අයින්ස්ටයින්ගේ_ගුරුත්....

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්, දන්නා එකෙක් ඉන්නවා නම් ඔය අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා වාදය පොඩ්ඩක් සරලව විස්තර කරපංකෝ මොන වගේ දෙයක්ද කියලවත් දැන ගන්න. :)
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0

    සාපේක්‍ෂතාවාදය ලොවට හදුන්වා දුන්නේ මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් විසිනි.සාපේක්‍ෂතාවාදය ප්‍රධාන ලෙස * විශේෂ සාපේක්‍ෂතාවාදය
    * සාමාන්‍ය හෙවත් සාධාරණ සාපේක්‍ෂතාවාදය
    ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදේ.
    අයින්ස්ටයින් විසින් 1905 දී විශේෂ සාපේක්‍ෂතාවාදය ඉදිරිපත් කළ අතර 1916 දී සාධාරණ වාදය ඉදිරිපත් කරණ ලදී.විශේෂ සාපේක්‍ෂතාවාදය එකිනෙකට සාපේක්‍ෂව ඒකාකාර ප්‍රවේග වලින් චලනය වන සමුද්දේශ රාමු සදහා වූ අතර සාධාරණ වාදයේදී එකිනෙකට සාපේක්‍ෂව ප්‍රවේගය ඒකාකාරී නොවන(ත්වරණය හෝ මන්දනය වන) සමුද්දේශ රාමු සදහා විය.විශේෂ සාපේක්‍ෂතාවාදය සාධාරණ වාදයේම කොටසක් ලෙස සැලකිය හැකිය මන්ද සාධාරණ සාපේක්‍ෂතාවාදයේ ත්වරණය ශුන්‍ය වීම සැලකු විට ඒකාකාර ප්‍රවේගය සදහා වන විශේෂ සාපේක්‍ෂතාවාදය ලැබෙන බැවිනි.
    විශේෂ සාධාරණ අවස්ථා දෙකේදීම සාපේක්‍ෂතාවාදය ගොඩ නගා ඇත්තේ සුවිශේෂී ක්‍රම වේදයකට අනුවය.භෞතික ක්‍රියා අනුව සැලකූ උපග්‍රහණ අනුව සලකමින් සිද්ධාන්ත නිගමන පද්ධතිය ගොඩනැගෙන අතර කලින් කලට කෙරෙන පරීක්‍ෂණ සාධක අනුව එම නිගමන වල සත්‍යතාව තහවුරුවේ.මෙම පරීක්‍ෂණ සාධක හුදෙක් සාපේක්‍ෂතාවාදයේ සත්‍ය අසත්‍ය තාව නිරීක්‍ෂණය කිරීමේ අරමුනින්ම කෙරෙන හා ඊට සම්බන්ධ නොවූ වෙනත් නිදහස් විද්‍යා පරීෂණ සාධක යන දෙකොඨ්ඨාශයම සලකා බැලෙන අතර සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් නිගමනය කළ "විශ්වය පරිමිත හා අපර්යන්ත ගත වේ." වැනි නිගමන කිහිපයක සැක සහිත භාවයක් හැරුණු විට සාපේක්‍ෂතාවාදයේ නිගමන සත්‍ය බවට පරීක්‍ෂණ සාධක මේ දක්වා ලැබෙමින් ඇත.මෙහිදී උපග්‍රහණ තෝරා ගැනීමේදී විශ්වාසනීයත්වය උපරිම වශයෙන් පැහැදිලිව පෙනෙන භෞතික තත්ත්ව සලකා ඇත.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    විශේෂ සාපේක්‍ෂතාවාදය. මෙහි මූලික උපග්‍රහණ දෙකකි.
    * විශ්වයේ සියළු චලිත සාපෙක්‍ෂවේ.(නිරපේක්‍ෂ ලෙස නිශ්චලව ඇති කිසිදු දෙයක් විශ්වයේ නැත.සියළු දේ(ක්‍ෂුද්‍ර අංශුවේ සිට ග්‍රහලෝක,චක්‍රාවාට,මන්දාකිණි,...)චලනයවේ)
    * ආලෝකයේ ප්‍රවේගය රික්තයේදී නියත අගයකි.

    මෙම මූලික උපග්‍රහණ ඔස්සේ යමින් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කළ මූලික නිගමන
    * දිග සංකෝචනයවේ.
    එකිනෙකට සාපේක්‍ෂව ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන වස්තු දෙකක් සැලකු විට එක් එක් වස්තුවට අනිකාගේ සත්‍ය(පෘථිවිය මත නිසලව ඇති විට)රේඛීය දිග අඩුවී පෙනේ.මෙහිදී රේඛිය දිග මැනෙන්නේ සාපේක්‍ෂ ප්‍රවේගයේ දිශාව එල්ලේය.

    * ප්‍රවේගයත් සමඟ ස්කන්ධය වැඩිවේ.
    වස්තු දෙකක් එකිනෙකට සාපේක්‍ෂව ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන විට එක් වස්තුවක සිට අනෙකේ ස්කන්ධය මැන බැලූ විට වස්තු පෘථිවිය මත නිසලව ඇති විට ලැබෙන ස්කන්ධයට වඩා වැඩි අගයක් ලැබේ.

    * ස්කන්ධ ශක්ති සමීකරණය
    අපි කවුරුත් දන්නා E = mC2 සමීකරණයයි. මෙමගින් ස්කන්ධයකින් ජනනය වන සම්පූර්ණ ශක්තිය පිළිබදව ඉදිරිපත් කලේය.සමීකරණය අනුව බලන විට ඉතා කුඩා ස්කන්ධයක් වුවද විශාල ශක්තියක් නිපදවිය හැක.

    * සාපේක්‍ෂ ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වන වස්තු දෙකක සැලකූ විට එක් වස්තුවකට අනික් වස්තුව තුල කාලය ගත වීම අඩුවෙන් සිදුවන බවක් දැනේ
    මෙම නිගමනයත් සමග එතෙක් පැවති කාලයේ නිරපේක්ෂ බව ප්රතික්ෂේප විය.එක් රාමුවක සිටින්නාට අනිත් රාමුවේ කාලය ගත වීම අඩුවෙන් සංවේදනය වීම මෙහිදී සිදුවේ.මෙම නිගමනයත් සමග එකල ලොව පුරා වැරදි මතයක්ද ඇති විය එනම් අධික ප්රවේගයකින් ගමන් කරන වස්තුවක(රාමුවක) කාලය ගත වීම අඩු නිසා එවැනි රාමුවක සිටින අයට වයසට යාම අඩුවීමක් වන බවයි.නමුත් පසු කලෙක සාධාරණ සාපේක්ෂතාවාදය සමග අයින්ස්ටයින් විසින්ම මෙම තත්ත්වය ප්රායෝගිකව මතුකිරීමේ අපහසුතාව විස්තර කලේය.

    * විශ්වයේ කිසිම වස්තුවකට ආලෝකයේ ප්‍රවේගය ඉක්මවිය නොහැක.
    විශේෂ සාපේක්‍ෂතාවාදයෙන් නිගමනය වූ ඉතාමත් අද්භූත ජනක නිගමනය මෙය ලෙස දැක්විය හැකිය.සත්‍ය ලෙසම වස්තු දෙකේ සාපේක්‍ෂ ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගය ඉක්මවන විට රේඛිය දිග සංකෝචනය වීම ශුන්‍ය වී වස්තුව අතුරුදහන් වේ.එමෙන්ම කාල මන්දන හා ස්කන්ධ වැඩිවීම දක්වන සමීකරණ අනුව වස්තු දෙකේ සාපේක්‍ෂ ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගය ඉක්මවන විට තාත්ත්වික මිනුම් නොලැබේ.එබැවින් පෘථිවියට සාපේක්‍ෂව ආලෝකයේ ප්‍රවේගය ඉක්මවන වස්තුවක් හමු වුවහොත් සාපේක්‍ෂතාවාදය බිද වැටෙනු ඇත.

    විශේෂ සාපේක්‍ෂතාවාදයේ නිගමන සත්‍ය බවට තහවුරු කෙරුණු පරීක්‍ෂණ සාධක.

    * දිග සංකෝචනය වීම.
    මෙම සංකෝචනය සිදුවීම ඉතා ක්‍ෂුද්‍ර පරිමානයෙන් සිදුවන්නකි.මෙය හොදින් දිස්වීමට නම් වස්තු දෙක අතර සාපේක්‍ෂ ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයට ආසන්න විය යුතුය.එබැවින් මේ සදහා පරීක්‍ෂණ සාධක ලැබීම ඉතා දුර්ලභය.

    * ප්‍රවේගයත් සමඟ ස්කන්ධය වැඩිවීම.
    (1) සාපේක්‍ෂතාවාදයේ මෙම නිගමනය නිසාම විද්‍යාවේ විශේෂ සොයා ගැනීමකට මඟ පෑදුනු අතර එම සොයා ගැනීම මෙම සාපේක්‍ෂතාවාදයේ නිගමනය නිසාම සිදුවූ බව කිවහොත් වඩාත් නිවැරදිය.විකිරණ ශීලී ද්‍රව්‍යයක් ලෙස විමෝචනය වන බීටා අංශු යනු මොනවාදැයි වටහා ගැනීමට කාලයක් යන තුරුම විද්‍යාඥයන්ට නොහැකි විය.මෙම බීටා අංශු වල ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයට ආසන්න වූ අතර එකිනෙකට වෙනස් ස්කන්ධවලින් හා ප්‍රවේගයන්ගෙන් යුත් එකම බීටා අංශු ඇති බව මෙන්ම ප්‍රවේගය වැඩි බීටා අංශුවල ස්කන්ධයද වැඩි බව පරීක්‍ෂණ වලින් දිස්විය.මෙම පරීක්‍ෂණය සිදුකළේ විශේෂ සාපේක්‍ෂතා වාදය ඉදිරිපත් වූ ආසන්න කාලයේදීය.එක් විද්‍යාඥයකුගේ යෝජනාවකින් විවිධාකාර අයුරින් ස්කන්ධ හා ප්‍රවේගයන් දිස්වූ බීටා අංශු වල එම අගයන් සාපේක්‍ෂතා වාදයෙන් නිගමනය වූ ස්කන්ධ ප්‍රවේග සමීකරණයට ආදේශ කරමින් එම අංශු වල නිශ්චලතා ස්කන්ධයන් ගනනය කලේය.ඔවුන් විශ්මයට පත්කරමින් සෑම අංශුවකම නිසලතා ස්කන්ධය එකම අගයක් වූ අතර එය ඉලෙක්ට්‍රෝණයේ ස්කන්ධයට සමාන විය.ඒ අනුව බීටා කිරණ යනු ඉහළ ප්‍රවේගයන්ගෙන් චලනය වන ඉලෙක්ට්‍රෝන බව සොයා ගත්තේය.මෙම සොයා ගැනීම සාපේක්‍ෂතා වාදයෙන් නිගමනය වූ ප්‍රවේගය සමඟ ස්කන්ධයේ වැඩිවීම දක්වන සමීකරණයේ සත්‍යතාව ඔප්පු කළ පරීක්‍ෂණ සාධකයක්ද විය.
    (2) පරමානුවේ න්‍යෂ්ථික ව්‍යූහය ගවේශණය කිරීම සදහා කළ පරීක්‍ෂණයකදීද විශේෂ සාපේක්‍ෂතාවාදයේ ප්‍රවේගය සමග ස්කන්ධය වැඩිවීම දක්වන නිගමනය සනාථ කෙරෙන පර්යේෂණ සාධකයක් අහම්බෙන් ලැබීය.මෙහිදී යන්ත්‍රයක් ආධාරයෙන් පරාමානු අංශු ඉහළ ප්‍රවේගයක් දක්වා ත්වරණය කිරීමයි.ප්‍රවේගය වැඩි වන විට අංශු වල ස්කන්ධයන්ද වැඩිවූ අතර එය නිගමන සමීකරණයට අනුකුල විය.
    (3) 1916 දී සමරෆෙල්ඩ් නම් විද්‍යාඥයා ඉදිරිපත් කළ "සමර්ෆෙල්ඩ් පරමානුක කක්‍ෂ වාදය" අනුව න්‍යෂ්ටිය වටා චලනය වන ඉලෙක්ට්‍රෝන සසම්භාවී ප්‍රවේගයන්ගෙන් න්‍යෂ්ටිය වටා ඉලිප්සාකාර පථවල ගමන් කරන බවයි.මෙහිදී ප්‍රවේගය වැඩිවන විට ඉලෙක්ට්‍රෝණ අක්‍ෂය පූර්වායනය වන ඉලිප්සාකාර මාර්ගවල ගමන් කෙරෙන බව නිරීක්‍ෂණය විය.ප්‍රවේගය සමඟ ස්කන්ධය වැඩිවීමක් නොවේ නම් ඉලෙක්ට්‍රෝන වල මෙවැනි පථයක් දක්නට නොලැබේ.

