එළකිරි කොල්ලෝ මොකද වෙන්නේ
මම නම් අද ගෙදර
අද සති අන්තෙ අපිට.

මෙන්න මට වෙච්චි පදිරිම සීන්ස් එක.
මේක උනේ 1999 අවුරුද්දෙ. ජොබ් එකට ගිය මුල්ම කාලෙ.
ඒකාලෙ මාලඹේ සයිට් එකක වැඩ කලා. 1999 අවුරුද්දට තිබ්බ පාටියක්. ලොක්කගෙ ඉදන් ලේබර් දක්වා එකට බොන සීන් එකක්.
බොන්න ගල්. බයිට් එකට ඌරු මස්. ගං ඌර. වල් එකා නොවෙයි.
මට එච්චරම ගල් ඔරොත්තු දෙන්නෙ නෑ.
තියෙන මදාවි කමට ඩේලි ගහන් උන් එක්ක වාඩි වෙලා බිව්ව්.
කොහොමහරි සීයෙ 4ක් වගෙ ලග නැමුව
අම්මට සිරි, ටිකවෙලාවක් යත්දි කණු කැරකවෙනව.
ඒත් ගැහුව.
ටිකවෙලාවක් යත්දි බඩු පැකට්.
නෝන්ඩි වෙන්න එන නිසා හිමීට ගියා ඔෆිස් එකට්. ගිහින් වැඩකරන් මේසෙ ඔලුව ගහන් හිටිය.
මොන .. ඉන්නම බෑ. බාත් රූම් එකට ගිහින් දැම්ම කබරය පාරක්.
එකක් දෙකක් තුනක්. මොන. දිගටම යනව.
අන්තිමට බාත් රූම් එකේ බිම වාඩි උනා..
කොච්චර වෙලාවක් ගියාද මම දන්නෙ නෑ.
අන්තිමට කටිටිය පාටිය ඉවරවෙලා යන්න යද්දි ඔෆිස් එකේ ලයිට් දාල තියෙනව දැකල බලන්න ඇවිත්. මට හොදට සිහිය තිබ්බ.නැගිට ගන්න බෑ.
පස්සෙ දෙන්නෙක් ඇවිත් දෙපැත්තෙන් අල්ලල හිගින් ඔෆිස් වෑන් එකෙ වාඩි කලා.
කටුබැද්දට ගිහින් දාන්නත් ඕනිනෙ.
ඩ්රයිවරයව වීදුරුව පත් කරල දුන්න "මහත්තය එලියට වමනෙ දාන" කියල. මොන. කොන්ට්රෝල් නෑ. ඩෑෂ් බෝඩ් එකේ ඉදන් වමනෙ.
කොහොම හරි කටුබැද්දෙන් බැහැල බෝඩිමට යනකම් වමනෙ දදා ගියා.
දන් වෙරි හිදිල. ඒත් කබරය නවතින්නෙ නෑ.
බෝඩිමට ගිහින් දත කට මැදල නිදියන්න කියල බැරි මර ගාතෙ ඇදට ගියා.
නිදියන්න බෑ.වමනෙ එනව. දෙතුන් පාරක් එලියට ගිහින් දැම්ම. පට්ටම හාඩප්. ඊට පස්සෙ නෙට් එක උස්සල බිමට දැම්ම.
මගේ ඇද ගාව යාළුවෙක්ගෙ ට්රන්ක පෙට්ටියක් තිබ්බ රෙදි දාල. උගෙ රෙදි උඩ වමනෙ.
උදේ ඌ නැගිටල මට බැනල බැනල අවුරුදු නිවාඩුවට ගෙදර ගියා.
මට ඇල්වතුරවත් බොන්න බෑ, කන බොන ඔක්කොම යනවා.
මම බැරිමර ගාතෙ නැගිටල උගෙ රෙදිත් හෝදල බැරි මර ගාතෙ කොහොම හරි බස් එකක නගල ගෙදර ගියා. කොහොම ගියාද දන්නෙ නෑ.
මහපාරෙ ඉදන් අපේ ගෙවල් වලට හැතැප්මක් පයින් යන්න තියෙනව. ඒ යන ගමනුත් වමනෙ දැම්ම දෙපාරක් මයෙ හිතේ.
ගෙදර ගියාම අම්ම දුන්න තේකත් වමනෙ දැම්ම.
බීලා වැඩිවෙලා කියන්නෙයි? අජීරණයක්ද මොකද්ද කියල ශෙප් උනා.
අම්මට බොරු කියන්නෙ නෑ මම ලේසියෙන්,එදාට පස්සෙ කිව්ව බීපු සීන් එක.
කොහොම හරි ඒ අවුරුද්දෙ කැවුමක්වත් කෑවෙ නෑ.
අවුරුද්දෙන් පස්සෙ වැඩට ගියහම ඔක්කොම කින්ඩියට හිනා වෙනවා. ගූ හතයි.
කොහොම හරි අවුරුද්දක් යනකම් වගේ අරක්කු දැක්කත් වමනෙට එන ගතියක් තිබ්බ.
ඊට පස්සෙ අද වෙනකම් ගල් වානා. මතක හැටියට කබරයෙක් දැම්මෙත් නෑ.![]()
බයිට් එකට ඌරු මස් තරම් හොඳ එකක් තවත් නෑ බං.. වල් ඌරා නම් තමයි තවත් එල...![]()
![]()
වල් ඌරා...... 

මමත් ගෙදර.අද සති අන්තෙ අපිට.
කඩල තම්බනවා උදේට කන්න.![]()
18 වෙනිදට මන් ගානේ ගල් බෝතලයක් ගේනවා
දැන් ඕක වෙලා අවුරුදු 17ක් මාමෙ.
18 වෙනිදට මන් ගානේ ගල් බෝතලයක් ගේනවා
පොල්ල තමා එහෙනම් මේ පාරත්......!! 

අහ මම නම් මේ මාළුපාන් පාරක් කාලාමමත් ගෙදර.අද සති අන්තෙ අපිට.
කඩල තම්බනවා උදේට කන්න.![]()
අහ මම නම් මේ මාළුපාන් පාරක් කාලා
ආර්ථිකෙට දුවල අවා ඔය පොඩි පොඩි බඩු ටිකක් ගන්න

හරි හරි කොටන්නම්අර කතාව කොටපිය!![]()

මෝර මාමිගේ මහා සම්ප්රාප්තියට තව දවස් 02යි.....
මෝර මාමිගේ බත් කාර්ඩ් එක සම්පුර්නයෙන් අහිමි කිරීමට තව දවස් 04යි...
දෙවන මහා සෙටමෝලට තව දවස් 06යි..

මෝර මාමිගේ මහා සම්ප්රාප්තියට තව දවස් 02යි.....
මෝර මාමිගේ බත් කාර්ඩ් එක සම්පුර්නයෙන් අහිමි කිරීමට තව දවස් 04යි...
දෙවන මහා සෙටමෝලට තව දවස් 06යි..
මක්කැයි ගෙන්න ඕනේ
හොඳ ප්රශ්ණයක්.
බයිට් එතනින් ගන්න වෙනවා.
බෝතල් කවුන්ට් එක බලල මොනා හරි ගේමු අයියේ..
කෝ දැං කවුද බෝතල් ගේන්න පොරොන්දු උනේ...
මෝරා අයියා මොකක්ද බෝතලයක් ගේනව කිවුව නෙහ්...ඒ ජාතියෙන්ම සෙට් කරගමුදමොනවා හරි එක වර්ගයක් තිබුන නම් තමයි හොද.

මෝරා අයියා මොකක්ද බෝතලයක් ගේනව කිවුව නෙහ්...ඒ ජාතියෙන්ම සෙට් කරගමුද![]()
උගසට තියන්න වේවි ඒකෙන් ගේන්න ගියොත්..