ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 02

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 02

    කලින් අපි කතා කලානේ ගෝල් සෙටින්ග් ගැන. දැන් කතාකරමු ව්‍යාපාරයට සම්භන්ධ වෙන පුද්ගලයන් ගැන.

    සාමාන්‍යයෙන් ව්‍යාපාරයකට විවිධ පුද්ගලයන් සම්භන්ධ වෙනවා, සුපුරුදු ලෙස උපදෙස් දෙන්න සැහෙන්න කට්ටිය ඉන්නවා. තව ඔබ විසින් බන්දවගන්නා සේවකයන්, ව්‍යාපාර සහකරුවන්, ඔබේ සැපයුම් කරුවන් ඔබේ නිෂ්පාදන හෝ සේවා මිලදී ලබාගන්නන් මේ වගේ සැහෙන්න ප්‍රමානයක් ඉන්නවා. මේ සියලුම දෙනා ඔබේ පාරිභෝගිකයන්. ටිකක් අවුල් වගේ නේද? ඔව් මේ හැමෝම ඔබේ පාරිභෝහිකයන් සල්ලි දීලා බඩු ගන්න අය බාහිර පාරිභෝගිකයන් අනෙක් අය අභ්‍යන්තර පාරිභෝගිකයන්. අපි අද කතා කරන්නේ අභ්‍යන්තර පාරිභෝගිකයන් ගැන.

    උපදෙස් දෙන්නන්
    මිනිස්සු සාමාන්‍යයෙන් වැඩිපුරම කැමති මේකට. උපදෙස් දෙන්න. ඔබේ ව්‍යාපාරය වේවා පවුල් ජීවිතය වේවා අධ්‍යාත්මික ජීවිතය වේවා මේ ලැබෙන උපදෙස් නිසා සාර්ථක වෙන්නත් අසාර්ථක වෙන්නත් විශාල බලපෑමක් එල්ල කරනවා. මේ නිසා තමන් පිළිපදින්නේ කාගේ උපදෙස්ද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඔබ ජීවිතේට ව්‍යාපාරයක් කරපු නැති කෙනෙක්ගෙන් ව්‍යාපාරික උපදෙස් ගන්නවානම් ඔබට ඉතින් දෙයියන්ගේම පිහිටයි. හිතලා බලන්න නාන තටාකයකවත් බැහැලා නැති කෙනෙක් පීනන්න ඉගැන්නුවොත් මොනවා වෙයිද? ඔබ උපදෙසක් ලබාගන්නවානම් ඊට සුදුසුම පුද්ගලයා වෙන්නේ ඔබ යන්න බලාපොරොත්තු වෙන ගමන ඔබට කලින් ගිය කෙනෙක්. හිතන්න ඔබට සිංගප්පුරුවට යන්න අවශ්‍යනම් ඔබ උපද්දෙස් ගන්න ඕන ජීවිතේට ගුවන් තොටුපලටවත් ගිය නැති කෙනෙක්ගෙන්ද සිංගප්පුරුවට නිතර යන කෙනෙක්ගෙන්ද? ව්‍යාපාර ලෝකයේ අතරමන් වෙන ගොඩක් දෙනා අතරමන් වෙන්නේ මේ හේතුව නිසා කියලා ඔබ දන්නවද? උපදෙසක් ගන්නවානම් සුදුසුම දේ වෙන්නේ ඊට සුදුසු පුද්ගලයෙක්ගෙන් හරි වෘතිය ව්‍යවසායක උපදේශකයෙක්ගෙන් හරි (business coach) උපදෙස් ගන්න එක.