    * ස්කන්ධ ශක්ති සමීකරණය
    (1) මෙම සමීකරණය අනුව ඉතා කුඩා ස්කන්ධයකින් වුවද විශාල ශක්තියක් ජනනය කළ හැකිය.කුඩා ස්කන්ධ මගින් විශාල ශක්ති නිපදවීම හෙවත් මෙම සමීකරණයේ නිවරදිතාව (හෝ යොදා ගැනීම) පරීක්‍ෂා කිරීමට විද්‍යාඥයන් ගවේෂණයට යොදාගත්තේ පරමානුවයි.එහි ප්‍රථම ප්‍රතිඵලය ලෙස 1932 දී ක්‍රොක්රෆ්ට් හා වෝල්ටන් විසින් ලිතියම් න්‍යෂ්ටියකට ප්‍රෝටෝනයකින් පහර දුන්නේය.ප්‍රතිඵලය න්‍යෂ්ටිය දෙකඩ වීමයි.ශක්තිය ප්‍රමාණයක්ද මුදා හැරුණු.දෙකඩ වූ න්‍යෂ්ටි කැබලි දෙකේ මුළු ස්කන්ධය න්‍යෂ්ටිය දෙකඩ වීමට පෙර මුල් න්‍යෂ්ටියේ තිබූ ස්කන්ධයට අඩු බවත් මුදාහැරුණු ශක්තිය ගනනය කර එය ස්කන්ධ ශක්ති සමීකරණයට ආදේශ කළ විට එම ශක්තියට අදාළ ස්කන්ධය දෙකඩ වූ න්‍යෂ්ටියේ අඩුවූ ස්කන්ධයට සමාන බව නිරූපනය කෙරුනේ ස්කන්ධ ශක්ති සමීකරණය සත්‍ය බවට පර්යේෂණ සාධකයක් පෙන්වමිනි.මේ පර්යේෂණ සාධකය ඉදිරිපත් වන විට විශේෂ සාපේක්‍ෂතාවාදය බිහිවී වසර විසි හතක් ගෙවී තිබුණි.කෙසේ හෝ මෙම පරමානු න්‍යෂ්ටික බිදීම නතර වූයේ "ලොවම හෙල්ලූ" පරමානු බෝම්බය නිපදවා විශාල මිනිස් ඝාතනයක් සිදුකිරීමෙන් පසුය.ඇත්තටම කුඩා පරමාණුවක ගැබ්වූ මෙම විශාල ශක්තිය පිළිබද අදහස මිනිස් මොළයට පහළ කරවූයේ සාපේක්‍ෂතාවාදයෙන් බිහිවූ ස්කන්ධ ශක්ති සමීකරණය මගින්මය.
    (2) සූර්යයාගෙන් අපට ශක්තිය ලැබීම සිදුවන්නේ කෙසේද යන්න වටහා ගැනීමට බොහෝ කාලයක් යන තුරු මිනිසාට නොහැකි විය.මුල් අවධියේදී සූර්යයාගෙන් ශක්තිය නිපදවීම සිදුවීම යම්කිසි ඉන්දනයක්(ගල් අගුරු වැනි) දහනය වෙමින් ආලෝකය හා තාපය ලෙස ශක්තිය පිටවීම යැයි සිතා සිටියත් සූර්යයාගේ ස්කන්ධය අනුව සලකන විට එවැනි ඉන්දනයක් වසර දෙතුන් සියක කාලයකින් දැවී අවසන් විය යුතුය.නමුත් පසු කාලීනව පරමානුක විද්‍යාවේ ඇතිවූ සීඝ්‍ර දියුනුව නිසාම සූර්යාගේ ශක්ති නිපදවීම ඒ තුළ සිදුවන හයිඩ්‍රජන් න්‍යෂ්ටි විලයනය වී හීලියම් න්‍යෂ්ටි නිපදවීමේ ක්‍රියාවෙන් සිදුවන බව වැටහුනි.හයිඩ්‍රජන් න්‍යෂ්ටි 4ක් විලයනය වී හීලියම් න්‍යෂ්ටියක් සෑදෙන මෙම දහන ක්‍රියාවේදී නිපදවෙන හීලියම් න්‍යෂ්ටියේ ස්කන්ධය විලයනය වන හයිඩ්‍රජන් න්‍යෂ්ටි හතරේ ස්කන්ධයට වඩා අඩු විය.මෙම අඩුවන ස්කන්ධය ශක්තියට පෙරලෙන බවත් එය සාපේක්‍ෂතාවාදයෙන් නිගමනය වූ ස්කන්ධ ශක්ති සමීකරණයට අනුකුළ ලෙස සිදුවන බවත් සූර්යයාගෙන් ලැබෙන විකිරණ පරීක්‍ෂාවලින් ඔප්පු වී ඇත.

    මේ සදහා පර්යේෂණ සාධක ඉදිරිපත් වීම අඩු වූයේ මෙම නිරීක්‍ෂණ සදහාද වස්තුවල සාපේක්‍ෂ ප්‍රවේගය ඉහළ අගයක තිබිය යුතු වීමය.1938 දී අයිව්ස් නම් විද්‍යාඥයා විසින් වීදුරු නළයක් තුල විද්‍යුත් ක්‍ෂෙත්‍රයක බලපෑමෙන් හයිඩ්‍රජන් පරමානු ඉහළ ප්‍රවේගයක් දක්වා ත්වරණය කිරීමට සමත් විය.මෙහිදී කාල විස්තාර ප්‍රතිඵලය නිරීක්‍ෂණය කිරීමට අයිව්ස් භාවිතා කලේ හයිඩ්‍රජන් පරමානු කම්පනය වන සංඛ්‍යාතයන් අනුව සලකා බලමිනි.හයිඩ්‍රජන් පරමානු නිශ්චලව ඇති විට සංඛ්‍යාතය හා ඉහළ ප්‍රවේග වලදී කම්පන සංඛ්‍යාත අනුව සිදුකළ පරීක්‍ෂණ මගින් කාල විස්තාර ප්‍රතිඵලය සම්කරණයේ දැක්වෙන ආකායටම විය
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මචන්, දන්නා එකෙක් ඉන්නවා නම් ඔය අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා වාදය පොඩ්ඩක් සරලව විස්තර කරපංකෝ මොන වගේ දෙයක්ද කියලවත් දැන ගන්න. :)

    Special relativity theory ඉගෙනනම් ගත්තා, එත් තේරුනේ නම් නෑ මං හිතන්නේ. සමීකරණ දදා ගණන් හැදුවා, උත්තර අවා. ඒවා හරි ගියා. marks ආවම පට්ට සතුටු උනා. එත් ඇත්තටම අයින්ස්ටයින් කියන්න හදපු දේ තේරුනේ නෑ. මං හිතන්නේ නෑ එක අපිට හරියට තේරේවි කියල.

    Twin paradox කියල න්‍යායක් කියල දෙනවා. එක තේරුම් ගන්නවට වඩා හොදයි ........
    පිස්සු හැදෙයි. එත් මාර ඉන්ටෙරෙස්ටින් ඒවා ඉගෙන ගන්නකොට.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    සාධාරණ(සාමාන්‍ය) සාපේක්‍ෂතාවාදය
    මූලික උපග්‍රහණය
    * තුල්‍යතා නියමය(Equivalence principle)
    ත්වරණ පද්ධතියක් තුල ඇතිවන බලපෑම ඒ හා අනුරූප ගුරුත්වාකර්ෂණ ප්‍රතිඵලයක බලපෑමට තුල්‍යවේ.
    මෙය උදාහරණයකින් දැකවුවහොත් පිටත දර්ශන නොපෙනෙන ලෙස ආවරණය කළ අභ්‍යවකාශයේ ත්වරණය වන රොකට්ටුවක් තුල කුඩා ස්කන්ධයක් නිදහසේ වැටෙන්නට සැලසූ විට ලැබෙන ප්‍රතිඵලයම (රොකට්ටුවේ බිම පතිත වීමට ගතවන කාලය ආදිය) ලැබෙන සේ ගුරුත්වාකර්ෂණ කෙත්‍රයක බලපෑමෙන්(ඇතුලේ සිටින්නාට නොදැනෙන සේ රොකට්ටුව ත්වරණ ප්‍රතිඵලයට සමාන ගුරුත්වයක් ඇති ග්‍රහලෝකයක් මත තැබූ විට) සිදු කළ හැකිය.
    මෙම තුල්‍යාතා නියමය මෙලෝ රහක් නැති අප්‍රභංශයක් සේ බැලූ බැල්මට පෙනුනත් සාපේක්‍ෂ චලිතය ඒකාකාර ප්‍රවේගයෙන් සිදු නොවී ත්වරණය වන ආකාරයෙන් චලිත සමුද්දේශ රාමුවල භෞතික තත්ත්ව අධ්‍යනය කිරීමට ගුරූත්ව ප්‍රතිඵල සන්සන්දනය අධ්‍යනය කිරීම යෝග්‍ය ලෙස වැටහීම කිසිදු යන්ත්‍රයකින් ලබා ගත හැකි නිරූපිතයක් නොවේ.එය මනුස්ස මොලයටම සංවේදීවන තත්ත්වයකි. මෙය මුලින්ම වටහා ගත් පුද්ගලයා ඇල්බට් අයින්ස්ටයින්ය.

    මෙම මූලික උපග්‍රහනය ඔස්සේ යමින් ලබාගත් නිගමන
    * ගුරුත්වාකර්ෂණ ස්කන්ධයක කාලයට ඇති බලපෑම
    ඩොප්ලර් ආචරණය අනුව සාපේක්‍ෂව තමාගෙන් ඉවත්වන ඈත අවකාශයේ වූ වස්තු රතු පාටිනුත් තමාවෙතට ලගාවෙන වස්තු නිල් පැහැයෙනුත් දිස්වීම සිදුවේ (පහත රූපය බලන්න.)

    ආලොක හා ශබ්ද තරංගවල සිදුවන මෙම දෘෂ්‍ය සංඛ්‍යාත පැන්නුම නිසා සංඛ්‍යාතය හා බැදුනු කාලය සදහාද යෙදීමක් කල අයින්ස්ටයින්. වඩා වැඩි ස්කන්ධයට සම්බන්ධ වස්තුව තුල කාල මන්දනයක් සිදුවන බවට නිගමනයක් ඉදිරිපත් කලේය.(මෙහිදී අයින්ස්ටයින් ඉදිරිපත් කලේ වැඩි ස්කන්ධය තුල කාලයේ සීග්‍රතාව අඩු වීමකි.)

    * විශාල ස්කන්ධයන් ආසන්නයේදී ආලෝක කිරණ වක්‍ර වීමක් සිදුවේ.
    පෘථිවිය මත හා එහි ගුරුත්වාකර්ෂණ ක්‍ෂෙත්‍රය තුල පිහිටි කුඩා ස්කන්ධ පෘථිවියේ ගුරුත්ව කේන්ද්‍රය දෙසට ආකර්ෂණය වීමක් සිදුවේ.(පහත රූපය බලන්න.)
    පෘථිවිය මත සිටින අපත් අප සිටින ස්ථානයේ (පොලොව හාරා ගෙන ගොස් බැලූවිට) හරියටම ප්‍රතිවිරුද්ධ පැත්තේ සිටින මිනිසුන්ද පෘථිවියට ආකර්ෂණය වී ඇත්තේ මෙම කේන්ද්‍රයට ඇදී ඇති ගුරුත්ව බලය නිසාවෙනි.ආලෝක කිරණ වලත් යම්කිසි බරක් ඇති බවත්(ආලෝක කිරණ යනු වේගයෙන් ගමන් කරන පෝටෝන අංශු ප්‍රවාහයක් බව ඒ වන විටද දැන සිට ඇත) එනිසාම එම ආලෝක කිරණද විශාල ස්කන්ධ ආසන්නයේදී එහි ගුරුත්ව බලපෑමෙන් විශාල ස්කන්ධය දෙසට වක්‍ර වීමක් සිදුවන බව අයින්ස්ටයින් නිගමනයක් ඉදිරිපත් කළේය.
    * අයින්ස්ටයින්ගේ සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය.
    නිව්ටන්ගේ සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය අනුව ස්කන්ධ දෙකක ඇති ගුරුත්වාකර්ෂණ බලය ස්කන්ධ වල ගුණිතයට අනුලෝමවත් ස්කන්ධවල ස්කන්ධ කේන්ද්‍ර අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතික වන බව අප අසා දැන ඇත.අයින්ස්ටයින් මෙම සූත්‍රය ඉතාමත් සුළු වශයෙන් වෙනස් කරමින් වඩාත් නිවැරදි සාර්වත්‍ර සමීකරණයක් ඉදිරිපත් කලේය මෙම සමීකරනයේ සාර්වත්‍ර නියතය ඇතුළු සියළු අංග නිව්ටන් සමීකරණයේ ආකාරයෙන්ම වුවත් ආකර්ශණ වලය ප්‍රතිලෝම සමානුපාතික කොට ඇත්තේ ස්කන්ධ අතර දුරෙහි වර්ගයට නොව දුරෙහි (2.00000016) බලයටයි.මේ ඉතා සුළු වෙනස නිසාම නිව්ටන් සමීකරණය මෙතෙක් කලක් නිවැරදිව භාවිතා විය.

