ලවයේ ලෙනින්ට පසු සම නායකත්වය ඉසිලු ලියොන් ට්‍රොට්ස්කි මේ ප්‍රකාශය ලියා වසර 75 ගතවන මේ මොහොත වනවිට මේ ප්‍රකාශයේ සත්‍ය තාවය කිවතාවක් ඔප්පුවී ඇද්ද ?? එය ශ්‍රී ලංකාවට අදාලව ගත් කල්හි පළමුව උඩරට වතු කම්කරුවන් ට එරෙහිවත් දෙවනුව උතුරේ දෙමල ජනයාට එරෙහිවත් දැන් මුස්ලිම් ජනයාට එරෙහිවත් ධනපති පාලකයෝ පිතෘ භුමියේ නාමයෙන් සිංහල ජාතියේ නාමයෙන් පසුව සිංහලයේ වද වීමේ නාමයෙන් ධනපති පාලනයේ අර්බුද සහ කප්පාදු සහ මර්ධනයෙන් ධනපති පාලනයට එරෙහිව නැගුනු විරෝධය ගබ්සා කර සිංහල දෙමල මුස්ලිම් බර්ගර් කම්කරුවන් අතර අසමගිය බෝ කිරීම පිණිස වරින් වර එන්නත් කළහ

    ඔන්න ඉතින් කතන්දරේ පටන් ගමු ...

    මේ රටේ ධනපති ආණ්ඩු නිදහස් පක්ෂයේ සිට යු.එන් පිය දක්වාම මෙසේ ජාතිවාදය ඇවිලිමෙන් සිදුවුයේ කුමක් ද ??

    0.jpg

    83 කළු ජුලිය

    යු.ඇන්.පි පාලනයට එරෙහිව රට පුරා නැගුනු විරෝධය යටපත් කරගැනීමට 83 කළු ජුලිය මුදාහරිනු ලැබිය දෙමල මිනිසුන් වෙන්කර හදුනාගැනීමට බාල්දිය කියපන් බාල්දිය කියපන් පර තලයෝ (අද හම්බයා මෙන් එකල සිංහල ධනපතියෝ දෙමල ජනයාට විරුද්දව ජනතාව උසිගන්වනු ලැබුවේ තලයෝ ලෙසය ) එදා පිස්තෝලය ඉනේ ගසා ගත් චීවර දාරියෝ අගනුවර පීරමින් දෙමල කම්කරුවන්ට පහරදෙමින් ඝාතනය කරමින් යු.එන්.පි රජයේ කොන්ත්‍රාත්තුව අකුරටම ඉටුකළහ මෙම වර්ගවාදී ප්‍රහාර වලින් කුපිත වූ ජනයා දෙමල මධ්‍යම පංතිකයන්ගේ වර්ගවාදී දේශපාලන සංවිධානය වූ කොටි සංවිධානයට බදවා ගැනීමට පහසු වූ අතර සුළු අවි ප්‍රමාණයකින් සන්නද්ධව සිටි කොටි ගරිල්ලෝ කාලතුවක්කු ඇතුළු බර අවි සහ නාවික ගුවන් බලකායක් දක්වා දියුණු කරගත්තේය

    3_2.jpg

    දේශප්‍රේමියෝ බෙදුම්වාදී සර්පයා

    අපේ මහා දේශප්‍රේමියෝ බෙදුම්වාදී සර්පයා විශාල කරගැනීමට සහය දුන්නේ එසේය මෙසේ ඇතිවුණු තිස් වසරක් පුරාවට දහස් ගණන් ජිවිත අහිමිකරමින් පිඩිත උතුරේ දෙමල ජනතාවටද දකුණේ සිංහල පිඩිත ජනතාවට ද එරෙහිව දියත්වුනි මෙසේ මේවා යන කාලය තුල ඉහතින් සදහන් කල මහා දේශප්‍රේමියෝ සියල්ල සිටියේ ඇද අස්සේය නැත්නම් අඩි 6 7 ගැබුරු බංකර් වල ඔවුන් ඒවා ඇද අස්සේ හිදිමින් උතුරේ දකුණේ ධනපතියන් ආධිපත්‍ය සදහා කෙලගනින්ද්දී තරුණයන් ආර්ථික පීඩනය දරාගැනීමට නොහැකිව ධනපති හමුදාවට බැදී උතුරේ ලේ වැකි සිවිල් යුද්දයට දේශප්‍රේමයේ සහ ඊළම් දේශය මව්බිමේ එකසත් කම වැනි චාටු කතාවලින් හුරේ දුන්හ කෙසේ හෝ යුද්දය නිමාවුයේ උතුරේ දකුණේ දස ලක්ෂ ගණක ජිවිත අහිමිකරමින් ධනපති පන්තියේ මර්ධන උපකරණය තවත් තියුණු කරමිනි උතුරේ මල්ටිබැරල් මැෂින් තුවක්කු හඩට හුරේ දුන් මුන් දකුණේ හලාවත කටුනායක රතුපස්වල මිනිමරද්දී දෙකොන පුට්ටු කරගෙන සිටියේය ඒවාට එරෙහිව මහජන විරෝධය නැගී එද්දී එතනට සන්ධාන ධනපතියෝ එතැනට ආදේශ කරනු ලැබුවේ මුස්ලිම් විරෝධයයි

    37026081.jpg

    මුස්ලිම් විරෝධයයි හා සිංහලේ හා එන්රික්ගේ බ්‍රේසියරේ

    දැන් මුස්ලිම් විරෝධය ගෙන බලමු සුළු හෝ දැනුමක් ඇති පුද්ගලයෙකු ට මුන් ගෙනෙනා ටොම් පචයේ මුලාරම්භය සොයාගත හැකිය සිංහල ජාතිය වදවිමෙන් බේරා ගැනීමට මුන් නිර්දේශ කරන්නේ කුමක් ?? මුස්ලිම් කඩ වර්ජනය කරමින් සිංහල කඩවලින් බඩු මිලදී ගන්නා ලෙසය :lol: මේ මහා දේශප්‍රේමියෝ වසර 2500 ක උරුමය රැකගන්නේ එලෙසය සත්‍ය නම් මේ ජාතිවාදී රැල්ලේ මුල් අඩිය තබනු ලැබුවේ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවේ දියුණුව දැක ඉර්සියාවට පත් සිංහල ව්‍යපාරිකයන් රැල විසිනි මෙසේ නැග ආ රැල්ල පසුගිය රාජපක්ෂ පාලනයට එරෙහිව නැගුනු මහජන විරෝධය වසාගන්නා සහ එය දියකරගැනීමට යොදාගත් කඩතුරාවක් සේ යොදාගත්තේය අද ජාතිවාදය අවුලන්නන් ගෙන් බහුතරය සමන්විත වන්නේ රාජපක්ෂ ගොඩ නැගු නිල් බලකායේ තරුණ කොටස් වලිනි අද වනවිට සිංහලේ යනුවෙන් රට පුරා යන මේ ෆැසිස්ට් රැල්ලේ පිටුපස තිබෙන්නේ මහින්ද රාජපක්ෂ නමැති සිංහල වර්ගවාදී ධනපති පාලකයා නැවත බලයට ගෙන එම මිස අන් කිසිවක් නොවේ මේ අතරම සිරිසේන වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුව මේ රැල්ල උපයෝගී කරගනිමින් මෙතෙක් කම්කරු පන්තිය සටන් කරමින් දිනාගත් සියලුම අයිතිවාසිකම් තලා දමමින් මර්ධනය ගෙන යාමට කත් අදිති මෙයට අයවැය එරෙහිව නැගුනු මහජන විරෝධයන් යටපත් කිරීමද උන්ගේ මුලොපායේ කොටසක්ය පළමුව ජවිපෙ සමග එකතුව දුෂණ විරෝධී අමුඩයත් දෙවනුව එන්රිකේ ගේ බ්‍රෙෂියර් අමුඩයත් දැන් සිංහලේ නමැති වර්ගවාදයට එරෙහිව අලුත් පරපුර වැනි ඊනියා මධ්‍යම පාන්තික වාචාල දොඩවන ව්‍යාපාර සහයෙන් මෙයට උන් අත තබා ඇත මෙවැනි අරගල ඉදිරියට එනවිට අපි අපි කුලල් කාගනිමින් සිටීම උන්ගේ ප්‍රහාර එසේම කරගෙන යාමට තවත් තල්ලුවක් ද දෙවියන්ගේන් ලැබුණු ත්‍යාගයන් සේ සලකති

    images

    වර්ගවාදී ආගම්වාදී ජාතිවාදී ෆැසිස්ට් ප්‍රහාරයන් පිටුපස

    මේ සියලු වර්ගවාදී ආගම්වාදී ජාතිවාදී ෆැසිස්ට් ප්‍රහාරයන් පිටුපස සිටින්නේ තමුන්ගේ කොටසට කෙළ වේ යැයි බියෙන් සලිතව සිටින සිංහල දෙමල මුස්ලිම් බර්ගර් සුළු ධනපති පන්තියයි මෙයට එරෙහිව සටන් වැදීමට නම් පළමුව අදහස් ප්‍රකාශ කිරීමට සැමට ඇති අයිතිය තහවුරු කල යුතුය ඒ සදහා ෆැසිස්ට්වාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී වැඩපිළිවෙලක් මත සිංහල දෙමල මුස්ලිම් බර්ගර් කම්කරුවන් එක්ව එළකිරියේ විකල්ප කණ්ඩායම් ගොඩනගන ලෙස අපි ඉල්ලා සිටිමු

