Double agent - මාතා හාරි

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    tNbr5w7.jpg

    මාතා හාරී කියූ සැණින් මතක් වන්නේ ඔත්තුකාරියකි.නමුත් ඇය වෘත්තීය නළගනකි.එසේම විශේෂ පුද්ගලයන් සඳහා කාම වස්තුවක්ද විය(ගණිකා වෘත්තියේ යෙදුණුබව කියවේ).නමුත් ඔත්තු බැලීමේ කාර්යය ඇයට මරු කැදවන බව කිසිදාක නොසිතන්නට ඇති.ප්‍රංශය වෙනුවෙන් සහ ජර්මනිය වෙනුවෙන් ඔත්තු සැපයූ ඈ දෙවන ලෝක යුද සමයේ විසූ ප්‍රසිද්ධතම ඔත්තුකාරිය මෙන්ම ඔත්තු සේවා ඉතිහාසයේ ප්‍රසිද්ධතම පුද්ගලයාද වේ.ජර්මනියට ඔත්තු සපයන බව අනාවරණය වීමත් සමග ඇය වෙඩි තබා මරාදමන්නට නියම විය.මෙම ලිපිය ඔස්සේ ගෙන එන්නේ ඇගේ කතා වස්තුවයි.

    මාගරීටා සල් හෙවත් මාතා හාරී නෙදර්ලන්තයේ ලීවුවර්ඩන් හි උපදින්නේ ඇඩම් සල්ගේ පවුලේ වැඩිමහල් දරුවා ලෙසයි.ඒ 1876 අගෝස්තු මස 7 දාය.ඇයට සිටියේ සහෝදරයන් තිදෙනෙකි.ඇගේ පියාට සැලකිය යුතු ආදායම් මාර්ග තිබූ නිසා තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්නට ඔහුට හැකිවිය.ඇය බාලිකා පාසලක වයස අවුරුදු 13 දක්වා උගත්තේය.නමුත් 1889දී ඇගේ පියා බංකොලොත් වීම නිසා ඔහු සහ බිරිද දික්කසාද විය.ඇගේ මව 1891දී මිය යන අතර පියා වෙනත් විවාහයක් කරගනියි.ඉන්පසු මාර්ගරීටා, Visser නැමැත්තෙක් යටතේ ජීවත් වන අතර ගුරුවරියක් වීම සඳහා ඉගෙනීම් කටයුතුවල යෙදුනද එම ආයතනයේ ප්‍රධානියාගේ කරදර නිසා ඉන් ඉවත් වේ.


    මාර්ගරීටා ඕලන්ද හමුදා නිලධාරියෙක් රැඩොල්ෆ් මැක්ලිඩ් වන සමග විවාහ වන්නේ 1895 ජූලි 11දාය.විවාහ වූදා ලබාගත් ඡායාරූපයක් පහත දැක්වේ​

    y9TSsnR.jpg



    මාර්ගරීට සහ ඇගේ සැමියා ඇතුලු පිරිස ඕලන්දයේ නැගෙනහිර ඉන්දීය යටත්විජිත වෙත යාත්‍රා කරන අවස්ථාවක්(ඉදිරිපෙල වම් පස මාර්ගරීටා සිටියි)​

    JdpLYZT.jpg


    ඉන්පසු ඇය තම මාමා කෙනෙක් යටතේ ජීවත්වේ.ඕලන්ද යටත් විජිත හමුදාවේ කැප්ටන් කෙනෙක් වන රැඩොල්ෆ් මැක්ලිඩ් නැමැත්තෙක් විසින් සහකාරියක් සෙවීම සඳහා පළකල දැන්වීමකට පිළිතුරු යවන මාර්ගරීටා 1895 ජූලි 11දා ඔහු හා විවාහ වේ.ඔවුන් දෙදෙනාට දාව Norman-John MacLeod නම් පිරිමි දරුවෙක් සහ Louise Jeanne MacLeod නමින් ගැහැණු දරුවෙක් බිහිවේ.මාර්ගරීටා සහ ඇගේ පවුල ජීවත් වූයේ ඕලන්ද යටත් විජිතයක්ව තිබූ ඉන්දුනීසියාවේය.


    මාර්ගරීටාගේ දරුවන් දෙදෙනා.වම්පස:Louise Jeanne දකුණුපස:තම පියා සමග සිටින Norman-John​

    u8ybdC4.jpg


    ඇගේ විවාහය සාර්ථක එකක් නොවීය.මාර්ගරීටාගේ සැමියා බේබද්දෙක් වූ අතර ඔහු නිතරම ඇය සමග ආරවුල් ඇති කරගත්තේය.ඔහු මාර්ගරීටාට වඩා අවුරුදු 20ක් වැඩිමහල් අයෙකි.එසේම මැක්ලිඩ් වෙනත් ගැහැණියක් සමගද සම්බන්ධයක් පවත්වාගෙන ගියේය.මේ නිසා මාර්ගරීටා කාලයකට ඔහුව අතහැර දමා තවත් ඕලන්ද ජාතික නිලධාරියෙක් සමග ගියේය,ඉන්පසු ඇය ඉන්දුනීසියානු සම්ප්‍රදායන් ඉගෙනීමට කාලය වෙන්කලාය.දේශීය නර්තන සමාගමකටද ඇය සම්බන්ධ වූවාය.මාර්ගරීටා තමන් 'මාතා හාරී' ලෙස හඳුන්වාගන්නට පටන්ගන්නේ මේ කාලයේදීය.


    66F2Uec.jpg


    පසුකාලයේදී ඇය තම නීත්‍යානුකූල සැමියා වෙත පැමිණියද ඔහුගේ කලහකාරී බව වෙනස් වන්නේ නැත.1899දී ඇගේ දරුවන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී යයි.එහිදී Norman නම් පිරිමි දරුවා මරණයට පත්වේ.ඉන්පසු මාර්ගරීටා,ඇගේ සැමියා සහ Louise නම් ගැහැණු දරුවා සමග නෙදර්ලන්තයට පැමිණේ.1902 අගෝස්තු මස 30 දා මාර්ගරීටා ඇගේ සැමියාගෙන් දික්කසාද වෙයි.පවුලේ නඩත්තුවට මුදලක් ගෙවන්නට අධිකරණය විසින් මැක්ලිඩ් හට නියම කලද ඔහු එය පැහැර හරියි.මැක්ලිඩ් තම දියණියව ඔහුගේ භාරයේ තබා ගනියි.නමුත් මාර්ගරීටා තම දියණිය ලබාගැනීමට ඔහු සමග නඩු මගට බසින්නේ නැත.වයස අවුරුදු 21 දී උපදංශය උත්සන්න වීම හෝ වෙනත් හේතුවක් මත ඇගේ දියණිය මිය ගොස් තිබේ.


    1905 වසරේදී පැරිසියේ කෞතුකාගාරයේ නර්ථනයක යෙදෙන මාතා හාරි

    vShRG2C.jpg


    NWtO56v.jpg


    1903දී ඇය ප්‍රංශයේ පැරිස් නගරයට පැමිණේ.එහිදි විදේශීය නාට්‍යාංගනාවක් ලෙස කටයුතු කරයි.ඇගේ නර්ථනයේ විශේෂත්වය වන්නේ ආසියානු හුරුවක් තිබීම සහ තම අඟපසග නිරාවරණය කිරීමයි.තමන් ඉන්දියාවේ ජීවත්වූ බවත් එහිදී දෙවියන් වෙනුවෙන් නර්ථනයේ යෙදුණු බවත් ඇය නිතර කියන්නට විය.එම කාලයේ ඇය අඩ නිරුවත් සහ නිරුවත් ලෙස ඡායාරූපවලට පෙනීසිටි අවස්ථා ගණනාවක් තිබේ.ඇගේ හැසිරීම, දියණිය තමාගේ භාරයේ තබාගන්නට මැක්ලිඩ් හට සාධාරණ හේතුවක් බවටද පත්විය.

