අයින්ස්ටයින්ගේ_ගුරුත්....
අයින්ස්ටයින්ගේ_ගුරුත්වජ තරංග කල්පිතය ..
picture host
අදහස්/උදහස් හා මීට සාපේක්ෂ තොරතුරු භාර ගනු ලැබේ....


picture host
අදහස්/උදහස් හා මීට සාපේක්ෂ තොරතුරු භාර ගනු ලැබේ....






ඕව තේරෙන්නේ නෑ බං
උබ ඒක හරි කිව්වනේ... රෙප් ඇඩඩ් හොදේ...
මචන්, දන්නා එකෙක් ඉන්නවා නම් ඔය අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා වාදය පොඩ්ඩක් සරලව විස්තර කරපංකෝ මොන වගේ දෙයක්ද කියලවත් දැන ගන්න.![]()


මචන්, දන්නා එකෙක් ඉන්නවා නම් ඔය අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා වාදය පොඩ්ඩක් සරලව විස්තර කරපංකෝ මොන වගේ දෙයක්ද කියලවත් දැන ගන්න.![]()
මචන්, දන්නා එකෙක් ඉන්නවා නම් ඔය අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා වාදය පොඩ්ඩක් සරලව විස්තර කරපංකෝ මොන වගේ දෙයක්ද කියලවත් දැන ගන්න.![]()
විශේෂ සාපේක්ෂතාවාදය. මෙහි මූලික උපග්‍රහණ දෙකකි.
* විශ්වයේ සියළු චලිත සාපෙක්ෂවේ.(නිරපේක්ෂ ලෙස නිශ්චලව ඇති කිසිදු දෙයක් විශ්වයේ නැත.සියළු දේ(ක්ෂුද්‍ර අංශුවේ සිට ග්‍රහලෝක,චක්‍රාවාට,මන්දාකිණි,...)චලනයවේ)* ආලෝකයේ ප්‍රවේගය රික්තයේදී නියත අගයකි.
මෙම මූලික උපග්‍රහණ ඔස්සේ යමින් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කළ මූලික නිගමන
* දිග සංකෝචනයවේ.
එකිනෙකට සාපේක්ෂව ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන වස්තු දෙකක් සැලකු විට එක් එක් වස්තුවට අනිකාගේ සත්‍ය(පෘථිවිය මත නිසලව ඇති විට)රේඛීය දිග අඩුවී පෙනේ.මෙහිදී රේඛිය දිග මැනෙන්නේ සාපේක්ෂ ප්‍රවේගයේ දිශාව එල්ලේය.
* ප්‍රවේගයත් සමඟ ස්කන්ධය වැඩිවේ.
වස්තු දෙකක් එකිනෙකට සාපේක්ෂව ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන විට එක් වස්තුවක සිට අනෙකේ ස්කන්ධය මැන බැලූ විට වස්තු පෘථිවිය මත නිසලව ඇති විට ලැබෙන ස්කන්ධයට වඩා වැඩි අගයක් ලැබේ.
* ස්කන්ධ ශක්ති සමීකරණය
අපි කවුරුත් දන්නා E = mC2 සමීකරණයයි. මෙමගින් ස්කන්ධයකින් ජනනය වන සම්පූර්ණ ශක්තිය පිළිබදව ඉදිරිපත් කලේය.සමීකරණය අනුව බලන විට ඉතා කුඩා ස්කන්ධයක් වුවද විශාල ශක්තියක් නිපදවිය හැක.
* සාපේක්ෂ ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වන වස්තු දෙකක සැලකූ විට එක් වස්තුවකට අනික් වස්තුව තුල කාලය ගත වීම අඩුවෙන් සිදුවන බවක් දැනේ
මෙම නිගමනයත් සමග එතෙක් පැවති කාලයේ නිරපේක්ෂ බව ප්‍රතික්ෂේප විය.එක් රාමුවක සිටින්නාට අනිත් රාමුවේ කාලය ගත වීම අඩුවෙන් සංවේදනය වීම මෙහිදී සිදුවේ.මෙම නිගමනයත් සමග එකල ලොව පුරා වැරදි මතයක්ද ඇති විය එනම් අධික ප්‍රවේගයකින් ගමන් කරන වස්තුවක(රාමුවක) කාලය ගත වීම අඩු නිසා එවැනි රාමුවක සිටින අයට වයසට යාම අඩුවීමක් වන බවයි.නමුත් පසු කලෙක සාධාරණ සාපේක්ෂතාවාදය සමග අයින්ස්ටයින් විසින්ම මෙම තත්ත්වය ප්‍රායෝගිකව මතුකිරීමේ අපහසුතාව විස්තර කලේය.
* විශ්වයේ කිසිම වස්තුවකට ආලෝකයේ ප්‍රවේගය ඉක්මවිය නොහැක.
විශේෂ සාපේක්ෂතාවාදයෙන් නිගමනය වූ ඉතාමත් අද්භූත ජනක නිගමනය මෙය ලෙස දැක්විය හැකිය.සත්‍ය ලෙසම වස්තු දෙකේ සාපේක්ෂ ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගය ඉක්මවන විට රේඛිය දිග සංකෝචනය වීම ශුන්‍ය වී වස්තුව අතුරුදහන් වේ.එමෙන්ම කාල මන්දන හා ස්කන්ධ වැඩිවීම දක්වන සමීකරණ අනුව වස්තු දෙකේ සාපේක්ෂ ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගය ඉක්මවන විට තාත්ත්වික මිනුම් නොලැබේ.එබැවින් පෘථිවියට සාපේක්ෂව ආලෝකයේ ප්‍රවේගය ඉක්මවන වස්තුවක් හමු වුවහොත් සාපේක්ෂතාවාදය බිද වැටෙනු ඇත.
විශේෂ සාපේක්ෂතාවාදයේ නිගමන සත්‍ය බවට තහවුරු කෙරුණු පරීක්ෂණ සාධක.
* දිග සංකෝචනය වීම.
මෙම සංකෝචනය සිදුවීම ඉතා ක්ෂුද්‍ර පරිමානයෙන් සිදුවන්නකි.මෙය හොදින් දිස්වීමට නම් වස්තු දෙක අතර සාපේක්ෂ ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයට ආසන්න විය යුතුය.එබැවින් මේ සදහා පරීක්ෂණ සාධක ලැබීම ඉතා දුර්ලභය.
* ප්‍රවේගයත් සමඟ ස්කන්ධය වැඩිවීම.
(1) සාපේක්ෂතාවාදයේ මෙම නිගමනය නිසාම විද්‍යාවේ විශේෂ සොයා ගැනීමකට මඟ පෑදුනු අතර එම සොයා ගැනීම මෙම සාපේක්ෂතාවාදයේ නිගමනය නිසාම සිදුවූ බව කිවහොත් වඩාත් නිවැරදිය.විකිරණ ශීලී ද්‍රව්‍යයක් ලෙස විමෝචනය වන බීටා අංශු යනු මොනවාදැයි වටහා ගැනීමට කාලයක් යන තුරුම විද්‍යාඥයන්ට නොහැකි විය.මෙම බීටා අංශු වල ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයට ආසන්න වූ අතර එකිනෙකට වෙනස් ස්කන්ධවලින් හා ප්රවේගයන්ගෙන් යුත් එකම බීටා අංශු ඇති බව මෙන්ම ප්‍රවේගය වැඩි බීටා අංශුවල ස්කන්ධයද වැඩි බව පරීක්ෂණ වලින් දිස්විය.මෙම පරීක්ෂණය සිදුකළේ විශේෂ සාපේක්ෂතා වාදය ඉදිරිපත් වූ ආසන්න කාලයේදීය.එක් විද්‍යාඥයකුගේ යෝජනාවකින් විවිධාකාර අයුරින් ස්කන්ධ හා ප්රවේගයන් දිස්වූ බීටා අංශු වල එම අගයන් සාපේක්ෂතා වාදයෙන් නිගමනය වූ ස්කන්ධ ප්‍රවේග සමීකරණයට ආදේශ කරමින් එම අංශු වල නිශ්චලතා ස්කන්ධයන් ගනනය කලේය.ඔවුන් විශ්මයට පත්කරමින් සෑම අංශුවකම නිසලතා ස්කන්ධය එකම අගයක් වූ අතර එය ඉලෙක්ට්‍රෝණයේ ස්කන්ධයට සමාන විය.ඒ අනුව බීටා කිරණ යනු ඉහළ ප්රවේගයන්ගෙන් චලනය වන ඉලෙක්ට්‍රෝන බව සොයා ගත්තේය.මෙම සොයා ගැනීම සාපේක්ෂතා වාදයෙන් නිගමනය වූ ප්‍රවේගය සමඟ ස්කන්ධයේ වැඩිවීම දක්වන සමීකරණයේ සත්‍යතාව ඔප්පු කළ පරීක්ෂණ සාධකයක්ද විය.