    වාද විවාද ඕනේ නැ මම කලින් පල කරපු ලිපි වලදී හබ්බ / කොටි ඊනියා ෆැසිස්ට්වාදය පතුරවන උන්ට දාපු පිළිතුරක් මේවාට තනි උත්තරයක් ලබා දී නිකරුනේ වාද විවාද වලට නොයා මෙලෙස තනි උත්තරයක් ලබා දීමට සිතුනා :lol:
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,148
    8,197
    113
    රූකඩ රාජ්ජේ

    අද පල්ලි ගිය වෙලේ අල්ලා ද කිව්වේ එළකිරියේ වෙනම ත්‍රෙඩ් එකක් දාපන් කියලා?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    අද පල්ලි ගිය වෙලේ අල්ලා ද කිව්වේ එළකිරියේ වෙනම ත්‍රෙඩ් එකක් දාපන් කියලා?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    පොඩ් වයසේ වුන්ට මේවා විතරයි තේරෙන්නේ
    8565597.gif

    පලක් නැ
    :no:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    අද පල්ලි ගිය වෙලේ අල්ලා ද කිව්වේ එළකිරියේ වෙනම ත්‍රෙඩ් එකක් දාපන් කියලා?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මු මුස්ලිම් නෙමේ බන් ක්‍රිස්තියානි.. මොනා උනත් සිංහලයෝ ගැන පුදුම තරහකින් ඉන්න එකෙක්... සහජිවනේ රෙද්ද පල්ලෙන් බේරිලා කවද හරි මුස්ලිම් එවුන් කස පර දෙද්දී තේරෙයි මුන්ට.. මට දුක අනාගත සිංහල දරුවොන්ට වෙන විනාසේ ගැන දැනුනම.. රෙද්දේ සාම ගිවිසුම තියල කොටි හිටියනම් බෝම්බ ගගහ මුන්ට පෙනෙයි පැසිස්ට් වාදේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    ඕනම ජාතියක අන්තවාදී කොටස ඉතාම භයානකයි..
    සියලු ජාති ආගම් වල අය එකතු වෙලා අන්තවාදීන් අඳුරගෙන ඔවුනට විරුද්ධ උනානම් හරි..

    මෙතන අපි හැමෝම කරන වැරද්ද ඕක. දෙමළ මිනිහට පුලුවන් නම් එල්.ටී.ටී.ඊ එකට විරුද්ධ වෙන්න.. මුස්ලිම් මිනිහට පුලුවන් නම් අයි.එස්.අයි.එස් වලට විරුද්ධ වෙන්න. අන්න ඒ විරුද්ධ වෙන්න පුලුවන් අය එක්ක සහජීවනය ඇති කරගෙන හොඳින් ඉන්න පුලුවන්.
    සිංහලු මේ වෙලාවේ උපක්‍රමශීලීව ඔය දේ කලොත් ඒක ජාතිවාදය නෙමෙයි..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මු මුස්ලිම් නෙමේ බන් ක්‍රිස්තියානි.. මොනා උනත් සිංහලයෝ ගැන පුදුම තරහකින් ඉන්න එකෙක්... සහජිවනේ රෙද්ද පල්ලෙන් බේරිලා කවද හරි මුස්ලිම් එවුන් කස පර දෙද්දී තේරෙයි මුන්ට.. මට දුක අනාගත සිංහල දරුවොන්ට වෙන විනාසේ ගැන දැනුනම.. රෙද්දේ සාම ගිවිසුම තියල කොටි හිටියනම් බෝම්බ ගගහ මුන්ට පෙනෙයි පැසිස්ට් වාදේ
    [/QUOTE

    මාගේ එකම ගරු කිරීම ශ්‍රී ලාංකිකයන්ට විතරයි කුමන ජාතියක්ද මොන ලෙයක්ද මට මයින්න ඕනේ නැ
     
    මේ සියලු වර්ගවාදී ආගම්වාදී ජාතිවාදී ෆැසිස්ට් ප්‍රහාරයන් පිටුපස සිටින්නේ තමුන්ගේ කොටසට කෙළ වේ යැයි බියෙන් සලිතව සිටින සිංහල දෙමල මුස්ලිම් බර්ගර් සුළු ධනපති පන්තියයි

    තිබ්බ ප්‍රශ්න ටික ඇති අවුරුදු ගානක් කි දෙනෙක් මැරුණද උඩ හයිලට් කරලා තියන ගොන්නුගේ පද වලට නටලා තවත් අපිට ලේ හොල්ලගන්න ඕනේ නැ කියලා තමයි මගේ පුද්ගලික මතයත් :)
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    සොහොන;19542674 said:

    මේ සියලු වර්ගවාදී ආගම්වාදී ජාතිවාදී ෆැසිස්ට් ප්‍රහාරයන් පිටුපස සිටින්නේ තමුන්ගේ කොටසට කෙළ වේ යැයි බියෙන් සලිතව සිටින සිංහල දෙමල මුස්ලිම් බර්ගර් සුළු ධනපති පන්තියයි

    තිබ්බ ප්‍රශ්න ටික ඇති අවුරුදු ගානක් කි දෙනෙක් මැරුණද උඩ හයිලට් කරලා තියන ගොන්නුගේ පද වලට නටලා තවත් අපිට ලේ හොල්ලගන්න ඕනේ නැ කියලා තමයි මගේ පුද්ගලික මතයත් :)

    me too agree with u mchn...
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    සොහොන;19542665 said:
    මු මුස්ලිම් නෙමේ බන් ක්‍රිස්තියානි.. මොනා උනත් සිංහලයෝ ගැන පුදුම තරහකින් ඉන්න එකෙක්... සහජිවනේ රෙද්ද පල්ලෙන් බේරිලා කවද හරි මුස්ලිම් එවුන් කස පර දෙද්දී තේරෙයි මුන්ට.. මට දුක අනාගත සිංහල දරුවොන්ට වෙන විනාසේ ගැන දැනුනම.. රෙද්දේ සාම ගිවිසුම තියල කොටි හිටියනම් බෝම්බ ගගහ මුන්ට පෙනෙයි පැසිස්ට් වාදේ
    [/QUOTE

    මාගේ එකම ගරු කිරීම ශ්‍රී ලාංකිකයන්ට විතරයි කුමන ජාතියක්ද මොන ලෙයක්ද මට මයින්න ඕනේ නැ

    පොඩ්ඩක් තායිලන්තෙට වෙලා තියෙන දේ බැලුවනන්..
    සහජීවනේ කියන්නේ.... මායාවක් කියලා තේරෙයි..
    උඔට තේරෙන් නැතුව ඇති.:(

    අනිවාර්යයෙන් ඉදිරි අවුරුදු 20 ඇතුලත මුස්ලීම් ජනගහනය සීග්‍රෙයන් වැඩි වෙනවා. ඉට පස්සේ උඔලට මෙහෙම කතා වත් කරන්න හම්බෙන එකක් නෑ. සිංහලයා ලෝකේ සීග්‍රෙයන් වඳවේගන යන 3වෙනි ජාතිය. උඔලට නන් එක ගැන කිසිම කැකුමක් නෑතුව ඇති. මොකද රට පැනල හරි ඉන්න පුලුවන් නිසා..

    සිංහලයන් එකට හිටියොත් මේකෙන් බේරෙන්න හරි පුලුවන්. ඒත් අවාසනාවකට රජ කාලේ ඉඳලා සිංහලයට තියන කැත පුරුද්ද පාවාදීම නිසා. විනාසට අතලඟ:(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;19542665 said:

    පොඩ්ඩක් තායිලන්තෙට වෙලා තියෙන දේ බැලුවනන්..
    සහජීවනේ කියන්නේ.... මායාවක් කියලා තේරෙයි..
    උඔට තේරෙන් නැතුව ඇති.:(

    අනිවාර්යයෙන් ඉදිරි අවුරුදු 20 ඇතුලත මුස්ලීම් ජනගහනය සීග්‍රෙයන් වැඩි වෙනවා. ඉට පස්සේ උඔලට මෙහෙම කතා වත් කරන්න හම්බෙන එකක් නෑ. සිංහලයා ලෝකේ සීග්‍රෙයන් වඳවේගන යන 3වෙනි ජාතිය. උඔලට නන් එක ගැන කිසිම කැකුමක් නෑතුව ඇති. මොකද රට පැනල හරි ඉන්න පුලුවන් නිසා..

