සියලුම බෝම්බවල මව සහ පියා

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සියලුම බෝම්බවල මව සහ පියා

    aOrsb9K.jpg

    මෙතෙක් කාලයකට මිනිසා විසින් අත්හදා බැලූ ප්‍රබලම බෝම්බය වන්නේ සෝවියට් දේශය නිර්මාණය කල Tsar නම් පරමාණු බෝම්බයයි.එහි ප්‍රබලත්වය නිසාම සංග්‍රාම සඳහා භාවිතා කල නොහැකි අවියක් ලෙස ප්‍රකටය.මෙම ලිපියෙන් කියන්නට යන්නේ පරමාණු බෝම්බ ගැන නම් නොවේ.හිතුවක්කාර අනුවණ නායකයෙක් සිටින රටක් හැරෙන්නට සංග්‍රාමයකදී යළිත් වරක් කිසිවෙක් පරමාණු බෝම්බ භාවිතා කරාවි යැ‍යි සිතිය නොහැකිය.නමුත් පරමාණු බෝම්බවලට වඩා පහල මට්ටමේ විනාශයක් කල හැකි බෝම්බ නිපදවීමට පසුකාලීනව ලොව ප්‍රබල රටවල් දෙකක් වන ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාව ක්‍රියා කර තිබේ.




    සියලුම බෝම්බවල මව - Massive Ordnance Air Burst(MOAB)

    dfV0L6R.jpg

    2003 වසරේ මාර්තු 11 දා එක්සත් ජනපද ගුවන් හමුදාව විසින් අත්හදා බැලූ මෙම බෝම්බය MOAB නමින් හැඳින්වේ.මෙම බෝම්බයට දැඩි ලෙස සන්නද්ධ ඉලක්ක හෝ දැවැන්ත හමුදාවක් විනාශ කිරීමේ හැකියාව තිබේ.


    *දැනට ඇමෙරිකානු හමුදාව සතු විශාලතම ගතානුගතික බෝම්බය මෙයයි(මේවා න්‍යෂ්ඨික අවි නොවේ)

    *බෝම්බයක බර කි.ග්‍රෑ.9,525කි.

    *බෝම්බයක් අඩි 30ක දිගකින් යුක්ත වන අතර විෂ්කම්භය අඟල් 40.5කි.

    *චන්ද්‍රිකා තාක්ෂණයේ මග පෙන්වීම යටතේ ඊට ලබාදෙන ඉලක්කය වෙත ගමන් කල හැකිය.එනම් මෙය අතිවිශාල "ස්මාර්ට් බෝම්බයකි".

    *එහි පිපිරුම පොළොවට අඩි 6ක් හෙවත් මීටර් 1.8 උසින් සිදුවේ.



    baYp86g.jpg

    GBU-43/B "Mother Of All Bombs"​

    QrpOv1L.jpg
    GBU-43/B "Mother Of All Bombs"​

    air burst වර්ගයේ අවියක් වන මෙය පොළොවට ඉහළින් පිපිරී ගොස් සිදුකරන විනාශය වැඩිකරයි.MOAB බෝම්බය BLU-82 බෝම්බයට(Daisy Cutter) ආදේශ කිරීමට නිර්මාණය කල එකක් යැ‍යි සැලකේ.MOAB බෝම්බය කි.ග්‍රෑ.6,800 බරැති එකක් වන අතර වියට්නාම යුද්ධය සමයේදී නිර්මාණය කර තිබේ.වරක් Daisy Cutter බෝම්බයක් හෙළු පසු මීටර් 152ක් විෂ්කම්භයක් සහිත ප්‍රදේශයක ගස් විනාශ වි ගොස් තිබේ.

    XlAlvZc.jpg
    Daisy Cutter බෝම්බයක්​

    MOAB යනු මෙතෙක් කාලයකට එක්සත් ජනපදය නිර්මාණය කල විශාලතම බෝම්බය නොවේ.1950 දශකයේදී ඇමෙරිකානුවන් කි.ග්‍රෑ.19,800ක් බර T-12 නම් බෝම්බය නිර්මාණය කල අතර එය රැගෙන ගොස් බිම හෙළීමට B-36 ගුවන් යානයක් යොදාගෙන තිබේ.න්‍යෂ්ඨික බෝම්බයක් සමග සංසන්දනය කිරීමේදී MOAB බෝම්බයක් ඇතිකරන පිපිරුම ඉතා කුඩාය.

    N6Q65DJ.jpg
    බෝම්බය පැරෂූටයක් ආධාරයෙන් බිම හෙළීම​

    වෙනත් බෝම්බ ගුවනින් හෙළද්දී ගුවන් යානයේ පහළින් තිබෙන දොරක් විවෘත කරයි.නමුත් MOAB බෝම්බය භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් භාණ්ඩ පැරෂුට් ඔස්සේ බිම හෙළන අයුරින් ගුවන් යානයෙන් ඉවත් කෙරේ.මේ සඳහා C-130 යානයක් යොදාගන්නා බව කියවේ.බෝම්බය ගුවන් යානය තුල තිබෙන තට්ටුවක් මත තබා ඇත.පැරෂුටය මගින් එම තට්ටුව ඉවත ඇදගන්නා අතර එවිට බෝම්බයට ගුවන් යානයෙන් ඉවත් වේ.තට්ටුව වෙන්වූ වහාම බෝම්බය නිදහසේ පහළට වැටේ.බෝම්බය වැටෙන විට එහි තිබෙන ගෝලීය පිහිටුම් පද්ධතිය (GPS)ක්‍රියාත්මක වී එය නිවැරදි ඉලක්කය වෙත ගෙනයයි.

    NSWB1ES.jpg
    C-130 යානයක්​

    GB0ZZPW.jpg
    බෝම්බයක් බිම හෙළන අයුරු​

    W8S9sZ4.gif
    ඇමෙරිකානු බෝම්බ දැවැන්තයන්ගේ ප්‍රමාණයන්​

    මෙම බෝම්බය Dynetics සමාගමේ නිර්මාණයකි.එහි tritonal රාත්තල් 18,000ක් අඩංගුය.tritonal යනු TNT(80%) සහ ඇලුමිනියම් කුඩු(20%) මිශ්‍රණයකි.ඇලුමිනියම් TNTවල පිපිරීම වැඩිකරයි.ඇලුමිනියම් මගින් tritonal වල බලය TNT වලට වඩා 18%කින් වැඩිකරන බව කියවේ.​

    Tord9We.gif
    පිපිරීම​






    සියලුම බෝම්බවල පියා - Father of All Bombs(FOAB)

    IF6XNIy.jpg

    පැරණි සෝවියට් දේශය මෙන්ම නූතන රුසියාව, ඇමෙරිකා එක්සත් ජනපදය අභිබවා යෑමට උනන්දුවක් දක්වන බව පෙනේ.එතෙක් කාලයක් ලොව විනාශකාරීම ගතානුගතික බෝම්බයේ වාර්තාව සතුකරගෙන සිටි ඇමෙරිකානුවන් දෙවැනි තැනට ඇද දැමීමට 2007 වසරේදී රුසියානුවන් සමත්වූ බව ඔවුන් කියයි.ඒ ගුවනින් හෙළන thermobaric වර්ගයේ විනාශකාරීම බෝම්බය නිර්මාණය කිරීමෙන්ය.එයට දී තිබූ අන්වර්ථ නාමය වුයේ FOAB - Father of All Bombs යන්නයි.මෙය ඇමෙරිකාව සතු MOAB බෝම්බය මෙන් හතර ගුණයක් ප්‍රබල බව කියවේ.මෙහි පිපිරුම් බලය TNT ටොන් 44ක් වේ.කි.ග්‍රෑ.7,100ක බරකින් යුක්ත FOAB බෝම්බයක් පළමුවරට අත්හදා බැලුවේ 2007 වසරේ සැප්තැම්බර් මාසයේ 11 දාය.මෙම බෝම්බ කුඩා ප්‍රමාණයේ න්‍යෂ්ඨික බෝම්බ වෙනුවට ආදේශ කරාවි යැ‍යි කියවේ.

    FloQIzL.jpg

    පිපිරීම ඔස්සේ මුදා හරින සුපර් සොනික් කම්පන තරංග සහ ප්‍රබල උෂ්ණත්වය හමුවේ විශාල වපසරියක් තුල විනාශයක් සිදුකල හැකිය.වාර්තාවලට අනුව රුසියානු FOAB බෝම්බය ඇමෙරිකානු MOAB බෝම්බයට වඩා කුඩාය.නමුත් MOAB බෝම්බය සාපේක්ෂව මාරාන්තික වන අතර පිපිරුම් කේන්ද්‍රයේ උෂ්ණත්වය MOAB බෝම්බයට වඩා දෙගුණයක් විශාල බව කියවේ.

    7rBzCOd.jpg
    Tupolev Tu-160​

    FOAB බෝම්බය ගුවනින් ප්‍රවාහනය කිරීමට Tupolev Tu-160 බෝම්බ හෙළන යානයක් යොදාගත හැකි යැ‍යි සැලකේ.මෙම අත්හදා බැලීම සම්බන්ධව වීඩියෝ පටයක් නිකුත් කර තිබුණද තවමත් FOAB බෝම්බය සම්බන්ධව එතරම් තොරතුරු අනාවරණය කර නොමැති බව සඳහන් වේ.දැනට මෙම වර්ගයේ බෝම්බ 100ක් පමණ නිපදවා ඇති බව කියවේ.මෙම මාරන්තික අවිය චෙච්නියාව ඇතුලු දකුණුදිග රුසියාවේ ඉස්ලාමීය බෙදුම්වාදීන්ට එරෙහිව යොදාගත් බව කියවේ.






    MОАВ

    බර :ටොන් 8.2

    TNT ප්‍රබලත්වය :ටොන් 11

    පිපිරුමේ අරය :මිටර් 150

    මඟ පෙන්වීම :INS/GPS



    FОАВ

    බර :ටොන් 7.1

    TNT ප්‍රබලත්වය :ටොන් 44

    පිපිරුමේ අරය :මිටර් 300

    මඟ පෙන්වීම :GLONASS




    Source:Howstuffworks.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: Nu1Dnk and Ashman

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,589
    1,117
    113
    technoext.blogspot.com
    මම මෝබ් එක ගහලතියෙනව MW3 ගේම් එකේ :lol:



    PS: ඉහත වීඩියෝවේ සිටින්නේ මා නොවන බව කරුණාවෙන් සලකන්න
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    hemadama wage patta ithin :)
    Thanks

    Thanks

    නියමයි
    Thanks

    good post bro...
    Thanks

    Son of All Bombs නැද්ද ?
    :lol:

    hemadama wage patta ithin
    Thanks

    Thanks

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    Thanks

    Thanks
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Thanks

    බම්ප්.
    Thanks

    මම මෝබ් එක ගහලතියෙනව MW3 ගේම් එකේ :lol:




    PS: ඉහත වීඩියෝවේ සිටින්නේ මා නොවන බව කරුණාවෙන් සලකන්න
    :)


    හැමදාම වගේ සුපිරියි... රෙප් 4+
    Thanks

    පොස්ටුව පට්ට මචන්. ඒත් මේව නොහදන තරමටනන් හොඳයි නේද බන්.
    tfs.....++++++
    Thanks

    එල එල .... +9 දුන්න
    Thanks

    වැදගත් ත්‍රෙඩ් එකක් :)
    Thanks

    හැමදාම වගේම වටිනා දෙයක් මචෝ
    Thanks

    Thanks

    adath maru thorathuru tikak genath asawen kiyewwa machan

    thanks

    adath rep denna balu habai..
    Thanks
     

    Similar threads