Cicada 3301 අබිරහස

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    2012 ජනවාරි 4 වෙනිදා ලංකාවෙ එලකිරි ෆෝරම් එක වගේ ඉන්ටනැෂනල් ෆෝරම් එකක පළවුනා ප්‍රහේලිකාවක්. රැහැයියෙකුගෙ පින්තූරයක් තුල සැගවුනු ප්‍රහේලිකාවක්.

    zvu545.jpg


    අත්සන් කරල තිබුනෙ Cicada 3301 කියල. highly intelligent individuals ලව හොයන එකලු එයාලගෙ අරමුණ. ඉතින් මේක විසදපු අයට ඊමේල් පණිවිඩ් ලැබුනලු 'ඔයාලා දැන් Cicada 3301 සංවිධානයෙ සාමාජිකයො , අපේ ඊලග ඊමේල් එක එනකම් ඉන්න කියලා. ඒත් එදා ඉදලා ආයි ඊමේල් නැ කියල තමයි කියන්නෙ.

    ඊට පස්සෙ 2013 ජනවාරි 4 වෙනිදත් අර වගේම ප්‍රහේලිකාවක් තිබුනලු ඉන්ටනැෂනල් ෆෝරම් එකක. (මේ ෆෝරම් එක මොකක්ද කියල නම් දන්නෙ නෑ:sorry:)

    14l4x8i.jpg

    ඒ මෙන්න මේ පණ්විඩයත් එක්ක.

    මේකෙදි ලැබුනෙ ප්‍රහෙලිකා වැලක්. පළවෙනි ප්‍රහේලිකාව විසදුවාම ලැබුන අකුරු හා සංකේත ටික වෙබ් බ්‍රව්සර් එකේ ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරල එන්ටර් කලහම JPG image එකක් ලෝඩ් වෙනවලු. ඒ ඉමේජ් එකේ තමා ඊලග ප්‍රහේලිකාව තියෙන්නෙ. කොහොම හරි 2013 අවුරුද්දෙත් කලින් වගේම මේ ප්‍රහේලිකා විසදපු අයව Cicada 3301 සංවිදානය මගින් නෝට් කර ගත්තලු. එයාලටත් ඊමෙල් ලැබුණලු.

    2014 ජනවාරි 4 වෙනිදත් සුපුරුදු විදියට මේ ප්‍රහේලිකාවක් ලැබුණලු. ඒත් ඒ කමියුනිටි ෆෝරම් එකකින් නොවෙයි ට්විටර් මගින්. මේ වෙද්දි කට්ටිය ගෘප් ගදාගෙන කණ්ඩායම් වශයෙන් මේ ගැටලුව විසදන්න අරන්. Cicada 3301 සංවිධානය අර ප්‍රහේලිකාව සමගම මෙන්න මේ කණ්ඩායම් වැඩේ ගැන තමන්ගෙ අසතුට පළකරල තිබුනා. ඔවුන්ගෙ අරමුණ්a තමා මේ ප්‍රහේලිකා විසදන්න පුලුවන් highly intelligent individuals ලා ඒ කියන්නෙ වැඩි බුද්ධියක් සහිත තනි පුද්ගලයින් තෝරා ගැනීම. කණ්ඩායම් වශයෙන් මේක කිරීමෙන් තමන්ග් අරමුණ ඉටු නොවන බව ඔවුන් කිවුවා. ඉතින් මේ 2014 ප්‍රහේලිකාව තරමක් විශේෂයි. කලින් වගේම විසදගෙන යනකොට එන පිලිතුරු ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කලාම ඊලග ප්‍රහේලිකාව ලැබෙනවා. ඉතින් මේ ටික විසදගෙන විසදගෙන යනකොට අන්තිමට ලැබුනෙ මොනවද දන්නවද?


    GPS coordinates වගයක් :shocked:

    ඇමරිකාව බ්‍රිතාන්‍යය ස්පාඤ්ඤය ජපානය ඇතුලු රටවල් ගාණක තියෙන ටෙලිෆෝන් බොක්ස් තමා මේ GPS coordinates වලින් සලකුණු කරල තිබුණෙ. ඒ හැම ටෙලිෆෝන් බොක්ස් එකකම ලග පාත ලයිට් කණුවක අලවල තිබුනා ඊලග පස්ල් එක. මේ තියෙන්නෙ. QR code එක ස්කැන් කලාම ඊලග ප්‍රහේලිකාවට යන විදිය හොයාගන්න පුලුවන්.

    27wrfnn.jpg


    මෙන්න මේ වෙලාවෙ මේ ප්‍රහේලිකා විසදමින් ඉන්න අය දැනගත්තා මේක ජෝක් එකක් නොවෙයි කියලා. ඒ වගේම මෙතනදි ප්‍රහෙලිකා විසදමින් ඉදපු සමහරු වැඩේ අතෑරල දාල තියෙනවා.

    මෙතන ඉදලා මේ ප්‍රහෙලිකා විසදුව අය ගැන සදහනක් නැහැ. කිහිප දෙනෙක් මේවා විසදුවත් ඒ අයගෙ තොරතුරු එළිදරව් වෙලා නැහැ. ඇතැම් විට සංවිධානය විසින් එයාලගෙ අනන්‍යතාවය වසන් කරගෙන ඉන්න කියල බල කරනවා වෙන්න පුලුවන්. කොහොම උණත් සංවිධානයේ අරමුණ වන highly intelligent individualsලා සෙවීම සාර්ථකද අසාර්ථකද කියල කියන්න කවුරුත් දන්නෙ නෑ.

    2015 ජනවාරි මාසෙ ප්‍රහේලිකාවක් නිකුත් කලේ නෑ. නමුත් 2016 ජනවාරි 6 වෙනිදා ට්විටර් මාර්ගයෙන් තවත් ප්‍රහේලිකාවක් නිකුත් කරල තියෙනවා. ඒක ගැන වැඩි විස්තර තාම ලැබිල නැහැ.

    මේ වගේ දේවල් ගැන විශේෂඥයො ඒ කියන්නෙ ඔත්තු සංවිධාන වල ඒජන්ට්ලා රහස් පරීක්ෂකයො වගේ අය කියන්නෙ මේ ප්‍රහේලිකා කිසිම් රහස් ඔත්තු සංවිධානයක් හෝ වෙනයම් රාජ්‍ය අනුග්‍රහය ලබන ආයතනයකින් නිකුත් කරපුවා නෙමෙයි කියලයි. අනිවාර්‍යයෙන්ම රහසේ ක්‍රියාත්මක වන සංවිධානයක්. ඒ වගේම ලෝකය පුරා පැතිරුණු සංවිධානයක් වෙන්නත් ලොකු ඉඩක් තියෙනවා.

    මේ Cicada 3301 ප්‍රහේලිකාවෙ අබිරහස තාමත් හෙලිවෙලා නැහැ. විවිධ අර්ථකථන තියෙනවා, නමුත් සහසුද්දෙන්ම මේක මොකක්ද කියල කියන්න කවුරුත් දන්නෙ නැහැ.:sorry:


    පුළුවන් නම් රෙප් ටිකක් දෙමු. අනික් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යමු :D
     

    Attachments

    • ZN4h51m_1.jpg
      ZN4h51m_1.jpg
      76.9 KB · Views: 96
    • 1357366592898.jpg
      1357366592898.jpg
      31 KB · Views: 79

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඉස්සර ඕක Decode කරන්න ට්‍රයි කරලා මගේ හාඩ් එක පිරුන Decryption Tools වලින්.
    දැන් ආයේ ඕව රිලීස් වෙන්නේ නැහැ. අවුරුදු කීප පාරක් ම ආව මේ අවුරුද්දෙත් නැහැ.. එකම digital signature එකෙන් Sign කරලා එවන්නේ.
    ඉස්සර irc chat වල හිටපු සෙට් එක ගොඩක් හිටිය ඕක සෙට් වෙලා puzzle එක Solve කරන්න. සෑහෙන්න Groups තිබ්බ cicada විසදන්න හොයන අය.

    මේ අවුරුද්දේ හම්බුනොත් share කරපන් අනිවා. :D
    හැබැයි කලින් අවුරුදු වගේ නෙමෙයි මේ පාර පට්ට අමාරු වෙයි ආවොත්
     
    Last edited:

    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    මචන් මේ වගේම මේ විදියටම කරන puzzle එකක් Person of interest TV series එකේ තිබුනා. එකෙත් මේ වගේ puzzle එකෙක තැන් වල දැම්මම ඒවා හොයාගෙන යන්න තියෙන්නේ. කොහොමහරි puzzle එක solve කරගන්න අය එක්තරා රහස්‍ය Team එකකට බදවා ගන්නවා. ඒ TV series එකට අනුව නම් එක කරන්නේ Artificial Intelligence Software/Robot කෙනෙක්. එයා නම් එක කරන්නේ එයාගේ වැඩ කරවා ගන්න පුළුවන් හොද බුද්ධිමත් මිනිස්සු හොයා ගන්න. :yes:

    Cicadian එකත් ඒ වගේද දන්නේ නැ. :eek:


    http://webchat.freenode.net/?channels=cicadian
    http://cicada3301.org/liber/
    http://31415926535897932384626433832795028841971693993751.mobi/
     
    Last edited: