මෝසම

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේක ගොඩක් ලස්සන මෙලඩි එකකට ලිව්වා එකක්

    ඒ මගේ පෙම් හිතයි
    ඉකිගසා වැළපෙනා
    කදුළු හැලුනේ දෑස තෙමුණේ
    සැගවුණු ආදරේ //

    මෝසම එනතුරු මාහා වියලුනු බිම් තෙමනා
    ඉරි ඇදුනා හද සිතුවම් එක එක බිම කියනා
    මතක කතාවක ඔබ හා නටබුන් මතු කරනා
    ගිනියම් සිහිලැල් සිතේ විදගමි මුසු කරලා
    මා හදේ වේදනාවේ සැගවුනු ආදරේ
    ඒ මගේ පෙම් හිතයි //

    මෝසම යලි ඔබ ආවා මා හදවත තෙමලා
    සිහිලැල් සුලගක් වුවා පෙම් බස් මට දොඩලා
    ඔබ ගෙන් මා ඇය සෙව්වා පෙම් හිත එක වගේද කියා
    හිත මගේ පෙමට මුලා වී නුබ ලග තුරුළු උනා
    ආදරේ අරුම ජීවේ උමතුයි ආදරේ


    ඒ මගේ පෙම් හිතයි ඉපිලේනා හැගුමේ
    සිනහා සැලුවේ ආල රැගුමේ
    උමතුයි ආදරේ

    මගේ ප්‍රශ්නේ මේකයි
    කෙනෙක්ගේ ආදරේ තවත් කෙනෙක්ගේ ආදරේට සමානද අදහසක් දාන්න බලන්න

     
    Last edited: