පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    "පොත් විකුණන කඩයක් තියෙනවා...." තව විස්තර කියනවද?

    උපරිමාධිකරණ සංකීර්ණයට ගිහින් කාගෙන් හරි අහපන්..
    හැබැයි මට ෂුවර් නෑ පුතා එතන ගන්න පුලුවන්ද කියලා.
    උඹට සල්ලිවලට ගන්නේ නැතිව කියවන්න විතරක් නම් අනිවා ශුවර් ප්ලේස් එකක් දෙන්නම්.
    රේස් කෝස් එකට මෙහා පැත්තේ නැෂනල් ආකිව්ස් එකට පලයන්.ඕන මගුලක් තියෙනවා..
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    මෑත කාලයේ ඉතාමත් සැළසුම් සහගත ලෙස කරපු මිනිමැරුමක් තමයි මාතලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවගේ ඝාතනය නිසැක වශයෙන්ම මේ මිනිමැරුම අපරාධ විද්‍යාව පිළිබඳව ඉතාමත් හසළ දැනුමක් තියෙන පුද්ගලයෙක් විසින් කරපු දෙයක්

    පොලිසියෙන් ඝාතකයා කියලා අත් අඩංගුවට ගත්ත කෙනා මත්දව්‍ය වලට පුරුදු වුන පුද්ගලයෙක් මම දැක්කා මිනිහා පාපොච්චාරණයේදි කියලා තිබුනා මේ කෙල්ල නිදාගෙන හිටියා විදිය හඳ එළියෙන් දැක්කා කියලා ඒ දවස හඳ තියෙන දවසක් නෙමේ :lol: අනික් එක ඒ සිද්ධියේදි ස්ත්‍රී දුෂණයක් සිදුවෙලා තිබුන බවක් මරණ පරික්ෂණයේදි සඳහන් වුනේ නෑ. නමුත් මේ අත් අඩංගුව
    ගත්ත කෙනා කියලා තිබුනා දුෂණය කලා කියලා සෑහෙන පරස්පර විරෝධි දේවල් මේ සිද්ධියේ තියෙනවා :angry::angry:


    මේකට අදාලව මම දන්නේ මේකේ DNA Teat එක ගැන විතරයි බං..
    ඒකත් මෙතන කියන්න බෑ.මොකට ඒ ටෙස්ට් රිපෝට් එක තවම එලියට දැම්මේ නෑ.
    මොනවාව් උනත් පට්ට ලස්සන සීන් එකක් ඕකේ ගියේ.
    මම පොඩ්ඩක් බලලා ඇවිත් හෙට පොඩි විස්තරයක් කියන්නම්..:yes::yes:
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    මම දන්න පොරක් ඉන්නවා.
    මිනිහා තමයි මම දන්න අයගෙන් මිනීමැරුමක් මේ ලංකාවේ සිරාවටම ප්ලෑන් කරන චරිතේ.
    පොරට වෛද්‍ය අධ්‍යාපනය + DNA පරීක්ෂණ පිළිබඳ දැනුම + පශ්චාත් මරණ පරීක්ෂණ දැනුම + නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු ඔප්පු කිරීමේ ක්‍රමය වගේම මැරෙන්න යන එකා හිතන පතන විධියත් මාරම ලස්සනට දන්න එකෙක්.
    කාලයක් දකුණු පළාතේ පාතලයට සම්බන්ධ වෙලා හිටියේ.
    හැබැයි දැන් නම් රටේ එක්තරා බුද්ධි සේවයකට වැඩකරනවා.
    ලංකාවේ වෙන ගොඩක් අපරාධ ස්ථානවලට රහසේම මිනිහව අරන් යනවා.එක එක විධිවලට.
    මට අන්තිමට මුණගැහුනේ දංකොටුවේ සීන් එක වුන තැන.
    මූ සරමකුත් ගහගෙන සෙරෙප්පු දෙකකුත් නැතිව රබර් ගහක් යට වාඩිවෙලා ගමේ සීයලා දෙන්නෙක් එක්ක බුලත් විටක් කනවා.
    මට හිනාව නවත්තගන්න බැරි වුනා.
    මරු චරිතේ..:yes::yes:

    machan buwa police eke dial ekakda?mama kiwwe piliyandala police eke hitiye ekekda
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    දැන් පේන විදිහට මාදුලුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ අපවත්වීමත් පට්ට ගේම් එකක් වගේ නේද?
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කන්නාඩියා නම් ප්රියන්ත ලග හිටියේ උගේ පට්ට ප්ලෑන් තිබුනේ උගේ මොලේ තමයි ගොඩක් උන් වැඩ කරේ..තවමත් පොර වැඩ
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Interesting thread එකක්....

    'පරිපූර්ණ මිනීමැරුමක්' කියන්නේ (සෛද්ධාන්තිකව) motive එකක් ඔප්පු කරගන්න බැරි මිනීමැරුම් වලට. මිනීමැරුමක් ඔප්පු කරන්න 1. motive 2. means 3. opportunity කියන තුන ඔප්පු කරන්න ඕන.

    මිනීමැරුම් පරීක්ෂණය පටන් ගන්නේ motive එකෙන්. Motive එකක් නැති හෝ එවැන්නක් සොයා ගන්න හා ඔප්පු කරන්න බැරි ඒවා නඩු මට්ටමට වත් යන්නේ නෑ. "Strangers on a Train" කියන චිත්‍රපටයට පදනම් වෙන්නේ මේ පරිපූර්ණ මිනීමැරුමක් පිළිබඳ තියරිය.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113

    අපේ පැතිවල තියනවා උලු පෝරණු රෑට මුර කාරයෝ අඩිය ගහලා නිදි..බොඩිස් එකක් ගෙනත් ගින්දරට දැම්මෝත් උදේ වෙද්දි කිසි දෙයක් ඉතිරි වෙන්නේ නෑ :rolleyes:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    කන්නාඩියා නම් ප්රියන්ත ලග හිටියේ උගේ පට්ට ප්ලෑන් තිබුනේ උගේ මොලේ තමයි ගොඩක් උන් වැඩ කරේ..තවමත් පොර වැඩ

    නෙලුවේ ප්‍රියන්තද..?
    ඔය කණ්නාඩියා කියන්නේ අමිල චූටි ළඟ හිටිය එකා ද..?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මීට අවුරුදු දෙක තුනකට කලින් අපේ පැත්තේ පංච පුද්ගල මිනී මැරුමක් උනා.මහ වැස්ස දවසක වෙඩි තියලා මරලා ඇලකට දාලා ගිහින්.නඩුවට මොනා උනාද දන්නෑ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,515
    17,518
    113
    Auckland
    මීට අවුරුදු දෙක තුනකට කලින් අපේ පැත්තේ පංච පුද්ගල මිනී මැරුමක් උනා.මහ වැස්ස දවසක වෙඩි තියලා මරලා ඇලකට දාලා ගිහින්.නඩුවට මොනා උනාද දන්නෑ

    :lol::lol::lol::lol:

    යට ගහල ඇති
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,358
    943
    113
    Godric's Hollow
    දෙවියන්ගේ කැමැත්ත මත සියල්ල සිදුවේවි


    1979 ජනවාරි මස 31 වැනි දින කොළඹ මහ රෝහලේ අංක 47 දරන වාට්ටුවට එක්තරා සිහිසුන් රෝගී කාන්තාවක ඇතුළත් කෙරුණේ ඉතා අසාධ්‍ය තත්ත්වයෙන්ය. ඉයුනිස් පිරිස් නමැති එම කාන්තාව රෝහලට භාර දුන්නේ සුදෝසුදු මුහුණ පුරා වැවුණු දිගු රැවුලකින් මෙන්ම සුදු ලෝගුවකින් සැරසුණු දේවගැතිවරයකු විසිනි.
    මෙම කාන්තාවගේ සැමියා වූ ඔහු වැඩිපුර කතාබහකින් තොරව රෝගියා වාට්ටුවට ඇතුළත් කර ටික වේලාවකින් පිටව ගියේය. රෝගියාට අදාළ ප්‍රතිකාර ඇරැඹුණ ද ඇය ගේ රුධිරයේ සීනි සාන්ද්‍රනය ඉතා පහත් තත්ත්වයක පැවැතිනි. ඒ අනුව වෛද්‍යවරයා ප්‍රථමයෙන් කළේ සේලයින් හා මුසුකොට ‘ඩෙක්ස්ට්‍රෝස්’ නමැති සීනි මට්ටම ඉහළ නැංවීමේ ප්‍රතිකාරය ඇයට ලබාදීමය. එසේ වුව ද රෝගියාගේ තත්ත්වය දිනෙන් දිනම නරක අතට හැරුණේ රෝගියා භාර වෛද්‍යවරුන් උභතෝකෝටික ගැටලුවකට මැදි කරවමිනි.
    ඇයට දියවැඩියා තත්ත්වයක් ඇතැයි කීව ද ඇය පරීක්ෂා කළ වෛද්‍යවරයාට එවැනි තත්ත්වයක් පෙනී ගියේ නැත. මේ අතර අදාළ වෛද්‍යවරයා තවත් වෛද්‍යවරයකු සමඟ විවේකී මොහොතක තේ පානය කරමින් සිටියදී නිකමට මෙන් මෙම රෝගියාගේ රෝග තත්ත්වය ගැන කතා කළේය. රෝගියා ගේ භාරකරු දේවගැතිවරයාගේ ස්වරූපය ද සඳහන් කළේ එතරම් නොසිතාය. එසැනින් අනෙක් වෛද්‍යවරයාට සිහිපත් වූයේ පසුගිය වසරේදී මෙම දේවගැති විසින්ම රෝහලට භාර දුන් පසු මේ රෝග ලක්ෂණ සහිතව මරණයට පත් වූ රෝගියකු පිළිබඳ සිද්ධියකි.
    Mathews.jpg
    මැතිව් පීරිස්
    කෙසේ වුවද සිරුරේ අධික ඇඳ වණ සහිතව රෝහලට ඇතුළත් කරන ලද මෙම ඉයුනිස් පීරිස් නමැති කාන්තාව කාලාන්තරයක් තිස්සේ මොළයට වූ හානිය හේතුවෙන් පෙනහළුවල නිව්මෝනියා රෝග තත්ත්වයෙන් මාර්තු මස 19 වැනි දින මිය ගියේය. ඉයුනිස් පීරිස්ගේ රෝගයට හේතුව දරුවන්ගෙන් වෙන්වීම නිසා වූ මානසික බිඳවැටීමක් ලෙස හුවා දැක්වීමට මෙම දේවගැතිවරයා අප්‍රමාණ වෙහෙසක් දරුවාද මරණයට පෙර ඇය පරීක්ෂා කළ මනෝ ව්‍යාධි වෛද්‍යවරයාගේ නිගමනය ඉන් සම්පූර්ණයෙන් බැහැර වූ එකක් විය. ඊට හේතුව වූයේ ඇගේ දරුවන් වාසය කළේ එංගලන්තයේ වීමය.
    මරණයේ කටයුතු අවසන් වීමත් සමඟ මරදාන පොලිසියට පැමිණිල්ලක් ලැබුණේය. ඉන් කියැවුණේ මෙම මරණය සැක කටයුතු ලෙස සිදුවූවක් බවය. රසල් ඉංග්‍රම්ගේ මරණය පිළිබඳ සැක සංකා කරලියට පැමිණෙන්නේද මෙහිදීය. රසල් ඉංග්‍රම් හා ඇයගේ බිරිඳ වූ ‘ඩැල්රීන්’ ඉංග්‍රම් දූ දරුවන් තිදෙනකු ගේ මව්පියෝ වූහ. එකම කාර්යාලයක සේවය කරද්දී පේ‍්‍රමයෙන් බැඳුණු ඉංග්‍රම් යුවල සාමාන්‍ය ජීවිතයක් ගෙන ගියේය. ඩැල්රීන්ගේ සොයුරිය වූ ‘තෙරේසා’ දැඩි ආගමික භක්තිමත් කාන්තාවක වූවාය. ඇය ගේ මැදිහත්වීම නිසාම ඩැල්රීන්ට දේවගැති මැතිව් පීරිස් හඳුනා ගැනීමට හැකි විය.
    ඩැල්රීන් ද මැතිව් පීරිස් දේවගැතිවරයා කෙරෙහි අප්‍රමාණ වූ භක්තියකින් හා විශ්වාසයකින් කටයුතු කරන්නට වූයෙන් ඔවුනොවුන් අතර හිතවත්කමක් බැඳී ගියේ ඉතා කෙටි කලකිනි. දේවගැතිවරයා කුමක් කීව ද එය මොනයම්ම අයුරකින් හෝ ඉටු කීරීමට තරම් දැඩි විශ්වාසයකින් ‘ඩැල්රීන්’ ඔහු කෙරෙහි සැදි පැහැදී සිටියාය. 33 හැවිරිදි සිහින් සිරුරැති ප්‍රියමනාප කතක වූ ඩැල්රීන්ට මැතිව් පීරිස් දේවගැතිවරයාගේ මායා දැළට කොටු වීමට එතරම් කලක් ගත වූයේ නැත.
    Mathews_1.jpg
    මැතිව් පීරිස් ජිවත් වූ නිවස
    මේ නිසාම ඇය ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස පත් කර ගැනීමට ද ඔහු පසුබට වූයේ නැත. මේ වන විට ඩැල්රීන්ගේ සැමියා වූ ‘රසල්’ ට රැකියාව අහිමි වී සිටි අතර දේවගැතිවරයා විසින් වෙනත් පත්තර කන්තෝරුවක රැකියාවක් සොයා දීමට පියවර ගත්තේය. එපමණකින් ද නොනැවතී සිය පවුලම දේවගැති නිවෙසට ද ගෙන්වා ගත්තේ ඔවුන්ගේ පවුලේ අභිවෘද්ධිය හේතුකොට ගෙනය.
    කාලය මෙසේ ගෙවී ගියේය. ඉතා කඩවසම් නිරෝගී උසැති ප්‍රියමනාප සිරුරකට හිමිකම් කී ‘රසල්’ හිටි හැටියේ ක්‍රම ක්‍රමයෙන් රෝගී තත්ත්වයක් පෙන්නුම් කිරීම කාටත් මහත් ගැටලුවක් වුහ. ක්‍රිකට් ක්‍රීඩාවේ ද බොක්ෂිං ක්‍රීඩාවේ ද යෙදෙමින් නිරෝගීව කල්ගෙවූ මෙසේ අප්‍රාණිකව දුර්වල වීම රසල්ගේ පවුලේ අයට ද සිතාගත නොහැකි විය.
    අධික නිදිමත නිසාම දිනකට අමතර පැය තුන හතරක් නිදා ගැනීමට රසල් පුරුදු විය. දිනක් රසල් බැලීමට ආ මාපියන් වූ ඇලෙක්ස් ඉංග්‍රම් හා කෝරා ඉංග්‍රම් යුවළට දේවගැතිවරයා පැවසුවේ රසල්ගේ අගන්‍යාසයේ සුළු සැත්කමක් කළ යුතුව තිබෙන බවට රසල්ගේ උදරයට අත තබමින් ඔහු එසේ පැවසීය. ඒ වන විට ද රසල් සිටියේ තදබල නින්දකය. රසල්ව වෛද්‍යවරයකුට පෙන්වීමට මාපියන් සූදානම් වුව ද ඔහු එය වළක්වා සිටියේය.
    ඉන් පසුව සිහිසුන් තත්ත්වයෙන්ම රෝහලට ඇතුළත් කරන ලද රසල් ඉතා අසාධ්‍ය තත්ත්වයක පසු විය. දේවගැතිවරයා හා ඩැල්රීන් පැමිණ රෝගියා රෝහලට ඇතුළු කළහ. දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන්නේ යැයි සැක කිරීම නිසා රසල්ගේ රුධිර පරීක්ෂාවන් සිදු කරද්දී තම රසායනාගාර ඉතිහාසයේ ප්‍රථම වතාවට රෝගියකුගේ රුධිරයේ ග්ලුකෝස් මට්ටම ‘0’ අගයක් ගැනීමෙන් මවිතයට පත් රසායනාගාර ශිල්පියා එය වැරැදීමක් යයි සිතා නැවත නැවතත් පරීක්ෂණ සිදු කළද එය අතපසුවීමක් හෝ වැරදීමක් නොවීය.
    රසල් ඉතා අමාරුවෙන් හුස්ම ගත්තේය. ඔහුගේ මුළු ගතම දහඩියෙන් නැහවී ගොස්ය. කලබලයට පත් වෛද්‍ය කාර්ය මණ්ඩලය සාමාන්‍ය පරිදි රෝගියාට සේලයින් හා මුසුකොට ‘ඩෙක්ස්ට්‍රෝස්’ දීමට කටයුතු කළහ. එම අවස්ථාවකදී රෝගියා යහපත් තත්ත්වයක් පෙන්නුම් කිරීම සාමාන්‍ය සිදුවෙයි. එහෙත් රසල් දැඩි ලෙස නොසන්සුන් බවක් පෙන්නුම් කළේ වෛද්‍ය ප්‍රතිකාර ද අභිබවා යමිනි.
    සිහිසුන්ව සිටි රසල්ට දියර ආහාර ලබා දුන්නේය. ඒ නාසයෙන් දැමූ බටයක ආධාරයෙන්ය. ඩැල්රීන් හා මැතිව් පිරිස් දේවගැතිවරයා ද නොවැරදීම රෝගියා බැලීමට ආහ. ඒ ඔහුට අවශ්‍ය වූ ආහාර ද රැගෙනය. රෝහලින් දෙන ආහාරවලට අමතරව ගෙනෙන ආහාර ද රෝගියාට සපයනු ලැබුවේ දේවගැතිවරයාගේ වුවමනාවටය. බොහෝ දිනවල ඔවුහු රෝගියා අසල වැඩි වේලාවක් රැඳෙති. රෝග සුව කිරීමේ දිව්‍යමය බලයක් තමා තුළ වෙතැයි යන සිතුවිල්ලෙන් ඔහු ආසක්තව සිටියේය.
    රසල්ගේ නළල මත අත තැබූ ඔහු කිසියම් අසාමාන්‍ය බැල්මකින් රෝගියා ගේ මුහුණ දෙස බලා සිටියේය. වරක් ඔහු කළේ රෝගියාගේ අතකට සවිකර තිබූ සේලයින් බටය අග වූ ‘කැනියුලා’ ව වැරැදි දිශාවකට යොමු වන සේ අත අඹරවා එහෙ මෙහෙ කිරීමය. තවත් දිනක සේලයින් බටයේ පාලකය සිරකර සේලයින් ශරීරයට ගලා යාම වළකා තිබිණි. මේ සියල්ල ඩැලරීන් ද නොදුටුවා නොවේ. එහෙත් ඇය නිහඬවම සිටියාය. දිනක් ඇය රෝහලේ සිට යන අතර මග දී ක්ලාන්ත වූවාය.
    Mathews_2.jpg
    ‘අනේ ෆාදර් මට මේ කිසිදෙයක් හිතා ගන්න බැහැ. රසල්ට මොනවද වෙන්නෙ. අපි මොකද කරන්නෙ. හැමෝම අපිට කැමැති නැහැ’ බඳ වටා අතක් යවමින් ඇය වාරු කර ගත් දේවගැතිවරයා මෝටර් රථයට ඇය රැගෙන ගියේය.

    ‘ඩැල්රීන් බය වෙන්න එපා. සියල්ලම දෙවියන්ගේ කැමැත්තට සිදුවේවි. මට දිව්‍යමය ආකර්ශනය තිබෙනවා. දෙවියන් අප සමඟයි. ඔහුගේ දිළිසෙන ගුප්තමය දෙනෙත් හමුවේ ඇය නැවැතත් ගොළු වූවා සේය. ඩැල්රීන් එතරම්ම ඔහුට අවනතව සිටියාය. සමහර අවස්ථාවලදී යන්තම් සුවයක් පෙන්නුම් කළද බොහෝ අවස්ථාවල රෝගියා දහඩියෙන් නැහැවෙමින් වේගයෙන් හුස්ම ඉහළ පහළ දැම්මේ අතිශය සංවේගජනක ලෙසය. මෙම යුවළ රෝගියා ළඟ සිටින බොහෝ දිනවල පමණක් මෙවැනි සුළු සුවයක් හෝ ලැබීම හෙදියන් ගේ ද නිරීක්ෂණයට හසුව තිබිණි. විවරව තිබූ දෙතොල් අතරින් සුදු පැහැති කුඩා පෙත්තක් දේවගැතිවරයා විසින් රෝගියාගේ මුවට දමනු අවට ඇඳන්වල රෝගීහු ද දැක තිබිණි. වෛද්‍යවරුන්ට ද මෙය තෝරා බේරා ගැනීමට නොහැකි වූ බවක් පෙනෙන්නට වූහ.
    මෙලෙස මරුවා සමඟ පොර බදමින් තම සැමියා මහ රෝහලේ ඇඳක් මත වැතිර සිටියදී මැතිව් පීරිස් දේවගැතිවරයාත් ඩැල්රීනුත් තහනම් ගසේ ඵල බුදිමින් නිදහසේ ගත කරද්දී 1978 අගෝස්තු 10 වැනි දින පාන්දර 3.30 ට රසල් ඉංග්‍රම් නමැති කඩවසම් තරුණ මිනිසා මරු තුරුලට ගියේ පැහැදිලි රෝග තත්ත්වයක් නොපෙන්වමින්ය. මොළයේ සෛලවලට හානිවීමෙන් පෙනහළුවලට නිව්මෝනියාව වැළඳීමෙන් මරණය සිදු වී තිබුණි. දේවගැති බිරිඳගේත් රසල්ගේත් මරණ වලට හේතු එක හා සමාන විය.
    රසල්ගේ මෘත දේහය කෙලින්ම රැගෙන ගියේ දේවගැති නිවසෙටය. ඒ තම පුතුගේ මෘත දේහය තම නිවෙසට රැගෙන යාමට පියා වූ ඇලෙක්ස් ඉංග්‍රම් කළ ඉල්ලීම ද ඉවතලමිනි. අවසානයේ රසල් ගේ සිරුර මිහිදන් කෙරිණි.
    Mathews_3.jpg
    රසල් ඉංග්‍රම්ගේ මිනිය නැවත ගොඩගත් මොහොත ....
    මේ සමඟ විවිධ සැක සංකා මතු වෙන්නට වූහ. ඊට ප්‍රමාණවත් සාක්ෂි ද තිබූ හෙයින් අධිකරණ නියෝගයක් මත 1979 මාර්තු 29 වැනි දින රසල් ඉංග්‍රම් ගේ සිරුර යළි ගොඩ ගන්නා ලද්දේ ඒ සඳහා පරීක්ෂණ පැවැත්වීමට ලැබූ නියමය නිසාය. මෙයින් මහත් කබලයට පත් දේවගැතිවරයා දුරකතනයෙන් මල් ශාලාවට කතා කොට රසල්ගේ මළ සිරුරේ එම්බාම් කටයුතු කළේ කෙසේද යන්න විමසිලිමත් වීම පිළිබඳව පොලිසියට ඇති වූ සැකය ඉන් තවදුරටත් තහවුරු වූයේය. මළ සිරුරෙහි අභ්‍යන්තර අවයව සියල්ල ඉවත් කර තිබූ අතර ලී කුඩු ඔබ්බවා එය පරිපූර්ණ කර තිබිණි. පරීක්ෂණ පැවැත්වීමට බාධාවක් වන අයුරින් එලෙස සියලු සාක්ෂි විනාශ කොට තිබුණේ ඉතා සූක්ෂම අයුරින් බව පසුව හෙළි විය. පොලිසිය පරීක්ෂණ ඇරැඹීය.
    ඒ අනුව අප්‍රේල් මස 4 වැනි දින දේවගැති නිවෙස මුළුමනින්ම පරීක්ෂාවට ලක් විය. එහිදී දියවැඩියා රෝගය සඳහා දෙන ‘ඉයුග්ලුකෝන්’ (Euglucon) නමැති පෙති ප්‍රමාණයක් සමඟ ‘Body Mind Sugar’ (බොඩි මයින්ඩ් ඇන්ඩ් ෂුගර්) නම් පොතක් ද පොලිස් භාරයට ගැනිණි. එය ඔහු එංගලන්තයේ සිට ගෙනවිත් තිබූ පොතකි. රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණයන් පිළිබඳ මෙන්ම දියවැඩියාව සඳහා හේතු වන තොරතුරු එහි සඳහන්ව තිබීම විශේෂයකි.
    සියල්ල අවසානයේ මැතිව් පීරිස් දේවගැති වරයාට සාපරාධි ලෙස තම බිරිය හා රසල් ඉංග්‍රම් ගේ මරණය සිදු කිරීම පිළිබඳව හා ඩැල්රීන් ඒවාට අනුබල දීම වෙනුවෙනුත් විරුද්ධව කොළඹ මහාධිකරණයේ නඩු පවරන ලදී. ජුරියක් නොමැතිව ද 1983 මාර්තු 14 සිට මාස 9 ක් පුරා සාක්ෂි විමසූ මහාධිකරණය අවසානයේ මෙම විත්තිකරුවන්ට මරණ දණ්ඩනය නියම කළේය. ජනාධිපති නීතිඥ ආර්. අයි. ඔබේසේකර හා අනිල් ඔබේසේකර යන නීතිඥවරුන් ඇතුළු පිරිසක් විත්තිය වෙනුවෙන් පෙනී සිටියහ. තිස්ස බණ්ඩාරනායක පී. රමනාදන් හා වික්‍රමසුරිය යන මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වූ මෙම නඩුව මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දුන් අපරාධයක් ලෙස ජනමාධ්‍ය මගින් හෙළිදරව් විය. තීන්දුවට එරෙහිව 1986 පෙබරවාරි 12 දින අභියාචනාවක් ඉදිරිපත් කළ අතර එය නිශ්ප්‍රභා වූයෙන් එහිදී 2 වැනි විත්තිකාර ඩැල්රින් ඉංග්‍රම්ට නිදහස ලැබුණු අතර මැතිව් පීරිස් දේවගැතිවරයාට මරණීය දණ්ඩනය එලෙසම තහවුරු විය.
    මැතිව් ජෝර්ජ් ෆෙඩ්රික් පීරිස් යනු එවකට එංගලන්ත සභාවට අයත් කිංසිපාර පුංචි බොරැල්ල සාන්ත පාවුළු දේවස්ථානයේ දේවගැතිවරයාය. ඉයුනිස් ලොයිඩ් පීරිස් නම් තම බිරිඳගේ මරණය හා රසල් ඉංග්‍රම් නැමැති අයගේ මරණයන් සම්බන්ධයෙන් ඔහු වැරැදිකරු වූයේ එලෙසය.
    මරණීය දණ්ඩනය නියම වුව ද පසුව ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. එසේ වුව ද යහපත් කල්ක්‍රියාව හා හැසිරීම නිසා 12 වසරක සිර දඬුවමකින් පසුව පොදු සමාවක් ලැබීම හේතුවෙන් දේවගැතිවරයා බන්ධනාගාරයෙන් නිදහස ලැබීය. ඉන් පසු ඩැල්රීන් හා විවාහ වූ ඔහු මොරටුව රාවතාවත්තේ සිය නිවෙසේ ජීවත් විය. 1998 මැයි 12 වැනි දින 79 වැනි වියෙහි සිටියදී මරණයට පත් වූ අතර අවසන් කටයුතු මොරටුව ශුද්ධ වූ එම්මානුවෙල් දේවස්ථානයේදී සිදු වුව ද මෙම නඩු විභාගය රට පුරා මහත් ආන්දෝලනයට ලක්වූ කතාවක් වූයේය.


    නන්දි අලුත්ගේ රත්නවීර
    http://archives.dinamina.lk/manchu/art.asp?id=2010/09/14/mpg10_0

    මේකේ මොකක්ද බන් වෙලා තියෙන්නේ... doctors ල සීනි මට්ටම වැඩි වෙන්න බෙහෙත් දෙනකොට දේවගතිවරයා ඇවිත් සීනි මට්ටම අඩුවෙන්න බෙහෙතක් දෙනවද? :baffled: