ගියා කියන්නකෝ ජපුර කැම්පස් එකට. සිහ් අපේ එකේ හිටියේ නැහැනේ ඔහොම ටැලි
බීපුවාම වෙන ආතල් සිද්ධියක් පෙරේදා රෑ සිදුවුනා බේබද්දනි.....
කොයි වේලේ විදුලිය විසන්ධි වේ දැයි කිව නොහැකි නිසා කෙටියෙන් කියමි....
පෙරේදා රෑ යාළුවෙක්ගෙ හෝම් කමින් එක තිබුනා...මායි මගේ යාළුවෙකුයි බයික් එකේ ගියා අපේ තව යාළුවෙක්ගේ ගෙදර...එතනට ඇවිත් හිටියා එක පන්තියේ හිටපු අපේ අනිත් උන් කීප දෙනත්...ඔක්කොම අපි පස් දෙනයි.....බයික් ටික එහේ දාල ඒ ගෙදර එකාගේ කාර් එකේ ඔන්න පස් දෙනා වෙඩිමට ගියා.....
එදා කරන්ට් එක නෑ නේ...ඉතින් කරුවලේ ඉඳගෙන ඉන්නකොට බෝතල් මේසෙට ආවා....එතකොටත් රෑ 9ට විතර ඇති....පරක්කු වෙලත් තියන නිසා කට්ටිය තරඟෙට වගේ නමාගෙන නමාගෙන ගියා....ගෝල්ඩ් ලේබල් කියල ලෝකල් බ්‍රෑන්ඩ් එකක් තිබුනේ...නයි කෑව වගේ ඒකට....කලවම් ද මන්දා....
බෝතල් දෙකක් ඉවර වෙලා තුන් වෙනි බෝතලේ ටේබල් එකට එනව මතකයි....එතනින් පස්සෙ කොච්චර බිව්වද, කෑවද ප්‍රමාණයක් මතක නෑ...පස්සෙ කඩින් කඩ මතක හැටියට මෙහෙමයි සිද්ධිය....
ආපහු යන්න අරූ කාර් එක හරවන්න ගිහින් කණුවකට ඉස්සරහ රෝදෙ දාගෙන....ඔන්න ටික වෙලාවක් යද්දි කට්ටිය පිරුන එතෙන්ට...එකෙක් කිව්ව ගලක් හොයන් ඇවිල්ල රෝදෙට හිර කරල කාර් එක උස්සල තල්ලුවක් දාමු කියල...කියන සැනින් මං පත කළු ගලක් උස්සන් ආව....රෝදෙ වැටිල තියන කාණුවට බහින්න හදනවත් එක්කම මාව කාණුවට පතබෑවුනා කියහංකෝ අර ගල් තඩියත් එක්කම
.....වැටිල ඉන්ඳ උනා කියහංකෝ අර බණ අහන්න ඉඳගන්නවා වගේ ගල් ගෙඩියත් ඔඩොක්කුව උඩ තියන්
...... විලි නෑ වටේ උන් හිනා වෙනවා....දනි පනි ගාල නැගිටල කළු ගලත් රෝදෙට හිර කරල කාණුවෙන් ගොඩ ආව
.....
ඔන්න එතන සිද්ධිය ඉවර කරල දැන් ආපහු එනව....කාර් එකේ අයිතිකාරයගෙ අයිය ඩ්‍රයිව් කරනවා...මං ඉස්සරහ අනිත් සීට් එකේ... අනිත් තුන් දෙනා පිටි පස්සෙ...ටික දුරක් එනකොට නවත්තපං නවත්තපං කිව්ව පිටිපස්සෙ හිටපු එකෙක්....හම්මෝ පිටිපස්ස හැරිල බලද්දි මැද ඉඳගෙන හිරපු එකා කබරය පාරක් ස්ප්‍රේ කරල....ළඟ හිටපු එකෙක් ගෙ ඇඟෙයි, කාර් එකේ දොරකුයි වැහෙන්නම
...මහ රෑ වතුර හොයන්න නෑ හෝදන්න වත්..වෙලාව 1 ට විතර ඇති......
මායි තව එකෙකුයි බයික් දාල ගියපු තැනින් බැස්සුවා බයික් දෙකත් අරගෙන කාර් එක අයිති පොරගෙ මහ ගෙදරට එන්න කියල...එහෙන් අරූවත් නාවල, කාර් එකත් හෝදල දාමු කියල...මොකද එහේ නෝන්ඩි නැතුව වැඩේ කරගන්න පුළුවන් නිසා.......
මට බයික් එකට නගිනවා මතකයි....එතන ඉඳන් කාර් එක හෝදන තැනට කිලෝමීටර් 1 හමාරක් විතර තියනවා.....මට මතක නෑ පැදන් ආපු හැටි..වැලි පාරක් තියෙන්නේ......අනිත් බයික් එකේ ආපු එකා කිව්වා මං බයික් එක ස්ටාට් කරනව විතරළු දැක්කේ....විදල ගියාලු
...... අතර මග දෙතුන් තැනක වැටෙන්න ගියා මතකයි....ආයේ මතකයි අරුන් කාර් එක හෝදන්න ගියපු ගෙදර ගේට්ටුව පහු කරන් මං යනවා
...ඒත් එක්කම බ්රේක් පාරක් ගැහුවා වැලි පාරේ...
ඊළඟට මතකයි මං වැටිච්ච බයික් එකක් කෙලින් කරන්න හදනවා.... බ්රේක් කරපු පාරට බයික් එක ආපු අතට විරුද්ද පැත්තටම කැරකිලා වැටිල...අංශක 180 බයික් එක ආපස්සට කැරකිලා....වෙලාවට තුවාල මුකුත් නෑ මටත්, බයික් එකටත්....
පස්සෙ ගියා කබරය දාපු එකා හෝදන තැනට...එතන ඌව හෝද හෝද ඉද්දි එකෙක් පතබෑඋනා මල්පෝච්චි දෙකකුත් පෙරලගෙන....වැඩිය මීටර් නෑ..ඌවත් නැගිට්ටවගෙන, කබරයා දාපු එකාවත් දාගෙන ආපහු ආව මග දුරක්...ඇවිත් කාර් එකේ ආපු උන් දෙන්නව ගෙදරට දාල කබරය දාපු එකාගේ බයික් එක මං පැදගෙන, ඌව පිටිපස්සේ දාගෙන එනව මතකයි...අනිත් පොර මගින් හැළුනා උගේ ගෙදරට යන්න.....
මගේ මෝඩ කම කියන්නේ දබුලු පාරේ එන ගමන් ප්ලැටිනා බයික් එක යනව මදි කියල ඇක්ස්ලේටරේ කරකවන්න පුළුවන් උපරිම කැරකෙව්ව මතකයි..... ස්පීඩ් එක 95 ට විතර ගියා මතකයි..පොලිසියෙන් හිටියද නැද්ද මතක නෑ....ඉඳියි කියල බයට තමයි විදල ඇවිත් තියෙන්නේ.....බීල කොච්චර බයික් පදින් නෑ කියල හිතන් හිටියත් බීපු ගමන් ඒක අමතක වෙනවා...
ගෙදරට පය තියද්දි පාන්දර 3යි
පහුවදා උදේ තමයි හොඳම හරිය....මං කෝල් කරල කාර් එකේ අයිති එකාගෙන් ඇහුව මොකද තත්වෙ කියල...ඌ කාර් එක හෝදපු ගෙදරින් බනිනවළු පැලෙන්න....අපි කාර් එක හෝදලා ටැප් එක ඇරල දාල ඇවිත්....උදේ බලද්දි ටැංකියේ වතුර නෑ ලු.....අනිත් එක අර වැටිච්ච මල් පෝච්චි දෙක කෙලින් කරල තියෙන්නේ මල් ගස් වලින් අල්ලල උස්සල....මල් ගස් දෙකම ඉදිරිලා ලු පෝච්චි වලින්.......
ඊයෙ ශෝප් එක ඇරියෙ නෑ සිංහළුනි අමාරුව වැඩි කමට....තැඹිලි, ෆලූඩා, දෙහි පානය කරමින් ගෙදරම හිටියා.....
වැටිල තැලුම් පෙරලුම් දැන් දැන් අහු වෙනව කකුල් වල එහෙම


කෝට එක දැම්මම ඉවර පාටයි..
ගියා කියන්නකෝ ජපුර කැම්පස් එකට. සිහ් අපේ එකේ හිටියේ නැහැනේ ඔහොම ටැලි

උඹලට කටවල් පියාන ඉන්න බැරුව සෙටමෝලටත් කෙලවගත්තට පස්සේ ආයෙ මොන කතාද බ්‍රෝ....
මං හිතාන ඉන්නේ සෙටමෝල තියන්න ප්ලෑන් කරන් හිටපු දවසේ උදේම මෝර මාමිගෙයි කිඹුල මාමිගෙයි යූසර් සීපී දෙක පිරෙන්න තඩි රෙසලූශන් පික්ස් ටිකක් හොයල දාන්න බෝතල් පිරිච්ච....
සෙටමෝල කෑවට

නුද්දකින් තමයි....![]()
රයිඩරයගේ කතාව දැක්කහම මටත් කතාවක් මතක් වුනා...
මගේ යාලුවෙක් වෙඩිමකට ගිහිල්ලා අම්බානක ගහලා ගෙදර එන්න පිටත් වෙලා.. මූ දැන් කැප්ටන් කෙනෙක්.. හමුදාවේ අයියලගේ බීම දන්නවනේ...
ඉතිං ටිකකින් මනමාලයට කෝල් එකක් එනවලු ඉස්පිරිතාලෙන් ලෙඩෙක් ඇක්සිඩන් වෙලා ගෙනත් ඉන්නවා එයා තමයි මේ නොම්මරේ දුන්නේ පොඩ්ඩක් එන්න ලෙඩාව බලන්න කියලා.. ඉතිං අරූත් ගිහිල්ලා.. ( වෙලාවට උගේ හෝම්කමින් එක දවසේ) . මෙන්න අර ගිය එකා ඉන්නවලු ඇඳක පතබාලා කකුලකුත් කැඩිලා.. මූ ඇහුවලු මොකෝ වුනේ කියලා.. අරූ කියලා අනේ මන්දා බං හොටෙල් එකෙන් එලියට ඇවිල්ලා බයික් එක ස්ටාර්ට් කරලා ගියර් එක දැම්ම විතරයි ඩෝං ගාලා මොකද්ද එකක් ඇවිල්ලා හැප්පුනා කියලා.. දැන් මනමාලයා කල්පනා කරනවලු ඌ එනකොට හොටෙල් එක ලඟ මුකුත් ඇක්සිඩන්ට් එකක් වෙලා තිබ්බේ නැහැනේ .. ඒ මදිවට කවුරුත් මුකුත් කිව්වෙත් නැහැනේ කියලා.. පස්සෙ ඉතිං ඌ ඒවා අමතක කරලා අරූට අවශ්‍ය දේවල් ගෙනත් දීලා.. උගේ ගෙදරත් කියලා ආවලු.. මූ නිකමට හොටෙල් එක පහුකරන් ටික දුරක් ගියාලු.. පස්සේ කිලෝමීටරයක් විතර ගිහිල්ලා එතන තිබ්බ ත්‍රී වීල් පාක් එකකින් ඇහුවලු මේ හරියේ බයික් එකක් එහෙම වාහනේක හැප්පුනාද කියලා... අරුන් කිව්වලු වාහනයක නම් නෙමෙයි.. බයික් එකක් ලයිට් කනුවක වැදිලා තිබ්බා ඒත් තව කිලෝමීටර් එකහමාරක් විතර එහා කියලා.. මෙන්න යනකොට අරූගේ බයික් එකලු එතන අයින් කරලා තියෙන්නේ.. අර යකා හෝටලේ ඉඳලා කිලෝමීටර් දෙකකටත් වඩා ගිහිල්ලා ලයිට් කනුවක හැප්පිලා තියෙන්නේ... ඌ හිතන් ඉඳලා තියෙන්නේ බයික් එක ස්ටාර්ට් කරනකොටම මොකෙක් හරි ඇවිල්ලා හප්පලා කියලා..



එහෙනම් හේතුවක් හදාගෙන හරි ඒ පැත්තේ යන්නම ඕනි....!!
දවල්ට යනවා දතා නැති අතරේ.....
![]()
![]()



මිල්ක්බාර්? අපිට පැහැදිලි මදි![]()
බඩා මාමා හරි මිනිහා..
බයිසිකලේ නැගලා මෙයා
බඩ ටැංකිය උඩින් තියා
නැන්දිට බොරුවකුත් කියා
මිල්ක් බාර් එකට ගියා...

සින්හලුනේ මොකද වෙන්නේ මේ පැත්තේ..
ඔෆිස් එකේ වේ% ගෑනු එක්ක මම වලියක් දා ගත්තා//
අද බොන්න ඕනේ

එන්නද එන්නද?
ගේම ඉල්ලමු..
මම එන්නද? උඹේ වචනේ විතරයි ඕනේ...![]()


බෝම්බයක් ගහන්න ඕනේ මුන්ට බන්..මහ වේ& ගෑනු...එන්නද එන්නද?
ගේම ඉල්ලමු..
මම එන්නද? උඹේ වචනේ විතරයි ඕනේ...![]()




ඕකා අපේ ඔෆිස් එකේ කෙල්ලක් අල්ලගන්න හදන්නේ....ඒවා කොහෙද මා එක්කචීත්තයක් සාරියක් කිව්වොත්
හම්මෙ ඉතින් නේහ්?![]()

තෑන්ක්ස් මචන් හෙල්ප් කරන්න එන්න ඇහුවට..
උබ එන්නේ නැතුව ඉන්න ඒකම තමා මට කරන්න පුලුවන් හෙල්ප් එක![]()