(2) පරමානුවේ න්‍යෂ්ථික ව්‍යූහය ගවේශණය කිරීම සදහා කළ පරීක්ෂණයකදීද විශේෂ සාපේක්ෂතාවාදයේ ප්‍රවේගය සමග ස්කන්ධය වැඩිවීම දක්වන නිගමනය සනාථ කෙරෙන පර්යේෂණ සාධකයක් අහම්බෙන් ලැබීය.මෙහිදී යන්ත්‍රයක් ආධාරයෙන් පරාමානු අංශු ඉහළ ප්‍රවේගයක් දක්වා ත්වරණය කිරීමයි.ප්‍රවේගය වැඩි වන විට අංශු වල ස්කන්ධයන්ද වැඩිවූ අතර එය නිගමන සමීකරණයට අනුකුල විය.
(3) 1916 දී සමරෆෙල්ඩ් නම් විද්‍යාඥයා ඉදිරිපත් කළ "සමර්ෆෙල්ඩ් පරමානුක කක්ෂ වාදය" අනුව න්‍යෂ්ටිය වටා චලනය වන ඉලෙක්ට්‍රෝන සසම්භාවී ප්රවේගයන්ගෙන් න්‍යෂ්ටිය වටා ඉලිප්සාකාර පථවල ගමන් කරන බවයි.මෙහිදී ප්‍රවේගය වැඩිවන විට ඉලෙක්ට්‍රෝණ අක්ෂය පූර්වායනය වන ඉලිප්සාකාර මාර්ගවල ගමන් කෙරෙන බව නිරීක්ෂණය විය.ප්‍රවේගය සමඟ ස්කන්ධය වැඩිවීමක් නොවේ නම් ඉලෙක්ට්‍රෝන වල මෙවැනි පථයක් දක්නට නොලැබේ.
* ස්කන්ධ ශක්ති සමීකරණය
(1) මෙම සමීකරණය අනුව ඉතා කුඩා ස්කන්ධයකින් වුවද විශාල ශක්තියක් ජනනය කළ හැකිය.කුඩා ස්කන්ධ මගින් විශාල ශක්ති නිපදවීම හෙවත් මෙම සමීකරණයේ නිවරදිතාව (හෝ යොදා ගැනීම) පරීක්ෂා කිරීමට විද්‍යාඥයන් ගවේෂණයට යොදාගත්තේ පරමානුවයි.එහි ප්‍රථම ප්‍රතිඵලය ලෙස 1932 දී ක්රොක්රෆ්ට් හා වෝල්ටන් විසින් ලිතියම් න්‍යෂ්ටියකට ප්රෝටෝනයකින් පහර දුන්නේය.ප්‍රතිඵලය න්‍යෂ්ටිය දෙකඩ වීමයි.ශක්තිය ප්‍රමාණයක්ද මුදා හැරුණු.දෙකඩ වූ න්‍යෂ්ටි කැබලි දෙකේ මුළු ස්කන්ධය න්‍යෂ්ටිය දෙකඩ වීමට පෙර මුල් න්‍යෂ්ටියේ තිබූ ස්කන්ධයට අඩු බවත් මුදාහැරුණු ශක්තිය ගනනය කර එය ස්කන්ධ ශක්ති සමීකරණයට ආදේශ කළ විට එම ශක්තියට අදාළ ස්කන්ධය දෙකඩ වූ න්‍යෂ්ටියේ අඩුවූ ස්කන්ධයට සමාන බව නිරූපනය කෙරුනේ ස්කන්ධ ශක්ති සමීකරණය සත්‍ය බවට පර්යේෂණ සාධකයක් පෙන්වමිනි.මේ පර්යේෂණ සාධකය ඉදිරිපත් වන විට විශේෂ සාපේක්ෂතාවාදය බිහිවී වසර විසි හතක් ගෙවී තිබුණි.කෙසේ හෝ මෙම පරමානු න්‍යෂ්ටික බිදීම නතර වූයේ "ලොවම හෙල්ලූ" පරමානු බෝම්බය නිපදවා විශාල මිනිස් ඝාතනයක් සිදුකිරීමෙන් පසුය.ඇත්තටම කුඩා පරමාණුවක ගැබ්වූ මෙම විශාල ශක්තිය පිළිබද අදහස මිනිස් මොළයට පහළ කරවූයේ සාපේක්ෂතාවාදයෙන් බිහිවූ ස්කන්ධ ශක්ති සමීකරණය මගින්මය.
(2) සූර්යයාගෙන් අපට ශක්තිය ලැබීම සිදුවන්නේ කෙසේද යන්න වටහා ගැනීමට බොහෝ කාලයක් යන තුරු මිනිසාට නොහැකි විය.මුල් අවධියේදී සූර්යයාගෙන් ශක්තිය නිපදවීම සිදුවීම යම්කිසි ඉන්දනයක්(ගල් අගුරු වැනි) දහනය වෙමින් ආලෝකය හා තාපය ලෙස ශක්තිය පිටවීම යැයි සිතා සිටියත් සූර්යයාගේ ස්කන්ධය අනුව සලකන විට එවැනි ඉන්දනයක් වසර දෙතුන් සියක කාලයකින් දැවී අවසන් විය යුතුය.නමුත් පසු කාලීනව පරමානුක විද්‍යාවේ ඇතිවූ සීඝ්‍ර දියුනුව නිසාම සූර්යාගේ ශක්ති නිපදවීම ඒ තුළ සිදුවන හයිඩ්රජන් න්‍යෂ්ටි විලයනය වී හීලියම් න්‍යෂ්ටි නිපදවීමේ ක්‍රියාවෙන් සිදුවන බව වැටහුනි.හයිඩ්රජන් න්‍යෂ්ටි 4ක් විලයනය වී හීලියම් න්‍යෂ්ටියක් සෑදෙන මෙම දහන ක්‍රියාවේදී නිපදවෙන හීලියම් න්‍යෂ්ටියේ ස්කන්ධය විලයනය වන හයිඩ්රජන් න්‍යෂ්ටි හතරේ ස්කන්ධයට වඩා අඩු විය.මෙම අඩුවන ස්කන්ධය ශක්තියට පෙරලෙන බවත් එය සාපේක්ෂතාවාදයෙන් නිගමනය වූ ස්කන්ධ ශක්ති සමීකරණයට අනුකුළ ලෙස සිදුවන බවත් සූර්යයාගෙන් ලැබෙන විකිරණ පරීක්ෂාවලින් ඔප්පු වී ඇත.
* සාපේක්ෂ ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වන වස්තු දෙකක සැලකූ විට එක් වස්තුවකට අනික් වස්තුව තුල කාලය ගත වීම අඩුවෙන් සිදුවන බවක් දැනේ
මේ සදහා පර්යේෂණ සාධක ඉදිරිපත් වීම අඩු වූයේ මෙම නිරීක්ෂණ සදහාද වස්තුවල සාපේක්ෂ ප්‍රවේගය ඉහළ අගයක තිබිය යුතු වීමය.1938 දී අයිව්ස් නම් විද්‍යාඥයා විසින් වීදුරු නළයක් තුල විද්‍යුත් ක්ෂෙත්රයක බලපෑමෙන් හයිඩ්රජන් පරමානු ඉහළ ප්‍රවේගයක් දක්වා ත්වරණය කිරීමට සමත් විය.මෙහිදී කාල විස්තාර ප්‍රතිඵලය නිරීක්ෂණය කිරීමට අයිව්ස් භාවිතා කලේ හයිඩ්රජන් පරමානු කම්පනය වන සංඛ්‍යාතයන් අනුව සලකා බලමිනි.හයිඩ්රජන් පරමානු නිශ්චලව ඇති විට සංඛ්‍යාතය හා ඉහළ ප්‍රවේග වලදී කම්පන සංඛ්‍යාත අනුව සිදුකළ පරීක්ෂණ මගින් කාල විස්තාර ප්‍රතිඵලය සම්කරණයේ දැක්වෙන ආකායටම විය







Special relativity theory ඉගෙනනම් ගත්තා, එත් තේරුනේ නම් නෑ මං හිතන්නේ. සමීකරණ දදා ගණන් හැදුවා, උත්තර අවා. ඒවා හරි ගියා. marks ආවම පට්ට සතුටු උනා. එත් ඇත්තටම අයින්ස්ටයින් කියන්න හදපු දේ තේරුනේ නෑ. මං හිතන්නේ නෑ එක අපිට හරියට තේරේවි කියල.
Twin paradox කියල න්‍යායක් කියල දෙනවා. එක තේරුම් ගන්නවට වඩා හොදයි ........
පිස්සු හැදෙයි. එත් මාර ඉන්ටෙරෙස්ටින් ඒවා ඉගෙන ගන්නකොට.
ඔය කියන්න හදන්නේ ගුරුත්වය තරංගාකාරයි කියලද? ඔය තරංග අල්ල ගන්න තරම් දියුණු තාක්ෂණයක් දැන් තියෙනවද?
Physics තේරෙන්නේ නෑ බන්.![]()
Thanks machan. office eke inne. hawas wela kiyanwanna one++