    උඩුකය ස්වර්ණාභරණවලින් සැරසූ තනපටක් සහිතව පමණක් සිටින මාතා හාරි(1906)

    yTZKHyz.jpg


    රූසපුවෙන් අඩුවක් නොවූ මාතා හාරී සිය ආසියානු ආභාෂය සහිත නිරුවත් නර්ථනය ඔස්සේ යුරෝපය පුරා ප්‍රසිද්ධියක් හිමිකර ගත්තාය​

    BGd6Zsx.jpg


    ප්‍රේක්ෂකයන්ගේ හැඟීම් අවුස්සන සුළු නර්ථන ඉරියව්වල යෙදීම ඇගේ ජනප්‍රියත්වයට හේතුවිය.නර්ථනයේ යෙදෙන විට ඇය තමන් ඇද සිටින ඇදුම් ක්‍රමක්‍රමයෙන් ඉවත් කරයි.අවසානයේදී ඇගේ ශරීරයේ ඉතිරි වන්නේ ස්වර්ණාභරණයෙන් කල තනපටයක් පමණි.එම තනපටයත් නොමැතිව ඇය සිටින්නේ කලාතුරකිනි.ඇගේ පියයුරු කුඩා ඒවා වූ අතර ශරීරය ආවරණය වන ලෙස සමේ වර්ණයට සමාන මේස් ඇඳුම්(bodystocking) පැළද සිටියාය.නමුත් ප්‍රේක්ෂකයා සිතා සිටියේ ඇය සම්පුර්ණයෙන්ම නිරුවත් වන බවයි.

    වෙනත් කිසිදු දක්ෂතාවයක් නොතිබූ ගැහැණියක් වුවද තම නිරුවත ප්‍රදර්ශනය කිරීම ඔස්සේ මාතා හාරි දැවැන්ත ප්‍රසිද්ධියක් ලබාගන්නට සමත්විය.

    odWC79l.jpg


    pdPkF5v.jpg


    ඇයට තිබුණේ කුඩා ළැමකි.නර්තනයේ යෙදෙන විටදී ඇය කිසිවිටෙක උඩුකය සම්පුර්ණයෙන්ම නිරුවත් නොකලේය.​

    G66tevX.jpg



    සිය නර්තන විලාසය ඉන්දුනීසියාවේ සිටියදී ඉගෙන ගත් ඉන්දීය ආභාෂයන් එකතු කර ප්‍රේක්ෂකයන් වශී කරන්නට ඇයට සමත්වූවා පමණක් නොව මිත්‍යාවන්ගෙන් පිරුණු අළුත් ජීවිත කතාවක්ද ඔවුන් ඉදිරියේ කියන්නට විය.

    6msyJRO.jpg



    මාතා හාරි සිය නර්තනයන් සඳහා කැපීපෙන සුළු ස්වර්ණාභරණ,ඇඳුම් සහ හිස් පළඳනා භාවිතා කරන ලදි(1910)

    3US5r0V.jpg


    ඇය තම සංදර්ශනවලදී නිතර කියූ දෙයක් නම් තමන් ආසියානුවෙක් බවයි.මාතා හාරී තම රංගන ජීවිතය වෙනුවෙන් වෙනමම ජීවිත කතාවක් නිර්මාණය කරගෙන තිබිණි.ඇය කියූ දේවල් සමහරු විශ්වාස කලේ ආසියානු කලාපයේ බොහොමයක් දේවල් සම්බන්ධයෙන් බටහිරයන් ඒ සමයේදී සැලකිය යුතු දෙයක් දැන නොසිටි නිසාය.තමන් ඉන්දියාවේ බ්‍රාහ්මණ පවුල ඉපදුණු බවත් අම්මා දේවාලවල නර්ථනයේ යෙදුණ දේවදාසියක් බවත්,තමන් උපදින විට මව මියගිය බවත් ඇය කියන්නට විය.ඉන්පසු තමන්ද දෙවියන් වෙනුවෙන් කැපවුණු නළඟනක් බවට පත්වූ බව මාතා හාරී ඇගේ නර්ථන ප්‍රසංගවලදී කියා සිටියි.ඇගේ නර්ථන ප්‍රසංග නැරඹීමට හැකිවූයේ ඉහළ පෙළේ පිරිස් වලට පමණක් වුද නිරුවත් නර්ථන ශිල්පිනියක් ලෙස ඇය ලොව පුරා ප්‍රසිද්ධියක් ඉසිලීය.එම කාලයේ ඇය මිලියනපතියෙක් වූ Émile Étienne Guimet ගේ අනියම් භාර්යාව වූ බවටද කටකතා පැතිර ගියේය.

    ඇගේ නර්ථන ප්‍රසංගවලදී ආසියානු හුරුවක් සහිත නර්තනයන් සිදුකරන ලදි.

    fTFSs2s.jpg


    qSniA1V.jpg

    සමහර සංස්කෘතිකායතන ඇගේ නර්ථනය පිළිකුල් කලේය.ඇය නිරුවත පෙන්වනවාට වඩා දෙයක් කරන්නේ නැතිබවත් ,නර්ථනය සම්බන්ධව කිසිදු හැකියාවක්ද නොමැතිබවත් චෝදනා එල්ල විය.1912 පමණ වන විට නළඟනක් ලෙස ඇයට තිබූ ප්‍රසිද්ධිය අඩුවී යන්නට පටන් ගත්තේය.1915 මාර්තු 13 දා ඇගේ අවසන් සංදර්ශනය පැවැත්වූ බව කියවේ.එතැන් පටන් ඇය වෛශ්‍යාවක් ලෙස කටයුතු කරන්නට පටන් ගත් අතර එය බෙහෙවින් සාර්ථක වූයේ පෙර ලබාගෙන තිබූ ප්‍රසිද්ධිය නිසාය.ඇය සමග සම්බන්ධතා පැවැත්වූයේ ඉහළ පෙළේ හමුදා නිලධාරීන්,දේශපාලනඥයින් සහ ධනවත් ව්‍යාපාරිකයින් ඇතුලු පිරිස්ය.ඇගේ සම්බන්ධතාවයන් එක් රටකට සීමා නොවීය.ඇගේ ප්‍රසිද්ධිය නිසා රටකින් රටකට යෑම පහසුවෙන් සිදුකල හැකිවිය.නමුත් සමහරුන් ඇයව දුටුවේ සල්ලාකමේ යන වේස ගෑණියක් ලෙසයි.

    මාතා හාරිගේ අත්සන සහිත ඇගේ ඡායාරූපයක්

    HUvpckc.jpg



    1915 වසරේ ඇම්ස්ටර්ඩෑම් නගරයේදී ලබාගත් මාතා හරිගේ ඡායාරූපයක්

    mMbtfIL.jpg


    නෙදර්ලන්තය යනු පළමු ලෝක යුද සමයේදී අපක්ෂපාතී රටක් වූ අතර මාතා හාරී ඕලන්ද ජාතිකයෙක් මෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයෙක් වූ නිසාම දේශසීමා ඔස්සේ කිසිදු බාධාවකින් තොරව ගමන් කිරීමට අවස්ථාව උදා කරගත්තාය.ප්‍රංශය සහ ඕලන්දය අතර ගමන් කිරීමේදී සංග්‍රාම භූමිය මඟ හැරීමට ඇය ස්පාඤ්ඤය සහ බ්‍රිතාන්‍යය ඔස්සේ ගමන් මාර්ගය යොදාගෙන තිබිණි.රටකින් රටකට පහසුවෙන් ගමන් කල හැකිවීමත්,ප්‍රසිද්ධ චරිතයක් වීමත් නිසා සැක සිතන්නට තරම් කරුණු නැති නිසාත් ඇයව ඔත්තුකාරියක් ලෙස යොදාගන්නට ප්‍රංශය ක්‍රියාකලේය.නමුත් 1916 දී බ්‍රිතාන්‍යයේ අත් අඩංගුවට පත්වන ඈ පසුව නිදහස් කෙරේ.


    U7hKQWl.jpg


    zXahh7w.jpg


    ajFcIbq.jpg


    NB8B3TU.jpg



    ඇය ගැන දන්නා කියන අයට අනුව නම් මාතා හාරී යනු සමාජශීලී කාන්තාවකි.නමුත් ඔත්තු බැලීම වැනි කාර්යයක් සඳහා යොදාගන්නට තරම් ඇය බුද්ධිමත් නැතැයි ඔවුන්ගේ මතය විය.


    fpQBSBf.jpg

    1917 දී මැඩ්රිඩ් හි සිටි ජර්මන් හමුදාවේ නිලධාරියෙක් බර්ලිනයට රේඩියෝ පණිවුඩයක් යවයි.ඉන් කියවුනේ ජර්මන් ඔත්තුකාරයෙක්ගේ කේත නාමයක් වන H-21 මගින් ලබාදුන් ප්‍රයෝජනවත් තොරතුරු ගැනයි.ප්‍රංශ බුද්ධි අංශ විසින් H-21 යනු මාතා හාරි බව හඳුනා ගනියි(මෙම පණිවුඩය අනාවරණය කරගත්තේ බ්‍රිතාන්‍ය බුද්ධි අංශ විසින් බවද කියවේ).


    මාතා හාරිගේ නිරුවත් රංගනය පිරිමින්ගේ ආකර්ෂණය දිනා ගත් අතර ලැබුණු ජනප්‍රියත්වය ඇයට ඉහළ ජන සමාජයට ඇතුළුවන්නට ඉඩකඩ විවර කලේය​

    22Jcl5g.png


    G0068Du.jpg


    මාතා හාරී ප්‍රංශය සහ ජර්මනිය යන දෙරට වෙනුවෙන්ම ඔත්තු බලන බව හෙළිවීමත් සමග 1917 පෙබරවාරි 13දා ප්‍රංශයේ පැරිස් හි හෝටයක උදෑසන ආහාරය ගනිමින් සිටි මාතා හාරිව අත්අඩංගුවට ගනියි.ඇයව සිරබාරයට පත්කර මාස කිහිපයකට පසුව 1917 ජූලි 24 දා නඩු විභාගයට ඉදිරිපත් කෙරේ.ඇය ජර්මනියට සැපයූ තොරතුරු නිසා සෙබලුන් 50,000කට පමණ ජීවිත අහිමිවූ බවට එහිදී චෝදනා එල්ල විය.නමුත් මාතා හාරී ජර්මනිය වෙනුවෙන් ඔත්තු බැලූබවට සැලකියයුතු සාක්ෂි ඉදිරිපත් කරන්නට බ්‍රිතාන්‍ය හෝ ප්‍රංශ බුද්ධි අංශවලට නොහැකිවිය.පසුව ඇගේ කාමරයේ තිබී රහස්‍ය තීන්ත හමුවී තිබේ.ඔත්තුකරුවන් විසින් යොදාගන්නා එවැනි තීන්ත වර්ගයක් හමුවීම එම කාලයේ හැටියට ප්‍රබල සාක්ෂියකි.නමුත් ඇය කීවේ ඒවා තමන්ගේ වේශනිරූපණ කටයුතු සඳහා යොදගත් දෙයක් බවයි.පැරිසියේ ඕලන්ද තානාපති වෙත ලිපි කිහිපයක්ම ඇය විසින් යවා තිබේ.ඒ තමන් නිර්දෝෂී බව ප්‍රකාශ කිරීමටයි.

    මාතා හාරි අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී ලබාගත්තා යැයි කියන ඡායාරූපයක්

    QNCD83A.jpg


    නමුත් 1970 දශකයේදී එළිදරව් කල ලේඛනවලට අනුව මාතා හාරී යනු සැබවින්ම ජර්මන් ඔත්තුකාරියකි.එම ලේඛනවලට අනුව ඇය ජර්මන් secret service හා සම්බන්ධව ඇත්තේ 1915 වසරේදීය.ඇයට එහිදී ලබාදී තිබූ නාමය H-21ය.


    මරාදැමීමට පෙර ලබාගත්තායැයි කියන මාතා හාරිගේ සේයාරුවක්(වයස අවුරුදු 41දී)

    xewxkYc.jpg


    1917 ඔක්තෝම්බර් මස 15 දා මාතා හාරි නම් නාටිකාංගනාව,වෙශ්‍යාව සහ දෙපිට කාට්ටු ඔත්තුකාරිය ප්‍රංශයේදී වෙඩි තබා ඝාතනය කරන්නේ උසාවි නියෝගයට අනුවයි.ඒ වන විට මැය 41 වන වියේ පසුවිය.මරණයෙන් පසු ඇගේ මල සිරුර භාරගැනීමට පවුලේ කිසිවෙක් ඉදිරිපත් නොවූ බවත් එය වෛද්‍ය අධ්‍යයන කටයුතු සඳහා යොදාගත් බවත් කියවේ.

    මාතා හාරි වෙඩි තබා ඝාතනය කරන ස්ථානයේදී ගත්තා යැයි කියන ඡායාරූපයක්

    f4eFBXe.jpg



    නෙදර්ලන්තයේ Leeuwarden නගරයේ නිර්මාණය කර ඇති මාතා හාරිගේ පිළිරුවක්

    KKT2dDI.jpg




    මාතා හාරිගේ චරිතය මුල් කරගෙන නිර්මාණය කල චිත්‍රපට


    Mata Hari (1931)

    RiWLpAR.jpg



    Mata Hari, Agent H21 (1964)

    scgNTIV.jpg



    Mata Hari (1985)

    gedLIC6.jpg






    Source:wikipedia.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: paris and Dont Quit

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    අඩෝ උඹ PM එව්ව වැල මාරයි බන්
    මාතා හරී ඔය තරම් SEXY කියලා මම හිතුවේ නැහැ

     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Ela machan.

    Thanks.

    Mata Hari eththatama mona side ekeda? French or German?

    Thanks :)


    වැඩි කාලයක් හිටියේ ප්‍රංශයේ.ඒත් සංදර්ශනවලට මොන්ටි කාලෝ,ජර්මනිය,ස්පාඤ්ඤය වගේ රටවලට ගියාලු.ප්‍රංශයේ පැත්තටලු මුලදී වැඩ කලේ.පස්සේ ජර්මනිය වෙනුවෙනුත් ඔත්තු දුන්නලු.link

    බ්‍රිතාන්‍යයේ යුද ටැංකි ගැන ජර්මනියට විස්තර දුන්නා කියලලු ගෑණිව මැරුවේ.
     
    Last edited:
    • Like
    Reactions: SadunGamage

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Thanks :)


    වැඩි කාලයක් හිටියේ ප්‍රංශයේ.ඒත් සංදර්ශනවලට මොන්ටි කාලෝ,ජර්මනිය,ස්පාඤ්ඤය වගේ රටවලට ගියාලු.ප්‍රංශයේ පැත්තටලු මුලදී වැඩ කලේ.පස්සේ ජර්මනිය වෙනුවෙනුත් ඔත්තු දුන්නලු.

    බ්‍රිතාන්‍යයේ යුද ටැංකි ගැන ජර්මනියට විස්තර දුන්නා කියලලු ගෑණිව මැරුවේ.

    Thanks for the details :yes:
    rep+
     
    • Like
    Reactions: HarshaLulzSec

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    nadeesha_hemamali_feature.jpg


    මේ ලංකාවෙ මාතා හාරි වෙන්ඩ දඟලන කෙනක් :P තව අය බොහොමයි, ඔව් බොහොමයි :yes:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මේ ලංකාවෙ මාතා හාරි වෙන්ඩ දඟලන කෙනක් :P තව අය බොහොමයි, ඔව් බොහොමයි :yes:

    :lol: මාතා හාරි චරිතේ එක පැත්තක් නම් මුන් නිරූපණය කරන කියලා පේනවා(මුන් මාතා හාරි ලඟින් වත් තියෙන්නේ බෑ.)