    සිංහලයන් එකට හිටියොත් මේකෙන් බේරෙන්න හරි පුලුවන්. ඒත් අවාසනාවකට රජ කාලේ ඉඳලා සිංහලයට තියන කැත පුරුද්ද පාවාදීම නිසා. විනාසට අතලඟ:(

    ගොඩක් හොදයි මචන් උබේ අදහස් දක්වපු විදිහ

    එකග වීමට බැරි උනත් අදහස් දක්වද්දී ශිලාචාර ලෙස හැසිරීම ගැන මාගේ ස්තුතිය :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕනම ජාතියක අන්තවාදී කොටස ඉතාම භයානකයි..
    සියලු ජාති ආගම් වල අය එකතු වෙලා අන්තවාදීන් අඳුරගෙන ඔවුනට විරුද්ධ උනානම් හරි..

    මෙතන අපි හැමෝම කරන වැරද්ද ඕක. දෙමළ මිනිහට පුලුවන් නම් එල්.ටී.ටී.ඊ එකට විරුද්ධ වෙන්න.. මුස්ලිම් මිනිහට පුලුවන් නම් අයි.එස්.අයි.එස් වලට විරුද්ධ වෙන්න. අන්න ඒ විරුද්ධ වෙන්න පුලුවන් අය එක්ක සහජීවනය ඇති කරගෙන හොඳින් ඉන්න පුලුවන්.
    සිංහලු මේ වෙලාවේ උපක්‍රමශීලීව ඔය දේ කලොත් ඒක ජාතිවාදය නෙමෙයි..

    ඉතින් සිංහල මිනිස්සු මුස්ලිම් කඩ වර්ජනය කරන එක සහජීවනයට අදාල නෑ නේ. ඒක සිංහල මිනිස්සුන්ගෙ වැඩක්. අනික සිංහල මිනිස්සු මොනා කතා උනත් අනිත් අයට හිරිහැරයක් නැත්තන් එච්චරයිනේ... මොකටද බොරැවට කුලප්පු වෙන්නේ..?
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උබ කියන සමහර දේවල් වලට එකග වෙන්න පුළුවන්. අධිරාජ්ය පාලනයක් තියනකොට ඕක තමා ගොඩක් වෙලාවට පාවිච්චි වෙන ක්‍රමේ පලනයට විරුද්දව එන කැරලි නැති කරන්න. එත් ලෝකේ දිහා හැරිලා බැලුවොත් දැන් තියන මුස්ලිම් අන්තවාදයේ නොසලකා අරින්නත් බැහැ. මොකද මෑත ඉතිහාසේ ලෝකේ සිද්ද වෙලා තියන දේවල් දිහා බලපුවහම. කොටි වගේ නෙමෙයි. ලේසි වෙන්නේ නම් නැහැ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සොහොන;19542665 said:
    මු මුස්ලිම් නෙමේ බන් ක්‍රිස්තියානි.. මොනා උනත් සිංහලයෝ ගැන පුදුම තරහකින් ඉන්න එකෙක්... සහජිවනේ රෙද්ද පල්ලෙන් බේරිලා කවද හරි මුස්ලිම් එවුන් කස පර දෙද්දී තේරෙයි මුන්ට.. මට දුක අනාගත සිංහල දරුවොන්ට වෙන විනාසේ ගැන දැනුනම.. රෙද්දේ සාම ගිවිසුම තියල කොටි හිටියනම් බෝම්බ ගගහ මුන්ට පෙනෙයි පැසිස්ට් වාදේ
    [/QUOTE

    මාගේ එකම ගරු කිරීම ශ්‍රී ලාංකිකයන්ට විතරයි කුමන ජාතියක්ද මොන ලෙයක්ද මට මයින්න ඕනේ නැ

    උබ හිතුවද අපිටත් මේ යුද්ද කරන්න ඕනේ කියල ආයිත්? හැමෝම ආසයි සහජිවනෙන් ඉන්න.. ඒත් මෙතන තියන අවුල තමා දෙමලගේවත් හම්බයගේවත් සහජිවනේ ගෑවිලාවත් නැති එක... සිංහලය උන් එක්ක හොදින් හිටියම උන් ඔලුවට අත හෝදනවා ලස්සනට.. උබට අමුතුවෙන් කියන්න ඕනේ නැනේ දැනටත් විග්නේශ්වරන් කාරය පොලිස් බලතල ඉල්ලනවා.. හමුදාව එලවනවා.. හම්බයෝ විල්පත්තු අරාබියක් කරන්න හදනවා.. කෝ උන්ගේ සහජිවනේ මේකද?