වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    යාලුවෝ ටික මොනවද කරන්නේ බලන්න ආවේ :D
    හෆොයි එලවලා තියන දුර :baffled:

    සන්තෝසයි උඹ මේ පැත්තේ ආපු එක ගැන.. ෆ්‍රී වෙලාවක් ලැබුනාම ඇවිත් යන්න එන්නකෝ.. හුඟක් දුර එලෙව්වට තනියම ගිය නිසා පින්තූරයක් වත් ගන්න බැරි උනා බන් ත්‍රෙඩ් එකක් දාන්නවත්..:love::love:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    යාලුවෝ ටික මොනවද කරන්නේ බලන්න ආවේ :D
    හෆොයි එලවලා තියන දුර :baffled:

    අහ්හ් ටොමා. දකින්නත් ආසයි බන්. ඉදල හිටලා උබ ඔලුව දාන එකත් ලොකු දෙයක්.:yes::love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    හෆෝ. උඹ ගාව මල්ටිමීටර් එක තියනවනේ. මුලින්ම ස්ටාට් කරන්න කලින් බැට්‍රියේ වෝල්ටේජ් එක බලපං. ඒක 12.6 වගේ තියෙන්න ඕනේ. 12.2 ක් වගේ නම් ලීක් එකක් තියෙන්න පුලුවන්. ඊට පස්සේ ස්ටාට් කරලා නැවත වෝල්ටේජ් එක බලපං ඒක 13.7 ත් 14.7 අතර වගේ තියෙන්න ඕනේ. එහෙම තිවනව නම් මම දන්නා තරමින් ඕල්ටර්නේටර් එකේ කේස් එකක් නෑ. එහෙනම් ස්විච් ඔෆ් කරහම කොහේ හරි ලික් එකක් තියෙන්න ඕනේ.
    ක්ලච් එකනම් ගලවලම බලන්න වෙයි. උඹ ගොඩක් දේවල් වලට ඉක්මන් වෙනවා වැඩී බං. කෝ දැන් අයින් කරපු පරණ බැට්‍රිය. අපිටවත් ඉල්ල ගන්න :P

    :yes: :yes: ඕක කරලා බැලුවා.... අවුලක් නෑ.... :)

    කලින් බැටරිය නම් අවුල් තිබ්බා බං...... මම බැටරි කනුවක් ගලවලා තිබ්බහමත් බැටරි බහිනවා කියහන්කෝ ඒ දවස් වල...... ඒ කියන්නේ බැටරිය අවුල්..... :yes:

    Clutch එක දැන් නම් කිසි අවුලක් නෑ.....!! :no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :D:D:D

    හලෝ ටොමා කොහොමෙ‍යි :cool:
    හොදින් ඉන්නවා මචං
    සන්තෝසයි උඹ මේ පැත්තේ ආපු එක ගැන.. ෆ්‍රී වෙලාවක් ලැබුනාම ඇවිත් යන්න එන්නකෝ.. හුඟක් දුර එලෙව්වට තනියම ගිය නිසා පින්තූරයක් වත් ගන්න බැරි උනා බන් ත්‍රෙඩ් එකක් දාන්නවත්..:love::love:
    එන්නම් මචං.
    අපරාදේ අපිට නැත්තං හොද ට්‍රිප් එකක් බලන්න තිබුනා.
    අහ්හ් ටොමා. දකින්නත් ආසයි බන්. ඉදල හිටලා උබ ඔලුව දාන එකත් ලොකු දෙයක්.:yes::love:
    එන්නම් මචං.
    :shocked: :shocked: ටොමා ඔයා.....?? :cool::cool:
    :):)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes: :yes: ඕක කරලා බැලුවා.... අවුලක් නෑ.... :)

    කලින් බැටරිය නම් අවුල් තිබ්බා බං...... මම බැටරි කනුවක් ගලවලා තිබ්බහමත් බැටරි බහිනවා කියහන්කෝ ඒ දවස් වල...... ඒ කියන්නේ බැටරිය අවුල්..... :yes:

    Clutch එක දැන් නම් කිසි අවුලක් නෑ.....!! :no:

    දැන් බැටරි කනුවෙන් ගලවලා තිබුනොත් මොකද වෙන්නේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කෲසරේට රනින් ලයිට් දෙකක් ගත්තා බොලව්

    එල්ඊඩී 5ක් තියෙනවා. කන්ට්‍රෝල් යුනිට් දෙකයි, වයර් කෝඩ් එකයි.

    IMG_8794.jpg
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;19643793 said:
    කෲසරේට රනින් ලයිට් දෙකක් ගත්තා බොලව්

    එල්ඊඩී 5ක් තියෙනවා. කන්ට්‍රෝල් යුනිට් දෙකයි, වයර් කෝඩ් එකයි.

    සෙට් කරල ෆොටෝ එකක් දාපියෝ.... :cool:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;19644102 said:
    බපර් එක කපන්න ඕනේ සිංහලු.. ඒක තමා ලොකුම අමාරුව:eek:

    ඕව එළිපිට කියන්න එපෝ:rofl:..

    ඊට පස්සෙ මේකෙ උන් බෆර් කපාපු කෲසර් හොය හොයා රට වටේ ඇවිදියි උඹව එක්ස්පෝස් කරන්න:lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,390
    17,332
    113
    Auckland
    තව පොඩ්ඩෙ න් කට්ටක් කනව අද :dull::dull:

    ඊයෙ මම කාර් එකේ රෙඩියෙටර් එකට වතුර අඩුද බලල රිසව් ටැන්කිය ගලවලා ඇතුලෙ තිබ්බ වතුර ටික හලල අලුත් වතුර දාල හයි කරා. කොහොම හරි වාහනෙ එක තැන තියනකොට කට්ට නගිනව. යනකොට ආය මැදට එනව. මම බැලුව හුටා ෆෑන් 2ක වැඩ නැතුවද කියල ඒත් නෑ. මාර කේස් එක. මේ දැන් බලනකොට අර ටැන්කිය මම සෙට් කරනකොට බටේ ඇබරිලා. ආය පැටලුම් යවල සෙට් කරා ස්ටාට් එකේම තියෙද්දි. හීට් කට්ට බලන් ඉද්දි බැහැල ගියා මැදට :yes::rolleyes::rofl:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඊයෙ රෑ නම් පට්ට කට්ටක් වෙන්න ගිහින් නැවතුනෙ සිහලු. පහු ගිය දවස් දෙක තුනේම රෑ වෙනකම් වාහන එලවලා අඩු නින්දක් ලබා ගනිමින් ඉදියෙ. ඊයෙ දවසෙත් වාහන එලවිල්ලමයි. රෑ 11ට විතර ආපහු එනකොට මගදි නින්ද ගියා කියපන්කො.. කැන්ටර් එකක් හෝන් ගහන් ඉස්සරහට එනකොට තමා හීනෙන් වගේ ඇහැරිලා අනිත් පැත්තට ගත්තේ..
    ඊට කලින් දවසේ හවස කවුද පුබ්බඩ්ඩයෙක් පාරෙ තිබ්බ වතුර ලයින් එකක් සෙට් වෙන තැනක තිබ්බ වලක කොන්ක්‍රීට් පියන කැඩුනට පස්සෙ ඇදන් ලෑලි සයිස් එකේ ගනකම ලෑලි වලින් වහල. ඒක උඩ තනකොලත් වැවිලා. පොඩි අතුරු පාරක් අඩි 15ක විතර පලල ඇති. ආවා මූනටම ටිපර් තඩියක්. ඌ එන විදිය හොද නැති නිසා අයින් කරන්න ගිහින් අර වලට වැටුනා ඉස්සරහ රෝදෙම. වලේ ගැට්ටට lower arm එක හිටිය නිසා බේරුනා. රෝදේ සම්පූර්ණ ඇතුලෙ. ටිපර් කාරය හොද මනුස්සයා. ඌ ගාව තිබ්බ කබේකින් ම ඇදල දුන්නා ගොඩට.. පහු ගිය දවස් දෙක තුනම පුල් මාවලස්. :dull::dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ඕව එළිපිට කියන්න එපෝ:rofl:..

    ඊට පස්සෙ මේකෙ උන් බෆර් කපාපු කෲසර් හොය හොයා රට වටේ ඇවිදියි උඹව එක්ස්පෝස් කරන්න:lol::lol::lol:

    තව මොනවා එක්ස්පෝස් වෙන්නද බ්‍රෝ......:P:P

    ඇයි පහුගිය ටිකේ එක්ස්පෝස් කොලේ දැක්කේ නැද්ද? දැන් අපේ නැන්දම්මත් මට කියන්නේ රත්තරං කියලා:(:(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඊයෙ රෑ නම් පට්ට කට්ටක් වෙන්න ගිහින් නැවතුනෙ සිහලු. පහු ගිය දවස් දෙක තුනේම රෑ වෙනකම් වාහන එලවලා අඩු නින්දක් ලබා ගනිමින් ඉදියෙ. ඊයෙ දවසෙත් වාහන එලවිල්ලමයි. රෑ 11ට විතර ආපහු එනකොට මගදි නින්ද ගියා කියපන්කො.. කැන්ටර් එකක් හෝන් ගහන් ඉස්සරහට එනකොට තමා හීනෙන් වගේ ඇහැරිලා අනිත් පැත්තට ගත්තේ..
    ඊට කලින් දවසේ හවස කවුද පුබ්බඩ්ඩයෙක් පාරෙ තිබ්බ වතුර ලයින් එකක් සෙට් වෙන තැනක තිබ්බ වලක කොන්ක්‍රීට් පියන කැඩුනට පස්සෙ ඇදන් ලෑලි සයිස් එකේ ගනකම ලෑලි වලින් වහල. ඒක උඩ තනකොලත් වැවිලා. පොඩි අතුරු පාරක් අඩි 15ක විතර පලල ඇති. ආවා මූනටම ටිපර් තඩියක්. ඌ එන විදිය හොද නැති නිසා අයින් කරන්න ගිහින් අර වලට වැටුනා ඉස්සරහ රෝදෙම. වලේ ගැට්ටට lower arm එක හිටිය නිසා බේරුනා. රෝදේ සම්පූර්ණ ඇතුලෙ. ටිපර් කාරය හොද මනුස්සයා. ඌ ගාව තිබ්බ කබේකින් ම ඇදල දුන්නා ගොඩට.. පහු ගිය දවස් දෙක තුනම පුල් මාවලස්. :dull::dull:

    උබේ වෙලාව හොදයි. පලාතම කැඩිලා ඇබරිලා ඇන්ජිමත් බිම හිටින්න ඉඩ තිබ්බා හයියෙන් ආවනම්

    පරිස්සමින් එලවපිය:angry:
     
    Status
    Not open for further replies.