ලොව_කැලබු_පිටසක්වල_ජීවියාගේ_සමිමුඛ සාකචි

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,036
    5,229
    113
    ලොව_කැලබු_පිටසක්වල_ජීවියාගේ_සමිමුඛ සාකචි

    මෑත ඉතිහාසයේ දියුණු පිටසක්වල ජීවි ආගමනයක ප්‍රධානතම සිදු වීම වාර්තා වනුයේ ඇමරිකාවේ නිව් මෙක්සිකෝහි රොස්වෙල් ජනපදයට කඩා වැටුන පියාඹන පීරිසි නැතහොත් පිටසක්වල යානා දෙක හරහාය. අපි කිසිදා අසා නොමැති මිහිතලයෙන් එහා අනන්ත විශ්වයේ මිනිසාට වඩා බොහෝ ලෙසින් බුද්ධිමත්,දියුණු ජීවීන් ඇතැයි නොසිතු ඇමරිකානුවන් හට එවැනි දියුණු ජීවීන් ගැන ගවේශනය කරන්නට ඔවුන්ගේ තාක්ෂණයෙන් ලබා ගන්නට මහගු වූ අවස්තාවක් සැලසෙන්නේ අහම්බුවත් සමගිනි.
    මානවයා අනෙක් මානවයා සමග සන්නිවේදනය කරන අයුරු කෙසේ දැයි යන්න මා ඔබට පැවසිය යුතු නැත.සිතුවිලි හුවමාරුව එකිනෙකා කතා බහ තුලින් මෙන්ම ලියා සටහන් කරන දේ කියවීම තුලින් අනෙකාගේ සිතට අපි සම්ප්‍රේශනය කර වන්නෙමු.එය එසේ වුවද මාගේ සිතින් ඔබගේ සිතට එක එල්ලේම සන්නිවේදන ක්‍රමයක් මානවයා හට නොමැත.මාගේ සිතෙන් ඔබගේ සිතට ප්‍රශ්නයක් අසන්නට එයට ඔබගේ සිතෙන් පිළිතුරු සපයන්නට ඔබට නොහැක.ඔබ සිතන කරුණු සියල්ල මා සිතට අවබෝධ වන්නට ද මානවයා හට නොහැකිය.එය එසේ වුවා නම් මිහිතලයේ මානව සම්බන්දතා කෙතරම් වෙනස් වේ දැයි උපකල්පනය කල හැකිද?

    අප දන්නා තත්ත්වය එසේ වුවද ජීවය විශ්වයේ සංසිධියක් නිසා සිතෙන් සිතට කතා කල හැකි නැතහොත් ටෙලිපති සබදතා ඇති පිටසක්වල ජීවියෙකු රොස්වෙල් සිදු වීමේදී පෘතුවි තලයේ කාන්තාවක සමග ඓතහාසික සම්මුඛ පරීක්ෂණයකට එළඹීමට හැකිවන්නේ ඒ අපුර්වත්වය නිසාය.අනන්ත විශ්වය පිලිබදව අප දන්නා කරුණු ඒවා නොදන්නා තරම් වන බැවිනි.


    507a7061ta40cb8ec4326%2526690.jpg


    එම සුවිශේෂී සම්මුඛ සාකච්ජාව වන්නේ අහඹු ලෙසය.1947 ජුලි 7 වනදා ලොවම මවිත කල රොස්වෙල් සිදු වීමේ එම පිටසක්වල යානා 2 අඩංගු කොටස් මෙන්ම මියගිය පිටසක්වලයන්ගේ සිරුරු මෙන්ම සජීවී පිටසක්වල ජිවෙයෙකුද රයිට් පැටර්සන් ගුවන් තොටුපලට හා ඔහායෝ වෙත ප්‍රවාහනය කෙරේ.
    රොස්වෙල් 509 වන යුධ ගුවන් හමුදා අනු ඛණ්ඩයට අනුයුක්ත සේවය කල මැටිල්ඩා ඕ ඩොනල් මැකල්රෝයි නම් වූ හෙදියට සජීවී පිටසක්වල ජීවිය සමග පැය කිහිපයක්ම එම කදවුර තුල රදීසිටීමට සිදු වේ.එහිදී ඇයට ටෙලිපති ක්‍රමයට ඇති වන සිතුවිලි හුවමාරුව අරුමපුදුම වූ අත්දැකීමක් වන්නට ඇත.කුඩාම බිළිදෙකු,බලු සුරතලෙකු ඔබට ඔබගේ සිතට යමක් දනවන්නට උතසහ ගන්නවාට වඩා ඉතා ප්‍රබල වුද නොවරදින වුද ලෙස එම පිටසක්වල ජීවිය විසින් මැටිල්ඩාගේ සිතුවිලි තුලට ආමන්ත්‍රණය කෙරේ.
    මැටිල්ඩා පවසන පරිදි එම ජීවියා උසස් මට්ටමේ නිලධාරිත්වය නිසා කිසිදු අවස්තාවක තාක්ෂනික ප්‍රශ්නාදිය සාකච්ජා නොකළ අතර ඒ හැර කිසිවක් සගවන අටියෙන් කතා නොකළ බවද පවසා ඇත.එම ජීවියාගේ සියලු තොරතුරු සත්‍ය හා අවංක බව තමා සිතන බවද එම ජීවියා සමග එක්තරා අන්දමක අද්විතීය වූ බැදීමක් වැනි දෙයක් ඇති වූ බවත් ඇය පවසා ඇත. මැටිල්ඩා සමග වූ එම බැදීම ඇතිවීමට ඇය එම පිටසක්වල ජීවියා කෙරෙහි වූ සැලකිල්ල බලපාන්නට ඇත.


    matilda-odonnell-mac-elroy.jpg


    මැටිල්ඩා හට අනුව කුඩා රොබෝවෙකු මෙන් වූ එම සිරුර අඟල් 40 ක පමණ උසකින් යුතු වන අතර සුදුසු ප්‍රමාණයට වඩා ඉතා විශාල හිසකින්ද යුතුවන අතර ඉතා දිගු අත් සහ පාද හිමිය.අතේ සහ පාදයේ ඇගිලි තුනකි.නාසයක්,මුඛයක් හෝ කන් 2ක් නොමැති අතර සුවිශාල ඇස් යුගලක් හිමිය.ඉතා අදුරු පැහැ ඇස් යුගල ඉතා තීව්‍ර ඇස් දෙකක් විය හැකි බවත් එතුලින් අප හට විද්‍යමාන වන ආලෝක වර්ණ මාලාවට වඩා ඉතා වැඩි වූ වර්ණ මාලවක් දර්ශනය වනු ඇතැයි ද මැටිල්ඩා පවසා ඇත.

    එපමණක්ද නොව එම දෙඇස් තුලින් නොයෙකුත් තරංග මාලාවන් හා ඉතා කුඩා අංශුන් ද නිරීක්ෂණය වේ.සරලවම පැවසුවහොත් විද්‍යුත් චුම්බක වර්ණ මාලාවම නිරීක්ෂණය වෙතැයි අනුමාන වේ.

    එම සිරුර තුල ජීව විද්‍යාත්මක අවයව නොමැත.සෛල නොමැත.කිසිදු ලිංගිකත්වයක් නොමැති උත්පාදන ක්‍රියාවලි රහිත වුව ආහාර,ජලය,ඔක්සිජන් වායු අවශ්‍ය නොවන එම ජීවියාගේ සිරුරට අවශ්‍ය ශක්තිය සිරුර තුලින්ම ජනනය වන ක්‍රමවේදයක් එම ජීවියා සතුය.(පහසුව පිණිස එම පිටසක්වල ජීවියාට මැටිල්ඩා ඒර්ල් Aril ලෙස හඳුන්වනු ලැබීය.)

    ඒර්ල් හට අළු පැහැ සිනිදු සමක් ඇති අතර එම සිරුර උෂ්ණත්ව වෙනස්කම් වලට,නොයෙකුත් වායුගෝල තත්වයන්ට හා පීඩනයන්ට ඔරොත්තු දෙන අතර අවයව පේශි නොමැති දුර්වල තත්ත්වයක් වන අතර එයට හේතුව අභ්‍යවකාශයේ ගුරුත්වාකර්ෂණ තත්වයක් නොමැති නිසා පේශි ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය නොවන බැවිනි.මෙම සිරුර මුළුමනින්ම එම පියාඹන පීරිසිය තුල ක්‍රියාකාරිත්වයට සුදුසු ලෙස සැකසී ඇති අතර පෘතුවි තලයේ ප්‍රබල ගුරුත්වාකර්ෂණ තත්ත්වයන් තුල ඒර්ල් හට ඇවිදීමට නොහැකි වුනි.

    මැටිල්ඩා පවසන අන්දමට මෙම සිරුර මුළුමනින්ම බුද්ධියෙන් පාලනය වන අතර අවශ්‍ය විටෙක එම සිතට සිරුරෙන් ඉවත් වී කටයුතු කල හැකිය. මැටිල්ඩා පළමු වතාවට මෙම පිටසක්වල ජීවියා සමග වන සාකච්ජාව සදහා නිලධාරීන් විශාල පිරිසක් ද සහය වුවද අදහස් හුවමාරුව තිබුනේ එම දෙදෙනා අතර පමණි.

    ඇමරිකා එක්සත් ජනපද යුධ ගුවන් හමුදා 509 වන අනු ඛණ්ඩයේ රොස්වෙල් කදුවුරු භුමිය තුල 1947 වසරේ ජුලි 9 වනදා සිදු වූ එම ප්‍රථම සම්මුඛ සාකච්ජාව මෙලෙස දිග හරිමි. (සිතුවිලි සම්ප්‍රේෂණ ආමන්ත්‍රණය හරහා)


    ප්‍රශ්නය- ඔබට තුවාල සිදු වීද?

    පිළිතුර - නැත
    ප්‍රශ්නය ප්‍රශ්නය - ඔබ හට කුමන ආකාරයේ වෛද්‍ය පහසුකම් අවශ්‍යද?

    පිළිතුර - නැත

    ප්‍රශ්නය - ඔබ හට යම් ආහාර හෝ ජලය හෝ වෙන්යක් දෙයක් අවශ්‍යද?

    පිළිතුර - නැත

    ප්‍රශ්නය - ඔබට යම් සුවිශේෂී වූ පාරිසරික තත්ත්ව,වායුගෝලීය උෂ්ණත්වයන්,වායුගෝලයේ රසායනික අඩංගු ප්‍රමාණයන්,වායු පීඩනයන්,අපද්‍රවය බැහැර කරලීම් වැනි දෑ අවශ්‍යතා මතු වී ඇතිද?

    පිළිතුර - මා ජීව විද්‍යාත්මක සත්ත්වයෙකු නොවේ


    ප්‍රශ්නය - ඔබගේ සිරුරෙන් හෝ ඔබ පැමිණි යානාව මගින් පෘතුවියට හෝ පෘතුවි ජීවීන්ට හානි විසබීජ හෝ අපද්‍රවය පැමිණියේද?

    පිළිතුර - අභ්‍යවකාශයේ එවැනි හානිකර තත්ත්ව නොමැත.

    ප්‍රශ්නය - ඔබගේ රාජ්‍ය ඔබගේ පෘතුවි ආගමනය පිළිබද දනුවද්ද?

    පිළිතුර - මේ මොහොත වන විට දැනුවත් නොමැත

    ප්‍රශ්නය - ඔබගේ ජන්ම භුමියේ සිට ඔබව සොයා ඔබගේම වූ ජීවී පිරිස් මෙහි පැමිණේවිද?

    පිළිතුර - පැහැදිලිවම ඔවු.

    ප්‍රශ්නය - ඔබගේ ලෝක වාසීන්ගේ ආයුධ හැකියවන් කෙබදුද?

    පිළිතුර - අතීශය විනාශකාරී.

    ප්‍රශ්නය - ඔබගේ අභ්‍යවකාශ යානාව විනාශ වුයේ ඇයි?

    පිළිතුර - වායු ගෝලයේ විද්‍යුත් විසර්ජනයකට හසු වීම නිසා එමගින් ඇති වූ ප්‍රබල පහරින් යානාවේ පාලනය නොමැති වීමෙන්.

    ප්‍රශ්නය - ඔබගේ අභ්‍යවකාශ යානාව පෘතුවි තලය ආසන්න ප්‍රදේශයේ සැරි සරන්නේ ඇයි?

    පිළිතුර - දැවෙන වලාකුළු,විකිරිනශීලිත්ව තත්ත්වයන හා පිපිරවීම් සම්බන්දව ඔබ කරන දෑ පිලිබදව පරීක්ෂා කිරීමට

    ප්‍රශ්නය - ඔබගේ අභ්‍යවකාශ යානාවේ ක්‍රියාකාරිත්වය සිදු වන්නේ කෙසේද?

    පිළිතුර - අපගේ යානාව පාලනය වන්නේ මනසින්.එය ක්‍රියා කරන්නේ සිතුවිලි අණ දීම මගින්.(මෙම පිටසක්වල ජීවීන්ගේ සිරුරු පිටසක්වල යානාව අතර එක්තරා අන්දමක විද්‍යුත් ස්නායු පද්ධතියක් වැනි දෙයකින් සම්බන්ධිත අතර එම සිරුරහා යානාව සිතුව්ලි මගින් පාලනය වීම අදහස් කෙරේ.)

    ප්‍රශ්නය - ඔබගේ ලෝකයේ ජනයා එකිනෙකා අතර සන්නිවේදනය කරන්නේ කෙසේද?

    පිළිතුර - මනසින් හා සිතුව්ලි මගින්

    ප්‍රශ්නය - ඔබගේ ජනයා හට ලිඛිත භාෂාවක් හෝ සුවිශේෂී නිරූපිත සලකුණු සන්නිවේදනය සදහා තිබෙනවද?

    පිළිතුර - ඔව්.

    ප්‍රශ්නය - ඔබ පැමිණි ලෝකය කුමක්ද?

    පිළිතුර - මාගේ නිවහන ජන්ම ස්ථානය ඩොමේන් නම් වූ ලෝකයයි.(මා අජටාකාශගාමියෙකු නොවන බැවින් මා හට තරු,මන්දාකිනි,නක්ෂත්‍ර මණ්ඩල ආදිය ගැන හෝ විශ්වයේ දිශානති පිළිබද අවබෝධයක් නොමැත.නමුත් මා සිතන අන්දමට මෙම ඩොමේන් ලෙස පිටසක්වල ජීවියා හැදින්වුයේ ග්‍රහලෝකයක්ද?නැතහොත් මන්දාකිනි ගණනාවක් මධයේ වූ සුවිශේෂී වූ ස්ථානයක්ද යන්න නොවැටහුනද මා සිතන්නේ එම ජන්ම භුමිය එක ග්‍රහලොවක් හෝ සෞරග්‍රහ මණ්ඩලයක් හෝ තරු පන්තියක් නොව අති විශාල මන්දාකිනි එකතුවක් බවයි. මැටිල්ඩා ඔඩොනල්)

    ප්‍රශ්නය - ඔබගේ රාජ්‍ය අපගේ රාජ්‍ය නායකයන් හමු වීමට නියෝජිතයන් එවාවිද?

    පිළිතුර - නැත

    ප්‍රශ්නය - පෘතුවිය පිළිබද සැලකිලිමත් වීමට හේතුව කුමක්ද?

    පිළිතුර - මිහිතලය ආරක්ෂා කිරීමට මෙන්ම එය ඩොමේන් හි දේපලක් නැතහොත් අප සතු වස්තුවක් ලෙස සලකන නිසා

    ප්‍රශ්නය - පෘතුවියේ ඇති රාජ්‍ය වල ක්‍රියාකාරීත්වයන් සහ යුධමය ක්‍රියාකාරීත්වයන් පිළිබද ඔබ හදාරා ඇත්ද?

    පිළිතුර - ඔව්,ඉතාම දුර්වල තත්වයක්.පෘතුවියට විනාශකාරී තත්වයක් උදා කරනවා.

    ප්‍රශ්නය - ඔබගේ පැමිණීම ඔබ ලෝකයේ ජීවීන්ගේ පෘතුවි වාසීන්ට දන්වන්නේ නැත්තේ ඇයි?

    පිළිතුර - අප නිරීක්ෂණය කරනවා.එමෙන්ම නිරන්තර අවධානයෙන් ඉන්නව.නමුත් අප ආශ්‍රයන් ඇති කර ගන්නේ හෝ සබදතා ගොඩනගා ගන්නේ නැහැ.

    ප්‍රශ්නය - ඔබ ලෝක වාසින් මීට පෙර පෘතුවියට පැමිණ තිබේද?

    පිළිතුර - වරින් වර පැමිණ තිබෙනවා.නැවත නැවත නිරීක්ෂණය කරනවා.
    ප්‍රශ්නය - පෘතුවිය ගැන දන ගත්තේ කොපමණ කාලයකට පෙරද?

    පිළිතුර - මිනිසා ජනිත වීමට ප්‍රථම සිට

    ප්‍රශ්නය - ඔබගේ ලෝකයේ තත්වය විග්‍රහ කල හැකිද?

    පිළිතුර - ජන සමුහයක් ඇති,සංස්කෘතියකින් පෝෂිත අතීතයක් සහිත අති විශාල ලෝකයක්.සශ්‍රීක බව,සියලු සම්පත් වලින් අනුන බව,එහි විශේෂයි.අණදිය හැකි ප්‍රබල බලයක් ඇති දැනුමින් පිරිපුන් ප්‍රඥාවෙන් සපිරි ලොවක් සුර්යයන් දෙකක් හා චන්ද්‍රයන් 3ක්

    ප්‍රශ්නය - ඔබගේ ජනයාගේ සංවර්ධනය කෙසේද?

    පිළිතුර - පුරාණයේ සිටම වසර ට්‍රිලියන ගණනක් සිට සැම විටම අන් සැමටම වඩා ඉදිරියෙන් සිටිමින් විශාල ඉලක්ක වෙත යොමු වීම.

    ප්‍රශ්නය - ඔබ දෙවියන් විශ්වාස කරනවද?

    පිළිතුර - ඔවුන් සිටින බව අප සිතනවා

    ප්‍රශ්නය - මේ අනන්ත විශ්වයේ ඔබ හැර වෙනත් දියුණු ජීවින් සිටිනවද?

    පිළිතුර - විශ්වයේ බොහෝ තැන් වල එවැනි දියුණු ජීවින් සිටිනවා.නමුත් ඒ අතරින් අප තමයි ඉහලින්ම සිටින ජීවී කොට්ඨාශය.අප විශිෂ්ටතමයන් වන්නෙමු.




     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම විස්වාස කරනවා දියුනු ජීවීන් කවදාවත්ම භෞතීය ශරීරයක් ඇති අය නෙවෙයි කියලා.අපේ ප්‍රධාන අවාසිය මේ ඇඟ.අනිත් එක මම විස්වාස කරනවා දෙවිවරු කියන්නෙත් පිටසක්වල ජීවීන් කියලා.ඒ වගේම අපේ ශිෂ්ඨාචාරය කන්ට්‍රොල් වෙන්නෙත් උන් අතින් කියලා.ඒත් උන අපිත් එක්ක කතා කරන්න් නෑ,මොකද අපිට කවදාවත් චිම්පන්සි එක්ක කතා කරන්න ඕනෙ නෑනෙ.ඒ වගේ උන්ට අපි චිම්පනිසින්ටත් වඩා පහලයි :D:D:D:D
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මම විස්වාස කරනවා දියුනු ජීවීන් කවදාවත්ම භෞතීය ශරීරයක් ඇති අය නෙවෙයි කියලා.අපේ ප්‍රධාන අවාසිය මේ ඇඟ.අනිත් එක මම විස්වාස කරනවා දෙවිවරු කියන්නෙත් පිටසක්වල ජීවීන් කියලා.ඒ වගේම අපේ ශිෂ්ඨාචාරය කන්ට්‍රොල් වෙන්නෙත් උන් අතින් කියලා.ඒත් උන අපිත් එක්ක කතා කරන්න් නෑ,මොකද අපිට කවදාවත් චිම්පන්සි එක්ක කතා කරන්න ඕනෙ නෑනෙ.ඒ වගේ උන්ට අපි චිම්පනිසින්ටත් වඩා පහලයි :D:D:D:D

    ඒ වගේම මට හිතෙනවා කවදාහරි මේ වගේ දියුණු ජීවින් විශේෂයක් ආවොත් පෘතුවියේ තියෙන ගොඩක් ඇදහිලි ආගම් වඳ වෙලා යයි.
     
    • Like
    Reactions: DiksonAlex

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මම විස්වාස කරනවා දියුනු ජීවීන් කවදාවත්ම භෞතීය ශරීරයක් ඇති අය නෙවෙයි කියලා.අපේ ප්‍රධාන අවාසිය මේ ඇඟ.අනිත් එක මම විස්වාස කරනවා දෙවිවරු කියන්නෙත් පිටසක්වල ජීවීන් කියලා.ඒ වගේම අපේ ශිෂ්ඨාචාරය කන්ට්‍රොල් වෙන්නෙත් උන් අතින් කියලා.ඒත් උන අපිත් එක්ක කතා කරන්න් නෑ,මොකද අපිට කවදාවත් චිම්පන්සි එක්ක කතා කරන්න ඕනෙ නෑනෙ.ඒ වගේ උන්ට අපි චිම්පනිසින්ටත් වඩා පහලයි :D:D:D:D
    :yes:
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,326
    768
    113
    සිරිලංකාවේ..
    මම විස්වාස කරනවා දියුනු ජීවීන් කවදාවත්ම භෞතීය ශරීරයක් ඇති අය නෙවෙයි කියලා.අපේ ප්‍රධාන අවාසිය මේ ඇඟ.අනිත් එක මම විස්වාස කරනවා දෙවිවරු කියන්නෙත් පිටසක්වල ජීවීන් කියලා.ඒ වගේම අපේ ශිෂ්ඨාචාරය කන්ට්‍රොල් වෙන්නෙත් උන් අතින් කියලා.ඒත් උන අපිත් එක්ක කතා කරන්න් නෑ,මොකද අපිට කවදාවත් චිම්පන්සි එක්ක කතා කරන්න ඕනෙ නෑනෙ.ඒ වගේ උන්ට අපි චිම්පනිසින්ටත් වඩා පහලයි :D:D:D:D

    "මම විස්වාස කරනවා දෙවිවරු කියන්නෙත් පිටසක්වල ජීවීන් කියලා"මමත් මෙහෙම හිතනවා.. තව අපේ බුදුහාමුදුරුවෝ දේශනා කල දිව්‍ය ලෝක කියන්නේ වෙනත් ග්‍රහලෝක කිලත් හිතෙනවා...
     
    • Like
    Reactions: Dhanushka.N

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඔය ගැනිගෙ බොරුද කොහෙද.... ටෙලිපති කියල හිතල උත්තරයි, ප්‍රශ්ණයි දෙකම දුන්නද කව්ද දන්නෙ...ගැනු නේ...!:yes::yes::yes:
     
    • Like
    Reactions: DiksonAlex

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,616
    1
    10,861
    113
    මටත් ආසයි එක් කෙනෙක්ව හම්බ වෙන්ඩ...:)
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම විස්වාස කරනවා දියුනු ජීවීන් කවදාවත්ම භෞතීය ශරීරයක් ඇති අය නෙවෙයි කියලා.අපේ ප්‍රධාන අවාසිය මේ ඇඟ.අනිත් එක මම විස්වාස කරනවා දෙවිවරු කියන්නෙත් පිටසක්වල ජීවීන් කියලා.ඒ වගේම අපේ ශිෂ්ඨාචාරය කන්ට්‍රොල් වෙන්නෙත් උන් අතින් කියලා.ඒත් උන අපිත් එක්ක කතා කරන්න් නෑ,මොකද අපිට කවදාවත් චිම්පන්සි එක්ක කතා කරන්න ඕනෙ නෑනෙ.ඒ වගේ උන්ට අපි චිම්පනිසින්ටත් වඩා පහලයි :D:D:D:D

    ඒ වගේම මට හිතෙනවා කවදාහරි මේ වගේ දියුණු ජීවින් විශේෂයක් ආවොත් පෘතුවියේ තියෙන ගොඩක් ඇදහිලි ආගම් වඳ වෙලා යයි.

    කලින් දෙයියො කියලා කතෝලික ඉස්ලාම් වල එහෙමත් ඉන්නෙ පිටසක්වල ජීවීන් තමා :yes: