ඉස්සර නාට්ය වල පට්ට ටෝක්

gepa

Well-known member
  • ඉස්සර නාට්ය වල පට්ට ටෝක්

    වසර 30කටත් ඈතට දිවයන සිංහල ටෙලිනාට්‍ය ඉතිහාසය තුල අපි මේ වෙනකොට ටෙලිනාට්‍ය සියගණන් බලල ඇති. සමහර ටෙලිනාට්‍ය සහ චරිත අපට අදටත් එදා වාගෙම මතක තියනව. ඒ වගේම තමයි ඒ නාට්‍ය වල ආපු දෙබස් ඛණ්ඩ. හිත්ගත් චරිත විසින් කියනු ලබන සමහර දෙබස් හරි ඉක්මනට ප්‍රේක්ශක ජනතාව අතරේ පැතිරිලා යන්නේ නොසිතන ජනප්‍රියත්වයක් අත්කරගනිමින්.

    මේ කියන්න යන්නේ ඒ වගේ ටෙලිනාට්‍ය මගින් ජනතාව අතර ජනප්‍රිය වූ දෙබස් ඛණ්ඩ, එහෙමත් නැත්නම් catchphrases ගැනයි. බලන්න මේවයින් කීයක් ඔයාලටත් මතකද කියලා. මේ ලයිස්තුවේ සඳහන් වෙලා නැති catch phrases ඔයාලට මතකනම් අපිත් එක්ක බෙදාගන්නත් පුලුවන්,



    1. ඔහෙප්පලයං!

    ඔහෙප්පලයං කියල ඇහුණම හිත කෙළින්ම දුවන්නෙ අපේ ළමා කාලෙට. කෝපි කඩේ කුරුං ගොයියා නිතර කියන ඔහෙප්පලයං හරි ජනප්‍රිය වචනයක්. පුදුමය හඟවන්න තමයි කුරුං ගොයියා මේ වචනෙ පාවිච්චි කරන්නෙ. ඒ කාලෙ කෝපිකඩේ බලද්දි කුරුං ගොයියා ඔහෙප්පලයං කිවුවොත් අපි දන්නවා මොකක්ම හරි අවුලක් තමයි කියල.

    2. වානං වා පෝනං පෝ කම් ඕ ගෝ චිකාගෝ

    අසූ ගණන් අන්තිම හරි අනූ ගනන් මුල හරි විකාශනය වෙච්ච ගමන හෝ ප්‍රමාද වැඩියි කියන ටෙලිනාට්‍යය දෙකින් එකක තමයි මේ කියන වචන සෙට් එක තිබ්බෙ. අප අතරින් වියෝ වුනු රංජිත් පෙරේරා කියන නලුව තමයි මේ දෙබස් ඛණ්ඩය කියමින් රඟපෑවෙ. ඕනෑම දේකට ඔට්ටුයි වගේ තේරුමක් තියන මේ කියමන ඒ කාලෙ “අයියලා” අතරෙත් හරි ජනප්‍රයි කියමනක්.
    අනිවා බලන ඔයාල කවුරුවත් දන්නවද හරියටම මේ දෙබස තිබ්බ ටෙලිනාට්‍යය?



    3. ජෑක්සන් ජෑක්සන් සහ ටැප් එක අරින්නෙපා- හිරුට මුවාවෙන්

    ඉඳිආප්ප කතාව කියන නමින් ඒ කාලෙ වඩාත් ප්‍රසිද්ධ උන මේ ටෙලිය හින්ද ජනප්‍රිය වෙච්ච දේවල් කීපයක්ම තිබ්බ. Peg Solitaire නමින් හඳුන්වන Board Game එකට චකබ්ලාස් කියල මෙහෙ අය හඳුන්වන්න ගත්තෙ ඔය නාට්‍යයෙන් පස්සෙයි. ලංකාව පුරා චකබ්ලාස් වසන්තයක් ඇති උනා. ඊට අමතරව ජැක්සන් ජැක්සන් කියල අඬගහමින් පූස් පැටියෙක්ව කොයිවෙලෙත් හොයන රත්නා සුමනපාලගේ චරිතයත් හරි ජනප්‍රිය උනා.

    අනිත් එක තමයි “ටැප් එක අරින්නෙපා” කියන එක. මේකෙන අදහස් කෙරෙන්නෙ අඬන්න එපා කියන එකයි. ඒ කාලෙ කොල්ලො කෙල්ලො අතරෙ නැගල ගිය යෙදුමක් මේක.


    4. පට් පට් ගාල සමිතිං එකක් හොයාගන්න – සූරසේන, පළිගු මැණිකේ


    සූරසේන කියන්නෙ එතෙක් මෙතෙක් ටෙලිනාට්‍ය ඉතිහාසෙ හිටපු නියමම චරිතයක්. ශ්‍රියන්ත මෙන්ඩිස් තමයි රඟපෑවෙ. කොළඹ ඉඳලා ගමට ඇවිත් ගමට වැඩ පෙන්නගෙන ඉන්න සූරසේන චරිතය එන්නෙ පලිඟු මැනිකෙ නාට්‍යයෙ. ඒක බොහොම හිට් චරිතයක් උනා. සූරසේන සල්ලි හොයන්න දක්ෂයෙක් ඒ නිසාම ඔහුගෙ කටේ කොයිවෙලෙත් තිබ්බෙ “පට් පට් ගාල සම්තින් එකක් හොයගන්න” කියන වචන සෙට් එක…


    5. ආයිස් අම්මා ගුණ්ඩු – සබඳ පබිලිස්

    සබඳ පබිලිස් මතකද? අමතක වෙන්න බෑ. අපි අතරින් වියෝවුණු ඇන්ටන් ජූඩ් මහත්මය තමයි පබිලිස්ට රඟපෑවෙ. සන්තෝසයක් ආවම පිබිලිස් පාවිච්චි කරපු අමුතු වචනයක් වගයක් තිබ්බ. ඒ තමයි මේ “ආයිස්අම්මාගුණ්ඩු”.


    6. බංකු බංකු සහ ෆුල් හිංදුස්තානි- තට්ටුගෙවල්

    ස්වර්ණවාහිනියෙ ගිය තට්ටු ගෙවල් නැරඹුවනම් මිස්ට බංකු බංකු සහ පිං පොං කියන අතිශය ජනප්‍රිය චරිත දෙක ඔබට මතක ඇති. ෆිට් තමයි කියන්න යොදාගත් “බංකු බංකු” වාක්‍යයත් අතේ සල්ලි හිඳිල හෝ දුක්ඛිත කාලයක් ගතකරනව කියන්න භාවිතා කරපු “ෆුල් හින්දුස්තානි” යෙදුමත් කරලියට ගේන්න මේ නාට්‍ය සමත් වෙනව.

    මේ නාට්‍යයේ බංකු බංකු චරිතය රඟපාපු නලුව දැන් ජීවතුන් අතර නැහැ. විකට නලුවෙක් හැටියට හොඳ අනාගතයක් තිබ්බ තරුණයෙක්.


    7. අයි නෝ ද ලෝ – අසල්වැසියෝ හි පෝල් මහත්තයා

    අනූවෙ මුල් කාලෙ රටම හිනැස්සුව අසල්වැසියෝ නාට්‍ය මතකයිද? එහෙනම් ඉංග්‍රීසි පන්නෙට ඇඳපැළදගෙන ඉංග්‍රිසි වචන කෑලි දදා කතා කරන පෝල් මහත්තයව ඔබට මතක ඇති. හේමසිරි ලියනගේ තමයි පෝල් චරිතයට පණ දුන්නෙ. පෝල් මහත්තය කොයි වෙලෙත් කියන “අයි නෝ ද ලෝ” කියන එක බෙහෙවින් ජනප්‍රිය උනා. කොච්චර ජනප්‍රිය උනාද කියනවනම් පස්සෙ කාලෙක වාහන අමතර කොටස් ඇඩ් එකකුත් ආවා “අයි නෝ ද ලෝ” වචන යොදාගෙන.

    8. අහිංසා ඔයා?- සත්පුරවැසියෝ

    ඉෂිතලා රමන්ලා ලංකාවට සැපත් වෙන්න කලින් ලංකාවෙ හිටපු ජනප්‍රියම පෙම් යුවලක් තමයි අහිංසා-පැතුම් කියන්නෙ. යශෝදත් චන්න පෙරේරත් පෙම්වතුන්ට රඟපාපු මේ ටෙලිය ගැන කවුරුත් කතා කලා. අහිංසයි පැතුමුයි එකතු වෙයිද? වෙන් වෙයිද කියන එක රටේ දැවෙන ප්‍රශ්නයක් උනා. මේ නාට්‍ය මගින් ජනප්‍රිය වෙච්ච “අහිංසා ඔයා?” කියන දෙබස මාර ජනප්‍රිය උණා. කොල්ලො අතරේ විතරක් නෙමෙයි ත්‍රීවීල් බස් පිටිපස්සෙත් අහිංසා ඔයා කියල ස්ටිකර් ගහන්න පටන් ගැණුනා.


    9. මල් දෙවැට

    මෑතකදි ස්වාධීන රූපවාහිනියෙ විකාශය වෙච්ච මල් දෙවැට නාට්‍යයත් මේ වගේම රසවත් දෙබස් ඛණ්ඩ සහිත නාට්‍යයක්. ඒකෙ ත්‍රීවීල් සනා මල්ලි කියන “මිදි කොහෙද තිත්ත නරි කියයිද ඇත්ත” කියන එකත් බර්ටි අයියා කියන“අච්චරට මෙච්චරනම් මෙච්චරට කොච්චරද?” කියන කෑල්ලත් ඔයාලට මතක ඇති නේ?


    10. ගින්දර වගේ

    තාමත් හොඳ දෙයක් ගැන කියද්දි ගින්දර වගේ කියල කියනවනෙ නේද? මතක විදිහට මේ ගින්දර වගේ කෑල්ල ජනප්‍රිය උනේ රොෂාන් රවීන්ද්‍ර රස්තියාදුකාර චරිතයක් රඟපාපු සඳ ගිනිගත් රාත්‍රිය ටෙලිනාට්‍යයෙන්.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දැන් පොන්ස්ලට ඉන්දියන් කොරියන් ජරාවල් වලට වඩා දේවල් නෑනේ. ලංකාවෙ සංගීතය වගේම ටෙලිනාට්ය කලාවත් වළපල්ලට තමා :angry:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    දැන් පොන්ස්ලට ඉන්දියන් කොරියන් ජරාවල් වලට වඩා දේවල් නෑනේ. ලංකාවෙ සංගීතය වගේම ටෙලිනාට්ය කලාවත් වළපල්ලට තමා :angry:
    ekata api monawa karannada :eek:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බංකු බංකු මැරිලා කියලා දන්නේ අද බන්.

    තව එකක් තිබ්බ "අයියෝ යෝ යෝ" කියලා. එක තිබ්බේ පෙරේරා ඉන් කුරේරා ඉන් කියලා කතාවක.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මතකද දියසේනව?

    "අඩෝ.. පරස්පර ගොජබි ගොබිලා"

    ගොජබි ගොබිලා කියන වචනේ ආවේ ඕකෙන්....