Book Donation එකේ වැඩි විස්තර සහ පින්තුර
මුලින්ම කියන්න ඕනේ,මගේ හිතට ආපු මේ අදහස මේ විදියට යථාර්තයක් කරගන්න උදව් හැමෝටම ගොඩක්ම,ගොඩක්ම ස්තුත්යි.ඔයාලගේ උදව් නැති උනා කවදාවත් මේක කරගන්න බැරිවෙනවා.කියවන පොත් වලින්,අභ්‍යාස පොත් වලින්,සල්ලි වලින්,ශ්‍රමයෙන් ඒ වගේම වචනෙන් හරි උදව් හැමෝටම ගොඩක්ම ස්තුතියි. ඒ වගේම ඉස්කෝලේ සෙට් කරල දීල,අපේ උන්ට කන්න බොන්න (අපේ උන්ට කන්න බොන්න දෙන එක තමයි වැඩේ ) ,නවාතැන්, වගේ සියලුම පහසුකම් උපරිමෙන්ම සලසා දීපු රිපොස්ට් සහෝදරයාටත් විශේෂෙන්ම ස්තුති වෙන්න ඕන.ඔයාල මේ මහගු සත්කාරයට දායකවෙලා කරගත්තේ මොනතරම් ලොකු පිනක්ද කියල ඔයාලට මේ පොඩි උන්ගේ මූණු දැක්කම හිතෙයි.ඒ වගේම මාසයකටත් වැඩි කාලයක් තිස්සේ තමන්ගේ මහන්සිය,සල්ලි,වෙලාව, මේ කැපකරගෙන පොත් එකතුකරගෙන,මේ වැඩේට සක්රියවම දායක උණු පොත් බෙදන්නත් සහබාගි උණු අපේ 10 දෙනාගේ සෙට් එකටත් ගොඩක්ම ස්තුත්යි.ඔෆිස් එකේ නිවාඩු දා ගෙන,වැඩ පාඩු කරගෙන,අත් කපෙනකම් පොත් මිටි උස්සගෙන බෝඩිමටත්,ඔෆිස් එකටත්,ගෙදරටත් කිලෝමීටර් ගණන් ඇවිදපු, හුදෙක් සද්සිතින්ම වැඩේට එකා වගේ කැප වුනු මුන් ටිකගේ අගේ නම් කියන්න වචන නෑ.
මේ තියෙන්නේ අපි ගියපු වාහනේ සහ අපේ සෙට් එක.
යද්දී පෙරමගටම රිපොස්ට් ඇවිත් අපිව පිලි අරගෙන එයාගේ සර්කිට් එකට එක්කගෙන ගියා.
සර්කිට් එක පිටිපස්සේ තියෙන වැව.
අපි යද්දිත් දවල් කෑම රෙඩි.හම්මේ ඉතින්..කෑම ටිකට වෙච්ච දෙයක් නෑ. අර වැඩ ඉන්න මිනිස්සු දෙතුන් දෙනා හිස් දීසි අරන් එහෙ මෙහෙ යනවා විතරයි දැක්කේ.
ඩෙසර්ට් එකට යෝගට්
කලා ,හවස ගිය මැච් ගහන්න.එකේ විස්තර නම් රිපොස්ට් දල තිබ්බ මන් හිතන්නේ..ඒ ගැන නම් මම වැඩිය කියන්න කැමති නෑ,මොකද අපි එක දිනපු හින්ද..
ඊට පස්සේ වැවක වතුර බැහැලා යන ඇලකින් නෑව.පස්සේ තමයි දන්නේ එක මඩ සොරොව්ව ඇරියම වතුර එන ඇල කියල.ඒකෙත් ෆන් එකක් නැත්තෙමත් නෑ.
නාල කරලා අපහු රෑට නවතින්න ගියේ දවල් හිටපු සර්කිට් එකට නෙවෙයි.එතන වැව නිසා රෑට සීතලයි කියල ඊට කිලෝමීටර් 20ක් විතර දුරින් තියෙන මහවැලියට අයිති වෙනමම සර්කිට් එකකට තමයි ඊට පස්සේ ගියේ.එකත් රිපොස්ට්ගේ මම හිතන්නේ.
(ඔයාල උනත් පොළොන්නරුවේ පැත්තේ යනවා නම් රිපොස්ට් ව අමතක කරන්න එහෙම එපා.
)
ඊ ලගට අපේ අය කෙලින්ම ගිහින් වැඩට බැස්ස.සෙට් එකක් ලයිබ්‍රරි පොත් සිලෙක්ට් කරලා ඒ ටික පැක් කල.අනිත් සෙට් එක එක්සර්සයිස් පොත්,පෑන්,පැන්සල්,.... 1 සිට 11 වසර වෙනකන් වෙන වෙනම පාර්සල් කලා.
අරගෙන ගිය බඩු තොගෙන් ටිකක්...
[/img]
කට්ටිය වැඩ
මේ තමයි රොක්ස් කොයිවෙලවෙත් අතේ තියන් හිටපු ළමයින්ට දෙන බඩු ලිස්ට් එක.
මෙතැනදී තවත් දෙයක් කියන්න ඕන.මුලින්ම අපි එකතු කලේ කියවන පොත් විතරයි.එත් පස්සේ ගොඩක් අය අභ්‍යාස පොත් දෙන්න ඇහුව හින්ද වගේම,ප්රින්සිපලුත් කියපු නිසා අපි අභ්‍යාස පොතුත් එකතුකලා.මුලින්ම අපිට පුළුවන් උනේ එක ලමයුකුට පෑන් 2ක්,පොත් 2ක්,මකනයක්,පන්සලක් වගේ දෙන්න.එත් දවස් අන්තිම වෙද්දී එකතු උණු සහ අපේ මුදල් වලින් ගන්න පුළුවන් උණු පොත් වලින් අපිට පුළුවන් උනා එක ළමයෙකුට පොත් 5ක්,පැන් 3ක්,පන්සල් 3/4 ක් 7න සහ 7න් සියලුම ළමයට කවකටු පෙට්ටි එකගානේ දෙන්නත්,1-4 දක්වා හැම ළමයෙකුටම පාට පෙට්ටි එක බැගින් දෙන්නත් (තව කතුරු,බ්‍රිස්ටල් බෝඩ්,ගම්,කලේ,සිතියම්,..... ගොඩාක් ජාති...).එකත් ආඩම්බරෙන් මතක් කරන්නත් ඕනේ.ඒ වැඩේදී සැහෙන්න මහන්සි උනේ අපේ රොක්ස් සහෝදරයා කියන එකත් කියන්නම ඕනේ.
ඊලගට අපි උදෙන්ම ... නෑ උදෙන්ම නම් නෙවෙයි,මම නම් නැගිට්ටේ ගොඩක් පරක්කු වෙලා.එත් අපේ උන් නම් උදෙන් නැගිටලා කටේ තියන්න බැරි තේ එකක් එහෙම හදල තිබ්බ.කව්ද මන්ද හැදුවේ ඒක නම්..

කියන්න අමතක උන නේ. අතේ සල්ලි ඉතුරු උණු විදියට ළමයින්ට පොඩියට සංග්‍රහයක් කරන්නත් අපි යන්න කලින් දවසෙම කතාකරගෙනයි තිබුනේ.කේක් මෙහෙන් අරගෙන ගියා .අපි හැලප,කෙසෙල් ගෙඩි කලින් දවසේ ඒ ලග තැනකින් ඔඩර් කරලා තිබ්බේ.කිරිපැකට් යනගමන් ගත්ත.
ඔන්න ඉතින් රිපොස්ට් ඔෆිස් එකට ගිහින් කෙලින්ම ඉස්කෝලෙට එන්නම් කියල උදෙන්ම ගිය අතරේ අපේ උන් හෙමින් හෙමින් රේඩි වෙලා ඉස්කෝලෙට අවා 12 වෙද්දී වගේ.යද්දී ප්‍රින්සිපල් මේන් හෝල් එකේ පොඩියට උත්සවෙකුත් ලෑස්ති කරලා.ළමයිත් වාඩිවෙලා.
අපේ උන් ගියපු ගමන් පොත් පෙට්ටි ටික වාහනෙන් බාල, ස්ටේජ් එකට ගේනවා.ඒ අතරේ කීපදෙනෙක් 'එළකිරි.කොම්' කියල ගහපු බැනර් එකකුත් ස්ටේජ් එකේ බිත්තියේ අමාරුවෙන් අදිනවා මන් දැක්ක.

ඉස්කෝලෙට ගිය අපේ සෙට් එක
බඩු බානව
බැනර් එක
ලමයි වාඩිවෙලා අපි යද්දී
ගුරුමණ්ඩලය
පස්සේ ඉතින් සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන පත්තු කරලා,අගමැ සිහිකරලා, කතාවක් කරලා, අපිට ස්තුති කලා.
එළකිරි කිව්වම ළමයි ,ගුරුවරු මොනවා හිතයිද දන්නේ නැති නිසා අපි හරි අමාරුවක වැටුනේ.අන්තිමට අන්තර්ජාල මිතුරු හවුල කියලයි කිව්වේ.

අපේ කෙනෙක් කතාවකුත් කලා. අන්තිමට කලේ පාඩම්කරගෙන ගියපු කතාව නොවුනත් කියලයි මට නම් හිතුනේ.එක නම් පට්ටයි ඈ..

ඔන්න ඉතින් අපි පොත් බෙදන්න පටන් ගත්ත. මුලින්ම එක වසරේ ගුරුතුමීගේ තෑගි පාර්සලේ දීල ඊට පස්සේ 1 වසරේ ළමයින්ගේ තෑගි.ඊට පස්සේ 2 වසරේ ගුරුතුමීගේ සහ ළමයින්ගේ...ඔය විදියට 11 වසරේ ළමයින්ට වෙනල්කන්ම පොත් බෙදුවා.හැම ළමයම කකුල් දෙක අල්ලලා වැදලා තමයි පොත් ගත්තේ.අපිට එක ඒ තරම් හුරු නැති උනත් එක ඒ ළමයින්ගේ කැමැත්ත නිසා අපිටත් කරන්න දෙයක් තිබුනේ නෑ.
(11 වසරේ ගැණු ළමයි වදිද්දී අපේ උන්ට මොකද්ද වගේ කියලත් කියනවා අහුන.. ජෝක්
)
අලුත්ම අලුත් සුවඳ ගහන පොත් අතට හම්බුනාම අපිත් පොඩි කලේ කොච්චර අසද.ඒ වගේ සියගුනයක සතුටක් අපි ඒ පුංචි ඇස් වලින් දැක්කා.මේ තමයි අපේ සද්කාර්යේ අග්රපලය.ඔයාලත් මේ ෆොටෝස් ටික බලල ඒ සතුට විදගන්න.මේක දැක්කොත් ගොඩක් සංවේදී කෙනෙක්ගේ ඇහැට කදුලක් එන්නත් පුළුවන්.මේ මහගු සත්කාරයට දායක උණු ඔයාල හැමෝමත් ඒ පුංචි ඇස්වල උතුරන සතුට බලන්න එතන හිටිය නම් කියල අපි හැමෝටම හිතුන..
ගොඩක් පින් යාලුවනේ.

ඔයාලට පෙන්වා ඇති චූටි නංගියෙක් පැස්ටල් පෙට්ටිය ඉඹල එකේ අලුත් සුවඳ විඳින හැටි..
මේ තමයි ඔයාල හම්බරකරගනිපු සතුට..

අපේ අය ඒ අතරේ ගෙනාපු කෑම ටිකත් පොඩි උන්ට බෙදුවා.
ඔන්න ඉතින් වැඩ ටික ඉවරයි.හැමෝම තියලා ෆොටෝ එකකුත් අරගෙන,කියවන පොත් ටිකත් ප්‍රින්සිපල්ට ට බාරදීලා අපිත් එන්න පිටත් උනා ඉස්කෝලෙන්.
ඒ අතරේ අපේ කෙනෙක් සෙල්ෆියකුත් අරන් ඈ..
/CENTER]
වැඩේ ඉවරයි.රිපොස්ට් අපිට ගමේ ගෙදරකින් දවල් කම සෙට් කරලා තිබුනා.එකේ රහ විස්තර කරන්න බෑ දැන් ඇත දෙක රිදෙන නිසා.
එකත් කල,රිපොස්ට් දීල පරාක්‍රම සමුද්රෙන් නාල අපිත් කොළබ එන්න පිටත් උනා.
ඒ එන අතරේ බලින් නම් රොක්ස් ගේ බර්ත්ඩේ එක.එකත් ඉතින් අමාරුවෙන් සමරලා, රොක්ස්ටත් හොද බිලක් දාල අවා ..
අන්තිමට කියන්න තියෙන්නේ වැඩේට දායක උණු හැමෝටම ගොඩක් පින්.ඒ පින් ඒ අයටත්,හදපු,වඩපු දෙමවුපියන්ටත්,නැදයෝන්ටත් මියගිය අයටත් අනුමෝදන් වේවා.මේ කරගත්තා වූ කුසල කර්මයෙන් ඔයාලගේ දරුවොන්ට හොදට ඉගෙනගන්න පුළුවන් වෙනවා වගේම ඔයාලගෙත් ඉදිරි ජීවිතය සාර්ථක වෙයි.
අයෙත් මේ වගේ වැඩකින් හම්බෙමු

..
$ සාතන් $
සමාවෙන්න ඕන.ගොඩක් ෆොටෝස් ගැහුවේ ෆෝන් වලින්..ඒ නිසා ක්ලියර් නෑ.

..$ සාතන් $
සමාවෙන්න ඕන.ගොඩක් ෆොටෝස් ගැහුවේ ෆෝන් වලින්..ඒ නිසා ක්ලියර් නෑ.
Last edited:
නමුත් ටික කාලයක් යනකම් එලකිරි එන්න බැරි වුනා. ආයෙ ආවම දැක්කේ ත්‍රේඩ් එකක් දාලා පොත් එකතු කරන්න
කොහොමහරි වැඩේ අවසන් වෙනකම්ම හුඟක් හොඳ අය මේකත් එක්ක හිටියා. අවංකවම ඉගෙනගන්න දරුවො ටිකකට උදව් කරන චේතනාව මිසක් වෙන කිසිම අදහසක් ඒ අයට තිබුනේ නෑ කියලා කියන්න පුළුවන් ඒ අයගේ ක්‍රියාවෙන් සහ කතාබහෙන්.