හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කලක් සාහිත්ය කටයුතුවලින් ඈත්ව සිට කරන මුල්ම විචාරය කොතරම් සාර්ථක වේදැයි නොදනිමි.
    කැන් යූ ඉලබොරේට් ලිට්ල් බිට්........

    මේ ඔබේ පූර්ණ විචාරක්ෂිය නොවේ. ඔබ නිර්මාණයක් දකින්නේ කෙළෙසදැයි පෞද්ගලිකව ම හොදින් දනිමි. තව තව ලිවීමෙන් ඇගිළි වල බැදී ඇති වළ ඉවත් කර ගත යුතු බවත්, තවත් විග්‍රහත්මකව ලිවිය යුතු බවත් සිතමි.
     
    • Like
    Reactions: RIDER89

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කැන් යූ ඉලබොරේට් ලිට්ල් බිට්........

    මේ ඔබේ පූර්ණ විචාරක්ෂිය නොවේ. ඔබ නිර්මාණයක් දකින්නේ කෙළෙසදැයි පෞද්ගලිකව ම හොදින් දනිමි. තව තව ලිවීමෙන් ඇගිළි වල බැදී ඇති වළ ඉවත් කර ගත යුතු බවත්, තවත් විග්‍රහත්මකව ලිවිය යුතු බවත් සිතමි.

    ඔය ටික පවසාවි යයි සිතුවෙමි. මටත් හිතට හරි මදිය. ලියන විට පුරුදු වේයැයි අදහමි.ස්තූතියි!
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මෙහි යාවජීව සාමජිකයන්ගෙන් අවසරයි...:)


    මුලින්ම කියන්න ඔනා,මේ ත්‍රෙඩ් එකට ඇතුල් උනේ අනවසරයෙන්. විචාරශීලී බුද්ධියක් නැතත් මෙකනම් දානවමයි හිතුවේ හිතට තදින්ම වැදුන නිසයි. ඊයේ රෑ අනුන්ට කඹුරන්න නියමිත පැයගානේ කෑලිත් කුඩුවෙච්ච වෙලාවක ගෙදර දුවන්න රෝද හතර උඩ පත බෑවුන වෙලාවේ හීනියට "මාර්කෝනි" මහත්තයා හොයාගත්ත යන්තරේ සුසර කරගත්තේ පුරුද්දට වගේ.


    මීටර් දෙසීයක් ඉස්සරහට යන්න උනේ නැහැ මාව ගව්ගානක් අතීතයට ඇදන්යන්න ඒ සින්දුවේ පලවෙනි පේළියට වැඩිවෙලාවක් ගියේ නැහැ..



    දවසක් තියේවී වෙන්වුණු ඔබ මා :(



    බොහෝම මෑතක භෞතිකව අපෙන් වෙන්වුන ,සරළවම කිව්වොත් මියැදුන ආචාර්ය අජන්තා රණසිංහ විසින් රචිත ,ස්ටැන්ලි පීරිස් අතින් සංගීතවත් උන මේ නිර්මාණය විරහවේ පරම කටහඩට උරුමකම තියෙන මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා අතින් ගීතවත් වෙන්නේ ගීතයට උපරීම සාධාරණයක් වෙන විදිහට






    දවසක් තියේවී වෙන්වුණු ඔබ මා
    නැවතත් මුණගැසෙනා
    කඳුළක් තියේවී මා ළඟ එදිනේ
    ඔබේ නමින් ගලනා



    තමුන් අතීතයේ පෙම්කල යුවතිය තමුන්ගේ කරගන්න බැරිඋන ඒ යෞවනිය දවසක අපි ඉදිරියේම පෙනී සිටියොත් අපිට මොනා වෙයිද? තමුන්ගේ සම්බන්දය මොන ආකාරයෙන් නිමා උනත් ගොඩ දෙනෙක්ගේ යටි හිතේ කොහෙහරි කොනක ඇයව නැවත හොරෙන් හෝ දකින්නට ,මේ ලොකේ කොහේහෝ තැනක අහඹු ලෙස හැමුවෙවි යන හැගීම
    භෞතිකව මියැදුන ප්‍රේමයේ මලකුණ යට නොමැරී තියෙනවා. ප්‍රේමයේ මතක හොලමන සැබෑවට තමුන් ඉදිරියේ පෙනීසිටියොත් මොකෝ වෙන්නේ? :sorry:



    නටුවෙන් කඩලා මල විසිකළ විලසේ
    වරදක් නැතත් මට ඔබ පිටුපෑ දවසේ
    වල්මත් වුණා මා අසරණ පෙම් පියසේ
    මට තාම නොදැනේ
    මොනවා උනාදෝ
    අප දෙදෙනාට ප්‍රියේ



    සමහර වෙලාවට ආදරේ දෙදරන්න අපි නොහිතන හේතුකරනා මුල් වෙන්න පුලුවන්. කෝක කොහොම උනත් එවැනි තත්වෙක ඕන කෙනෙක් අසරනයි. විශේශයෙක් අගතියට පත් උනා යැයි සිතෙන පාර්ශවය. කොච්චරව සුන්දරව ගලා ආවත් , බොළද වදන් හුවමාරු උනත් , දෑත් පැටැලුනු මං මාවත් කප්පරක් තිබ්බත් සියල්ල මතකයන්ට පමනක් සීමා වෙන්න හේතුකාරනා උසාවි දාන්න ඕනා නැහැ.තීන්දුව ,ඒ ප්‍රේමය අවසානයි !!



    හිනැහෙනවා ඔබ මා හඬනා දවසේ
    නැළවෙනවා ඔබ ඔහු හා රස පහසේ
    ඔබටත් ලබාවී දවසක් මට වාගේ
    මට තම නොදැනේ
    මොනවා උනාදෝ
    අප දෙදෙනාට ප්‍රියේ



    විරහව දරාගෙන ඉන්න පෙම්වතෙක්ට තමන් පෙම් කළ යුවතිය අන්සතුවීම තරම් අමිහිරි අත්දැකීමක් නැහැ.විරහව/ ආත්මාර්ථය/ සහ සියුම් පලිගැනීමේ චේතනාවක් මේ පේළි අතර ගැබ්වෙලා තියෙනවා. අවන්කවම හිතුවොත් ප්‍රේමයෙන් පැරදුන / නොදින්න අපිටත් මෙහෙම සිතුවිලි තියෙන්නට ඇති . පිළිනොගත්තත් ඇත්ත ඒකයි


    දවසක් තියේවී වෙන්වුණු ඔබ මා
    නැවතත් මුණගැසෙනා
    කඳුළක් තියේවී මා ළඟ එදිනේ
    ඔබේ නමින් ගලනා




     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න
    මගෙ රත්තරන් අම්මේ
    මං පඩි අරන් අද හෙට එනතුරු ගමට
    තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි උඹට

    වනන්තරේ මහ රූස්ස ගහ කොළ බිමට සමතලා කර අම්මේ
    රාස්සයින් වගෙ යන්ත්ර සූත්තර මහ සද්දෙන් යනවා අම්මේ
    සිමෙන්ති කළු ගල් ලොරි පිට පටවා වේල්ල බඳිනා හැටි අම්මේ
    බලාන ඉන්නට දවසක උඹවත් එක්කරගෙන එන්නම් අම්මේ

    බින්තැන්නේ මං දහ දුක් විඳලා මෙදා ගමට ආ දා අම්මේ
    උඹේ අතින් මගෙ දෑතේ කරගැට අතගාලා නාඬන් අම්මේ
    මහියංගණයේ හේවිසියේ හඬ හැන්ඳෑවට ඇහුනම අම්මේ
    සිල් අරගෙන නුඹ ඉන්නා තාලය අනේ මතක් වෙනවා අම්මේ

    වත්ත පහල පොල් අතු ඇහිදින්නට උදෙන්ම යන්න එපා අම්මේ
    උදේ රැයින් ඔය පිනි බාලා උඹ ලෙඩා දුකා වෙයි මගෙ අම්මේ
    ගිනි මද්දහනේ බැරි බැරි ගාතේ ගම්මැද්දේ නොගිහින් අම්මේ
    රැයක් නෑර මට හීනෙන් පෙනි පෙනි මං එනතුරු ඉඳහන් අම්මේ

    ගායනය : විජය කුමාරණතුංග.
    තනුව / පද රචනය : නොදනිමි.


    1977 දී ශ්රී ලංකාවේ ආර්ථිකය විවර කිරීමත් සමග ඇතිවූ සමාජ ආරිථික විපර්යාසය, වඩා සැකෙවින් කිවහොත් විපරීත බව මීට ඉහත ගී විචාරයක් සදහා මූලෝත්පාදක කරගෙන ඇති ආකාරය නිරික්සුවෙමි. එම සමාජ ආර්තික විපරීත බව පදනම් වූ තවත්, ඉතා ජනප්රිය ගීයක් විවරනය කිරීමටයි මගේ මේ වෑයම.

    1977 පෙර අපේ පවුල් කුටුම්භය සකස් වී තිබූ ආකාරය මදක් විමසා බලමු. පියා බැත සරිකිරීමේ යෙදී සිටිය අතර මව දරුවන්ගේ සහ නිවසේ කුදු මහත් කටයුතු විමසා කරගෙන සිටියාය. දරුවන් කප්පාදු කිරීමක් සිදුවූයේ නැත. වැලේ ගෙඩි වැලට බර වූයේ නැත. දරුවන් බලා කියා ගැනීම පුරස්නයක් වුනේ නැත. පවුලේ බාප්පලා, කුඩප්පච්චිලා, මාමලා නැන්දලා අසලම සිටි අතර, ඔවුන්ද ඔවුන්ගේ වැඩිමහල් දරුවන්ද එකිනෙකාගෙ දරුවන් බලා කියා ගැනීමේ යෙදී සිටියෝය. දරුවන් "ඉදි වල්ල පොලේ ගැසුවාක් මෙන්" සිටි බැවින් එකා යකා වීමක් හෝ දරුවන්ගේ ආරක්ශාව පිලිඹද අනියත බියක් වූයේද නැත. ලමා දූෂකයන්, කුඩ්ඩන්, ත්රී වීල් කාරයන්, කොලු කාරයන් සිටියේ ඉතාමත් කලාතුරකිනි. සිටිය වුන් සමාජ ප්රවාහය තුලින් ඉතා පහසුවෙන් ඉවත් විය. මෙම ත්ත්වය 80 දශකයේ මැද දක්වාම පැවතිනි. එකල අප මවගේ මහගෙදර ගිය කල අසීමාන්තික නිදහසක් භුක්ති වින්දෙමු. උදෑසන නිවසින් පිටවූ පසු යන්නේ කොහෙද, ඉන්නෙ කොහෙද, කරන්නේ මොනවාද, කන්නෙ බොන්නේ මොනවාදැයි කිසිවෙක් ඇසුවේ නැත. කජු වතුවලින් කජු ඇහිද පුච්චා කෑවෙමු. ගගේ පැමිණ අත් තරම් දිය කෙලියෙමු. වැල්ලේ වලවල් සාරා මාලුවන් එකතු කලෙමු. බඩගිනි වූ විට නෑ ගෙදරකට ගිය විට බඩ කට පුරා කුමක් හෝ ගිල දැමීමට ඉඩ ලැබිණි. රෑ බෝ වන විට මුල් ගෙදරට යා නොහැකිනම් නෑ නිවසක සැතපෙනෙමු. අප සිටින නිවසේ හිමියා දරුවන් එහි සිටින බව මව් පියන්ට කා අත හෝ දන්වා යවයි. ගෙයක් සෙවිලීම, කුඹුරක් කෙටීම, ළිදක් කැපීම වැනි යමක් සිදුවූයේ අත්තම් ක්රමයට මිස කුලියකට මලියකට නොවේ.

    දූ දරුවන් විවාහ වී ගියද විසූයේ ලග පාතය. මුල් නිවසේ හිමිකාරීත්වය බාල පිරිමි දරුවාට නිතැතිනම හිමි වූ අතර වයොවුර්ද මාපියන් බලා කියාගැනීම ඔහු අතින් සිදු විණි. මුදල්වලට තිබුනේ සුළු වටිනා කමකි. රැකියාවක් සොයා යමෙක් ගමෙන් පිටට ගියේ ඉතා කලාතුරකිනි.
    1977 උන්නැහේගේ ආගමනයත් සමග ඒ සියල්ල උඩු යටිකුරු විය. සියල්ල මුදලට යට විය. සංකර සිරිත් විරිත්, දුසිරිත හා දුරාචාරයට තටු ලැබිනි. මුදල් නැතිනම් කිසිවක් කර කියා ගත නොහැකි තත්ත්වයට හුදී ජනයා පත්විය. අත්තම් ක්රමය වෙනුවට කුලී ක්රමය ඉදිරියට ආවේය. “බල්ලො මරාලා හරි සල්ලි හොයාලා ඉන්න ටිකේ ඉන්න සුදෝ ජොලිය දමාලා” ජනප්රිය තේමා පාඨය විය. ගමක වැඩක් පලක් කරගන්නට සිටි කොල්ලන් කුරුට්ටන් ගමෙන් පිටමං වූයේ කුලී කාරයන් ලෙසිනි. මව් පියන් නිවෙස් වල හූල්ලද්දී දුවලා ගාමන්ට් කෑලි බවට පත්විය. කලා නිර්මාණ වලට තිබූ ඉස්පාසුව ලොප්ව ගිය හෙයින් කලාව වලපල්ලට ගියේය. හැම දෙයකටම නැති හදිස්සියක් ආරූඩ විය. මහවැලි වියාපාරය කඩිනම් විය. සාමාන්ය ජනයාගේ එතුවක් කල් පැවති ආත්මාභිමානය බිංදුවටම ඇද දමමින් ඔවුන් මාස් පඩියට වැඩකරන් පිරිසක් බවට පත් විය.

