Land Problem (Help)

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    යාළුවනේ, අපි පොඩි ඉඩම් කෑල්ලක් ගන්නයි හදන්නේ. අතේ තියන ගානට ගන්න පුළුවන් පොඩි ඉඩමක් හම්බ උනා.ඒත් ඒකෙ පොඩි ප්‍රස්නයක් තියනවා. කවුරුහරි දන්නා කෙනෙක් ඉන්නවා නම් මේ කට උත්තර දෙන්න. දන්නේ නැත්නම් bump එකක් දාල සහයෝගයක් දෙන්න. Rep+ දෙමි.
    අපි ගන්න යන්නේ පහල සටහනේ දක්වල තියන වගේ ඉඩම් කැල්ලක්.



    2jdriow.jpg


    ඒ ඉඩම ලගින් යන කොන්ක්‍රීට් අතුරුපාරේ එක පැත්තක එක්තරා දුරකට විතරක් කානුව දාල තියනවා. කානුව පාරේ අවසානය දක්වා දාල නෑ. අනික් පැත්තේ ඒ කියන්නේ අපි ගන්න යන ඉඩම තියන පැත්තේ කානුව කොහෙත්ම දාල නෑ. ඉතින් අපි ගන්න යන ඉඩමට පාරෙන් එහා පැත්තේ ගෙදර අය පාර හරහා පාරේ යටින් බටයක් දාල අපි ගන්න යන ඉඩම හරහා එතන තියන කුඹුරට එයාලගේ ලිදේ නාන වතුර බස්සවනවා.



    1. ඉතින් අපිට කිසි කතාවක් නැතුව ඒ කානුව වහල දාන්න පුලුවන්ද ?
    2. කානුව වැහුවම ඒ ගෙදර උන් හෝ ප්‍රාදේශීය සභාව අපේ ඉඩමට මායිව පාර අයිනෙන් කානුව දාල දෙන්න කියාවිද?
    3. මේකේ නීතිමය තත්වය ගැන දැන ගන්න පුළුවන් කොහෙන්ද ?
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,034
    16,723
    113
    ප්‍රාදේශීය එකට ගිහින් අහපන්.ඔය ඉඩම ගන්නවානම් අහල පහල උන් එක්ක ප්‍රශ්ණනම් දාගන්න එපා.
     
    • Like
    Reactions: Pilot in the Toilet

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,796
    6,360
    113
    1. ඉතින් අපිට කිසි කතාවක් නැතුව ඒ කානුව වහල දාන්න පුලුවන්ද ?
    2. කානුව වැහුවම ඒ ගෙදර උන් හෝ ප්‍රාදේශීය සභාව අපේ ඉඩමට මායිව පාර අයිනෙන් කානුව දාල දෙන්න කියාවිද?
    3. මේකේ නීතිමය තත්වය ගැන දැන ගන්න පුළුවන් කොහෙන්ද ?

    1.ඉඩමේ අයිතිය තියෙනව නම් කානුව වහන්ට පුළුවන් අවුලක් නෑ. හැබැයි මිනිස්සු තරහ වෙයි වලි දාන්ට ඉඩ තියෙනවා.
    කතා කරලා විසදා ගන්න එක හොදයි
     
    • Like
    Reactions: Pilot in the Toilet

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ප්‍රාදේශීය සභාවට ගිහින් කතා කරල කානුව හදවගන්න බලපන්. හදවගන්න පුළුවන් තත්වයක් තියේනම් බටේ දාපු එවුන්ටත් කතා කරලා උන්ගෙනුත් සප් එකක් අරන් කානුව දාලා, බටේ ඒකට හරවලා දාපන්. ප්‍රශ්නෙත් ඉවරයි මිනිස්සුත් තරහ වෙන්නෙ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: Gamage2015