අද මහා කාලකන්නි දවසකි..මීට අවුරුදු දෙකකට පෙර ඉතිහාසය ගත්තොත්.. මාගේ ජීවිතයේ පුද්ගලයෙකු නිසා මාගේ සිත වැඩිපුරම දුක් වූ දවස අදයෑ. මා හැඬුවෙමි.. දින ගනනාවක් හැඬුවෙමි.. 2014-02-23 නම් වූ ඒ කාලකන්නි දවසේ මම අම්බානක බිවෙමි. බර්කාඩි මි.ලි. 750 බෝතලයේ අඩිය පෙනෙන තරමට තනියම බිවෙමි. සම්පූර්ණයෙන් බොන්නට වෙලා මදි විය. ගල්කිස්ස ස්ටීම් බොට් එක ඉදිරිපස රේල් පාර, ස්ටීම් බෝට් එකේ මා හිතමිතුරු කළමනාකාරතැන සියලු සිදුවීම් වලට සාක්ශි දරාවි... මා තනියම බීවේ නැත. මා එක්ක එදා බොන්නට සෙට් වූ මාගේ මිතුරුකැලේ එකෙක් හෝ සිද්ධිය දන්නේ නැත. උන් කලේ මා හා සෙට් වී බිව් එක පමනි. නමුත් මාගේ හිතේ වූ ප්රශ්ණය උන් එකෙක්වත් දැන සිටියේ නැත. ඒ සිද්ධිය වචන වලට පෙරලිය නොහැක. නමුත් මම කවදා හෝ ඒ විස්ථරය මා ආදරය කරන එලකිරියේ ලියමි.. ඒ ලියන්නේ මේ එලකිරියේ මා සාදනා පළමු සහ එකම ෆේක් ගිණුමෙනි..