    දැන් ගීතය දෙසට හැරෙමු. මෙම ගීතයට පාදක වී ඇත්තේ ජේ.ආර් රජය ඇරඹූ කඩිනම් මහවැලි ව්යාපාරයට කම්කරුවෙකු ලෙස එක්වුන ගැමි තරුණයකුගේ සිතේ ඇති වන්නා වූ සිතුවිලි සමුදායයි. ගමේ සාම්ප්රදායික ජීවන රටාව පුපුරා ගිය පසු පුත්රයා යමක් ඉපයීමේ අරමුණින් මහවැලියේ වැඩට යයි. මහගෙදර මව තනි වෙයි. මගේ සිතුවිල්ලට අනුව මේ බාලම පුතා විය යුතුය. එසේ නැත් නම් මව මහ ගෙදර තනි වීමට හේතුවක් නැත. පියා මියගොස් මව බලා ගැනීමට සිටි බාල පුතා ඇය නිවසේ තනිකර දමා දීපංකරේ යෑම අප සැවොම මුහුන දෙන පොදු ඛේදවාචකය නොවේද? මවගේ සියලු දරුවන් විසිරී ගොස් ඇත. නෑ සියන්ගේ දරුවන්ද එලෙසම විය යුතුය.
    ගීතයේ මුල් කොටස ගැයෙන්නේ කාව්යමය ස්වරූපයකිනි. ජනකවි ස්වරූපයක්ද ගැබ්ව පවතී. පුරාතන හෙලයා තම දුක්ඛ දෝමනස්සයන් හිස් අවකාශයට හඩනගා කිවූ ලෙසම පුත්රයා තම මෑණියන්ට සිය සිතැගි පවසයි. යොදා ඇති වදන් ගැමි ඌරුව උකහාගෙන ඇත. තම මවට ඇති අසීමාන්තික ආදරය "රත්තරං අම්මේ" යන යෙදුමෙන්ද, ඇයගේ රැකවරණය තිස් තුන් කෝටියක් දෙවියන්ට භාර කිරීමෙන්ද පැහැදිලි වේ.
    නිවසේ තනිවී සිටිනා අම්මාට අවස්ය බේත් හේත්, අඩුම කුඩුම අරන් එන්නට පඩි ඕනෑ වේ. මුදල් නැතිව කිසිත් කල නොහැක. එනිසා පඩි අරන් එන තුරු කොතරම් ආදරයක් තිබුනත් නැවත ආ නොහැක.

    තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න
    මගෙ රත්තරන් අම්මේ
    මං පඩි අරන් අද හෙට එනතුරු ගමට
    තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි උඹට

    මහවැලිය සේවය කලද හුරුපුරුදු පරිසරයක් නොවේ. රූස්ස ගහකොල රාස්සයන් වන් යන්ත්ර වලින් බිමට සමතලා වෙයි. කර්කශ සිමෙන්ති, කළුගල් වලින් වේල්ල ඉදි වෙයි. සියල්ල වෙනස් වෙමින් පවතී. එක් අතකින් අමුතු වුවත් උන්නැහේ විසින් පොරොන්දු වූ ධර්මිෂ්ඨ සමාජයක බලාපොරොත්තුව පුත්රයා තුල ඇත. ඒ නිසා මෙම ආස්චර්යය මෑණියන් එක්කන් ඇවිදින් පෙන්වා දීමටත් සිතක් ඇත.

    වනන්තරේ මහ රූස්ස ගහ කොළ බිමට සමතලා කර අම්මේ
    රාස්සයින් වගෙ යන්ත්ර සූත්තර මහ සද්දෙන් යනවා අම්මේ
    සිමෙන්ති කළු ගල් ලොරි පිට පටවා වේල්ල බඳිනා හැටි අම්මේ
    බලාන ඉන්නට දවසක උඹවත් එක්කරගෙන එන්නම් අම්මේ


    ගමේ ගොයම් කයියක, ලිං කැපුමකදී එන කරගැට වගේ නෙවෙයි සල්ලි වලට වැඩකරලා එන කරගැට. එහෙම හම්බ කරන මුදල් අම්මලා අතට ගන්නෙ කලාතුරකින්. " උඹ කඹුරලා හමබ කරපු සල්ලි උඹම තියාගනින් මයේ පුතේ " කියල තමයි අම්මල කියන්නේ. අනුන්ට කඹුරන්න ගිහින් එන කරගැට පවා අම්මලට වේදනාවක්.
    ගමේ පන්සලේ හතර පෝයට හේවිසි ගහනව.මහියංගන පන්සලේ හේවිසි නාදයත් එක්ක පුතාට පේන්නෙ සිල් අරන් ඉන්න අම්මගෙ රූපෙ. පුතා පෝයට ගෙදර නෑ. ඒ නිසා සිල් පවාරණේ කරල ගෙදර එන අම්මට තමන්ගෙ අතින්ම දානෙ උයන් වලදන්න වෙනව.මෙම සිදුවීම පුතාට ඉතා වේදනාවට කාරණයක්. "අනේ මතක් වෙනවා", අනේ කියල යෙදීමෙන් ඒ හැගීම තීව්ර වෙනවා.

    බින්තැන්නේ මං දහ දුක් විඳලා මෙදා ගමට ආ දා අම්මේ
    උඹේ අතින් මගෙ දෑතේ කරගැට අතගාලා නාඬන් අම්මේ
    මහියංගණයේ හේවිසියේ හඬ හැන්ඳෑවට ඇහුනම අම්මේ
    සිල් අරගෙන නුඹ ඉන්නා තාලය අනේ මතක් වෙනවා අම්මේ


    කොච්චර වයසට ගියත්, අම්මා ජීවත් වෙන සීමාන්තික ලෝකය වෙනස් වෙන්නෙ නෑ. වැඩිහිටියො ගොඩක් වෙලාවට හුරුවෙලා හිටියේ ඉතා සකසුරුවම් ජීවිතයකට. පොල් අත්තක් වැටුනත් අහුලන් ඇවිත් පොගවලා වියල වහලෙ හෙවිල්ලන්න ගන්නව. බැරිම නම් ඉරටු වලින් ඉලපතක් හරි, ලිප පත්තු කරන්න හරි, දර විදියට හරි ගන්න තමයි පුරුද්ද. මේ අම්මත් එහෙමයි. අම්මගෙ ජීවන රටාව වෙනස් කරන්න බෑ. කතා කරන්න වත් කෙනෙක් නැති නිසා අම්මා ගම්මැද්දෙ ඇවිදින්න යනව. පොල් අහුලන්න ගිහින් හරි, ඇවිදින්න ගිහින් හරි නරක් දේශගුණයට, සතා සිව්පාවෙකුට හරි ගොදුරු වෙන්න පුළුවන්. මේ සිතුවිල්ල පුතාට හිතට බරක් සහ නිතරම බිය ගෙන දෙනව. මව්වරු පුතාලට වැඩිපුර ආදරෙයි, අනික් අතට පුතාල වැඩිපුර ආදරේ තමන්ගෙ අම්මට. හැබැහින් දකින්න නැති අම්ම හීනෙන් හරි දකින එකයි පුතාගෙ පැතුම.

    වත්ත පහල පොල් අතු ඇහිදින්නට උදෙන්ම යන්න එපා අම්මේ
    උදේ රැයින් ඔය පිනි බාලා උඹ ලෙඩා දුකා වෙයි මගෙ අම්මේ
    ගිනි මද්දහනේ බැරි බැරි ගාතේ ගම්මැද්දේ නොගිහින් අම්මේ
    රැයක් නෑර මට හීනෙන් පෙනි පෙනි මං එනතුරු ඉඳහන් අම්මේ


    මෙම ගීතය ලියූ ගීත රචකයා හෝ තනු නිර්මාපකයා මම නොදනිමි. එනමුත් මම ගීතයේ තනුව නිර්මාණය කර ඇති ආකාරයට මම ඉතාම කැමැත්තෙමි. ශෝකී වස්දඩු රාවයකින් ඇරඹෙන එය ක්රමයෙන් උච්ච බවට පත්ව අන්තරා කොටස් වලට ඉඩ ලබාදෙයි. මවට ඇති අපරිමිත දයාවත්, තරුණ පුතාගේ සිතේ ඇත්තාවූ ශෝකයත්, කලබලකාරී හා තැතිගත් බවත් මෙතුලින් ඉස්මතු කරන බව මගේ හැගීමයි.

    විජය කුමරණතුංගයන්ගේ ගීත අතරින් මගේ ප්රියතම ගීතය මෙයයි. අපරිමිත දයාර්ද, ගැඹුරු කටහඩක් හිමි එතුමා තම මෑණියන් වන බ්රියට්රිස් කුමාරණතුංග මහත්මියට ඉතා සමීපතාවයක් පෙන්වූ අයෙකි. මිය යන දිනයේ උදයේද එතුමා තම මෑණියන් දක්නට හලාවත ගොස් ඇත. ජීවමානව එතුමා දැකීමට භාග්යයක් මට නොවීය. එනමුත් හිස වසන ලද එතුමාගේ මෘත දේහයට පැය 16ක් පෝලිමේ හිද අවසන් ගවුරව දැක්වීම අවස්තාව මට හිමිවිය.​

    [/COLOR]
     
    Last edited:
    • Like
    Reactions: RIDER89

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඒ පිළිබද ව මාගේ විරෝධය පළ කරමි.:yes:
    ඇරඹුම ම කදුළක් වෙලා යනු එඩ්වඩ් ගයන මේ ගීතයට ගව් ගානක් ඉදිරියෙන් පවතින්නකි. මදක් සළකා බලන්න. ඔබ එය විදින්නේ ප්‍රේමයෙන් නිර්විමුක්ත වූවෙකු ලෙසටය. ඒ ලෙස වින්ද ද, ඒ තුල ඇති අවසානයට පෙර ඈ ගියා වැනි යෙදුම් ද, දුක්බර ම කවියක් ලියා-එහි පද ලෙපලක් අඩුවෙන් තියා - අරුත පසිද්නින්ට කියා අවසානයට පෙර ඈ ගියා වැනි යෙදුම් ද, විරහවේ ආත්ම කථනය ගෙන එන පද වැල ය. ඒ විරහව පැත්තෙනි.

    මේ ගීය පෞද්ගලිකව කසුන් විදි අත්දැකීමක් වන මෑණියන් අහිමිව යාම ගැන යයි මා යෝජනා කළහොත්, ඔබ එයට පවසන්නේ කුමක් ද?

    මා පෞද්ගලිකව අදහන ලෙසට මාලනී නිමැවු විශිෂ්ඨතම නිර්මාණය නමින් කසුන් කල්හාර නම් වෙයි.නමුත් ඔහු හෙළ සුභාවිත ගීතයේ තිර්ථ යාත්‍රිකයා වවන තෙක් ඇය ජීවත් වූයේ නැත.
    අවසානයට පෙර ම ඇය ගොසිනි.......


    පරිසමාප්ත කලා කෘතිය අටවක් මැණිකක් ලෙස මා නම් කරමි. ඒ ඒ දෙස නොයෙක් දෙසින් බලන විට විවිධ වූ රටා මැවෙන හෙයිනි. කලාකෘතිය විද ගත යුත්තේ අත්දැකීම් අනුසාරයෙනි. ඇරඹුම ම කදුළක් වෙලා ද එවැන්නකි.

    මාගේ විරෝධයේ පදනම ඔබට වැටහ් යයි සිතමි.

    ප.ලි.
    අද දින ජාලගත වන්නට නියමිත මා ඉදිරිපත් කරන සසල හද විල් තෙර නම් සංගීතමය වැඩසටහන එළකිරි රේඩියෝවෙන් රසවිදින ලෙස ඔබට ඇරියුම් කරමි!
    යොමුව - http://radio.elakiri.com/index.php?q=high


    ඒ එසේයැ. මේ ගීයේ රිද්මය එහි අරුත හා සංවේදී වන්නට එතරම් ඉඩක් නොතබනු පෙනේ. නමුත් කසුන් කල්හාරයන්ගේ ගීතය ඊට ඉදිරියෙන්මැ වන්නේයැ. ගීතයේ අරුත හා ඒකාත්මික වන්නට ඇවැසි අස්වැසුම එහි මොනවට ඇත්තේයැ.

    මේ ගීත දෙකෙන්ම කියැවෙන්නේ නූතන ආදරයේ ගති සොබාවයැයි සිතේ. තුරුනු වියේදී විවාහයෙන් අවසන් කරන්නට ආදරය කරන්නෝ එන්ට එන්ටමැ විරළ වෙත්, ඒ හුදු 'ආතල්' එකකට 'සෙට්' වීමම ආදරය යැයි ගත්, ආත්මීය බැඳීමෙන් තොර, ගැඹුරකින් තොර, අරුතකින් තොර ආදරයන් ගැන මේ ගීත දෙකෙන්ම කියැවෙන බැවින් අරුත් අතින් යම් සමානකනමක් දකිමි.

    කසුන් කල්හාරයන්ගේ 'ඇරඹුමම කඳුලක් වෙලා' ගීතය ප්‍රේම ගීයක් ලෙස මෙතෙක් සිතා සිටියෙමි. ඒ මව් අහිමි වීම් විරහව ලෙස සිතාගැනීම උගහට වීයැ. නමුත් ඔබ දක්වන්නාවූ අරුත හා එකඟ වියැ හැක. ඇය අවසානයට පෙරමැ ණික්මැ ගොසිනි :(

    ඔබ හා 100%ක්ම එකඟ වෙමි. සුභාවිත සිංහල ගීතය මා හට මෙතරම් ජීර්ණය වන්නේද එබැවිනැයි සිතමි. ඒ නන් අයුරින් කපා ඔපදැමූ අගනා මාණිඛ්යයක් වැන්න. ආලෝකය වැටෙන අතින්, හරවන සැණෙන්, දකින්නාගේ දෘශ්ඨිකෝණයෙන් මාණිඛ්‍යයක් නන් අයුරින් දිස්වන්නේ යම්සේද, සුභාවිත සිංහල ගීතයේ අරුතද ඒ අරුත විඳින මොහොත, අත්දැකීම්, සාහිත්‍ය දැනුම ආදී වූ දේ සමඟ ගන්නා වූ රසයද, අරුතද එක සේ වෙනස් වෙයි. ඒ මහා පුදුමයෙකි. පැණි මුලෙහි වට ඇඹලයෙකු ලෙස ඒ රසයෙහි ඇලී සිටිමි. :yes:

    පසුගිය සිකුරාදා 'සසල හද විල් තෙර' සංගීතමය වැඩසටහන ඇසූයෙමි. ගායන වාදන වෘණ්දයන් ගැන නොදන්නා දේ බොහෝ දැන උගත්තෙමි. නූලට එන්නට නොහැකි වූයේ මා නිවෙස බලා යමින් සිටි බැවිනි. ජංගම දුරකථනයට පින් සිදුවන්නට, සම්පූර්ණ වැඩසටහන පුරා පැය දෙකක් තිස්සේ අසා සිටියෙමි. ඒ අසද්දී සතුටක් මෙන්ම දුකක්ද ඇති විය. මෙබඳු හරවත්, වින්දනීය වැඩසටහනක් අසන්නට ලැබීම සතුටක් වූවා සේම, මෙබඳු වැඩසටහන් ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි හෝ රූපවාහිණී නාලිකාවන්හි විකාශණය නොවීම කණගාටුවට හේතු විය. ඒ අපේ තරුණ පරපුරෙහි රස වින්දනය මොට වීමට බලපෑ ප්‍රධාන සාධකයක් ලෙස දකිමි. වැඩසටහන මෙහෙයවූ දත් කිඹුලාණන්ටද, ඒ උදෙසා නන් අයුරින් සහය වූ සියල්ලන්ටමද හද පිරි ස්තුතිපූර්වක ප්‍රණාමය පුද කිරීමට කැමැත්තෙමි.
     
    Last edited:

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ප්රේමය අසීමාන්තිකය. පවසා නිම කල නොහැක. සිතේ බැදි පෙම කියා නිම කර ගන්නට පෙර ඇය නික්ම ගියා නොවේදැයි පශ්චත්තාප වේ. අනේ ..ආයෙත් හමුවී එක පාරක් ආදරේ කියන්න ඇත්නම් යන්න ඔහුගේ ඒකායන, අහිංසක පැතුමයි.



    තුවාලයක වේදනාව දන්නේ ඒ දරන්නාය. නිර්මානයක් විඳින්නේ අත්දැකීම් ඇති සහෘදයන්ම වෙත්. ඒ විඳීම අපට ඒකාත්මික කරවූ මිණිමුතු මෝරාණන්ට ප්‍රණාමය.
     
    • Like
    Reactions: niresh1989

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මෙහි යාවජීව සාමජිකයන්ගෙන් අවසරයි...:)


    මුලින්ම කියන්න ඔනා,මේ ත්‍රෙඩ් එකට ඇතුල් උනේ අනවසරයෙන්. විචාරශීලී බුද්ධියක් නැතත් මෙකනම් දානවමයි හිතුවේ හිතට තදින්ම වැදුන නිසයි. ඊයේ රෑ අනුන්ට කඹුරන්න නියමිත පැයගානේ කෑලිත් කුඩුවෙච්ච වෙලාවක ගෙදර දුවන්න රෝද හතර උඩ පත බෑවුන වෙලාවේ හීනියට "මාර්කෝනි" මහත්තයා හොයාගත්ත යන්තරේ සුසර කරගත්තේ පුරුද්දට වගේ.


    සොයුර, මෙහි ඇතුළු වන්නට ගී රස විඳින්නන්ට අවසර ඇවැසි නැත. ඔබේ අත්දැකීම් විඳීම් අප හා බෙදාගන්නට මේ හුය පිටිවහලක් වේයැයි සිතමු.

    ඔබට විචාරශීලී බුද්ධියක් නැතැයි යනු අසත්‍යයෙකි, මේ අර්ථ විචාරය ඉතා ඉහළ කොට සළකමි. ගීතයට සාධාරණයක් ඉටු වී ඇති බව පැහදිලි වනවා පමණක් නොව එහි අරුත ආලම්භනය කරමින් අත්දැකීම් ඇසුරෙන් ලබාදෙන අරුත අනර්ඝයැ.
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    සොයුර, මෙහි ඇතුළු වන්නට ගී රස විඳින්නන්ට අවසර ඇවැසි නැත. ඔබේ අත්දැකීම් විඳීම් අප හා බෙදාගන්නට මේ හුය පිටිවහලක් වේයැයි සිතමු.

    ඔබට විචාරශීලී බුද්ධියක් නැතැයි යනු අසත්‍යයෙකි, මේ අර්ථ විචාරය ඉතා ඉහළ කොට සළකමි. ගීතයට සාධාරණයක් ඉටු වී ඇති බව පැහදිලි වනවා පමණක් නොව එහි අරුත ආලම්භනය කරමින් අත්දැකීම් ඇසුරෙන් ලබාදෙන අරුත අනර්ඝයැ.



    මගේ ප්‍රණාමය !!


    ++++
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෙහි යාවජීව සාමජිකයන්ගෙන් අවසරයි...:)

    මෙම ගීතයට මිල්ටන් මහතාගේ බිදීගිය ප්‍රේමයේ සම්බන්ධයක් ඇතැයි යෝජනා කරමි. සුධීහු එම පෙම් කතාව අසා ඇතයි අනුමාන කරමි.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මෙම ගීතයට මිල්ටන් මහතාගේ බිදීගිය ප්‍රේමයේ සම්බන්ධයක් ඇතැයි යෝජනා කරමි. සුධීහු එම පෙම් කතාව අසා ඇතයි අනුමාන කරමි.
    :yes::)
     
    • Like
    Reactions: Rangau2

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නිරෙශ් මොකෝ වෙන්නේ....
    උබට මෙතනදි හොද සින්හල ගුරාල ටිකක් සෙට් වෙයි.
    ඔය මෝර මාමිත් එහෙම තමා:D



    ඇහ්.. උබ මක්කෙයි මෙතන කොරන්නේ? :sorry:
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මෙම ගීතයට මිල්ටන් මහතාගේ බිදීගිය ප්‍රේමයේ සම්බන්ධයක් ඇතැයි යෝජනා කරමි. සුධීහු එම පෙම් කතාව අසා ඇතයි අනුමාන කරමි.

    හුදී ජනයාගේ දැනගැනීම පිණිස ඒ කථාව මේ හුයට එක් කරන මෙන් ඉල්ලමි.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හුදී ජනයාගේ දැනගැනීම පිණිස ඒ කථාව මේ හුයට එක් කරන මෙන් ඉල්ලමි.

    සුවිසල් මැදුරේ විදුලි ආලෝකයෙන් පළාතම එළියවී ඇත .. කලකට ඉහත ඉතා දුගී ජිවිතයක් ගතකල මුදලාලි දැන් වියාපාරික ලොවේ දැවැන්තයෙක් වී හමාරය . එය ඔහුගේ කැපවීම සහ වාසනා ගුණයේ ප්‍රතිපලයකි . කොතරම් ඉහල තලයක සිටියත් නිතරම මොහු පැදුරු සජ්ජ කණ්ඩායම්. නිවසට ගෙන්වා සාජ්ජ පැවැත්වීම පුරුද්දක් කරගෙන සිටියේය. ඒ මොහු ඉතාම තදින් සංගීතයට ඇලුම් කල බැවිනි .. එබැවින් සතියකට සැරයක්වත් මෙම නිවසේ පැදුරු සජ්ජයක්‌ පැවැත්වීම අනිවාර්යයෙන් සිදුවිය...

    ඔහුගේ දුව අපි ඇය මධු යනුවෙන් හදුන්වමු.. මධු සංගීතයට අලුම්කලේ නැත . පියාගේ මේම ආසාව කමකට නැති පිස්සු වැඩක් ලෙස ඇය සිතුවය . තම පියා ඔහුගේ තත්වයට නොගැලපෙන දෙයකට ඇබ්බැහිවී ඇතැයි සිතූ ඇය නිතරම ඒ පිලිබදව ඇගේ අකමැත්ත ප්‍රකාශ කළේය.. ඒ මෙන්ම තම නිවසට පැමිණෙන පැදුරු සාජ්ජ කණ්ඩායම් ඇය නොරිස්සුවේය... අඩු තරමින් ඇය සාජ්ජ බැලීමටවත් ගියේ නැත


    පැදුරු සජ්ජයක්‌ පැවැත්වෙන දිනක ඇය .. උඩුමහලේ බැල්කනියට වී හුදකලාව සිටි අතර නිවස තුල සජ්ජයේ සාමාජිකයෙක් ව්සින් ගායනා කල මනරම් හින්දි ගීතයක් ඇයට යන්තමින් ඇසුනි.. ඇය එම ගීතයට ප්‍රිය කලාය.. එම ගීතයෙන් පසුව එම ගායනා කණ්ඩායමේ සමාජිකය තවත් මියුරු හින්දි ගීත කිහිපයක් ඒක දිගටම ගයනා කලේය .. ඔහුගේ මියුරු හඩ ඇගේ සිත් ගත් අතර ඇය එම හඩට ප්‍රිය කලාය..


    එදා සිට ඇය එම හඩ ඇසෙන දින වලට . සදලුතලයට ගොස් ඔහු ගයන ගීත රස විදීමට හුරුවී සිටියේය . එහෙත් තවම ඇය ඔහුගේ රුව දැක නැත.. දිනක් ඇයට මේම ලයාන්විත කටහඩක් හිමි පුද්ගලයා කව්දැයි බැලීමට ආශාවක් ඇතිවිය.. ඔහු ගීතයක් ගයන විට උඩු මහලේ සිට සාජ්ජය දෙස බැලුවේ ඔහු කව්දැයි දැක ගැනීමේ ආශාවෙනි...


    දෑස් පියාගෙන දැහැනට සමවැදුනු අයුරින් ගයනා කරන . කොණ්ඩය පොකුටු සුදු උස තරුණයෙක් ඇයට දැක ගැනීමට හැකි විය . ඔහුගේ රුවද ඇයගේ සිත් ගත්තේය .. එදා සිට ඇය එම හඩටද හඩ හිමි තරුණයාටද සිතින් පෙම් කිරීම්ට පෙලබුනි .. ඔහු ගී ගයන සැම දිනකම උඩු මහලේ සිට ඔහු දෙස බලාගෙන සිටීම ඇයගේ පුරුද්දක් වී තිබුණි .


    දිනක් ගයනා කරන විට අහම්බෙකින් ඔහුට ඇයව දැක ගැනීමට හැකිවිය . තමන් දෙස දැඩි උවමනාවෙන් බලා සිටින රුවැත්තිය දෙස ඔහුත් බැලුවේය . දෙදෙනාගේම සිව් නෙත් එකට යාවුනි . ඇය සිනාසුනි ඔහුත් පෙරලා ඇයට සිනාසුනි ඒ නෙත් වල සංසාරගත බැදීමක් ඔහු දකින්නට ඇත .. එත් ඈ කාගේ කව්දැයි ඔහු නොදනී...


    “ මේ වගේ දිනක් නෑ එන්නේ - ඈ කොහේ ලදක් දෝ නෑ දන්නේ...
    පෑ රිදී සිනා කැන් ඒ දෑසේ - මා සිතින් මැකිලා යා නොවේ ....”


    එදා සිට පැදුරු සාජ්ජ පැවැත්වෙන සැම දිනකම ඔවුන් දෙදෙනා නෙත් වලින් කථා කලෙය .සිතින් දෙදෙනාම දෙදෙනාට ආදරය කළේය . තවත් මෙය සිත තුල සිරකරගෙන සිටීමට අපොහොසත් වූ ඇය ලිපියකින් මෙය ඔහුට දැන්වූයේය.. එහෙත් තරුණයා එය පිළිගැනීමට බිය විය . එයට හේතුව මුදලාලිගේ සිතුම් පැතුම් ගැන ඔහු දැනසිටි නිසා විය යුතුය . තමා වැනි දුප්පත් තරුණයෙක්ට ඔහු තම දියණිය සරණපාවා දීමට කිසි දිනෙක කැමැති නොවන වග ඔහු දැන සිටියා විය හැක.


    එහෙත් අවසානයේ ඇය ජය ගත්තාය .. ඇයගේ බලවත් පෙරැත්තය මත ඇගේ ආදරය පිලි ගැනීමට ඔහුට සිදු විය . කිසි දිනෙක ඔහුව අතහැර නොයන බවට ඇය පොරොන්දු විය.. කෙදිනක හෝ ඇයව විවාහ කර ගන්නා බවට ඔහු පොරොන්දු විය..


    “දිනක රන්සළු පලදා සද නැගී හෝරාවෙන් ....
    පැමිණ ඔබ ගෙන යමි කුමරියේ පෙම් දෝලාවෙන් ......................”


    දෙදෙනාගේ ප්‍රේමය කාටත් රහසේ බොහෝ කාලයක් දළුලා වැඩුනි.. එහෙත් වැඩි කාලයක් ලොවට රහසේ මෙම පෙම් පලහිලව්ව පවත්වාගෙන යාමට දෙදෙනාට හැකියාවක් ලැබුනේ නැත.. ආදරයත් කැස්සත් වසන් කල නොහැකියි යන කියමන සනාථ කරමින් ඔවුන්ගේ රහස පියාට දැනගැනීමට ලැබුණි ..
    මෙය දැනගත් විට මුදලාලි යක්‍ෂාවේශ විය.. ඔහු දෙදෙනාටම නවත්වන ලෙස තදින් අවවාද කළේය.. මෙය නතර කිරීමට ඔහු නොගත් උත්සහයක් නැත.. ඔහු දියණියට නිවසින් එලියට යාම පවා තහනම් කළේය.. එහෙත් ඔවුන් දෙදෙනාගේ සිත් වල ඇති ප්‍රේමය තහනම් කිරීමට පියා අපොහොසත්ය..


    “මගේ පාලු ලෝකයේ තනිවූ මේම ... සක්විති රජුන් හමුවේ නැත හිසනම ..
    සිතුවිලි මගේ හසුරා ගතහැක නමා .. මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා ..”


    මේ සම්බන්දයෙන් මුදලාලි ගත් සියළු පියවර අසාර්ථක විය . තරුණයාට කොයි තරම් අවවාද කලත් තර්ජනය කලත් පලක් නොවුනි .. අවසානයේ දියණිය කාමරයේ සිරකළ අතර .. පැදුරු සාජ්ජ කණ්ඩායම සමග නිවසට එන මේම තරුණයාට නැවත නිවසට ඒම තහනම් විය.. එදා සිට ඔහුට සුවිසල් මැදුරේ දොර වැසුනි..


    “ මැදුරේ දොරගුළු ලු නියා ... අදුරේ මා තනිවූ නියා...
    මට සිහිවෙනවා .. මේ දැන් වාගේ නෑ මා හැඩුවේ එදා...
    රන්මසු නැහැ කියා මා දිලිදුයි කියා කිවා....මට තව මතකයි ඒවා ...”


    තමන්ගේ දුප්පත් කම නිසා මුදලාලි මෙම සම්බන්දයට කැමැති නොවන බව ඔහුට වැටහුනි.. එහෙත් කිසි දිනෙක ඇයව අමතක කිරීමේ හැකියාවක් ඔහුට නැත..


    මේ අතර පියා ඔහුට හැකි උපරිමයෙන් ක්‍රියා කලත් දෙදෙනාගේ සිත් වෙනස් කිරීමට ඔහුට නොහැකි වීය.. සියලු වෑයම් අසාර්ථකවී හෙම්බත්වී සිටි මොහුට .. අමුතුම උපායක් කල්පනාවිය. එතැන් පටන් ඔහු ක්‍රියා කලේ වෙනස් ආකාරයකටය . මෙතුවක් ක්‍රියා කල ආකාරය සහමුලින්ම කණපිට පෙරලුනා වැනිය.. නැවතත් සංගීත කණ්ඩායම සමග තරුණයාට නිවසට ඒමට අවසර ලැබුණි .. මෙතෙක් නිවාස අඩස්සියේ සිටි තරුණියට ද ක්‍රම ක්‍රමයෙන් තම සුපුරුදු නිදහස බුක්ති විදිමටද අවකාශය ලැබුණි..


    මෙයින් උපරිම ප්‍රයෝජන ගත් පෙම්වතුන් නැවතත් ප්‍රේමයෙන් වෙලුනි මෙතෙක් ඔවුන්ට තිබු එකම බාදකයත් තුරන්වී ඇති බැවින් දැන් ඔවුන්ට බිය වීමට කිසිම හේතුවක් නැත .. මේ අතර පියා මොවුන් දෙපලට ගේ එක්වීමට තමන්ගේ අකමැත්තක් නැති බව ප්‍රකාශ කලේය ..


    එහෙත් තරුණයාට පියාගේ පොරොන්දුවකට යටත් වීමට සිදුවිය . තරුණයත් ඔවුන්ගේ මට්ටමට සමාන තරමක පොහොසතෙකු වීය යුතු බවත් පැවසූ පියා එතෙර රටක රැකියාවක් ඔහුට සොයාදී එහි පිටත් කළේය .. නැවතත් වසර කිහිපයකින් සිය රටට පැමිණි පසු විවාහය සිදු කර දෙන බව පැවසුවේය .. දෙමාපිය අසිර්වාදය ඇතිව එක් වීමට ලැබීම බග්‍යක් ලෙස සිතු දෙදෙනා එයට කැමැති වීය .. නැවත සිය රටට පැමිණ ඇයගේ අත ගැනීමේ බලාපොරොත්තුව ඔහු වෙනත් රටකට යාමට ගුවන්තොටුපොළ බලා පිටත්විය ...


    “ඒදා රැ ගුවන්තොටු පොලේදි මා ...
    වෙන්වී ගියේ..... සිතකින් නොවේ ......’


    දුරු රටක තනිවී සිටියත් ඔහු එය සතුටින් විද ගත්තේ . සියලු දුක් දොම්නස් විදින්නේ ඇය නිසා බව සිතමිනි.. එම කාලයේ පණිවිඩ යැවීමේ ප්‍රධානම ක්‍රමය වුයේ ලිපි මාර්ගයෙනි ඔහු ඉඩ ලැබෙන සැම විටම ඇයට ලිපි ලීවේය .. ඇයගෙන් ලිපි එනතුරු මග බැලුවේය .. එහිදී ඔහුගේ එකම සතුට වුයේ ඇය සිහි කරමින් ලිපි ලිවීමයි..


    “ මධු මල ලෙස මුදු මගේ ප්‍රියදර මිහිරාවිය වෙතටයි ...
    ඔබ සිහි කර කර ..ඔබට ලියන ඒක මට ඇති ඒක සතුටයි ....




    එහෙත් වැඩි කාලයක් දෙදෙනාට ලිපි ගනුදෙනුව කිරීමට ඉඩ ලැබුනේ නැත . පියා ඒ වන විට ඔහුගේ සැලැස්ම ක්‍රියාවට නංවමින් සිටියේය .. ඔහු දියණියගේ නමට එන ලිපි ඇයට ලැබෙන ඒක වැළකුවේය.. එමෙන්ම ඇය විසින් තැපැල් කරන ලිපි ඔහුට නොයන ලෙස ඔහුගේ බලපුලුවන් කාරකම් ප්‍රයෝජනයට ගනිමින් වැළකුවේය..




    කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකිව අසරණව සිටින දියණියගේ සිතට විසබීජ දැමීමට පියා පටන් ගත්තේ එතැන් සිටය.. ඔහු වෙනත් තරුණියක හා හාද බව පවසමින් දියණියගේ සිත වෙනස් කිරීමට උත්සහ කල පියා අවසානයේ ජය ගත්තේය .දියණියගේ සිත වෙනස්වූ විගස එයින් ප්‍රයෝජන ගන්න සිතු . පියා තම පවුලට ගැලපෙන තරුනයෙක්ව ඇයට යෝජනා කළේය .. දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින තරුණිය එම යෝජනාවට කැමැති වීය... බලන්න පිවිතුරු ආදරයක් දෙකඩ කරමින් මුලාව ජයගත් අපුරුව...




    මේ අතර කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකිව සිටි තරුණයාට අවසානයේ දැනගැනීමට ලැබෙන්නේ ඔහු පනමෙන් ආදරය කල තරුණිය පොහොසත් තරුණයෙකු හා ලගදි විවාහවීමට යන බවයි .. මෙයින් දැඩි දුකට පත් තරුණයාට කල හැකි කිසි දෙයක් නැත .. ගිවිසුම් කාලය අවසාන වනතුරු නැවත සිය රට බල යාමටද ඔහුට හැකියාවක් නොමැත .. ඉතාමත් දුක්බිත වූ තරුණයාට කළහැකි එකමදේ සිතින් ඇයට සුභ පැතීම පමණි....


    “අදහෙට ඔබ මා අතහැර යනබව දැනගන්නට ලැබුනා - රහසින් මට ඇසුණා..
    ඔබ රවටා නැත .. ඔබ හඩවා නැත ...
    දැන දැන මා නම් වැරදිකරේ නැත ...
    ඔබ ගැන මට පුදුමයි .....
    වෙනසක තතු නොහැගෙයි....




    එයිට කාලයකට පසු ඔහු නැවත මව් රටට පැමිණියත් ඒ වනවිට ඔහුගේ පෙම්වතිය විවාහවී අවසානය... එහෙත් දිනක් දෙදෙනා අහම්බෙන් මුණ ගැසී කතා කරනවිට තමයි ඔවුන් දෙදෙනාටම වැටහෙන්නේ පියා තමන්ව මුලා කර ඔහුගේ අදහස ඉටු කරගත් වහ... එහෙත් දැන් ඔවුන්ට කල හැකි යමක් නැත දුක දරාගෙන වෙන්වීම හැරෙන්නට ඇය දැන් විවාහකය ..


    “අවසර නැත මට ඔබේ අත ගන්නට බැමි බැද ඇත ලොව සතර දෙසින් ...
    එනමුදු උපදින හැම බවයකදිම මම ඔබ හිමිකර ගනිමි ලදේ ...


    පසුව ඔහු ඉතාමත් ජනප්‍රිය ගායකයෙක් බවට පත් වෙනවා .. ඔහුගේ ලයාන්විත කට හඩට දහස් ගනන් ජනතාව ආදරය කරනවා .. එහෙත් ප්‍රථම ප්‍රේමයෙන් පරාජයවී ලැබූ අත්දැකීම මනසින් මැකීමට ඔහු අපොහොසත් එම නිසාමදෝ ඔහු මත්පැන් පානය කිරීමට පෙලබෙනවා... ඒ මෙන්ම ඔහු ගයනා කල ගීතවල ඔහු විදි විරහව කැටිවී තිබෙනවා හරිම අපුරුවට..


    අවසානයේ මේ අග්‍රගණයේ පුද්ගයා අසනීපවී මිය යනවා.. එයත් හරි අපුරු සිදුවීමක් විදියට මක්නිසාදයත් ඔහු මියයන්නේ ඔහු පනමෙන් ආදරය කර ඔහුට හිමිකර ගැනීමට නොහැකිවූ පෙම්වතියට අයිති නවලෝක රෝහලේ රෝහල් කාමරයක් තුල ඇයගේ ඇස් ඉදිරි පිටදීම වීමයි ..




    මරු කතරේ මිනිස්‌ පුරේ
    කොතැනක වේවා
    මෙතේ බුදුන් පාමුල ඔබ
    නෙළුමක්‌ වේවා


    Source : http://chami4u.blogspot.com/2012/07/blog-post.html
     
    • Like
    Reactions: Lewke and SaraDil