පද පේළී - EK LYRICS THREAD PART 2

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
නොබලා මා දිහා ඔයා
යනවා කාගෙදෝ වෙලා
සගවා වේදනා දරා හැමදා ආදරේ කරා
ඔබ නොඑනා නිසා කවුරුත් එපා
තනිවීල ඉන්නවා

සිනාවන් ගෙනා වසන්තෙත් දමා
කොහෝ යන්නදෝ පියඹලා
ඔයාගෙන් එහා ලොවක් නෑ මවා
මගේ ජීවිතේ වගේ ඔයා

පෙම් කෙරුව ඒ අතීතේ වෙන් වී ගියා
මගේ බව කීව ඔයා දැන් ඇයගේ වෙලා
දැනෙනා මිලාන වේදනා
සගවා හිදින්න බෑ සදා
ඉකිලා හඩනා රෑ පුරා පෙර පෑ සැදෑව
සේදුනා බලා ඉන්නවා සිතා

සිනාවත් ගෙනා වසන්තෙත් දමා
කොහෝ යන්නදෝ පියඹලා

සන්තෝස යාමේ රහසින් බොදවී ගියා
දුක් වින්ද කාලේ සැනෙකින් ලැබිලා මෙදා
මතකේ තියාන කී කතා
දිවියේ පුරාම ඉන්නවා
මට දාල යන්න බෑ ඔයා
නොපමාව එන්න මා සොයා
සමාව තියනවා සදා

හර්ෂදේව වර්ශන්
 
Last edited:
  • Like
Reactions: DAMER

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එතනා........රන් එතනා
    සුනිල වරලස මුදන්නී
    දෙදන දක්වා හෙලන්නී
    සුවඳ විහිදා යවන්නී
    මහද පුබුදන්නී
    මල් බිසෝ වැන්නේ

    උපුල් බැල්මෙන් බලන්නී
    දෙබැම දේදුනු නගන්නී
    කොපුල් තල රතු කරන්නී
    මහද පුබුදන්නී
    මල් බිසෝ වැන්නේ

    ලයෙහි රන්තුඩු දරන්නී
    දෑතෙ ඇත්දල රකින්නී
    උරසලා පා නගන්නී
    මහද පුබුදන්නී
    මල් බිසෝ වැන්නේ
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    රෑ තාරකාවෝ බැලුවා එබී
    කිමදෝ නුවන් ඔබගේ කඳුලින් තෙමී
    ඊයේ දවාලේ අපගේ ලොවේ
    ආශා ගඟුල් යා වුණා

    කඳුලැල් සලාලා නොහඬන් ළඳේ
    මමමයි කෙදා හෝ ඔය දෑත ගන්නේ
    ආශා විශාලයි ඉවසීම හීනයි
    දෙදෙනා කෙනෙක් වී බැඳුණා සිතේ

    හඳුණන්නෙදෝ ඔබ මාගේ සෙනේ
    ඉවසන්නෙදෝ ඔබ ඊයේ වගේ
    හදවත කොනේ මා කඳුලක් තියෙනවා
    කිසිදාක නොසිතූ නොපැතූ ලෙසේ


    T1QBb66.jpg



    Song
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සුරඟන වෙස් වළා
    සලා උකුළු තලා
    රඟන ලියන් බලා
    නෙත් බිඟු මත්වෙලා...

    තිසර පටින් ලැමා
    කියන රහස කිමා
    සැලෙන මෙවුල් දමා
    විසිතුරු නැත නිමා...

    ඉඳු දුනු බැමි නිලා
    දෙනයන ළංවෙලා
    රසයට මං බලා
    දන මන මත් කළා...

    5f7c4223110589cc6311441612900488.jpg
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ලිහිණින් රෑන පියා සලන්නේ
    මන්දාරම් වැහි පොද වැටෙන්නේ
    රුක්මල් හැන්දෑවේ පිපෙන්නේ
    සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
    ලිහිණින් රෑන පියා සලන්නේ
    මන්දාරම් වැහි පොද වැටෙන්නේ

    ගඟ දිය හඬන්නේ විහඟුන් අසන්නේ
    නුඹ කොතැනකද කියාලා
    නුඹ කොතැනකද කියාලා
    පෙර සේ මා සොයාලා මහ දේ ගිනි නිවාලා
    ගමට එන්න ඇවිත් යන්න රත්තරන්


    මට හිමි මනාලී පිට ගම් ගියාවේ
    විරසක නොවෙන් කියාලා
    විරසක නොවෙන් කියාලා
    සංසාරේ කොහේ හෝ ඉපදී මුණ ගැසීලා
    වෙන් නොවන්න පෙරුම් පුරමු රත්තරන්



     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය ඇස්වලින් බලා ගිය බැල්මෙන්
    මා හද පිරී ගියා
    හීනයෙන් හෝ දමා නොයමින්
    හිත නුඹ ළඟට වුණා

    මම ආදරෙයි කිවුවෙ නෑ දෑසින්
    මට ළංවෙන්න එපා
    මේ ජීවිතේ බින්ඳ ඒ හීනෙන්
    තව දුක් විඳින නිසා

    රන්දා දෙනෙත් මහදේ
    පෙම් හීන ගොඩගස්සා
    කැන්දා යමී කියමින්
    හැම හීන බිඳ දැම්මා

    ඒ වාගෙ නෑ මගෙ හිතනම්
    දිවුරා කියා ළඟ ඉන්නම්
    මගෙ දෑස සේ රකිමින්
    පණවාගෙ රැකගන්නම්

    හංඟා හිතේ කිසිවක්
    ඔය වාගෙ බොරු කියලා
    මංගාව වී වෙනතක
    ඇදුණා එයා නොකියා

    නෑ මාගෙ තුන්හිතකත්
    ඔය වාගෙ බොරු ගෙතිලා
    සංසාරෙ ආ සේ
    ඔය දෑස මට දැණුනා

    ඔය ඇස්වලින් .............


    ගායනය :- දිලුම් නුරාධ හා ගයනි මධූෂා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Lakshman Wijesekara..............


    සසල නොවී ඔබ හිඳින තුරා~
    පෙනෙයි මා ඔබේ නෙතින්..
    සසර පුරා සැරිසරන තුරා~
    බලමි ලොව ඔබේ නෙතින්..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0

    කියන්න මගෙ සුදු පුන්චි කුමාරයො
    මා හමුවන්නට මෙහි ආ කාරිය
    අසන්න මගෙ සුදු පුන්චි කුමාරියෙ
    මමවත් නොදනිමි මා ආ කාරිය...

    ඔබේ ලසෝ ගිනි තැවුල් නිවාලන
    ඔසුවක් ඇතිදැයි අසමි දයාවෙණ
    මදෙස බලා ඉනු මැන කරුණාවෙන්
    එයයි මගේ ගිම් නිවන නවාතැන...

    දෙනෝ දහක් දෙන සිටින ලොවේ හිඳ
    කුමට මගේ පිලිසරණ පතන්නෙද
    දෙපා සතුන්ගෙන් බැට කන මා හද
    ඔබේ සරණ නිබඳව නොසොයාවිද...





    :love:
     
    • Like
    Reactions: DAMER

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රිදී නිම්නය කඳුලු නිම්නය
    ඔබය මගේ ජීවිතයේ
    නොදුටු නිම්නය
    ඔබය මගේ ජීවිතයේ

    මීවිතෙන් තොල් මත්ව යනවා
    ඉන්ම හදවත නිසල වෙනවා
    නිසල සිතුවිලි විකල් වෙනවා
    එයින් දිවියම සසල වෙනවා

    කවුරු කවදා කෙලෙස කීවද
    තඹුරු හිරු දුටු විගස නොපිපෙද
    බමරු වෙනසක් නැතිව සැරුවද
    අපට හිමි සැනසුමක් කොහිවෙද
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Damith Asanka...............



    සඳ පායන්නේ නැති කලෙක මගේ ජීවිතේ~
    නුඹ ආලෝකේ ගෙන ආවා සඳවතිය සේ..
    මට පිළිගන්න බැරි තරමේ පුද දුන් සෙනේ~
    මම රැකගනිමි කුමුදිනිය පණ මෙන් මගේ..
     
    • Like
    Reactions: C h o p p e

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    දුක හිතුනද පැන්චියේ ලඟ නැහැ කියලා
    දුර රටකට මං ගියේ අපි ගැන හිතලා
    ඔඛෙ සුවඳම ලඟ තියේ අනෙ නැහැ මැකිලා
    පපුවම මගේ ඇවිළුනේ හීනෙන් දැකලා
    ඔයාව ගොඩක් මතක් වෙනවා.. හෙට වෙනකම් ඉවසිල්ලක් නෑ.. හෙට මං ගෙදර එනවා.. එනකම් මග බලාගෙන ඉන්න.. මම ගොඩක් ආදරෙයි..
     
    • Like
    Reactions: DAMER

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පහන් තරුව ආදරයේ
    මැකී ගියෙ නෑ
    වළාකුලක වැසුනා පමණී
    හිතේ පැතුම් පහන් සිළුව
    නිවී ගියේ නෑ
    කුනාටුවට සැලුනා පමණී

    මුහුණ වැසූ කඩතුරාව
    මතක රුවක් මුවා කලේ
    හිතට හොරා නේදෝ
    දිනෙක එදා මා මත් කල
    නීල පළිඟු ඒ නෙත් යුග
    මා නොම හඳුනාදෝ

    දෙපිය තැබූ මල් මාවත
    අප දෙදෙනා දුරස් උනේ
    දෑස අඳුරු වීලා
    දෙව් දියනිය මිනිස් දුවක
    විලස යලිදු හිනැහෙනු මැන
    මසිතට ලංවීලා
     
    • Like
    Reactions: C h o p p e

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    එක තැන රැඳුනද මනසින් හැඟුමින්
    ඔබ මා එකම සිතින් .
    කුමටද නිදිනැති යහනට නැතිනම්
    ඔබගේ සුසුම් පවන්

    සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත්
    පිවිතුරු ඔබේ හදින්
    ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
    වන්නට නොමැත වරම්

    යළි යළි බැඳුනද නොසැලෙන විලසින්
    ඔබ මා සිතට සිතින් ...
    කුමටද නැති කළ සෙවණට මොහොතක්
    ඔබ ළඟ රැඳෙන වරම්
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele

    Manusatha ( මනුසතා �) Lyrics - Iraj
    දෙව් බබුණ්ද දෝත නගාලා
    වදින උතුම් මනු සතායා
    දහම රකින අයද බෙදීලා
    නසනු ඇයිද දහමෙ කරුණා
    රකිමු මිනිස්කම් එක් වීලා
    දහම අනුව දිවිය ගෙවාලා







    ප්‍රථමයෙන් සමවෙන්න
    කල පව් වලට පිනක් හොයන් ලියනව නෙමෙයි මේක
    තිබ්බ කොටියට තිතක් කොමාවක් දාල පටන් ගත්තෙ ඇයි තව විසක්
    තරුණයෙක් මම තරුණයෙක් උබ
    අපි පරපුරක් හැදුනෙ යුද්ද ගිනි උඩ
    නිවපු ගින්න අලු නැති වෙන්න පෙර
    මට කියන්න ඇයි ගිනි තියන්නෙ මගෙ රට
    බෞද්දයෙක් මුස්ලිම් කරගද්දී
    මුස්ලිම් කඩයක් ගිනි බත් වෙද්දී
    දෙමළ තරුණයට කොටිය කියද්දී
    කෙලෙසුනෙ මගෙ රට තොපි මරා ගද්දී
    නිල් පාටයි නිදහස් අහස
    කලු වෙලා දුම් වලින් විදෙස් බලවේග
    ලස්සනයි පන්සලෙ බණ පෝය දාට
    අම්ම කුණුහර්ප කියනවද තියද්දි පහන
    මැද පෙරදිග අමුතුම නීතියක්
    කස පාර හිමි වැන්දට බුදු පිලිමයක්
    පොඩි පන්සල ගාව ලොකු පල්ලියක්
    සමාවෙයන් අපෙන් උනා නන් වෙනස්කමක්


    දෙව් බබුණ්ද දෝත නගාලා
    වදින උතුම් මනු සතායා
    දහම රකින අයද බෙදීලා
    නසනු ඇයිද දහමෙ කරුණා
    රකිමු මිනිස්කම් එක් වීලා
    දහම අනුව දිවිය ගෙවාලා

    සිදුවුන තැන මගෙ උපත
    පල්ලියත් හුරුයි වගේම පිරිත
    කවුද තිබ්බෙ හරක් කොල්ලො පන්සලෙන් පිටට
    පල්ලිය පාරෙ මග ‍රැකවල් දිගට
    කවුද හරි කවුද වැරදි ඒක මට ප්‍රශ්නයක්
    යාලුවොත් වටිනව ඒවගේම ධර්මයත්
    ටික ටික අඩුවුනා ගෙදර තිබ්බ සහනයත්
    උපාධියත් බල්ලොන්ට දන්න වෙන තත්වයක්
    ‍රැකියාවක් හොයන්න බෑ ලොකු අත්තක් නොමැතිව
    ඒකයි මං ගිහින් මුන ගැහුනෙ ගමේ ඇමතිව
    පල්ලියට එන්නලු පන්සලෙන් සමුගෙන
    බඩ ගින්න රජ උනා එරෙහිව ධර්මෙට
    පන්සලට ගිහින් මම පූජ කල මලක්
    ඒ අතිම්ම වැදුන මගෙන් පෙරහැරට ගලක්
    පරක්කුයි තේරෙද්දි කලේ මම පවක්
    පොඩි දෙයක් වෙනුවෙන් ගිනි තිබ්බ ගමක්
    අනිත්ය ලෝකේ මරණය නියතයි
    තැන තන මරාගන්න හැටි මට තිත්තයි
    මතක මගේ අතින් කොකා ගැස්සුනා විතරයි
    යාලුව බිම වැටිලා වූ දැන් නිසලයි
     
    • Like
    Reactions: DAMER