බොදු බලේ සිංහලේ වෙයි
මේක දැකලා රිදෙන අය රෙප් කපයි. කිසි අවුලක්.නැ. හැබැයි පාට කන්නාඩි ගලවපු වෙලාවක පොඩ්ඩක් මේ ගැන හිතල බලපල්ලා. කාගෙවත් බලය ගන්න තියෙන කැදරකම් වලට අතකොලු වෙන්න එපා.
මේක දැකලා රිදෙන අය රෙප් කපයි. කිසි අවුලක්.නැ. හැබැයි පාට කන්නාඩි ගලවපු වෙලාවක පොඩ්ඩක් මේ ගැන හිතල බලපල්ලා. කාගෙවත් බලය ගන්න තියෙන කැදරකම් වලට අතකොලු වෙන්න එපා.


මේ මහා දේශප්‍රේමියෝ වසර 2500 ක උරුමය රැකගන්නේ එලෙසය සත්‍ය නම් මේ ජාතිවාදී රැල්ලේ මුල් අඩිය තබනු ලැබුවේ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවේ දියුණුව දැක ඉර්සියාවට පත් සිංහල ව්‍යපාරිකයන් රැල විසිනි මෙසේ නැග ආ රැල්ල පසුගිය රාජපක්ෂ පාලනයට එරෙහිව නැගුනු මහජන විරෝධය වසාගන්නා සහ එය දියකරගැනීමට යොදාගත් කඩතුරාවක් සේ යොදාගත්තේය අද ජාතිවාදය අවුලන්නන් ගෙන් බහුතරය සමන්විත වන්නේ රාජපක්ෂ ගොඩ නැගු නිල් බලකායේ තරුණ කොටස් වලිනි අද වනවිට සිංහලේ යනුවෙන් රට පුරා යන මේ ෆැසිස්ට් රැල්ලේ පිටුපස තිබෙන්නේ මහින්ද රාජපක්ෂ නමැති සිංහල වර්ගවාදී ධනපති පාලකයා නැවත බලයට ගෙන එම මිස අන් කිසිවක් නොවේ මේ අතරම සිරිසේන වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුව මේ රැල්ල උපයෝගී කරගනිමින් මෙතෙක් කම්කරු පන්තිය සටන් කරමින් දිනාගත් සියලුම අයිතිවාසිකම් තලා දමමින් මර්ධනය ගෙන යාමට කත් අදිති මෙයට අයවැය එරෙහිව නැගුනු මහජන විරෝධයන් යටපත් කිරීමද උන්ගේ මුලොපායේ කොටසක්ය පළමුව ජවිපෙ සමග එකතුව දුෂණ විරෝධී අමුඩයත් දෙවනුව එන්රිකේ ගේ බ්‍රෙෂියර් අමුඩයත් දැන් සිංහලේ නමැති වර්ගවාදයට එරෙහිව අලුත් පරපුර වැනි ඊනියා මධ්‍යම පාන්තික වාචාල දොඩවන ව්‍යාපාර සහයෙන් මෙයට උන් අත තබා ඇත මෙවැනි අරගල ඉදිරියට එනවිට අපි අපි කුලල් කාගනිමින් සිටීම උන්ගේ ප්‍රහාර එසේම කරගෙන යාමට තවත් තල්ලුවක් ද දෙවියන්ගේන් ලැබුණු ත්‍යාගයන් සේ සලකති 