    * ග්‍රහලෝක සූර්යයා වටා ගමන් කරණ ඉලිප්සාකාර මාර්ගයේ අක්‍ෂය පූර්වායනයවේ.
    නිව්ටන් මතය අනුව ග්‍රහලෝක සූර්යයා වටා ගමන් කරන්නේ ස්ථාවර ඉලිප්සාකාරයකය.නමුත් අයින්ස්ටයින් සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් පෙන්වූයේ මෙම ඉලිප්සාකාර මාර්ගය පූර්වායනය වන බවයි. මෙයින් කියවෙන්නේ අදාළ ඉලිප්සාකාර මාර්ගයද ස්ථාවර නොවී වක්‍රාකාරයෙන් භ්‍රමනය වන බවයි.(පහත රූපය බලන්න.)
    * විශ්වයේ ස්වභාවය
    මෙම නිගමනය අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතාවාදය ඉදිරිපත් කල නිබන්ධනයේ අඩංගු නොවුනත් පසු කලෙක අයින්ස්ටයින් විසින් සාපේක්‍ෂතාවාදය අනුව සලකා අපගේ විශ්වයේ ස්වභාවය(පරිමිත/අපරිමිත හා පර්යන්ත/අපර්යන්ත බව) පිළිබදව අදහසක් ඉදිරිපත් කලේය.නමුත් පසුකාලීනව අයින්ස්ටයින් විසින්ම කීප විටක් එම නිගමනය සංශෝධනය කළේය.

    සාධාරණ(සාමාන්‍ය) සාපේක්‍ෂතාවාදයේ නිගමන සත්‍ය බවට තහවුරු කෙරුණු පරීක්‍ෂණ සාධක.

    * ගුරුත්වාකර්ෂණ ස්කන්ධයක කාලයට ඇති බලපෑම
    පෘථිවිය මත පරමානු කම්පන සංඛ්‍යාතයට වඩා සූර්යයා මත කම්පන සංඛ්‍යාතයන් අඩුවේ නම් සූර්යයා මතදී පෘථිවියට වඩා කාල මන්දනයක් විය යුතුය.මේ අනුව සලකා බලමින් සිදුකල විද්‍යාත්මක පරීක්‍ෂණයකදී සූර්යය කිරණ වල දෘෂ්‍ය සංඛ්‍යාතයන් රක්ත වර්ණය දෙසට වැඩි වශයෙන් විස්තාපනයක් සිදු විය.රක්ත වර්ණයේ සංඛ්‍යාතය අඩු නිසා මෙම පරීක්‍ෂණය අනුව සූර්යයා තුල පෘථිවියට වඩා පරමානු කම්පන සංඛ්‍යාතය අඩු බවත් සූර්යයා තුල පෘථිවියට වඩා කාල මන්දනයක් ඇති බවත් තහවුරු විය.මෙම පරීක්‍ෂණයෙන් ලද විශේෂ රක්ත විස්ථාපනය අයින්ස්ටයින්ට ගරු කිරීමක් ලෙස "සාපේක්‍ෂ විස්ථාපනය" හෙවත් "අයින්ස්ටයින් විස්ථාපනය" ලෙස හදුන්වයි.
    "අගුටුමිට්ටා" තරු පන්තියේ තාරුකා ප්‍රමාණයෙන් කුඩා වුවත් අති විශාල ස්කන්ධයක් ඇත.මෙම තරු පන්තියේ පිහිටි "බී සිරීයස්" තාරුකාවේ විශ්කම්භය අපේ සූර්යයාගේ විශ්කම්භයෙන් 3% ක් පමණ වුවත් එහි ඝනත්වය අපේ සූර්යයාමෙන් 25000 ගුනයක් පමණය.සූර්යයාගේ සංඛ්‍යාත විස්ථාපනයට වඩා 30 ගුනයකින් "බී සිරියස්" තාරුකාවේ සංඛ්‍යාත විස්ථාපනය වැඩිපුර දැකිය හැකි බව 1925 දී ඇඩම්ස් නම් විද්‍යාඥයා විසින් පෙන්වා දෙන ලදී.

    * විශාල ස්කන්ධයන් ආසන්නයේදී ආලෝක කිරණ වක්‍ර වීමක් සිදුවේ.
    විශාල ස්කන්ධයන් අසලදී ආලෝක කිරණ වල වක්‍ර වීමක් සිදුවන බව දැක්වූ අයින්ස්ටයින් අපගේ සූර්යයාගේ පෘෂ්ඨයේ ගෑවිගෙන යන ආලෝක කිරණයක් සදහා මෙම වක්‍රවීම විකලා 1.74 ක් විය හැකි බවට ගණිත අපෝහනයක්ද ඉදිරිපත් කලේය.මෙම වක්‍ර වීම විමසා බැලීම පූර්ණ සූර්්‍ය ග්‍රහණයකදී සිදු කළ යුතු විය.සාධාරණ සාපේක්‍ෂතාවාදය ඉදිරිපත් වූ මෙම පරීක්‍ෂණය සිදුකළ හැකි අන්දමේ පූර්ණ සූර්්‍ය ග්‍රහණයක් සිදුවූයේ 1919 මැයි 29 වන දිනයි.මෙම පූර්ණ සූර්්‍ය ග්‍රහණය පරීක්‍ෂණයට වඩාත් සුදුසු වූයේ සෑම වසරකම මැයි මාසයේදී දීප්තිමත් තාරකා සමූහයක් සමඟ සූර්යයාත් පෘථිවියත් එක පෙළට පිහිටීමයි. ලොව පුරා ස්ථාන කීපයක විද්‍යාඥයන් කණ්ඩායම් කීපයක් සූර්ය ග්‍රහණ අවස්ථාවේදී අදාළ පරීක්‍ෂණය කළ අතර අයින්ස්ටයින් අනාවැකි පළකළ පරිදිම සූර්යයා අසලදී ආලෝකයේ වක්‍ර වීම ඔහු පැවසූ ආකාරයටම විකලා 1.74 අගයට ආසන්නව ලැබුනේ මුළු ලොවම මවිත කරමිනි.

    * ග්‍රහලෝක සූර්යයා වටා ගමන් කරණ ඉලිප්සාකාර මාර්ගයේ අක්‍ෂය පූර්වායනයවේ.
    බුධ ග්‍රහයාගේ කක්‍ෂීය චලිතයේදී වසර 100 කට වතාවක් විකලා 574 ක චාපයකින් උත්තාරණය වන බවත් මින් විකලා 531 කටම හේතුව අනිත් ග්‍රහයන්ගේ ගුරුත්වාකර්ෂණය බව විද්‍යාඥයන් මුල සිටම දැන සිටි නමුත් ඉතිරි විකලා 43 ඇති වීමට හේතු දැක්වීමට විද්‍යාඥයන්ට නොහැකි විය.නමුත් අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතා වාදයෙන් ග්‍රහලෝක වල කක්‍ෂයේ සිදුවන පූර්වායනය ගැන ඉදිරිපත් වූ පසු සිදුකල පරීක්‍ෂණ වලින් පසු මීට හේතුව එම කරුණ බව සනාථ විය.අදාළ ගණණය කිරීමන් බුධ ග්‍රහයාගේ කක්‍ෂීය විචලනයන්ට අනුකූලවූ ප්‍රතිඵලම ලැබුනි.බුධ ග්‍රහයාගේ සූර්යයා වටා භ්‍රමණය වේගවත් වීම හා පථය හොදින් ඉලිප්සාකාර වීම ඉලිප්සාකාර වීම අනිත් ග්‍රහයන්ට වඩා බුධ ග්‍රහයාගේ කක්‍ෂය තුලින් මෙම සංසිද්ධිය විද්‍යාමාන වීමට හේතු විය.

    අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදය තාරකා හා භෞතික විද්‍යාවේ දියුණුවට දායක වූ තවත් ප්‍රධාන අවස්ථා කීපයක්.
    * ගුරත්ව කාච(Gravitational lens)
    සාපේක්‍ෂතාවාදය මගින් තාරකා වැනි විශාල ස්කන්ධ අසලදී ආලෝක කිරණ වල සිදුවන වක්‍ර වීම අනුව සලකා බැලූ විට ඈත අභ්‍යවකාශයේ පිහිටි තාරුකාවකින්( හෝ තාරුකා පොකුරකින්,මන්දාකිණියකින්...) නික්මෙන ආලොක කිරණ වෙනත් තාරුකා වැනි විශාල ස්කන්ධ වලදී වක්‍ර වීම් වලට ලක්වීම නිසා අභ්‍යවකාශය් ස්ථාන කිපයකම එම වස්තුවල ප්‍රතිබිම්භයන් නිර්මානය වේ.වර්තමානයේ විද්‍යාවේ මහා ගැටළුවක් වන "අදුරු අංශු" ගවේශනය කිරීමට "ස්වභාවික සංවේදකයක්" ලෙස මෙන්ම ඈත අභ්‍යවකාශය නිරීක්‍ෂණය කිරීමට භාවිතා කළ හැකි වඩාත් ප්‍රභල "සුපිරි දුරේක්‍ෂක්" නිපදවීමට විද්‍යාඥයන් මෙම "ගුරුත්ව කාච" සංසිද්ධිය යොදා ගැනීමට උත්සාහ කරමින් සිටී.

    * කළු කුහර සෑදීම හා හැසිරීම වටහා දීම

    අභ්‍යවකාශය තුල පිහිටි විශාල ස්කන්ධයන් ආලෝක කිරණ ආදී සෑම දෙයක්ම ඇද ගන්නා අධික ගුරුත්වාකර්ශන බලයකින් යුත් මෙම "කළු කුහර" ඇති වීම හා ඒවායේ හැසිරීම පිළිබදව කාලයක් පුරා පැවති ගැටළුකාරී තත්ත්වයන් විසදුමට ලක්වූයේ සාපේක්‍ෂතාවාදය මගිනි.
     
    • Like
    Reactions: LazyLizard

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    විශේෂ සාපේක්‍ෂතාවාදය. මෙහි මූලික උපග්‍රහණ දෙකකි.
    * විශ්වයේ සියළු චලිත සාපෙක්‍ෂවේ.(නිරපේක්‍ෂ ලෙස නිශ්චලව ඇති කිසිදු දෙයක් විශ්වයේ නැත.සියළු දේ(ක්‍ෂුද්‍ර අංශුවේ සිට ග්‍රහලෝක,චක්‍රාවාට,මන්දාකිණි,...)චලනයවේ)
    * ආලෝකයේ ප්‍රවේගය රික්තයේදී නියත අගයකි.

    මෙම මූලික උපග්‍රහණ ඔස්සේ යමින් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කළ මූලික නිගමන
    * දිග සංකෝචනයවේ.
    එකිනෙකට සාපේක්‍ෂව ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන වස්තු දෙකක් සැලකු විට එක් එක් වස්තුවට අනිකාගේ සත්‍ය(පෘථිවිය මත නිසලව ඇති විට)රේඛීය දිග අඩුවී පෙනේ.මෙහිදී රේඛිය දිග මැනෙන්නේ සාපේක්‍ෂ ප්‍රවේගයේ දිශාව එල්ලේය.

    * ප්‍රවේගයත් සමඟ ස්කන්ධය වැඩිවේ.
    වස්තු දෙකක් එකිනෙකට සාපේක්‍ෂව ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන විට එක් වස්තුවක සිට අනෙකේ ස්කන්ධය මැන බැලූ විට වස්තු පෘථිවිය මත නිසලව ඇති විට ලැබෙන ස්කන්ධයට වඩා වැඩි අගයක් ලැබේ.

    * ස්කන්ධ ශක්ති සමීකරණය
    අපි කවුරුත් දන්නා E = mC2 සමීකරණයයි. මෙමගින් ස්කන්ධයකින් ජනනය වන සම්පූර්ණ ශක්තිය පිළිබදව ඉදිරිපත් කලේය.සමීකරණය අනුව බලන විට ඉතා කුඩා ස්කන්ධයක් වුවද විශාල ශක්තියක් නිපදවිය හැක.

    * සාපේක්‍ෂ ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වන වස්තු දෙකක සැලකූ විට එක් වස්තුවකට අනික් වස්තුව තුල කාලය ගත වීම අඩුවෙන් සිදුවන බවක් දැනේ
    මෙම නිගමනයත් සමග එතෙක් පැවති කාලයේ නිරපේක්ෂ බව ප්රතික්ෂේප විය.එක් රාමුවක සිටින්නාට අනිත් රාමුවේ කාලය ගත වීම අඩුවෙන් සංවේදනය වීම මෙහිදී සිදුවේ.මෙම නිගමනයත් සමග එකල ලොව පුරා වැරදි මතයක්ද ඇති විය එනම් අධික ප්රවේගයකින් ගමන් කරන වස්තුවක(රාමුවක) කාලය ගත වීම අඩු නිසා එවැනි රාමුවක සිටින අයට වයසට යාම අඩුවීමක් වන බවයි.නමුත් පසු කලෙක සාධාරණ සාපේක්ෂතාවාදය සමග අයින්ස්ටයින් විසින්ම මෙම තත්ත්වය ප්රායෝගිකව මතුකිරීමේ අපහසුතාව විස්තර කලේය.

    * විශ්වයේ කිසිම වස්තුවකට ආලෝකයේ ප්‍රවේගය ඉක්මවිය නොහැක.
    විශේෂ සාපේක්‍ෂතාවාදයෙන් නිගමනය වූ ඉතාමත් අද්භූත ජනක නිගමනය මෙය ලෙස දැක්විය හැකිය.සත්‍ය ලෙසම වස්තු දෙකේ සාපේක්‍ෂ ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගය ඉක්මවන විට රේඛිය දිග සංකෝචනය වීම ශුන්‍ය වී වස්තුව අතුරුදහන් වේ.එමෙන්ම කාල මන්දන හා ස්කන්ධ වැඩිවීම දක්වන සමීකරණ අනුව වස්තු දෙකේ සාපේක්‍ෂ ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගය ඉක්මවන විට තාත්ත්වික මිනුම් නොලැබේ.එබැවින් පෘථිවියට සාපේක්‍ෂව ආලෝකයේ ප්‍රවේගය ඉක්මවන වස්තුවක් හමු වුවහොත් සාපේක්‍ෂතාවාදය බිද වැටෙනු ඇත.

    විශේෂ සාපේක්‍ෂතාවාදයේ නිගමන සත්‍ය බවට තහවුරු කෙරුණු පරීක්‍ෂණ සාධක.

    * දිග සංකෝචනය වීම.
    මෙම සංකෝචනය සිදුවීම ඉතා ක්‍ෂුද්‍ර පරිමානයෙන් සිදුවන්නකි.මෙය හොදින් දිස්වීමට නම් වස්තු දෙක අතර සාපේක්‍ෂ ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයට ආසන්න විය යුතුය.එබැවින් මේ සදහා පරීක්‍ෂණ සාධක ලැබීම ඉතා දුර්ලභය.

    * ප්‍රවේගයත් සමඟ ස්කන්ධය වැඩිවීම.
    (1) සාපේක්‍ෂතාවාදයේ මෙම නිගමනය නිසාම විද්‍යාවේ විශේෂ සොයා ගැනීමකට මඟ පෑදුනු අතර එම සොයා ගැනීම මෙම සාපේක්‍ෂතාවාදයේ නිගමනය නිසාම සිදුවූ බව කිවහොත් වඩාත් නිවැරදිය.විකිරණ ශීලී ද්‍රව්‍යයක් ලෙස විමෝචනය වන බීටා අංශු යනු මොනවාදැයි වටහා ගැනීමට කාලයක් යන තුරුම විද්‍යාඥයන්ට නොහැකි විය.මෙම බීටා අංශු වල ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයට ආසන්න වූ අතර එකිනෙකට වෙනස් ස්කන්ධවලින් හා ප්‍රවේගයන්ගෙන් යුත් එකම බීටා අංශු ඇති බව මෙන්ම ප්‍රවේගය වැඩි බීටා අංශුවල ස්කන්ධයද වැඩි බව පරීක්‍ෂණ වලින් දිස්විය.මෙම පරීක්‍ෂණය සිදුකළේ විශේෂ සාපේක්‍ෂතා වාදය ඉදිරිපත් වූ ආසන්න කාලයේදීය.එක් විද්‍යාඥයකුගේ යෝජනාවකින් විවිධාකාර අයුරින් ස්කන්ධ හා ප්‍රවේගයන් දිස්වූ බීටා අංශු වල එම අගයන් සාපේක්‍ෂතා වාදයෙන් නිගමනය වූ ස්කන්ධ ප්‍රවේග සමීකරණයට ආදේශ කරමින් එම අංශු වල නිශ්චලතා ස්කන්ධයන් ගනනය කලේය.ඔවුන් විශ්මයට පත්කරමින් සෑම අංශුවකම නිසලතා ස්කන්ධය එකම අගයක් වූ අතර එය ඉලෙක්ට්‍රෝණයේ ස්කන්ධයට සමාන විය.ඒ අනුව බීටා කිරණ යනු ඉහළ ප්‍රවේගයන්ගෙන් චලනය වන ඉලෙක්ට්‍රෝන බව සොයා ගත්තේය.මෙම සොයා ගැනීම සාපේක්‍ෂතා වාදයෙන් නිගමනය වූ ප්‍රවේගය සමඟ ස්කන්ධයේ වැඩිවීම දක්වන සමීකරණයේ සත්‍යතාව ඔප්පු කළ පරීක්‍ෂණ සාධකයක්ද විය.
    (2) පරමානුවේ න්‍යෂ්ථික ව්‍යූහය ගවේශණය කිරීම සදහා කළ පරීක්‍ෂණයකදීද විශේෂ සාපේක්‍ෂතාවාදයේ ප්‍රවේගය සමග ස්කන්ධය වැඩිවීම දක්වන නිගමනය සනාථ කෙරෙන පර්යේෂණ සාධකයක් අහම්බෙන් ලැබීය.මෙහිදී යන්ත්‍රයක් ආධාරයෙන් පරාමානු අංශු ඉහළ ප්‍රවේගයක් දක්වා ත්වරණය කිරීමයි.ප්‍රවේගය වැඩි වන විට අංශු වල ස්කන්ධයන්ද වැඩිවූ අතර එය නිගමන සමීකරණයට අනුකුල විය.
    (3) 1916 දී සමරෆෙල්ඩ් නම් විද්‍යාඥයා ඉදිරිපත් කළ "සමර්ෆෙල්ඩ් පරමානුක කක්‍ෂ වාදය" අනුව න්‍යෂ්ටිය වටා චලනය වන ඉලෙක්ට්‍රෝන සසම්භාවී ප්‍රවේගයන්ගෙන් න්‍යෂ්ටිය වටා ඉලිප්සාකාර පථවල ගමන් කරන බවයි.මෙහිදී ප්‍රවේගය වැඩිවන විට ඉලෙක්ට්‍රෝණ අක්‍ෂය පූර්වායනය වන ඉලිප්සාකාර මාර්ගවල ගමන් කෙරෙන බව නිරීක්‍ෂණය විය.ප්‍රවේගය සමඟ ස්කන්ධය වැඩිවීමක් නොවේ නම් ඉලෙක්ට්‍රෝන වල මෙවැනි පථයක් දක්නට නොලැබේ.

    * ස්කන්ධ ශක්ති සමීකරණය
    (1) මෙම සමීකරණය අනුව ඉතා කුඩා ස්කන්ධයකින් වුවද විශාල ශක්තියක් ජනනය කළ හැකිය.කුඩා ස්කන්ධ මගින් විශාල ශක්ති නිපදවීම හෙවත් මෙම සමීකරණයේ නිවරදිතාව (හෝ යොදා ගැනීම) පරීක්‍ෂා කිරීමට විද්‍යාඥයන් ගවේෂණයට යොදාගත්තේ පරමානුවයි.එහි ප්‍රථම ප්‍රතිඵලය ලෙස 1932 දී ක්‍රොක්රෆ්ට් හා වෝල්ටන් විසින් ලිතියම් න්‍යෂ්ටියකට ප්‍රෝටෝනයකින් පහර දුන්නේය.ප්‍රතිඵලය න්‍යෂ්ටිය දෙකඩ වීමයි.ශක්තිය ප්‍රමාණයක්ද මුදා හැරුණු.දෙකඩ වූ න්‍යෂ්ටි කැබලි දෙකේ මුළු ස්කන්ධය න්‍යෂ්ටිය දෙකඩ වීමට පෙර මුල් න්‍යෂ්ටියේ තිබූ ස්කන්ධයට අඩු බවත් මුදාහැරුණු ශක්තිය ගනනය කර එය ස්කන්ධ ශක්ති සමීකරණයට ආදේශ කළ විට එම ශක්තියට අදාළ ස්කන්ධය දෙකඩ වූ න්‍යෂ්ටියේ අඩුවූ ස්කන්ධයට සමාන බව නිරූපනය කෙරුනේ ස්කන්ධ ශක්ති සමීකරණය සත්‍ය බවට පර්යේෂණ සාධකයක් පෙන්වමිනි.මේ පර්යේෂණ සාධකය ඉදිරිපත් වන විට විශේෂ සාපේක්‍ෂතාවාදය බිහිවී වසර විසි හතක් ගෙවී තිබුණි.කෙසේ හෝ මෙම පරමානු න්‍යෂ්ටික බිදීම නතර වූයේ "ලොවම හෙල්ලූ" පරමානු බෝම්බය නිපදවා විශාල මිනිස් ඝාතනයක් සිදුකිරීමෙන් පසුය.ඇත්තටම කුඩා පරමාණුවක ගැබ්වූ මෙම විශාල ශක්තිය පිළිබද අදහස මිනිස් මොළයට පහළ කරවූයේ සාපේක්‍ෂතාවාදයෙන් බිහිවූ ස්කන්ධ ශක්ති සමීකරණය මගින්මය.
    (2) සූර්යයාගෙන් අපට ශක්තිය ලැබීම සිදුවන්නේ කෙසේද යන්න වටහා ගැනීමට බොහෝ කාලයක් යන තුරු මිනිසාට නොහැකි විය.මුල් අවධියේදී සූර්යයාගෙන් ශක්තිය නිපදවීම සිදුවීම යම්කිසි ඉන්දනයක්(ගල් අගුරු වැනි) දහනය වෙමින් ආලෝකය හා තාපය ලෙස ශක්තිය පිටවීම යැයි සිතා සිටියත් සූර්යයාගේ ස්කන්ධය අනුව සලකන විට එවැනි ඉන්දනයක් වසර දෙතුන් සියක කාලයකින් දැවී අවසන් විය යුතුය.නමුත් පසු කාලීනව පරමානුක විද්‍යාවේ ඇතිවූ සීඝ්‍ර දියුනුව නිසාම සූර්යාගේ ශක්ති නිපදවීම ඒ තුළ සිදුවන හයිඩ්‍රජන් න්‍යෂ්ටි විලයනය වී හීලියම් න්‍යෂ්ටි නිපදවීමේ ක්‍රියාවෙන් සිදුවන බව වැටහුනි.හයිඩ්‍රජන් න්‍යෂ්ටි 4ක් විලයනය වී හීලියම් න්‍යෂ්ටියක් සෑදෙන මෙම දහන ක්‍රියාවේදී නිපදවෙන හීලියම් න්‍යෂ්ටියේ ස්කන්ධය විලයනය වන හයිඩ්‍රජන් න්‍යෂ්ටි හතරේ ස්කන්ධයට වඩා අඩු විය.මෙම අඩුවන ස්කන්ධය ශක්තියට පෙරලෙන බවත් එය සාපේක්‍ෂතාවාදයෙන් නිගමනය වූ ස්කන්ධ ශක්ති සමීකරණයට අනුකුළ ලෙස සිදුවන බවත් සූර්යයාගෙන් ලැබෙන විකිරණ පරීක්‍ෂාවලින් ඔප්පු වී ඇත.

    * සාපේක්‍ෂ ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වන වස්තු දෙකක සැලකූ විට එක් වස්තුවකට අනික් වස්තුව තුල කාලය ගත වීම අඩුවෙන් සිදුවන බවක් දැනේ
    මේ සදහා පර්යේෂණ සාධක ඉදිරිපත් වීම අඩු වූයේ මෙම නිරීක්‍ෂණ සදහාද වස්තුවල සාපේක්‍ෂ ප්‍රවේගය ඉහළ අගයක තිබිය යුතු වීමය.1938 දී අයිව්ස් නම් විද්‍යාඥයා විසින් වීදුරු නළයක් තුල විද්‍යුත් ක්‍ෂෙත්‍රයක බලපෑමෙන් හයිඩ්‍රජන් පරමානු ඉහළ ප්‍රවේගයක් දක්වා ත්වරණය කිරීමට සමත් විය.මෙහිදී කාල විස්තාර ප්‍රතිඵලය නිරීක්‍ෂණය කිරීමට අයිව්ස් භාවිතා කලේ හයිඩ්‍රජන් පරමානු කම්පනය වන සංඛ්‍යාතයන් අනුව සලකා බලමිනි.හයිඩ්‍රජන් පරමානු නිශ්චලව ඇති විට සංඛ්‍යාතය හා ඉහළ ප්‍රවේග වලදී කම්පන සංඛ්‍යාත අනුව සිදුකළ පරීක්‍ෂණ මගින් කාල විස්තාර ප්‍රතිඵලය සම්කරණයේ දැක්වෙන ආකායටම විය

    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: r runner

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඔය කියන්න හදන්නේ ගුරුත්වය තරංගාකාරයි කියලද? ඔය තරංග අල්ල ගන්න තරම් දියුණු තාක්ෂණයක් දැන් තියෙනවද?

    Physics තේරෙන්නේ නෑ බන්.:(
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    Special relativity theory ඉගෙනනම් ගත්තා, එත් තේරුනේ නම් නෑ මං හිතන්නේ. සමීකරණ දදා ගණන් හැදුවා, උත්තර අවා. ඒවා හරි ගියා. marks ආවම පට්ට සතුටු උනා. එත් ඇත්තටම අයින්ස්ටයින් කියන්න හදපු දේ තේරුනේ නෑ. මං හිතන්නේ නෑ එක අපිට හරියට තේරේවි කියල.

    Twin paradox කියල න්‍යායක් කියල දෙනවා. එක තේරුම් ගන්නවට වඩා හොදයි ........
    පිස්සු හැදෙයි. එත් මාර ඉන්ටෙරෙස්ටින් ඒවා ඉගෙන ගන්නකොට.

    අනිවා මචං තෙරුම් ගන්න අපහුසු මාර ඉන්ටරෙස්ට් සබ්ජෙක්ට් පොඩ්ඩක් තෙරුම් ගියත් ඒකේ හිතන්න ගොඩක් තේරුම් සහ පැති තියෙනවා
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඔය කියන්න හදන්නේ ගුරුත්වය තරංගාකාරයි කියලද? ඔය තරංග අල්ල ගන්න තරම් දියුණු තාක්ෂණයක් දැන් තියෙනවද?

    Physics තේරෙන්නේ නෑ බන්.:(

    නැහැ මචං උබට ආසාවක් ඇත්තටම තියෙනවනම් උඩ අර්ටිකල් එක කම්මැලි නැතිව කියවපන් අදහසක් ගන්න පුලුවන්...