    ව්‍යාපාර හවුල් කරුවන්
    ව්‍යාපාර හවුල් කරුවන් කියන්නේ ව්‍යාපාරයක් ගොඩදාන්න සැහෙන්න වැදගත් පිරිසක් ඔවුන් ඔබේ ව්‍යාපාරයේ ආයෝජනය කිරීම තුලින් ඔබට ගමන වේගවත් කරගන්න අවකාශ සැලසෙනවා. ඔබට මම දෙන වැදගත්ම උපදෙස තමයි කවදාවත් අසාර්ථක ව්‍යාපාරිකයෙක් තමන්ගේ ව්‍යාපාරයට හවුල් කරගන්න එපා කියන එක. (මේ වැරැද්ද මමත් කළා. ගොඩක් වෙලාවට හිතවත් කමට හිත හොඳ කමට මේ තීරණය ගන්නේ. නමුත් කවදාවත් සාර්ථක වෙන දෙයක් නෙමෙයි). අනික් එක කවදාවත් කම්මැලියෙක්ව හවුල් කරගන්නත් එපා. එතකොට තනියම බර අදින්න වෙනවා. තවත් විශේෂ කාරණයක් තමයි හවුල් කරුවා කොයි තරම් අඳුනන කෙනෙක් වුනත් කොයි තරම් හිතවතෙක් වුනත් නීතිමය ක්‍රමවේදයකට අනුව හවුල් බැඳීම ඇති කරගන්න. නැත්තන් කවදාහරි තමන්ගේ සමාගමෙන් තමන්ව ඉවත් වෙන්න ඉඩ තියනවා.

    සේවකයන්
    ව්‍යවසායකයෙක් කියන්නේ කවදාවත් බොස් කෙනෙක් නෙමෙයි. හැමදාටම ව්‍යවසායකයා කියන්නේ ලීඩර් කෙනෙක්. තමන්ගේ කාර්යාලය හැම වෙලේම ඕපන් ඔෆිස් සංකල්පය (විවෘත කාර්යාල) යටතේ තියාගන්න. කවදාවත් තමන් වෙනම කියුබිකල් එකකට හිරවෙන්න එපා. නිතරම ඔවුන්ගේ මිතුරෙක් වෙන්න. බොස්ට බැහැ කිව්වට කවදාවත් මිතුරෙක්ට බැහැ කියන්න බැ නේද? අපි යාළුවො වෙනුවෙන් ඕන තරම් බෙල්ල ගහලා යන වැඩ කරනවා නමුත් බොස් වෙනුවෙන් එහෙමද? හැම වෙලේම තමන්ට අත්යාවශ්යනම් පමණක් සේවකයන් බඳවාගන්න ඔවුන්ට උපරිමයෙන් සලකන්න. සමහරු හිතන් ඉන්නවා කෝස්ට් කටින් කියලා සේවක වරප්‍රසාද අහිමි කිරීමෙන් ආයතනයේ ලාබ වැඩි කරන්න පුළුවන් කියලා. නමුත් එක සියදිවි හානි කර ගැනීමක් කිව්වොත් නිවැරදියි.

    සැපයුම් කරුවන්
    සැපයුම් කරුවන්ට කවදාවත් පොලු තියන්න එපා. අනික ටිකක් ලාබෙට දෙන සැපයුම් කරුවෙක් අලුතින් මුණ ගැහුණු ගමන්ම අනික් කෙනාව අතාරින්න එපා. ඒ පුද්ගලයා හෝ ආයතනය කොච්චර කල් ඉන්ඩස්ට්‍රියේ හිටියද? කොහොමද එයා අනික් පාරිභෝගිකයන් සමග වැඩ කරන්නේ කියලා හොයලා බලන්න. එකපාරට සම්පුර්ණ අවශ්යතාවයම අලුත් සැපයුම් කරුට නොදී ක්‍රමයෙන් වැඩි කරන්න. කොයි අවස්තාවෙත් සැපයුම් කරුවන් කිහිප දෙනෙක් තියාගන්න.

    මේ දේවල් කිහිපයක් පමණයි. තව සෑහෙන්න තියනවා. අපි ටික ටික කතා කරමු. මම දැකලා තියනවා මේ දේවල් ගැන කිසිම අදහසක් නැතුව ව්‍යාපාර ලෝකයට ඇවිත් අතරමන් වුන කොල්ලෝ කෙල්ලෝ සැහෙන්න. නිකන් අපරාදේ අතේ තියන සල්ලි ටික නාස්ති කරගෙන ලෝකෙටත් ණය කාරයෝ වෙනවා. එහෙම නෙමෙයි ව්‍යාපාර ලෝකෙට එන්න නියම උපදෙස් හා දැනුමක් ඇතුව.

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,094
    20,324
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    ElaZ!
    REP+++++
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    machn aiye. me deval potak vidiyata gahala publish karahan nettam web site ekak hadala dahanko.sehenna vadagat vi..